අතීතයෙන් වර්තමානයට; The US invasion of Grenada!


මා කලින් ලියා ඇති, 1983 කියන්නේ මා පාසල් යන කාලය. මේ අවුරුද්දේ ලංකාවේ වුණ (වුණ නොවේ ඇති කරපු) එක ඛේදවාචකයක් තමා ජුලි මාසේ සංහාරය. පාසල් සිසුන් වශයෙන් අප උනන්දු වුණ තව සිදුවීමක් තමා, ඇමෙරිකාව විසින් ග්‍රෙනේඩා කියන කැරිබියානු කුඩා දිවයින ආක්‍රමණය.

මට ඒ මතකය අලුත් වුණේ, ඊයේ අහපු පුවතක් නිසා. ඒ ප්‍රවුර්තිය මේකයි. ඉංගිරිසි ග්‍රන්ථ කතුවරයෙක් හා ඉතිහාසඥයක් වන විලියම් ඩොයිල්, “දැන ගැනීමට ඇති නිදහස” යටතේ ඉල්ලා තිබූ ජනාධිපති රේගන් හා අගමැති තැචර් අතර දුරකත සංවාදයේ පිටපතක්, ඉල්ලා වසර 18 කට පසුව ලබාදීමයි. මෙන්න ඒ සංවාදය.

මෙන්න ග්‍රෙනේඩා කතාවෙන් බිඳක්. අනෙක් කැරිබියානු රටවල් වගේ ග්‍රෙනේඩාව බ්‍රිතාන්‍ය කොලනියක්ව තිබිල නිදහස ලැබුවේ 1974 වසරේ. ජනගහනයෙන් බහුතරයක් අප්‍රිකාවෙන් ගෙන ආ වහල් ජනයාගෙන් පැවතෙන්නන්. දුපත් වල හිටි ස්වදේශික ජනතාව කොලනියේ මුලික අවධියේම අතුගාවල දැමුණා.

නිදහස් ග්‍රෙනේඩාවේ අගමැති වුණේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස නිදහසට පෙරත් දේශපාලනය කරපු එරික් ගයිරි. ඔහු නිදහසට පෙරත් මහඇමති හා අගමැති පදවි දරුවා.

ජැන්ඩියට අඳින්න කැමති වුණත් මෙයාගේ පාලනය නම් අංජබජල් එකක්. තමන්ගේ රටේ ජනතාවට වඩා එයා උනන්දු වුණේ අභ්‍යවකාශයෙන් එන පියාඹන පිරිසි ගැන.

ඔය අතරේ 1979 මාර්තු මාසේ, එංගලන්තයේ ඉගෙනුම ලබපු තරුණ නිතිවේදියෙක් වන මවුරිස් බිෂොප් ලේ නොහැලු කෘමන්ත්‍රනය කින් බලය අල්ලනවා. ඔහුගේ උදවුවට ඉන්නේ “නිව් ජූල්” කියන සංවිධානය (The New Joint Endeavor for Welfare, Education, and Liberation).

එයාගේ ඇජෙන්දඩා එක සමාජවාදී සමාජයක්. ගොඩක් වෙලාවට බොබ් මාලිගේ ආභාෂය තිබුනා යයි කියවෙනවා. ඔහුගේ පාලනය යටතේ ඉදිරි වසර 4 තුල ග්‍රෙනේඩාව ආර්ථික විතරක් අධ්‍යාපන, සෞඛ්‍ය අංශ වලත් රිමාකබල් (කැපී පෙනෙන) ප්‍රගතියක් අත් කර ගන්නවා.

එය ජනප්‍රිය සමාජවාදී පාලනයක් කියා කියවෙනවා. නමුත් ඔහු පොරොන්දු වූ පරිදි නිදහස් මැතිවරණ පැවැත් වූයේ නැහැ. දේශපාලන සිරකරුවන් සිටිය නමුත්, ඒ කලාපයේ ඒ දිනවල අනෙකුත් රටවල් හා සසඳන විට මානව හිමිකම් කැරැට්ටුව නරකම නැහැ.

පෞද්ගලික ඇත්තටම මැතිවරණයක් පැවැත්වුවා නම් ඔහු දිනන්නට ඉඩ තිබුණා යයි කියවෙනවා. පක්ෂයේ අතේ පාලනය තිබුනත්, රජය කැරකුණේ ඔහුගේ ජනකාන්ත බව වටා. බිෂොප් අනුගමනය කලේ ජනප්‍රිය සමාජවාදයක්. එහි බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක් මෙන්ම, පෞද්ගලික ව්‍යවසායකත්වය සහභාගී කර ගැනීමකුත් තිබුණා.

