තනි සටන් පාඨයක් සහිතව එන අපේක්ෂකයෙක්! A Rock Star as a candidate!


හැමතැනම මැතිවරණ. ලෝකයේ වැඩියෙන්ම මැතිවරණ පැවැත්වෙන රට මොකක්ද කියල ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට ආවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද? අනේ ගුරුන්නාන්සේ, මා නම් දන්නේ නැහැ.

වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය මේ මාසයේ පැවැත්වෙනවා. එයින් දිනන්නේ විපක්ෂයේ ඉන්නේ කම්කරු පක්ෂය කියා ජනමත විමසුම් කියනවා. චන්ද ගණන් කරන දවසේ, මැතිවරණ කොමසාරිස් තුමාට ආතතිය නොහැදුනොත්, මෙවැනි ජනමත විමසුම් වලින් කියවෙන ප්‍රතිඵලය බොහෝ විට ඇත්ත වෙනවා. ගහක්-කොලක් නොදැක, කොන්ක්‍රීට් ගොඩනැගිලි වල කාලය ගෙවන ඉහල රජයේ නිලධාරීන්ට ඔය ආතති ගතිය හැදෙනවා.

ඔන්න අනවශ්‍ය කතාවකට ගියා. දැන් මේ ප්‍රාන්ත ආණ්ඩු වලට බලතල බෙදල දීල තියෙන්නේ මොකද? ඔන්න ඒ ඇයි කියල නිකමට හොයනවා නම්, ඕස්ට්‍රේලියාවත් සෑහෙන හොඳ උදාහරණයක්. අර පුටින්ගේ යුධ නැව් මේ කිට්ටුවට එවල, ටෝනිට පොඩි සෙල්ලමක් දාන ඒවා, ජිනීවා යුධ අපරාධ කතා මේ මැතිවරණ වලදී කරලියට එන්නේ නැහැ.

මේ මැතිවරණ වලදී කතා වෙන්නේ ප්‍රාන්තයේ යටිතල පහසුකම් ඉහල දාන එක, ප්‍රාන්තයේ පාසල් අධ්‍යාපනය, බදු එකතු කිරීම් වගේ එම ප්‍රාන්තයට බලපාන දේවල්. මෙතැනදී පෙඩරල් පොලිටික්ස් ඇත්තටම කතා වෙන්නේ නැහැ.

ආයිත් වෙනත් කරුණු වලට ගියා. වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේ, එක ආසනයක් තමා ඇල්බර්ට් පාරක්. මේකෙන් තරඟ කරන්න මෙල්බර්න් වල රොක් ගායකයෙක් වන ටෙක්ස් පර්කින්ස් එනවා. ඔහුගේ එකම සටන් පාඨය, මෙල්බර්න් (සාන්ත කිල්ඩාවේ) රඟහලක් වන පලේ තියටර් එක සංරක්ෂණය කරනවා කීම.

ඕස්ට්‍රේලියාවේ තියන විශාලම රංග ශාලාව වන මෙය, නවීන තත්වයන්ට අනුකුලව ප්‍රතිසංස්කරණය කරන්නට ඩොලර් මිලියන 25-40 ක් අවශ්‍ය යයි කියවෙනවා.මේකෙන් 10% ක කොමිස් එකක් ගැහුවොත් කීයක් සාක්කුවේ දා ගන්න පුලුවනිද? ගණන් පාඩම කට් කරපු හින්ද, කියන්න තියෙන්නේ පුතේ පැහිච්ච කම් කතා නොකර ඉන්න කියල.

ටෙක්ස්ට අවශ්‍ය වැඩේ කෙරෙන්න නේ. දැන් ඉල්ලන අනෙකුත් අපේක්ෂකයනුත් මේ ඉල්ලීම වෙනුවෙන් පෙනී ඉන්න පටන් ගත්තොත්, ටෙක්ස්ට තරඟයේ තව දුරටත් ඉන්න එක තේරුමක් නැතුව යනවා. ඉතින් ඒකට මොකද නේද? බළලා මැටියෙන් වුනත්, මියන්ව අල්ලනවා නම් එච්චරනේ.

I got another man
and he knows what to do!

Advertisements

Leave a comment

Filed under Opinion

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s