කකුළු හොද්දේ මකුළුවෙක්! A Mobile Curry Van/Man!


ලෝකයේ සතුන්ගෙන් 80% ක්ම වගේ අයිති වන්නේ ආත්‍රපෝඩා වංශයට. වංශේ එක වුනත්, මොවුන්ගෙන් අප ආහාරයට ගන්නා හා නොගන්නා විශේෂ හා උප විශේෂ ලෝකයේ ඔබ ජිවත් වන පමණක් නොවේ, ඉපදී හැදී වැදුන සංස්කෘති අනුවත් වෙනස් වෙනවා.

දැන් දුම් දමන කකුළු හොද්දේ මකුළුවෙක් දැක්කොත් ඔබ එය කැමැත්තෙන් ආහාරයට ගන්නවද? මෙයට උත්තරය පවා, උත්තරය දෙන කෙනා අනුව, ඒ කෙනා දැන් ජිවත් ව ඉන්න රට, එයා ඉපදී හැදී වැඩුන රට හා සංස්කෘතිය, තියන බඩ ගින්න, කකුළුවන්ගේ හා මකුළුවාගේ ශරීර ප්‍රමාණ ආදී වශයෙන් කරුණු ගොඩක් අනුව වෙනස් වේවි.

අප ගොඩක් දෙනා ජීවිතය “ෆොර් ග්රාන්ටඩ්” ගන්නවා. මා දරුවන්ට නම් හැම විටම ඒ වග මතක් කරනවා. අපත් ජිවත් වෙන්නේ මහා ධන සම්පත් අතර නොවුණත්, ජීවිතය සෑහෙන්න පහසුයි. කේන්දර නැකත් පසුපස නොයාම එයට එක හේතුවක්. තව හේතු තියනවා. ඒවා මෙහි මා නිතර ලියනවා.

මා දැනට වසරකට පමණ පෙර ඒබීසී රුපවාහිනියේ ගිය වාර්තා වැඩසහනක දැකපු දෙයක් මේ. කාම්බෝජයේ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවිතය හරිම දුෂ්කරයි. බත තමා ප්‍රධාන ආහාරය. නමුත් එයට ව්‍යංජන හදා ගන්න මොනවා වත් ඔවුනට නැහැ. කුඩා දරුවන් කරන්නේ ලඳු කැලෑ වල පොලවේ ගුහා හදා ගෙන ජිවත් වන මකුළුවන් අල්ලාගෙන ගෙදරට ගෙන යාම.එයත් හරිම කුසලතාවයක් අවශ්‍ය ක්‍රියා වලියක්. මේ මකුළුවන් විෂ සහිත එවුන්. ඒ වගේම ජිවත් වෙන්නේ පොලවේ බෙන තුලයි. අර බිට්ල් දවසක මගෙන් ඇහුවේ, මොනවගේ කුසලතා ද කියල අප අත්පත් කර ගන්න ඕනේ. මෙන්න මේ වගේ, ජිවත් වන පරිසරයේ නොනැසී ඉන්න අවශ්‍ය කුසලතාවයන්.

ඔන්න ඉතිං අම්මල බත් උයල, අර මකුළුවන් බැදල දරුවන්ට කන්න දෙනවා. බත්, පිෂ්ඨය වශයෙනුත්, එකම ප්‍රෝටීන ප්‍රභවය ලෙස මකුළුවනුත්. ඒ දරුවන් ගේ පෝෂණ ඌණතාවයක් දකින්නට තිබුනේ නැහැ.

