ආචාර්ය ගඩාපි හා අපි! Have you ever missed the opprtunity to miss an opprtunity?


Saif-al-Islam-Gaddafi-is--001

“The international order has a responsibility to protect the basic rights of those citizens who live under non-liberal governments”.

ඉහතින් තියෙන්නේ මුවම්මර් ගඩාපි ගේ දෙවන පුතා The London School of Economics වල දී නිම කරපු දර්ශනය පිලිබඳ ආචාර්ය උපාධියට ලියපු නිබන්ධයේ එන වාක්‍යයක්. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයේ මාතෘකාව වුණේ “The role of civil society in the democratisation of global governance institutions: from ‘soft power’ to collective decision-making?” යන්නයි.

අරාබි වසන්තය පටන් ගන්නට පෙරම, ලිබියාවේ විපක්ෂ කණ්ඩායම් වල බලාපොරොත්තුවක් තිබුණා. එය තමයි කවදා හෝ ගඩාපිගේ දීර්ඝ කාලීන ඒකාධිපති පාලන ක්‍රමයෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ස්මූත් ට්‍රාන්ශිෂන් එකක් ගන්න පුළුවන් වේය කියන දෙය. ඔවුනගේ බලාපොරොත්තුව වුනේ ගඩාපි ගේ දෙවන පුතා සයිෆ් අල්-සලාම්.ඔහු එංගලන්තයේ කරපු ආචාර්ය උපාධියටත් තේමාව වී තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගොඩ නැගීම. එයිට අමතරම පසු කාළයේ ලිබියාවේ ඔහුගේ භූමිකාව තුලින්, එම බලාපොරොත්තුව තවත් ඉහල ගියා.

බෙන්ගාසී වල කැරැල්ලෙන් පසුව, ඒ සේරම වකුර් වුණා. දැන් ඒ කතා ඉතිහාසයට අයිතියි. අද ලිබියාවේ ආණ්ඩුව කියන්නේ ට්‍රිපොලි වල කුඩා ප්‍රදේශයකට සිමා වුණ, රටේ පොදු ජනතාවගෙන් වියුක්ත වූ කුඩා කණ්ඩායමක්. හරියට ඉරාකයේ වගේ තමා. මේ රජයන් දෙකම රට පාලනය කරන්නේ, ප්‍රාදේශීය කල්ලි වලට කප්පම් සැපයීමෙන් කියා කියවෙනවා. ඔවුන් එනම් එම ප්‍රාදේශීය කල්ලි නායකයන්, ඒ ඒ ප්‍රදේශ වල වෙනම පාලන ගෙන යනවා. කලින් තිබුන “ඒකාධිපති” පාලන ක්‍රමයන් වඩා ප්‍රජාතන්ත්‍රවාදියි කියා මට සිතෙනවා.

මෑත ලෝක ඉතිහාසය ගෙන බැලූ විට මේ රටවල් දෙකම අර සයිෆ් කියන The international order has a responsibility to protect the basic rights of those citizens who live under non-liberal governments යන ආකර්ශනීය කතාව යටතේ පිටිං ආපු බලවේග වල මැදිහත් වීම වල ප්‍රතිඵලයක් කියාත් කියන්නට පුළුවන්. එකම කරුණ එය නොවුනත්. ඒ බලවේග වලින් තොරව වුණත්, මේ රටවල් දෙකෙහිම ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට සුදානම් හෝ රජයක් තෝරා ගැනීමට දැනුවත් ලෙස සහභාගී වේවිද? එවැනි ප්‍රශ්න මතු වන්නේ “මට සිලිටු පාලන මාරු වීමක් වුණ” ඊජිප්තුවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව තුලින්.