දිග කතාවක් කෙටි කලොත්, ඇමරිකාව මේ පාලනය මුල පටන් රිස්සුවේ නැහැ (දන්නවනේ ඇමෙරිකාවේ හැටි). ඇමෙරිකානු සම්බාධක හා නොයෙක් කෙනිහිලිකම් කළා. රේගන් පාලනය යටතේ මේවා වැඩි වුණා.

ඔය අතරේ තමා නිව් ජූල් පක්ෂයේ තද මාක්ස්-ලෙනින්වාදී කණ්ඩායමේ නායකත්වය දරපු බර්නාර්ඩ් කෝර්ඩ් 1983 ඔක්තෝබර 19 වනදා මිලිටරි කෘමන්ත්‍රනයක් මගින් බිෂොප්ව බලයෙන් පහ කරන්නේ. බිෂොප් ඇතුළු මධ්‍යස්ථ වාමාංශිකයන්ව හිරේ දානවා. එයාලගේ ආධාරකරුවන් විසින් බිශෝප්ලව බේරන්නට යාමේදී, බිෂොප් ඇතුළු පිරිසක් මරා දමන්නේ රටේ හමුදාව.

ඉතුරු කතාව පාස්ට් ෆොර්වර්ඩ් දැමුවොත්, ඇමෙරිකානු හමුදා 1983 ඔක්තෝබර 5 වන දින ග්‍රෙනේඩාව ආක්‍රමණය කරනවා. දින තුනෙන් මුළු රටේම බලය ඇමෙරිකන් හමුදා අතේ. මෙය කාලයක් තිස්සේ අල්ලපු කුරුමානමක්. ඇත්තම කියනවා නම්, මධ්‍යස්ථ බිෂොප්ව බිත්තියට තියල තද කරලා, අන්තවාදීන්ට ඉනිමන් බැන්දේ ඇමෙරිකාව. වියට්නාම් යුද්ධයෙන් පසුව රෙජීම් චේන්ජ් එකක් සඳහා ඇමෙරිකානු හමුදා මැදිහත්වීම මෙයයි.

මෙන්න හුරු පුරුදු කතාවක්. ආක්‍රමණය සාධාරණිය කරණය කෙරුවේ ඇමෙරිකානු ජිවිත බේරා ගැනීමට කියල. Reagan administration officials falsely claimed that the island’s only operating airport was closed, offering the students no escape. In reality, scores of people left the island on charter flights the day before the U.S. invasion, noting that there was not even a visible military presence at the airport and that customs procedures were normal. Regularly scheduled flights as well as sea links from neighboring Caribbean islands had ceased as of October 21, however, though this came as a direct result of pressure placed on these governments to do so by U.S. officials. Apparently, by limiting the ability of Americans who wished to depart from leaving, the Reagan administration could then use their continued presence on the troubled island as an excuse to invade. The Reagan administration admitted that no significant non-military means of evacuating Americans was actively considered”. (උපුටා ගැනීම: https://www.globalpolicy.org/component/content/article/155/25966.html).

පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති රටක් ආක්‍රමණය ගැන එංගලන්තය කැමැත්ත දක්වලා නැහැ. රේගන්, තැචර්ට නොකියා ආක්‍රමණය කරපු එකට සමාව ගන්න දුරකථන සංවාදය තමා අර තියෙන්නේ.

එදා පාසල් සිසුවෙකු ලෙස මේ කරුණු ගැන අහන්න ලැබුන දේවලුත්, එදා සිතුව හැටිත්, අද සිතන හැටිත් අතර සමාන කම් හා වෙනස් කම් ගැන මටත් අවස්තාව ලැබුණා. මේ කතාව නැවත ලියන්නට, පරණ කතා නැවත කියවූවා.

The quality of life for most islanders deteriorated in the period following the invasion despite infusions of American aid. This was most apparent in the health care field, where not a single pediatrician remained in this country where 60% of the population was under 25, nor was there a single psychiatrist to care for 180 mental patients. (Seventeen patients and one staff member were killed when the U.S. bombed the mental hospital during the invasion (ඉහත ප්‍රභවය).

මේ කතා එදා වගේම අදටත් වලංගුයි. “ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත” කරන්නට කියා කුඩා රටවලට කඩා වැදීම ඇමෙරිකාව අදත් කරනවා. තවත් රටවල් වල, එදත් අදත් ඒකාධිපති පාලන ක්‍රම පවත්වාගෙන යන්නට සහය දෙනවා. තලගොයි කබරයන් කරන්නටත්, කබරයින් තලගොයින් කරන්නටත් මේ අය දක්ෂයි. ඇමෙරිකාව පමණක් නොවේ, බලවත් සියලුම රටවල් කුඩා රටවල් වලට ඇඟිලි ගහන්නේ, ඒ රටවල වල ජනතාව ගැන අබමල් රේණුවක තරම් හෝ සැලකිල්ලක් නැතිව.