මිනිස් සංහතියේ අනාගත ආහාර අවශ්‍යතා පිරිමසිනු ඇත්තේ ආත්‍රපෝඩා වංශය විසින් යයි විද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා. විශේෂයෙන් පළඟටියන් මෙන් කෘමින් විසින්. මොවුනට බර ප්‍රමාණය දෙගුණයක් කරන්නට දෙන්නට අවශ්‍ය ආහාර, ජලය, බලශක්තිය හා බිම් ප්‍රමාණය හරක් වැනි සතුන් ඇති කිරීමට වඩා හරිම අඩුයි. හැබැයි මෙතැනදී ප්‍රධාන ප්‍රශ්නයක් තියනවා. එනම්, අපේ ආහාර ආකල්ප හා දිව පුරුදු වෙලා තියන හැටියි.

ආහාර හා සංස්කෘතිය බැඳී ඇත්තේ පුදුමාකාර විදිහට. ඉන්දියන් කාරයන්, කරිකාරයන් ලෙසත් හැඳින්වෙනවා. මෙය පහත් කිරීමට කියන දෙයක් වගේම ටැබූ මාතෘකාවක්. ඉන්දියානුවන් කියුවහම සියලුම දකුණු ආසියාතිකයන් මා අදහස් කරන්නේ. කොහොම වුනත් ඉන්දියානු ආහාර, විශේෂයෙන් කරිය අද ලෝකයේ තියන ජනප්‍රිය “ආහාර වංශයක්”.

එහි උපවංශ, විශේෂ හා වෙනත් කුඩා ප්‍රබේධත් තියනවා. ඒවත්, අනෙක් ආහාර වංශ වගේම රටින් රටට, පලාතෙන් පළාතට වෙනස් වෙනවා (බලන්න පළාත කියන එකත් වෙනස්ව ලියවුණ හැටි). හැබැයි මේ හැම ඉන්දියානු ආහාර වර්ගයකටම විශේෂ එක දෙයක් තියනවා. එනම් තුන-පහ භාවිතය.

තුනපහ හා කුළු බඩු කියන දේවල් ලෝකයේ කොහෙත් භාවිතා වෙනවා. අපේ තුනපහ කොහොමත් සුවඳින් අනූනයි, වගේම ටිකක් සැරයි. සුවඳේ මොන සැරක්ද කියා හිතන්න එපා. සමහර කුළු බඩු හා රසකාරක තියනවා සෞම්‍ය.

අපේ පරිසරයේදී (සමකය වටේ) තුනපහ යොදා ඉවීම මහා ප්‍රශ්නයක් නොවේ. ගෙවල් දොරවල් වහගෙන නොවේ, අප උෂ්ණ පරිසරයක උයන්නේ. ඒ වගේම ඒ පරිසරයේ හදන ගෙවල් දොරවල් වල ජනෙල් විශාලයි. එවිට උයන විට ඇතිවන වාෂ්ප ගේ ඇතුලේ රැඳෙන්නේ නැහැ. උයල ඉවරවී ටික වෙලාවකින් මේ වාෂ්පත්, ගෙදරින් “වාෂ්ප” වී යනවා.

නමුත් නිවසේ බලශක්තිය හානි වීම අවම කරන්නට අවශ්‍ය පරිසරයක තත්ත්ව වෙනස්. මෙවැනි නිවසක ප්‍රමාණවත් වැඩපිළිවෙලක් නැත්නම්, අර ඉවිමේදී ඇතිවන වාෂ්ප නිවසේ රැඳී තිබෙනවා. අපට ඇවිදින කරි බඳුන් වගේ මිනිසුන් මහ මග හමු වන්නේ ඒ නිසා. මෙයත් අප කතා කරන්නට අකමැති හා අපහසු මාතෘකාවක්. මේ සතියේ කෙනෙකු කියපු කතන්දරයක් නිසා මා කලින් යන්තම් ස්පර්ශ කරපු මේ මාතෘකාව යලිත් ලියන්නට සිතුනා. මොකද ඔබ සිතන්නේ?

Advertisements

11 Comments

Filed under Energy, Food, Opinion

11 responses to “කකුළු හොද්දේ මකුළුවෙක්! A Mobile Curry Van/Man!