ලෝකයේ ලොකු අයියා වන ඇමෙරිකාව හා අනෙක් ලෝක බලවතුන් විවිධ අවස්ථාවල වෙනත් රටවල් වල රෙජීම් චේන්ජ් සඳහා මැදිහත් වුණ හැටි අප දැක තියනවා. මා ග්‍රෙනේඩා කතාව මතක් කෙරුවේ එය අන්න එවැනි මැදිහත් වීමක් නිසා. ගඩාපි ගේ පාලනය මෙතරම් ඉක්මනින් වට්ටන්නට, එනම් රෙජීම් චේන්ජ් සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට අවශ්‍යතාවයක් තුබුණා කියල, අරාබි වසන්ත රැල්ලේ අග වෙන තෙක් පෙනෙන්නේට තිබුනේ නැහැ. නමුත් අවශ්‍ය වෙලාවේ මැදිහත් වී, තමනට “වඩාත් පිළිගන්න පුළුවන්” විසඳුමකට ඔවුන් යොමු වුණා කියා සිතන්න පුළුවන්.

මොවුන් මේ වෙලාවේ අසාද් පාලනය වට්ටන්නට උත්සහ නොගන්නේ මොකද කියා ඔබට සිතුනාද? අසාද් පාලනයට රුසියානු හා ඉරාන උදව් තිබෙද්දී වුණත්, මෙයාලට අවශ්‍ය කමක් තියනවා නම් රෙජීම් චේන්ජ් එකක් සඳහා මැදිහත් වෙනවා. දැන් අසාද් පන්නල දාන්නේ කවුද? දමස්කස් වලට සිමා වුණ පාලනයක් හැදෙනවට ඊශ්‍රායලය කැමතිද? මේ ලියන මොහොතේ පවා, මෙම ගණන් බැලීම් කරන කට්ටියක් ලෝකයේ ඇති.

සයිෆ් හා ඔහුගේ තාත්තාට දයිවයේ සරදමකට වගේ වුනේ, ඔහුම යෝජනා කරන, ප්‍රජාතන්ත්‍රවාදී නොවන සමාජවල, යහපාලනය සඳහා “ශිෂ්ටාචාර සමාජයේ” මැදිහත් වීමයි. තාත්තා ඉතාම ම්ලේච්ච අයුරින් මහ මග මරා දැමුණා. සයිෆ්ටද බොහෝ විට මරණීය දණ්ඩනය පැනවෙනු ඇති. එහෙත් අන්තිමට, රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ පාලනයක් ස්ථාපිත වුණාද? ලංකාව වැනි සාපේක්ෂව ප්‍රජාතන්තරවාදය “ස්ථාපිත” වී ඇති රටවල ජනතාවගේ භූමිකාව අපට මෙතනට සම්බන්ධ කරන්නට පුලුවන්ද? මේ රටවල යහපාලනය සඳහා ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල මැදිහත් වීම කොයි වගේ වේවිද?

ගොඩක් වෙලාවට ම දැකල තියනවා, දේශපාලකයන් කියන කට්ටිය සමාජයෙන් වියුක්ත පිරිසක් ලෙස සලකා ලියනවා. එය ඇත්තක්ද? අප අතර නොමැති අමුතුම මිනිසුන් කාණ්ඩයක් අපේ පාලකයන් විය හැකිද? ඔබ ජිවත් වන්නේ කොයි රටේ වුවත්, එහෙම දෙයක් වෙන්නට විදිහක් නැහැ.

ඔය අතරේ තමා, පසුගියදා බ්‍රිස්බේන් නුවර පැවැත්වුණ ජී-20 සමුළුවට ආපු, චීන ජනාධිපති ෂී ජින්පීව, රතු පලස් මගින් කැඳවාගෙන ඇවිත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතන්නට අවස්තාව දුන්නේ.

මතු සම්බන්දයි!

(වෙනම කියවන්නට පුළුවන්, මේ සටහනේ පළමු කොටස “අදට වඩා එළිය එලිය හඳක් හෙට පායනවා?” නමින් පළ විය).

