අදට වඩා එළිය හඳක් හෙට පායනවා?


ඊයේ පටන් ගත්තු G20 සමුළුවට ආපු, ජනාධිපති ඔබාමා ක්වීන්ස්ලන්ත සරසවියේ කරපු දේශනය මා රූපවාහිනියෙන් ඇහුවා. කෙනෙකුගේ කතාවක් අහන විට තේරෙනවා කොතරම් නවීන ලෝකයට හෝ පැරණි ලෝකයට අයිති මනුස්සයන්ද කියා. මා මින් මතු නියන්ඩතාල් යන්න භාවිතා කරන්නේ නැහැ. ඒ ඇයිද කියන එකත් අපූරු කතාවක්. එයත් ලියන්නට බලන්නම්.

මේ සටහනට යලිත් ආවොත්, කාන්තාවන්ට තෝරා ගැනීමට ඇති නිදහස (ගබ්සාව හෝ කළලය පවත්වා ගැනීම), සමලිංගිකත්වයට ඇති නිදහස, කාන්තා-පිරිමි කියා වෙනස්කම් නොකිරීම, (දැන් මේ පොඩි මල්ලිලා සමහර තැන් වල අහනවා, එයාල (කාන්තාවන්) ඉල්ලන්නේ සම තැන නම්, අප කරන දේවල් සේරම කරන්න එයාලත් සුදානම් වෙන්න කියා. මේවා හරි පරණ කතා. මේ මල්ලිලා ඉතිහාසය මෙයිට වඩා කියවල හෝ අහගෙන ඉගෙන ගන්න ඕනේ), ආගම් ඇදහීමට හෝ නොඇදහිමට ඇති නිදහස, ලෝකයේ උෂ්ණත්වය ඉහල යාම ගැන දැනට කර ඇති ගණන් බැලීම් යනාදී වශයෙන් මෙතෙක් ලබා ගෙන ඇති දැනුම් හා සභ්‍යත්වය හරහා අප වෙනස් කර ගත්තු ආකල්ප වෙනුවෙන් පෙනී සිටීම හෝ නොසිටීම මත තමා, මා කෙනෙකුන් නවීන මිනිසෙක්ද, නැත්නම් පරණ බයියා කෙනෙක්ද කියල තෝරන්නේ. බටහිරත් ලිබරල් කියන කට්ටිය තමා නියම බයියලා, ඔවුන් ඇත්තටම කොන්සවර්ටිව්වාදීන් (හණමිටිවාදීන්) මිසක් ලිබරල්වාදීන් නම් නොවේ.

මේක නිකම්ම සිතිවිලි සටහන් කිරීමක් (මේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන මගේ අදහස්. ගලා යාමේ ඒකාග්‍රතාවයක් නැති එක ගැන මගේ එතරම් තැකීමක් නැහැ). දැන් බලන්න, චන්ද්‍රිකා පොදු අපේක්ෂකයා ලෙස යන්තම් යෝජනා වී ආපුවහම, භූමිතෙල් ගෑවුන ගැරඬි වගේ පරල වෙන්න ගත්තේ රජතුමාට හීන් නුලෙන් කඩේ යන අය (තමන්ගේ ආසාවට ලියන, මුදලට නොලියන බ්ලොග් කරුවන් ගැන නොවේ මෙතන මා අදහස් කරන්නේ). මං අර දෙහි ගෙඩි අතට දෙන අයියල කියුවේ අන්න ඒ වගේ අයට. අර කපුවන් දෙහිගෙඩි අතට දීල, පිරිමින් පිටත් කර, කාන්තාවන්ට අතවර කළා වගේ, මෙයාල මෙවැනි දෙහි ගෙඩි මේ විකල්ප මාධ්‍යවල වපුරමින් කරන්නේ, අර කපුවන් කාන්තාවන්ට කරපු වැඩේට සමාන ක්‍රියාවක්. මේක වඩාත් පැහැදිලි කිරීමක් මෙහි අවසානයට කරන්නම්.

එතැනදී මා තව දෙයක් දුටුවා. එයත් මුළු ලෝකය පුරා තියන දෙයක්. එනම් මිසොජෙනිස්ටික් ආකල්පයි. අර ගැරඬි වගේ දැඟලුව කට්ටිය පෙන්නුම් කළ තව දෙයක් තමා එය. මෙය අගමැති සිරිමාටත් තිබුණා. අගමැති ජුලියාට විඳින්න සිදුවුණ දේවල් මා කලින් ලියා ඇති. එවැනි කොටස් ඕනෙම සමාජයක ඉන්නවා.

