Thank you Mahinda! හරි නම් කියන්න ඕනේ එහෙමයි!


මා කලින් සටහන් වල ලියා ඇති අගමැති හාර්වර්ඩ්ට අන්තිමට තමන්ගේ ආසනයවත් දිනා ගන්න නොපුළුවන් වූ හැටි. රජයවල් වල නායකයන් තරුණ වුවත්, සමහර විට ඒවා නාකි වෙනවා. සමහර රජයවල් නායකයන්ද සමග නාකි වෙනවා. හාර්වර්ඩ් රජය නායකත්වය සමග නාකි වූ එකක්. එනම් ඔවුන් පරදින විට නායකයත්, රජයත් දෙකම නාකියි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ගුණාංගයක් තමා “පහසුවෙන්” ආණ්ඩු පෙරලන්න පුළුවන් වීම. එහෙම නැතය කියන්නේ ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක්. ජේ ආර් ඇති කරපු ව්‍යවස්ථාවේ මුලික අඩු පාඩුව තමා, යම් කෙනෙක් ජනාධිපති වුනොත්, ඔහුගේ කැමැත්තෙන් තොරව ආණ්ඩු බලය මාරු කිරීමට නොපුළුවන් වීම. එයට සුවිශේෂ වටාපිටාවන් තිබෙනවා.

ඒ කියන්නේ “ආණ්ඩුව” වෙනස් කරන්න නම්, එක්කෝ වාර දෙකකින් පසු ජනාධිපති ධුරය ධරණ කෙනා යනකම් ඉන්න ඕනේ. නැත්නම් එම පුද්ගලයා ස්වභාවික හෝ හදිසි අනතුරකින් මරණයට පත් වෙන්න ඕනේ. නැත්නම්, මේ කපේදී අර “ආණ්ඩුව” වෙනස් වෙන්නේ නැහැ. එය හොඳ තත්වයක් නොවේ. එහි තිබුන හොඳ එකම ගුණාංගය තමා එක අයෙකුට දෙවරකට වඩා ධුරය දැරීමට නොපුළුවන් වීම. එයත් ඉවත් කිරීම කියන්නේ ඒකාධිපති පාලනය දීර්ඝ කාලීනව ව්‍යවස්ථාවෙන් තහවුරු කිරීමක්.

ඕනෙම රටක එකම පාලකයෙක් හෝ එකම ආණ්ඩුවක් ඉතා දීර්ඝ කාලයක් බලයේ සිටීම යහපතක් කරනවා කියල ඉතිහාසය ඔප්පු කර නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී නොවන, චීනය පවා ඔවුනගේ ජනාධිපති ධුර කාලය වසර 10 කට සීමා කර තියෙන්නේ හේතුවක් නිසා.  දශක ගණනාවක් දිග බ්‍රෙස්නෙව් අයියගේ සෝවියට් පාලනය  අවසන් වූ හැටි ඔබටත් මතකනේ.

වැඩිය ලියන්න අවශ්‍ය නැහැ. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන දෙයට පසුගිය කාලයේ කරපු දේ ලෝකයම දන්නවා. රටේ අග විනිසුරුවරිය රෑක අහපු කැන්ගරු නඩුවකින් ඉවත් කළෙත් ඒ රටේ. ඊට කලින් හිටපු අගවිනිසුරු වරයා කාර් එකක අනග රැගුම් පාද්දී අහු වෙලත් මොකුත් වුනේ නැත්තේ ඒ රටේ. එයාම තමා තමන්ගේ දික්කසාද නඩුව, තමන්ම ඇහුවේ. අන්න එයාම තමා නඩුවක් ගොනු කරපු අය හිරේට දමන්න තර්ජනය කරන ගමන්, බැලූ බැල්මට වරදක් කරපු කට්ටිය නඩු නොඅසාම නිදොස් කර නිදහස් කරලා, පසුව කටපත්ත අදින්නෙත්. දැන් මේ සියල්ලගෙන්ම වෙලා තියෙන්නේ, රටේ ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමක්.

එහෙව් කොට දැන් ඒ අයියම ඉස්සරහට දාගෙන මෙන්න රටේ ව්‍යවස්ථාවට පිටින් තුන්වෙනි වර ඉල්ලනවෝ කියමින් රට වටේ සර්කස් යාම හරි විහිළුවක්. එතකොට මේ වනතෙක් ඒ මහතාත් ඇතුළුව අනෙක් රජවරුන් කරපු ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් වලට මොකද කියන්නේ? හරි නම් මේ අයියල-මල්ලිලා සියල්ලන්ම, තමන්ගේ ධුර කාලය ඉක්මෙන්නට වසර දෙකකට කලින් යලිත් ජනතාව ඉදිරියට එම ගැන වර්තමාන ජනාධිපතිවරයට ස්තුති කරන්න ඕනේ.

මොකද කියනවා නම්, මේ යන ක්‍රමය හරි නැහැ, මෙයා තව වසර දෙකක් ඉන්නේ නැතුව කලින් එන්නේ, තව වසර දෙකකින් උඹලගේ ජීවිතය තවත් නරක් වෙන නිසා {රටක වසර දෙකක් කියන්නේ සෑහෙන වෙනසක් කරන්න පුළුවන් කාලයක්. (ඕස්ට්‍රේලියානු පෙඩරල් මැතිවරණ පැවැත්වෙන්නේ වසර තුනකට වරක්). එහෙම බැහැයි කියා රටේ නායකයාටම සිතෙනවා නම්, එයිට වඩා නරක දෙයක් තවත් නැහැ}. ඉතින් උඹලට මේ “කලින්” ලැබුන අවස්තාව හරි විදිහට ප්‍රයෝජන් ගනිල්ලා කියල ජනතාව ඉදිරියට යාමයි.

ඇත්තටම එය එහෙමදැයි, එනම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් වලට තිත තැබීම, රටේ ආර්ථිකය යන අත හොඳ නැත්නම් එය තීරණය කිරීම “වසර දෙකකට” කලින්ම ජනතාවට කියන්න හැකි වීම නේද වඩා හොඳ. අනික මා කලින් කියුව පරිදි ඇත්තටම නාකි (රජයත්, නායකයත් දෙකම) රජයක් ගෙදර යවන්න “නියමිත කලට කලින්ම” අවස්ථාව ලැබීම හොඳ දෙයක් නොවේද?

Advertisements

7 Comments

Filed under Opinion

7 responses to “Thank you Mahinda! හරි නම් කියන්න ඕනේ එහෙමයි!

  1. Pingback: Thank you Mahinda! හරි නම් කියන්න ඕනේ එහෙමයි! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Anonymous

    roma adhirajayath ewara wuna.

  3. //හරි විදිහට ප්‍රයෝජන් ගනිල්ලා කියල ජනතාව ඉදිරියට යාමයි.//

    හරි විදිහට?

    ලංකාවෙ ජනතාව?

    • කියන්න බැහැනේ ප්‍රා? හැම දෙයකම පළමු වැනි වතාවක් තියනවනේ. “හරි විදිහක්” ඇත්තෙත් නැති වෙන්න පුළුවන්. එය ඔබට විතරක් නොවේ, මට වුනත් චන්දය දෙන්න යන විට ඇති වන උභතෝටිකයක්.

  4. අවුරුද්ද පුරාවට එක එක ජාතියේ ඡන්ද තියෙන්නේ අපේ රටේ විතරද?

    • මා කියන දෙයක් තමා අරූ, තියන මැතිවරණ අනුව, ලෝකයේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රට ලංකාවයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s