Read more: http://www.theweek.co.uk/people-news/7409/lse-investigates-saif-gaddafi-plagiarism-claims#ixzz3JfBjSse1

http://www.vanityfair.com/politics/features/2011/08/qaddafi-201108

http://www.theguardian.com/world/2011/feb/21/saif-al-islam-gaddafi-turmoil

http://www.theguardian.com/commentisfree/2011/nov/30/saif-gaddafi-miltary-intervention-iraq

(පින්තූරය දී ගාඩියන් වෙතින් ගන්නා ලදී).

Advertisements

3 Comments

Filed under Opinion, Politics

3 responses to “ආචාර්ය ගඩාපි හා අපි! Have you ever missed the opprtunity to miss an opprtunity?

  1. Pingback: ආචාර්ය ගඩාපි හා අපි! Have you ever missed the opprtunity to miss an opprtunity? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කොටස් දෙකම කියෙව්වා.

    සිරියාව ඇතුලේ වෙනසක් නොවන්නේ ඇත්තටම ඇමරිකාවට අවශ්‍ය පන්නයේ කෙනෙක් නැතිනිසාද? නැත්නම් සිරියාවේත් අස්ථාවර ආණ්ඩුවක් පත්වී, එය මෙහෙයවීමත් අන්තවාදී කංඩායම් අතට පත්වෙයි යන තක්සේරුවක් ඇති නිසාද කියන ප්‍රශ්ණ දෙකම මට කල්පනා වෙනවා. ඊටත් වඩා අභ්‍යන්තර කාරණාත් බොහොමයක් ඇති නේද…

    • ඇත්තටම මචං මගේ සටහන් වලින් කියන්න යන්නේ, ඒකීය පුද්ගල ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම ගැන. එයට මේවා එතරම්ම අවශ්‍ය නැහැ. නමුත් අනවශ්‍යයත් නැහැ. මා බලාපොරොත්තු වන්නේ පතෝල වැල් වගේ, ඒ කියන්නේ යන අතට මැස්ස තියන පැත්තට යන චන්දදායකයෙකු නොවේ. චන්දදායකයා ගෙන් මා බලාපොරොත්තු වන්නේ මැස්සකුයි. ඇත්තටම ලෝකේ කොහේ වුනත් චන්දදායකයා තමයි මැස්ස. දේශපාලකයන් හදන්නේ අපයි. සමාජයයේ නොමැති කාණ්ඩයක් දේශපාලකයන් ලෙස අපට දකින්න නොහැකි අන්න ඒ නිසා.

      තොරතුරු සන්න්වේදනය වඩාත් විතිර්ණ වී ඇති යුගයක, එවැනි පහසුකම් වලින් වියුක්ත ගම්බද චන්දදායකයා වගේම, නාගරික මධ්‍යම පන්ති චන්ද දායකයා හැසිරෙන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු අප සොයා යන්න ඕනේ. උදේට මාධ්‍ය වලින් කියන කොට මහින්දට හා දවල් නැවත වෙනත් මාධ්‍යකින් කියන විට රනිල්ට (ඔබ ඉන්න රට අනුව මේ නම් වෙනස් කර ගන්න) පක්ෂ වන කෙනෙක් වෙනුවට, තමන්ට (තියන විසඳුම්) අතරින් වඩාත් හොඳ මොකක්ද කියා තෝරා ගන්න පුළුවන් ඒකීය චන්දදායකයෙක් තමා අප සොයන්න ඕනේ. මෙතන “තියන විසඳුම්” කියන දෙයින් මා අදහස් කරන්නේ උටෝපියානු සංකල්ප පිටු දැකීමයි.

      මැද පෙරදිග “ප්‍රශ්න විසඳන්න ” ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පැන ගෙන එන කාරනාව උඹට පැහැදිලියිනෙ. ලෝකයට තියන බටහිර බලපෑම හැමවිටම නිශේදනිය යයි කියා මා කියන්නේ නැහැ. තවමත් අපේ ශිෂ්ඨාචාරයේ වැදගත් භූමිකාවක් බටහිර ඉටු කරනවා. සොයා ගැනීම් වල ඉඳල මානව හිමිකම් සුරැකීම, යහපාලනය ව්‍යාප්ත කිරිම දක්වා.