හැබැයි මොවුන්ව පැහැදිලිව හඳුනා ගැනීමට අවස්තාවක් නැහැ. අර කපුවන් වගේ තමා. ලෝකය ගැන දැනුම සීමිත අයෙක්, ගුඨ මතවාද පසු පස්සේ යාම අපට තේරුම් ගන්න හැකියි. මා ඔවුනට ගරහන්නේ නැහැ. හැබැයි අර දෙහිගෙඩි අතට දෙන කපුවා, එවැනි කෙනෙක් නොවේ. ඔහු දන්නවා තමන් කරන්නේ බොරුව කියල. අර ඉහත කියුව වඩාත් අහිංසක යයි සිතන්න පුළුවන් මිනිසුන්ගෙන් ගාණක් කඩා ගන්න ගමන්, ලිංගික තෘප්තියත් ගන්න එක තමා ඔහුගේ අරමුණ. බලන්න එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි.

දැන් ඔය “ප්‍රවීන දේශපාලන විචාරකයන්” කියන කට්ටියද අර කපුවන් වගේ. ඔවුන් ඇත්තටම සේවය කරන්නේ වෙනත් අයට. නමුත් විකල්පය වෙනුවෙන් පෙනී සිටිමින් කඩේ යාම මගින්, ඔවුන් අර කපුවන් වගේම හැසිරෙනවා. එනම් අරමුණ වෙනෙකක්. මෙතැනදී, “අවිහිංසක පිරිස්” ඇත්තම විකල්පය කියා මොවුන් පස්සේ ගියහම තමා තේරෙන්නේ, වැඩේ දීල ඉවරයි කියා. මෙතනත් කුරුල්ලන් තුන් හතර දෙනෙක් මරා ගන්නවා.

ආණ්ඩුවක් ඇතුලේ සිටිමින්, එම ආණ්ඩුවම විවේචනය කරන්නන්ද අර කපුවන් කොට්ටාශයක්. මොවුන් එකවර විපක්ෂය හා ආණ්ඩුවේ කාර්යය ඉටු කරනවා. ජනතාව, එය මහා විහිළුවක් කියා නිකමටවත් හිතන්නේ නැහැ. ව්‍යාජ විපක්ෂයක් මවා පෑම ඇත්තටම ලෝකයේ තියන හොඳම ඉන්ද්‍රජාලිකමක්. සායි බාබාටත් ලජ්ජා හිතෙන වැඩ කියන්න පුළුවන්. මේවාටත් රැවටෙන ජනතාවක් ඉන්නවා. එය හරියට තේරුම් ගන්න පුළුවන් අය (එනම් ජනහද හඳුනන පිරිස්), කල් යල් බලා දෙහිගෙඩි සුදානම් කරනවා.

අගමැති ටෝනි බලයට එන්න භාවිතා කරපු උපක්‍රමය තමා අඩුවෙන් කතා කිරීම. මෙයා ඔය විවාද වැඩසටහන් වලට ආවේ නැහැ. මොකද ඔහුගේ අතීතයේ කියපු දේවල් වලින් දරන මතවාදයන් පැහැදිලියි. ඉතිං කතා කළොත් කොහොමද? ගල් අඟුරු දෙවියන්ගෙන් ළද තෑග්ගක් කියන මිනිහා, හිරු එළිය, සුළං හා මුහුදු රළ යනාදියත් “දෙවියන්ගේ තෑගි” කියන එක ගැන කතාවක් නැහැ. ඔහුගේ අනෙක් ආකල්ප ගැන කතා කිරීමත් තේරුමක් නැහැ.

ඔය ලංකාවේ වෙන දේවල් වුනත් සියුම්ව නිරීක්ෂණය කළොත්, කතා නොකරන එක විතරක් නොවේ, රූපයක් පවා මාධ්‍යක පළ නොවන එක වැඩිය හොඳයි සලකන්න පුළුවන් පිරිස් ඉන්නවා. ජනතාව හරක් කියුවට (මා කලින් ලියා ඇති පරිදි අප සේරම හරක් තමා) ඔවුන් එහෙමම පිරිසක් නොවේ. අර ලංකාවේ “විවේචනය කරන්න තහනම්” කෙනා මාධ්‍ය වල දැන් නැත්තේ ඇයි කියා ඔබට නිකමට සිතුනේ නැත්ද? අනික මොකද ඥාන_අසාර මල්ලි පොඩ්ඩක් පස්සට දාල? අප ගොඩක් වෙලාවට ජිවත් වන්නේ ඒ මොහොතේ විතරයි. එය හරියට තේරුම් ගන්න කෙනා දේශපාලනයේ (ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍රවාදී) ඉදිරියෙන් ඉන්නවා.

