කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි! Blame it on the night, don’t blame it on me!


තමන්ගේ මේසයට හෝ පැදුරට කෑම එන්නේ කොහොමද යන්න නොදැන, ගොඩක් වෙලාවට අනුන් විසින් මහන්සියෙන් හම්බ කරපු දේවල් වලින් කන මිනිසුන්, කාල බඩ පිරිලා ඉන්න වෙලාවට කියන්න, නොයෙක් දේවල් අල්ල ගන්නවා. රසායනික පොහොර හා කෘෂි රසායනයන් අන්න ඒ වගේ මාතෘකාවක්.

මෙවැනි අයියලා හා අක්කලට දෙන්න පුළුවන් හොඳ දඬුවමක් තමා, පුළුවන් නම් පුතෝ එක ලබු ඇටයක් හිටවල ගෙඩි අරන් දීපන් කියා අභියෝගයක් ඉදිරිපත් කිරීම.

අල්ලපු ගෙදර සුද්දට පොඩි එළවලු පාත්තියක් තියනවා. මිනිහා මට ළූනු හා ස්ට්‍රෝබෙරි පැල කිහිපයක් දුන්න. මොකද මාත් පොඩි එළවලු පාත්ති දෙකක් හැදුව වග මිනිහ දැකල. ඊයේ පෙරේද පොර මට කියුවේ මිනිහගේ වට්ටක්ක පැල ටික ඉයර්විග්ස්ලා කාල දමල කියල. මුන්ට කියන සිංහල නම මොකක්ද කියා මගේ මතකයට එන්නේ නැහැ. ඔය කෙහෙල් කැන් වල ඉන්නේ.

මාත් අධිශීතකරණයේ තිබුණ මිරිස් කරල් කිහිපයකින් ගත්තු ඇට පැල කෙරුවා. ජර්මිනේෂන් රේට් එක මා බලාපොරොත්තු වුවාට වඩා වැඩියි. ඇත්තම කියනවා නම් 100% ක් කියන්න පුළුවන්. හැබැයි මේ විශේෂ තත්ත්ව යටතේ.

ලැබුණ මිරිස් පැල මගේ අවශ්‍යතාවයට වඩා වැඩි නිසා මා වැඩකරන තැන කිහිප දෙනෙකුට පැල ටිකක් බෙදුව. අහන්නෙත් නැතුව මටත් ඒ නිසා වෙනත් පැල හම්බ වුණා. මේවා සැර මිරිස් නිසා අල්ලපු ගෙදර සුද්දට නම්, තාම පැලයක් දුන්නේ නැහැ.

පැලයක් හිටවල බලන්නම ඕනේ, එය රැක ගැනීම කොතරම් අමාරුද කියා. අපේ ගෙවත්තේ ගොළුබෙල්ලන්ට මා නිතර බෙහෙත් දානවා. නමුත් උන්ගේ බෝ වීමේ අඩුවක් නැහැ. මොකද අනෙක් වතු වලිනුත් එන නිසා.

ඔය වට්ටක්කා වැනි ඉතාම පහසුවෙන් කන්න පුළුවන් ඒවායේ සිට මිරිස් පැලයක් දක්වා මුන්ගෙන් බේරා ගැනීම හරිම දුෂ්කර වැඩක්. එයට අමතරව පියාඹා එන කෘමින්, අර බඩගාගෙන එන ඉයර්විග්ස්ලා ආදීන් හා ලවක් දෙවක් නැතුව හැදෙන රෝග වලින් ආහාරයට ගන්නා භෝගයක් බේරා ගැනීම හරිම දුෂ්කර වැඩක්.

කාලයකට පෙර, කැනඩාවේ ඉන්න මගේ මිතුරෙක් මට ගෙදර එළවලු වවන හැටි “පොඩි පාඩමක්” දුරකථනය මගින් දුන්න. එයා විදුලි ඉංජිනේරුවෙක්. හඃ, අපි නොදන්න ඇගරිකල්චර්. මා කැනඩාවට පය තබල නැහැ. හැබැයි ඔහු කියපු දේවල් ඉම්ප්‍රෙසිව්. අන්න එහෙම තමා ඉන්න ඕනේ.

තාම අපට වසන්තය. නමුත් ඊයේ උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් 36 ට ගියා. සැමදා නිය එකදා වැහි වලාවේ, වගේ මෙතෙක් නිල්ලට තිබුණ, තණකොළ එක දවසින් වේලිලා ගියා. අර වැහි වලා කතාවේ අනික් පැත්ත.

අපේ ගෙවත්තවල් වල පසක් නැහැ. මේවා බොහෝ විට ගොඩ කරපු ඉඩම්. කොහොම වුණත් මෙහෙ උඩම තියන සෙන්ටිමීටර 5හට පමණ පස්සේ තියෙන්නේ තනිකර තද මැට්ට. මේවායේ මුල් යන්න බැහැ.

ඉතින් පැලෑටි වල මුල් තියෙන්නේ උඩම ස්ථරයේ නිසා යන්තම් පෑයුව ගමන් එම පැලෑටි මැරෙනවා. සමහර විට පොලව යට වතුර තිබෙන්න පුළුවන්. නමුත් වැඩක් නැත්තේ එම ස්ථරයේ මුල් නොමැති නිසා.

ඉතින් බොටම් ලයින් එක කියන්නේ යමක් වවනවා නම්, පසුත් මිලදී ගන්න අවශ්‍යයි. නැත්නම් දීර්ඝ කාලීන ක්‍රියාවලියක් මගින් තිබෙන පස වැඩිදියුණු කරන්නට ඕනේ.

දැන් ලංකාවේ වුනත්, ගෙවත්තක මිරිස් පැලයක් හෝ ලබු වැලක් හිටවල බලන්න. මේවා ලොකු මහත් කරන්නටම මහත් පරිශ්‍රමයක් අවශ්‍යයි. ඉන්පසු හැදෙන ඵල බේරා ගන්න එයිය වඩා පරිශ්‍රමයක් ඕනේ. අන්න ඒකයි මා කියන්නේ, ඔය කාබනික මහත්වරුන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම, එක පැලයක් හිටවල ගෙඩි අරන් පෙන්නන්න කියන එක.

Advertisements

5 Comments

Filed under Agriculture

5 responses to “කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි! Blame it on the night, don’t blame it on me!

  1. Pingback: කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි! Blame it on the night, don’t blame it on me! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. kathandarakaraya

    ඕවට අත් ගුණේත් ඕනෑ, කාලගුණේ විතරක් මදි!

  3. Anonymous

    I don’t agree with you. We also has same snail problem in metro areas. But when going to country side they don’t have such problem. So it can’t say everybody suffer from same. I also accept that small home vegi patch is not economical like green house or large farms. But we can’t undermine the suppoert given by such small vegi patch to the dinner table. We also should consider the non financial benefits like carmness given to mind, ability work with kids for gardening etc… And happiness you get from your grown stuff. Those are more important to me than the real fruit and vegi

    • I do gardening as a hobby, not for a financial gain. I visit rural areas often and am well aware of those conditions. Not only the problems, but the scale of the problems are not the same for everybody. Large scale farms/farmers have much greater problems than those of home gardeners. This is a continuation of long story, which I have been telling my readers all along. Please keep up your good work; reading my blog (just kidding) and your home gardening.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s