මගේ මනාපය කාටද? Do we never miss an opportunity to miss an opportunity? (new edition)!


ඉස්සර ලංකාවේ ඉන්න කාලේ, චන්ද තියන අවධියක අපේ ගෙදරට දුරකථන ඇමතුමක් ආවා. අර බටහිර පන්නෙට සිංහල කතා කරන්න උත්සාහ කරන නංගි කෙනෙක් එහා පැත්තෙන් ඇමතුවා. “මේ කටා කෝරන්නේ …….. මැතිතුමාගේ මැතිවරණ කාර්යාලයෙන්, අනේ අපටා ඩැන ගාන්ට (දණ ගාන්න මොකට ද නංගි මගෙන් අහන්නේ) පුලුහන්ඩ, ඔයා කාටඩ මේ පාර චාන්ඩේ ඩෙන්නේ කියල? (මේ විදිහට නොවේ, ඔයිට සමානව). මේක ජෙනුවින් කෝල් එකක් නම්, එකක් තමා පොඩි මත විචාරණයක් කිරීමක්, අනෙක චන්ද ප්‍රචාරණය.

ඒ දෙකෙන් කොයි එක වුනත් කමක් නැහැ කියමුකෝ. අපි වගේ අයියලට නම් ඔය කෝල් දීල හරි යන්නේ නැහැ. එය චන්ද ප්‍රචාරණ වැඩ පිළිවෙලේ ලාමක කම කියා පානවා.

මා කළේ මොකක්ද දන්නවද? අනේ ….. සර්ට නැතුව කාට දෙන්නද, අපේ ගෙදරින් චන්ද දෙකයි, මගේ අම්ම තාත්තත් ගන්න, තව මාමල බාප්පලත් ඉන්නවා කියල මා කියුවා. මට අවශ්‍ය වුනේ, එය මත සමීක්ෂණයක් නම් ඒක වකුර් කරන්න. එතකොට අර දොරේ නොබය, කකුලෙන් කරකවපු හොරාගේ ඇඟිලි සලකුණු, මැච් කරන්න ගිය පොලෝසියට වුණා වගේ වැඩක් වෙනවා.

මා චන්දය දෙන අයුරු එක රැයකින් වෙනස් කරන්න පුළුවන්, අර ජේවීපී හා එල්ටීටිය කළා වගේ තුවක්කුවෙන් විතරයි. එයාල එහෙම කියුවොත් නිකම් මැරෙන්නේ නැතුව ගෙදර ඉන්න වෙනවා. නැතිනම් කැන්වසින් හෝ දුරකථන ඇමතුම් මගින් එවැනි ක්ෂණික වෙනස් කිරීමක් කරන්නට හැකියවක් කිසිවෙකුට නැහැ.

ඒ වගේම තමා, මා චන්දය දෙන විට, අනෙක් අය කාටද චන්දෙ දෙන්නේ කියලත් සිතල චන්දෙ දෙන්නේ නැහැ. ඒ කියන්නේ තීරණය නිරපෙක්ෂයි. සමහරවිට දිනන පිලේ ඉන්නත් ඉඩ තියනවා, පරදින්නත් ඉඩ තියනවා. එත් මට දිනවන්න අවශ්‍ය පිලට මගේ චන්දෙ වත් දාන්නේ නැතුව, අනෙක් අය දමාවි කියල බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

අර ලොතරැයි ගන්නවා වගේ තමා, දිනන්න තියන ඉඩ මිලියන හතකින් එකක් තමා. නමුත් ටිකට් එකක් නැතුව කොහොමත් දිනන්න බැහැනේ.

පවතින තත්ත්ව වලට ගලපා කියවන්න.
Back to the Future!

Advertisements

4 Comments

Filed under Opinion, Politics

4 responses to “මගේ මනාපය කාටද? Do we never miss an opportunity to miss an opportunity? (new edition)!

  1. මං නං මෙච්චර කල් දීපුූ චන්ද අති බහුතරය පරාදයි!

  2. //මට අවශ්‍ය වුනේ, එය මත සමීක්ෂණයක් නම් ඒක වකුර් කරන්න. //

    ඒක උන්ම කරගන්නව. හුඟක් සමීක්ෂණත් ප්‍රචාරණයේම කොටසක්

    • ඔව් ප්‍රා, අනේ විකාර නේද? මේ ඔය අතාවුදහෙට්ටිලා අපට චුයිම්ගම් කවන්න හදපු කාලේ!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s