පසුගියදා ඕස්ට්‍රේලියාවට ආපු නෙදර්ලන්ත අගමැති කතා කරපු විදිහ තුලින් ඔහුත් නවීන ලෝකයේ මිනිසෙකු වග පෙනුණා. ඔහු කියුව කරුණක් තමා යුක්රේනය උඩදී කඩා වැටුණ මැලේසියානු ගුවන් යානයට සිදු වුණේ මොකක්ද කියා තාම හරියට දන්නේ නැති වග. එය අපට වඩාත් පිලි ගන්න පුළුවන් කරුණක්. මොකද හරියටම මොකද්ද වුනේ කියන එක ගැන කිසිවෙකු තාම පැහැදිලි කර නැහැ. එහෙම පැහැදිලි කරන්න පුළුවන් නම්, එය කලින්ම කියනු ඇත්තේ නෙදර්ලන්තය, මොකද මිය ගිය වැඩිම පිරිසක් එම රටේ. දේශපාලන අරමුණු වෙනුවෙන් යමකට පමණට වඩා පෙනී සිටින, එකයි ඇත්තටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකයි වෙනස්.

නමුත් ඕස්ට්‍රේලියාව ගත්තොත් ටෝනි තමා පොදුජනයාගේ බහුතරයකගේ කැමැත්ත. එයට එරෙහි වන්නට කිසිවෙකුට නොහැකියි. එනම් බහුතරයකගේ තේරීම ටෝනිය කියන එක. අනික ඔහුට හා ඔහුගේ කණ්ඩායමට අකමැති නම්, ආයිත් අර “බහුතරයට” වසර 3 කින් අවස්ථාව ලැබෙනවා තීන්දුවක් දෙන්න. තෝරන්නේ අප වුණත්, අපේ කැමැත්ත හැම විටම ඉටු වෙන්නේ නැති වුවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ කමත් එයමයි.

කෙනෙකුට හෝ කණ්ඩායමකට, මැතිවරණ වලට තරඟ කිරීමේ සීමාවන් පනවන එක නොයෙක් රටවල කර ඇති වුනත්, එය ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍යම දෙයක් කියා මා සිතන්නේ නැහැ. ජනතාව ගැන විස්වාස නැති නිසා තමයි එහෙම කර තියෙන්නේ. නමුත් ජනතාවට තමා, එහෙම කෙනෙක් හෝ කණ්ඩායමක් යළිත් පත් කර ගන්නවද, නැත්ද යන්න තීරණය කිරීමේ වරම හිමි විය යුත්තේ.

මෙවැනි සීමා කිරීම් “ප්‍රජාතන්ත්‍රවාදී මහ දෙවොල” වන ඇමෙරිකාවේ ඉඳන් කුඩා රටවල් දක්වා තියනවා. ලෝකයේ අලුතින් ආර්ථික ලෙස නැගී ආ, දැන් ඇමෙරිකාවට කපන්නත් බැරි, ඉඹින්නත් බැරි ‘totalitarian capitalism’ සහිත රටවල් ලෙස චීනයේ හා රුසියාවේ තියෙන්නෙත් මෙවැනි සිමා කිරීම් නොවේද? අන්න එතකොට අපට වැටහෙනවා ඒකීය අයියල (නියම එකීය අයියලා මිසක් බයියලා නොවේ) කියන කතාව. නමුත් ඔවුන්, ලෝකයම පාලනය කරන හෝ එලෙස කරන්නට උත්සහ කරන රටවල් වල හිඳිමින්, කුඩා රටවලට ඒකීය කතාව කියන එක තමා ලොකුම පරස්පරය.

ඒ වගේම කෙනෙක් එක පක්ෂයකින් ජනතා නියෝජිතයෙක් ලෙස තේරී පත්වුනහම, ඔහුගේ හෝ ඇයගේ මුළු පත්වීම් කාලයම එම පක්ෂයේ සිටිය යුතුය, එනම් පක්ෂ මාරු කිරීම් හෝ ස්වාධින වැඩ කිරීම නවතන්නට නීති හදා තිබීමත් ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය දෙයක් නොවේ.

ඇත්තටම එහි අනෙක් පැත්ත, එනම් කෙනෙකුගේ හර්ද සාක්ෂියට අනුව, තීරණ ගැනීමේ හැකියාව සහතික කර තිබීම ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැදගත්. දැන් රටට බලවත් සේ අහිතකර දෙයක්, තමන්ගේ පක්ෂයෙක් ක්‍රියාත්මක කරන්නට හදන විට, අභ්‍යන්තරව එයට එරෙහි වී, බැරි තැන එයින් පිටවී එරෙහි වන්නට තියන හැකියාව ජනතාව පැත්තෙන් හොඳ දෙයක්.