ඉරාකයෙන් සමුල ඝාතන අවි හමු නොවීම ගැන අගමැති හාර්වර්ඩ් ගෙන් ලඟදි තිබුන සාකච්ඡාවකදී අහපුවම කියුවේ මොකක්ද “Of course, I’m embarrassed”. එච්චරයි. අර රටේ අදත් වන සමූහ ඝාතන, මෙයාල කඩන පැනලා කරපු දරුවන් ඇතුළු මිනිසුන් 700 000 ක් (හෝ එයිට වැඩි පිරිසක්) ඝාතනය ගැන එක කඳුලක් නැහැ.

ඕස්ට්‍රේලියාවේ අය-වැය හදිසි තත්වයක් තියනවා කියල සේරම වියදම් කපන්න යෝජනා කරන, ඇබොට් ගේ රජය, ඉරාකයේ IS/ISIS වලින් ලෝකය බේරා ගන්න කියා වසරකට ඩොලර් මිලියන 500 ක් පුච්චන්න ඉසරහට පැන්නේ, ඔබාමා උදවු ඉල්ලන්නටත් පෙර. IS කියන්නෙත්, මොවුන්ගේම වැඩ නිසා නිර්මාණය වුවක් බවත්, ඔවුනගේ පැවැත්ම තහවුරු කරන්නෙත් මෙවැනි අත පෙවීම් නිසාත් කියන එක මොහොතකට අමතක කරමු. දරුවන් පැහැර ගන්නා බොකෝ හරාම් නවතන්නට අප්‍රිකාවට නම් යන්නේ නැහැ.

ඉරාකයේ හා සිරියාවේ කැරලිකරුවනට ආධාර කරන අතර, රුසියාව අසල්වැසි යුක්රේන කැරලි කරුවනට සහයෝගය දෙනවා කියා බෙරිහන් දෙනවා.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ තහවුරු කරලා තියන මිනිස් නිදහස, අත් කර ගෙන තිබෙන ආර්ථික හා සමාජයීය සංවර්ධනයන් අනෙක් රටවල් වලටත් ආභාෂයට ගන්න පුළුවන් දේවල් කියා මා නිතර ලියනවා. නමුත් රටින් පිටත ඔවුනගේ කටයුතු සමාජවාදී චීනය, පුටින්වාදී රුසියාව හෝ දියුණු වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාව වැනි මහා බලවතුන්ගෙන් වෙනස් නැහැ.

මේවායින් ගන්න පුළුවන් එකම “ආදර්ශය” අඩුම ගානේ, තමන්ගේ ධනය යටි මඩි ගහගන්නේ නැති, ජනතාව ගැන යන්තමින් හෝ සිතන පාලක පරපුරක් තමන්ගේ රටේ හදා ගැනීමයි. එයට ඔබට, එනම් ඒකීය පුද්ගලයට කරන්න පුළුවන් දායකත්වය කොතරම් සුළු වුනත්, අනෙක් අය මොකක්ද කරන්නේ කියන එකෙන් විනිර්මුක්තව සිතන්නට හා තීරණ ගන්නට අප පුරුදු වෙන්න ඕනේ. එවැනි දෙයකට දේශසීමා නැහැ.

කියවන්නට වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ.
http://www.mail.com/int/news/uk/3201000-tape-contrite-reagan-apologizing-to-thatcher.html#.1258-stage-subhero1-2

https://www.globalpolicy.org/component/content/article/155/25966.html

http://www.dailymail.co.uk/news/article-2828301/How-Ronald-Reagan-charm-Margaret-Thatcher-furious-Grenada-invasion-Leaders-conversation-revealed-newly-declassified-White-House-tapes.html

http://en.wikipedia.org/wiki/Grenada

Advertisements

7 Comments

Filed under Opinion, Politics

7 responses to “අතීතයෙන් වර්තමානයට; The US invasion of Grenada!

  1. ඇමරිකාව කියන්නෙ මං අහල තියෙන විදියට එංගලන්නෙත් පන්නුපු සෙට් එක්කින් එහෙම පැවතෙන රටක් නෙව ඒ කියන්නෙ හොරු මංකොල්ල කාරයො අරු මුං ඔක්කම උං ඒ කාලෙ කරපු දේ අදත් කරනව ඒත් එදා කලු අද සුදු පාට වෙනස් හැඩේ එකයි…
    නැද්ද හා………………….
    ඔය යක්කු කෙයි වෙලේ හරි මෙහෙටත් හොමබ දායි.. ඕ යේස්

  2. ඔළුවෙන් බාගයක් තට්ටේ ගාලා ඉන්දියාවෙන් පිටුවහල් කරපුඅර විජය කියන තක්කඩි රජපුතායිසහ පිරිවරගෙන් පැවත එන ලංකාවේ සිංහල ඈයෝ
    වගේම ඇති ඔය කියන ඇමරිකන් කෂ්ටිය නේද?