      ඇත්තටම තෙල් සම්පත් තියන මැද පෙරදිග, අප්‍රිකාවේ හා දකුණු ඇමෙරිකාවේ රටවල් වලට දියුණු වීමට නොහැකි වීම නැත්නම් “සම්පත් සාපයක්” ඇති වී තිබීම අපට කියන්නේ, මානව සංවර්ධනය කියන්නේ, ආර්ථික සංවර්ධනය නමැති කිකිලිගේ බිත්තරය කියායි.

      මානව සංවර්ධනයේ දර්ශක වලින් ඉහල අගයන් අත්කර ගත්තු අපට/ලංකාවට වුණේ මොකක්ද කියන එකත් මෙහිදී කතා කරන්නට සුදුසු දෙයක්. එය දීර්ඝ කතාවක්. එයටම සම්බන්ද කරන්නට පුළුවන්, මැද පෙරදිග මානව දර්ශක අගයන් වලින් ඉහලින් සිටපු, ඉරාකය, ලිබියාව හා සිරියාවේ සමාජ වලට මොකද වුණේ කියන එක. මේවා හයිජැක් වලට අහු වුණාද?

      මට පෙනෙන සිරියාවේ තත්වය ලියන්නම්. මේවා තවත් “නොපෙනෙන” කාරණා මත රඳා පවතිනවා. සිරියානු හමුදා, කඩා වැටුණු අනෙක් රාජ්‍ය වලට වඩා බර අවි වලින් සන්නද්ධයි. අනෙක තමා සිරියානු හමුදාව අසාද්ට තවම පක්ෂපාතියි. ලිබියාවේ වුණා වගේ කෑලි වලට කැඩී යාමක් ආරම්භ වී නැහැ. අනෙක තමා රුසියානු හා ඉරාන යුධ හා වෙනත් ආධාර වල අඛණ්ඩ ගලා ඒම තවම නතර වී නැහැ. ඉතින් කරලිකරුවනට සිරියානු හමුදා පන්න ගන්න හෝ දමස්කස් අල්ලන්න තවම හැකි වී නැහැ.

      දෙවෙනි කරුණ තමා, කැරලි කරුවනට දෙන ආධාර වැඩිකර සිරියාව තවත් අස්ථාවර කරන්න පුළුවන් වුවත්, මේ අයියල ආධාර දෙන්නේ කාටද යන්න. මොකද දැන් IS කාරයන් තමා ඉදිරියෙන් ඉන්නේ. එවිට අර ලිබියානු පන්නයේ, සවුදි ආරාබියෙන් තෙල් කොම්පැනි CEO දෙතුන් දෙනෙක් ගෙන්න ගෙන හදපු වර්ගයේ ආණ්ඩුවක් හෝ අටවන්නට නොහැකි වෙන්න තියන ඉඩ වැඩියි.

      තුන් වන කරුණ තමා ඊශ්‍රායලය. ඔවුන්ගේ කැමැත්තකින් තොරව බටහිර මෙහෙට කඩා වදින්නේ නැහැ. දන්නා එක යකෙක් සමග ගනු දෙනු කිරීම ඊශ්‍රායලයේ කැමැත්ත වගේ. නොදන්නා යකුන් සියයක් සමග ගනු දෙනු කිරීම ලෙහෙසි වන්නේ නැහැ. ඇත්තටම සිරියාවට “හොඳ යකෙක්” ඕනේ ඊශ්‍රායලය හා ගනු දෙනු කරන්න හා ගත්ත ගෝලාන් කඳු වැටිය නැවත ගන්න.

      ඔය මොනවා වුනත්, යම් මොහොතක බල තුලනය වෙනස් වී අසාද් කඩා වැටෙන්නට ආසන්න වග පෙනුනොත්, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව “සිවිල් ජනතාව රකින්නට” කඩා පනිනු ඇති.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s