එවැනි කෙනෙකු වුවත්, මුදලට හෝ වෙනත් වාසියකට මෙවැනි මාරු කිරීමක් කෙරුවොත් ඔවුන් ගැන තීරණය කිරීමේ හැකියාව ඊළඟ වර ඔවුන් අප හමුවට ආපුවහ තියනවා. ඕස්ට්‍රේලියාවේ පක්ෂ වලින් අයින් වී ස්වාධින වෙමින්, ඊළඟ වරත් දිනපු පිරිස් හොයා ගන්න පුළුවන්. මෙහෙ පක්ෂ මාරු කිරීම් සිදු වන්නේ නැති තරම්. මොකද එය සියතින්ම ගෙල සිඳ ගැනීමක්.

අපේ කැමැත්ත ප්‍රකාශ කරන විට, කෙනෙකුගේ පක්ෂය පමණක් නොවේ, එම කෙනා ගැනත් අපේ තක්සේරුව අනුව තමා විශාල කොටසක් චන්දය දෙන්නේ. මා කලින් ලියා ඇති පරිදි ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයට ආ මුල් අවධියේ අපේ පක්ෂයේ අය මනාප වලට පොරකන්නේ නැතිය කියා, ඔවුන්ට කැමැත්ත දෙන ජනතාවගෙන් වැඩි පිරිසක් කැමති අපේක්ෂකයන් නොසලකා හැර, පක්ෂයේ කැමැත්ත පෙරට දැම්ම. මෙය මෝඩ ක්‍රියාවක් වගේම, ප්‍රජාතන්ත්‍රවාදීත් නැහැ.

ඕනෙම පක්ෂකින් ඉදිරිපත් (බොහෝ විට) කරන්නේ ජනතාවගේ කැමැත්ත ගන්න පුළුවන් යයි සිතෙන අය හෝ කණ්ඩායමක්. පරදින්න බලාගෙන කිසිම පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ වලට, ජනතා කැමැත්ත නොලැබේ යයි සිතන පිරිස් තෝරා ඉදිරිපත් කරන්න නැහැ. දැන් ඔය සාරුවා කියන්නේ ජනප්‍රිය නියෝජිතයෙක්. මෙවැනි පිරිස් නොසලකා චන්ද පරදින්න කිසිම පක්ෂ නායකයෙකු ඉදිරිපත් වන්නේ නැහැ.

ඔවුන් ජනප්‍රිය ඇයිද කියන එක මගින් තමා බටහිර හා ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වනවා නම් වෙනස් වන්නේ. අප කතා කළ යුත්තේ එයයි. අප වෙනස් කර ගත යුත්තේ එයයි. මෙවැනි සමාජ ජාල මගින් කළ යුත්තේ යහපාලනය සඳහා ඒකීය මනස් වෙනස් කිරීමට යන්තමින් හෝ දායක වීමයි. නැතුව දෙහිගෙඩි දීල පිටත් කරන එක නොවේ.

ජවිපෙ කියන පරිදි, මනාප වලට පොර නොකෑම වෙනම දෙයක්. ජනතාවට තමන්ගේ නියෝජිතයන් ලෙස වඩාත් කැමති පිරිස් තෝරා ගැනීමට ඉඩ දීම වෙනමම දෙයක්. එවැනි කුඩා ප්‍රජාතන්ත්‍රවාදයක්වත් පක්ෂය ඇතුලේ පවත්වාගෙන යාමට නොහැකි වීමම තමා සෝවියට් ක්‍රමයේ අවසානයට වඩාත් බලපෑවේ. ඇත්තටම මුලින් පටන් ගැනුන සෝවියට් සභා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිම දෙයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් අවශ්‍ය සමාජවාදයටමයි (අසමානකම් අඩු සමාජයකට).

අද චීනය හා පුටින්වාදී රුසියාව තරමක් දුරට කරන්නේ ඒකාධිපතිත්වය හා ජනතා කැමැත්ත අතර යම් තුලනයක් පවත්වා ගෙන යාම. මෙය බැලූ බැල්මට පරස්පර කතාවක්. බලමු මට එය තේරුම් කරන්නට පුළුවන්ද කියා.

චීනයේ පවතින අන්තර්ජාල අදහස් වාරණය පිලිබඳ පර්යේෂණ ලිපියක් මා ලඟදි කියෙව්වා. මෙය ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් කරපු දෙයක් (මෙහි දේශපාලන අරමුණක් නැතිය කියා උපකල්පනය කරමු).