    • ඕ යේස්! මහේෂ් මල්ලි මා ලියපු අවසාන ඡේද දෙක කියවලා නැහැ වගේ. චීනය හෝ රුසියාව මෙවැනි ඇඟිලි ගැහීම් කරන විට, තවත් ගහපල්ලා කියන මානසිකත්වයෙන් තමා, තුන් වන ලෝකය ඉන්නේ. ජනතාවත්, ඔවුන් පත්කර ගන්නා නායකයනුත්. නායකයන්ට නම් ගතමනාව එන නිසා කියමුකෝ.
      ඒ යක්කු හොම්බ දාන්න කලින්, තමන්ගේ දේපොළ සූරා යටි මඩි ගහන දේශීය පරපුර (ඇමෙරිකානු ජාතිකයන් ඇතුළු) ගැන හිතුවොත් නරකද මහේෂ්?

  3. ඇයි අර බංගලා දේශයේ බුද්ධාගමේ අයව මරාදැමීම හෙලා දකිමින් බුරුමයේ මුස්ලිම් අයව මරා දාන නායකයින්ට මල් පූජා කරන්නේ!

    • රසිකලොජිස්ට් කියන කතාව මා ආදිවාසීන් ගැන කලින් සටහනකත් ලියුවා. සුද්දන් ආක්‍රමණ ගැන කියන අප, විජයල ඇවිත්, මුලින් ස්වදේශීය ගැහැනියක් බැඳගෙන, උන්ට වැඩේ දීල, අන්තිමට දරුවන් එක්ක ඒ ගැහැණිය කැලේට පන්නපු එක උත්කර්ෂයෙන් කියනවා.

  4. මේ අත්ගැසීම් හා ආක්‍රමණයන් සියල්ලන්ගේම අවසාන ටොෆිය කන්නේ රටේ ජනතාව. නායකයින් බොහෝ දේ ලබාගෙන ඊලඟ කාලය ආක්‍රමනය කරපු අය සහ අතපෙවීම් කරපු අයව සනසනවා. ජනතාව ටොෆිය සූප්ප සූප්ප බලන් ඉන්නවා.

    මචං…ඔය ග්‍රෙනෙඩා සටනේJEWEL සංවිධානයේ මුල් පුරුකක් ලෙස ටෙඩි වික්ටර් කියල කෙනෙක් ඉඳලා තියෙනවා. පස්සේ කාලයක මේ සංවිධානයේ වැරදි විවේචනය කිරීමට යාම නිසා සතුරෙක් බවට පත්වෙලා තියෙනවා. ඔය කවුරුත් විවේචනයට බයයි.

    jewel කියන වචනය බොහෝ අය කියන්නේ ජුවෙල් කියලා නේද…ඒක ඇත්තටම ජුඑල් වගේ නේද කියවෙන්නේ. ජුවෙලරි නෙමේ ජුඑලරි නේද? ඒ අස්සේ අපි ඉංග්‍රීසිත් ඉගෙනගන්නවා 😀

    • තුති මචං අගනා එකතු කිරීමකට.

      ග්‍රෙනේඩාව කුඩා රටක් වුනත්, මේ ඉතිහාසය විචිත්‍රයි, ඛේදනීයයි. මේ ආක්‍රමණ/බටහිර බලවේග කියන ටොපි සමහර විට දේශීය සූරා කන්නන් විසින්ම ජනාතවාගේ කටට දානවා. මැති වරණ තියන රටවල් වල වුනත්, මේවා සූප්පු කරමින් ජනතාව තමන්ගේ ධනය යටි මදි ගහන අය පවුල් පිටි තමන්ගේ නියෝජිතයන් ලෙස පත්කර ගන්නවා.

      අර වචනේ මචං, මට මෙහෙ සුද්දන් කතා කරන විට ඇහෙන්නේ ජූල් යන්නට සමානව.

      පුලුවන්නම් මේකත් බලපන්

      නිකම් දේශපාලනේ කතා කර කර රජ පවුල් වලට අන්තිමට කතිරේ ගහනවට වඩා, ඉංගිරිසි වචනයක් ඉගෙන ගන්න එකත් වටිනවා බං! 😀

      ජුවලරි කියන්නේ සිංහල වචනයක් නේ!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s