එහිදී ඔවුන් සොයා ගත්තු දෙයක් තමා, විශාල වාරණ පද්ධතියක් යටතේ වුවත්, චීනය නායකයන්ගේ නම් පවා සහිතව විවේචනය කරන්නට ඉඩ දෙනවා, දුෂණ හෙළි කිරීම් ගැන කියවෙන බ්ලොග් සටහන් වලට සමහරවිට ඉඩ දෙනවා. හැබැයි ඔවුන් ඉඩ නොදෙන දෙයක් තියනවා. එනම් ඉතා කුඩා වුවත් “සාමූහික ක්‍රියාකාරකම්” සඳහා අතවනන, ආරාධනා කරන හා උනන්දු කරන කිසිම අදහසක් පළ වෙන්නට කලින්ම මකා දමනවා.

(මතු සම්බන්දයි).

Advertisements

15 Comments

Filed under Opinion, Politics

15 responses to “අදට වඩා එළිය හඳක් හෙට පායනවා?

  1. Pingback: අදට වඩා එළිය හඳක් හෙට පායනවා? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇණයා

    ඔන්න දැන්නම් ආපහු ටියුන් වෙලා,

    //… ඔවුන් ජනප්‍රිය ඇයිද කියන එක මගින් තමා බටහිර හා ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වන්නේ. අප කතා කළ යුත්තේ එයයි. //

    මේ ඩයලොග් එක ලංකාවේ විශ්වවිද්‍යාල වලටත් ඒ හරහා පාසැල් සිසුන් අතරටත් ගෙනයන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම ගැන සංවාදයක් ගෙනියන්න උත්සහ කරමුද? ලිදේ වැටුන කෙනා ලිං කටෙන්ම ගොඩ ගන්න එක තමයි පහසුම විදිහ.
    “බටහිර“, “ප්‍රජාතන්නත්‍රවාදය“, “කාන්තා / සුළු ජාතික අයිතිවාසිකම්“, … … වගේ බහුතර වෛරයට ලක්කරල තියන keywords වචන උපක්‍රමික විදිහට මඟහැර ඒ සංකල්ප ජනතාව අතරට ගෙනයා ගන්න පුළුවන් වුනොත් දුර ගමනකට පාරහදා ගන්න පුළුවන් වෙයි.

    • ඇණයෝ, එවැනි ප්‍රායෝගික සංවාදයක් ගොඩ නැගීම ආරම්භ කරන්න ඕනේ ඔබලාම නේද? මා වගේ විදේශිකයෙකුට එයට ඇති ඉඩ සීමිත නේද? මොකද ඔබ පෙන්වා දෙන “keywords” අතරට සංක්‍රමණිකයන් ද ඇතුලත් නිසා. 🙂

      Low-information voters කියන දෙය මුළු ලෝකයටම තියන මහා ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදය දෙපැත්ත කැපෙන අවියක් වන්නේ මේ නොදැනුවත් චන්ද දායකයන් හා චන්දය දීමට අලස මිනිසුන් නිසා. නමුත් ඔබ කියන පරිදි අප ලිං කටෙන්ම තමා ගොඩට එන්න ඕනේ. ඒ කියන්නේ ඒකාධිපති පාලන ක්‍රම (දක්ෂිණාංශික හෝ වාමාංශික) වලින් අපට, එනම් පොදු ජනතාවට සෙතක් වන්නේ නැහැ.

      • //ලිදේ වැටුන කෙනා ලිං කටෙන්ම ගොඩ ගන්න එක තමයි පහසුම විදිහ.//
        ඒ වැටුන එකානෙ. ලිං මැඩියන් ගොඩක් තියනවයි කියලවත් දන්නෙනෑ

        • ළිං මැඩි කතාවේ ලොකු ඇත්තක් තියනවා. මොකද වෙනස දන්නේ නැති එකම තමා මහා ප්‍රශ්නය. බස් නැතුව පාරේ රස්තියාදු වෙන මනුස්සයා දන්නේ නැහැ, මිහින් එයාර්, එයාර් ලංකා කියමින් නාස්ති කරන මුදලෙන් කොතරම් හොඳ ප්‍රවාහන සේවයක් දෙන්න පුලුවන්ද කියල. ආණ්ඩුවේ රස්සා ඉල්ලන උපාධිධාරීන් දන්නේ නැහැ, රටේ නිතියේ ආධිපත්වය, විනිවිද භාවය වැනි දේවල් ප්‍රමෝට් කෙරුවොත්, කොතරම් විදේශ ආයෝජන ගන්න පුලුවන්ද කියා.

          දැන් බලන්න, මෙහෙ ටෝනි ඇබට්ගේ රජය මේ දිනවල යන්නේ රීම් එකේ. ඒ කියන්නේ ජනමත විමසුම් වලින් කියන්නේ, දැන් මැතිවරණයක් තිබුනොත් පවතින රජය පරදින බවයි. ඔවුනගේ ඉදිරි අවුරුදු දෙක ගත කරනවා ඇත්තේ මෙය, අනෙක් පැත්ත හරවා ගැනීමටයි. රටේ ජනතාව, තමන්ගේ රජයේ වැඩ ගැන සංවේදී නොවන විට, ජනතාව ගැන වොරි වීමට අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ.

          අරූ අහල තිබුන කතාවට අදාල නිසා ලියන්නම්. ලංකාවේ දේශපාලනයේ පසුගිය අවුරුදු 40 කට කිට්ටු කාලය දී මට දකින්න පුළුවන් දරුණුම විකුර්තිය මොකක් කියා ඔබ හිතනවද? එය අපගේ “ප්‍රජාතන්ත්‍රවාදය” යනු කුමක්ද කියන එක පෙන්වන කැටපතක් වගේ.

          ඒ තමයි 1977-1994 (හෝ එයට ආසන්න කාලයක් දක්වාත්), 1994-අද දක්වාත් හිටියේ (හා එක කෙනෙක් තාමත් ඉන්නෙත්) විපක්ෂ නායකලා දෙන්නෙක් විතරයි (අමිර්තලිංගම් නිල විපක්ෂ නායක වුවත්, සැබෑ විපක්ෂ නායකයා සිරිමා කියා මා උපකල්පනය කරනවා). එක කෙනෙක් දේශපාලනයෙන් විශ්‍රාම ගියේ මැරිලා. අනෙකාත් වාසනාවකට 1994 දී තරුණ වයසේ හිටපු නිසා තාමත් හැරමිටියක් නැතුව විපක්ෂ නායක කමේ ඉන්නවා. බලන්න රනිල් 1994 දී වයස 60 ක වත් කෙනෙක් වුණා නම්, අද මුගාබේ වගේ වයසට ගිහිල්ලත් විපක්ෂ නායක කමේ එල්ලිලා ඉන්නවා. මේ කතාව තව අවුරුදු 10 කින් සැබෑවක් වෙන්නත් ඉඩ තියනවා.

          අප ආණ්ඩු මාරු ගැන කථා කරනවා. රටක විපක්ෂ නායකයා වෙනස් නොවීම කියන්නෙත්, මේ තියන ප්‍රජාතන්ත්‍රවාදයේ තරමම තමා. එය පසුගිය 40 වසර තුල ආණ්ඩු මාරු වුනේ 2පාරක් කියන එක වගේම, නරක තත්ත්වයක්. නියම ජිල්මාට් කියන්නේ මෙන්න මේවා.

          සිරිමා පක්ෂයේ නායක කම, නිසි කළ අත හැරියා නම් හෝ ජනතාවට (එම පක්ෂයට) ඇයව එතනින් පන්නා (මේ ඕස්ට්‍රේලියාවේ හා අනෙකුත් රටවල වෙනවා වගේ) දමන්නට හැකි පරිසරයක් (ප්‍රජාතන්ත්‍රවාදයක්) රටේ තිබුණා නම්, ලංකා ඉතිහාසය අපට වෙනස් ආකාරයකට කියවන්න තිබුණා. 1994 න් පසු තත්වය ගැනත් කියන්න තියෙන්නේ එයයි.
          නමුත් ඒ ගැන කතා කරන්නට සුදුසු අවස්ථාව මෙය නොවේ.

  3. Anonymous

    I don’t like tony much he is not politically mature enough. He has big mouth and tell things he has to worry later. Rudd was really politician like Sri Lanka has with cunning plans.

  4. රටක, පලාතක හෝ ගමක ජන ජීවිතයට තදින්ම බලපාන පොදු අවශ්‍යතාවයකදි එකතුවන ජන කොටස් අතර පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් ඒ විරෝධය භාවිතයට ගන්නා මිනිස් කංඩායම් සිටිනා බව අත්දැකීමෙන් මෙන්ම කියවීමෙන්ද වටහාගෙන තිබේ. මේවා පෞද්ගලික දේශපාලන උවමනවන්ගේ සිට මං පොර වීමේ ආකල්පය දක්වා විවිධ දිශාවන්ට විහිද ගොස් ඇත. ඔබ චන්ද්‍රිකා ගැන සඳහන් කිරීම නිසාම මට මෙය සටහන් කරන්නට සිතුනේ මෙය mysogynyආකල්පයන්ටත් එහා ගිය, පොදු අවශ්‍යතාවය අල කිරීමේ ආකල්පයෙන් කටයුතු කරනා කංඩායම් ලෙස ඒ අවස්තාවේ හැසිරුනා යැයි හැඳින්වීම සුදුසු නොවේද යන්න විමසීමටයි.

    • මචං මා අද ලෝකය දිහා බලන්නේ බැඳීම් වලින් තොරවයි (තොරවම නොවේ, එවැනි බැඳීම් අවමව). ඒකීය මිනිසෙකු වශයෙන් මා කැමති ආකාරයේ පාලනයක් ලෝකයේ කොතැනක ස්ථාපිත කිරීම කරන්න බැරි දෙයක් කියා මා දන්නවා. එයින් එහාට ගියොත් ප්‍රජාතන්ත්‍රවාදයේදී අපේ භූමිකාව (එනම් ඒකීය පුද්ගල) විය යුත්තේ කුමක්ද , කෙසේද යන්න තමා මෙයින් මා කියන්නට උත්සහ ගන්නේ.

      ලංකා උදාහරණ මා ගන්නේ ලෝකයේ කොහේ සිටියත් සිංහල කියවන පිරිස් වලට හුරු පුරුදු උදාහරණ නිසා.

      දැන් ලංකාවේ තත්වය සුවිශේෂයි. මෙවැනි තත්වයක් කරා ඒමේදී අර නොදැනුවත් චන්ද දායකයන්ගේ භූමිකාව විශාලයි. එයට කෙටි උත්තරයක් තියනවද නැත්ද යන්න මා තවම කල්පනා කරනවා. පොදු අවශ්‍යතාවය අල කිරීමකට වඩා, ඇත්තටම එහෙම පොදු අවශ්‍යතාවයක් තියනවද යන්නත් කල්පනාවට ගත යුත්තක්.

      මචං මේ පිළිතුර පිළිතුරකට වඩා ප්‍රශ්නයක් වග මා දන්නවා. මොකද කියනවා නම් උඹ ඉදිරිපත් කරන දෙයට මට පැහැදිලි පිලිතුරක් දෙන්න බැහැ.

      යමක් එකතු කලොත්, උඹ කියන දෙය මට දැන් ටිකක් වැටහෙනවා. ලංකාව වැනි රටක බ්ලොග් කියලත් කියන්නේ, මේ විනෝදයක් ලෙස ලියනවාට වඩා (එනම් ස්ව කැමැත්තෙන් ලාභ අපේක්ෂාවක් නොමැතිව) එහාට ගිය දෙයක් වන්න ඉඩක් නැතුවා නොවේ. විකල්පයක් නැතැයි කියමින් යමක් විවේචනය පිටිපස තිබෙන්නේ, තියන දෙය රැක ගැනීමේ අවශ්‍යතාවයයි. එවැනි අදහස් උඹ කියන පරිදි සැක කිරීම සාධාරණ දෙයක්.

  5. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් සින්ඩියට පිවිසෙන්න පුලුවන්.

    http://blogdharshakaya.blogspot.com/

    • ස්තුතියි අජිත්! මෙය කියවන පිරිසේ උපරිමයට ලඟා වී, එයත් සමතලාවී ඇති නිසා තව දුරටත් සෙල්ෆ්-ප්‍රොමෝට් කිරිල්ලක් මා කරන්නේ නැහැ. ඔබගේ ව්‍යායාමය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි!

      • ඒකෙ හොඳක් කියන්න නෑ නෙ රයිගම් . එනිසා ඒක සෙල්ෆ් ප්‍රොමෝෂන් එකක් නොවේ. දැනුවත් කිරීමක් පමණි. මේ බ්ලොග් එක ගැන තව අය දැනගන්න ඕනෙ. මේක කියවීමේ රසය ගැන නොසිතා වැදගත් දේ ගැන ලියන එකක්.
        එහෙම ඒවත් කියවන්න කැමති අය ඉන්නව. ඒත් මේක තියනවයි කියල දැනගන්න ඕනනේ

        • ප්‍රා, මෙය නිතර කියවන මුළු පිරිසේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත්, ඔබට විශාල අගයක් හිමි වෙනවා. ඉන් හිතා ගන්න පුලුවනිනේ මුළු ගණන.
          ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියවෙන ලිපියක, කියවන කෙනෙකුගේ අදහස අහක දැම්මොත්, එයත් ඔක්සිමෝරෝනයක් වෙනවා. මා දාන්නම්.
          ඒත් කියවන පිරිස වැඩි වන්නේ නැති වග මා අත්දැකීමෙන් දන්නවා. 🙂

          • නිර්නාමික

            නිතර අදහසක් පළ නොකලත්, මෙය මා හැකි සෑම විටම කියවන අඩවියක්. ඉහත අජිත් මහත්මයා ගෙ කොමෙන්ටුව දැක්කම මට පොඩි ප්‍රශ්ණයක් ඇති වුණා.
            එතුමා ඔය කමෙන්ටුව කිහිප තැනකම දාල තියන වග දැක්කා. එතකොට එතුමා ගිය අඩවි වල වෙබ් ලිපින ඔහු දන්නව නෙ. ඉතින් මොට ද අමුතුවෙන් ඉල්ලීම් කරන්නෙ. මේ වගෙ වෙබ් අඩවි ප්‍රචාරණය වෙනුවෙන් යමක් කරන අදහස තියනවා නම්, ඒ අඩවි එතුමාටම ඇතුලත් කරන්න පුළුවන් නෙ. එහෙම කළා කියල මේ අඩවි වල හිමිකරුවන් විරුද්ධ වෙයි ද ? 🙂

            • හරියටම හරි ඇනෝ. මා ඔය කතාව මගේ බ්ලොගයේ කලින් කොමෙන්ටුවක හෝ සටහනකත් ලියුවා. මේවා ප්‍රසිද්ධියට පත් කරපු බ්ලොග් අඩවි. මේවා සින්ඩි වලට ඇතුලත් කර ගැනීම හා එම සින්ඩි නිසි පරිදි යාවත්කාලින කරමින් පවත්වාගැනීම එම සින්ඩි වල අයිති කරුවන්ගේ වැඩක්. අප බ්ලොග් කරුවන් වශයෙන් සින්ඩි පසුපස අනේ අයියේ අපවත් දමා ගන්න කියා යන්න අවශ්‍ය නැහැ. මා උඩින් සෙල්ෆ්-ප්‍රොමෝට් කර ගන්නේ නැතිය කියුවේ එයයි.

              පටන්ගත් මුල් අවධියේ මා සින්ඩි 5 කට පමණ මෙය යැවුවා. එයින් දෙකක් පමණක් ඇතුලත් කර ගත්තා (සින්ඩි ලාංකීය හා කොට්ටු). අනෙක් අය මගේ ඉල්ලීමට මොනවා කළා දැයි මා අද වෙනතුරු දන්නෙත් නැහැ.

              පසු කාලෙක මා දුටුවා, මා ඉල්ලීම් නොකරම සමහර සින්ඩි (මාතලන් ගේ සින්ඩිය, අඹගහ යට වැනි) මෙය ඇතුලත් කර තිබෙනවා. ඇත්තටම මේ සින්ඩි බ්ලොග් ප්‍රචාරණයට ලොකු උදව්වක් පොදුවේ කරනවා. එසේ ඇතුලත් කරපු අයට මගේ ස්තුතියත් හිමි වෙනවා. නමුත් කිසිවෙකුට බැඳී නැති, ස්වාධින හා මුල්‍යමය නැවත ලැබීමක් බලාපොරොත්තු නොවෙමින් ලියවෙන, බ්ලොගයක් අනේ අපවත් දා ගන්න කියා පින්සෙන්ඩු වෙන්න වුනොත්, මේ ලියන අර්ථය සම්පුර්ණයෙන් නැති වෙනවා. දෙකට නැවීම හා දකින දකින අයට වඳින එක කොහොමත් අත්හැර ගන්න ඕනේ පුරුද්දක්.

              මගේ සටහන් පවා ඕනේ කෙනෙක් වෙන තැන්වල පළ කෙරුවත් (මෙතනින් ගත්තාය නොකියා වුණත්) මගේ අමනාපයක් නැහැ (හැබැයි පුතෝ මා උපුටා දක්වන මුලාශ්‍ර නම් ඒ අයුරින් ම දාන්න ඕනේ. මොකද ඒවා බොහොමයක් හිමිකම් ඇවුරුණ ඒවා). නම් ප්‍රචාරණය නොවේ මට අවශ්‍ය, අදහස් ප්‍රචාරණය. මා බොහෝ විට උපුටා දක්වන්නේත්, ප්‍රධාන මාධ්‍ය වල නොලියවෙන, නමුත් අපට වැදගත් වේ යයි සිතන මා කියවන සමහර සොයා ගැනීම්, සිතිවිලි හා නව පර්යේෂණ.

              දීර්ග පිළිතුරට අමනාප නොවන්න. ඔබ මතු කරපු කරුණ වැදගත් යයි සිතන නිසාත්, අජිත්ට පවා නව ආකාරයකට සිතන්න යමක් එහි තියන නිසාත් මෙය මේ විදිහට ලියුවේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s