  1. Anonymous

    This message is for making you aware of my new blog. I suppose that it may be helpful for your business one day. Specially, I maintain this blog with seafood prices that change daily. So, I invite you to come and discover the freshness.

    URL – http://negomboseafood.blogspot.com/

    thank you
    B.M FERNANDO
    (FRESH SEAFOOD SELLER IN LELLAMA ,PITIPANA ,NEGOMBO.)

    • Good work and well done Madhushka!

      ඔබගේ කොමෙන්ටුව මා වෙනත් තැන් වලදී දැක්කා. මා නම් ලංකාවේ නොවේ ඉන්නේ. නමුත් ලෝකයේ කොහේ සිටියත් අපට ව්‍යවසායකත්වයේ නව මං සොයා යන්නට අවශ්‍යයි. කුඩා ව්‍යාපාරිකයන් කියන්නේ රටක මහා වැඩක් කරන පිරිසක්. ඔවුනට දෙන්න පුළුවන් හොඳම “අත” තමා රටේ නිතිය හා සාමය සැමට එක ලෙස පවත්වාගෙන යාම. ඒ වගේම ව්‍යාපාර අරඹන්නට හා පවත්වාගෙන යන්නට තියන බාධා හැකි හැම අයුරින්ම ඉවත් කිරීම. කුඩා ව්‍යාපාරිකයන්ම තමා, දිනෙක මහා ව්‍යාපාරිකයන් වන්නේ.

      ඔබගේ බ්ලොගයත් ආහාර වර්ගයක් ගැන නිසාත්, මා ලියන කරුණු වලට අයිති නිසාත් මේ පිළිතුර ලියුවේ. ඔබේ පණිවුඩය ගලා යාමේ පහසුව තකා, මා කුඩා සංස්කරණ දෙක තුනක් කෙරුවා. 🙂

  2. අනිවාර්යයෙන් අපි අනුගත වියයුතු වෙනවා පරිසරයට. නැත්තම් ස්වභාවික වරණයෙන් අපි නිකන්ම වඳ වෙන්න ගන්නවා.

    මම දැකල තියෙන ‘සුළුතර’ ලාංකික විදෙස් රටවල ( දියුණු රටවල් වලට සංක්‍රමණය වෙච්ච) ජිවත් වෙන අයතුල මම දැකල තියෙන හිනායන ගතිගුණයක් තමයි, ඒ රටවල්වල ජිවිතේ ගෙවන්නේ ‘ලාංකික’ විදියට බව හුව දක්වන්න පුදුම මහන්සියක් ගන්න එක. මට අදත් එය විහිළුවක්. ඒ රටවල් වල අපි ලංකාවේ කරනවා වගේ (ඔබත් කියා තිබෙන පරිදි) හාත්පස විසිරෙන සුවඳ හමන ජාති යෙදීම වදයක්. ඒ වගේම විකාරයක්.

    අපි ඉන්දියන් තුනපහ කාරයින්ට සිනහවම අපිට අදාළ වන්නේ ඇත්තෙන්ම කණ්නාඩියකින් එන ප්‍රතිබිම්බයක් වගේ.

    • ඔබ ඒ සිනහා වෙන කාණ්ඩයට මාත් අයිතියි. මොකද, කලින් ලියා ඇති පරිදි, කරවල සමග බත් හෝ හැම් සමග පාන් කනවා කියා මා නම් ආඩම්බර හෝ ලැජ්ජා වන්නේ නැහැ. මගේ ඉවීම් පවා මුලිකවම රැඳී ඇත්තේ ආසියාතික පුරුදු වල. මන්ද යත් මාත් හැදී වැඩුනේ එම පරිසරයේ නිසා.

      අනෙක් ජිවන විලාසිතාත් මා ජිවත් වන පරිසරය මතම නොවේ තෝරා ගෙන ඇත්තේ. ඒ වගේම බහුතරය කරන්නේ මොකක්ද කියන මතත් නොවේ.

      එහෙම උයන විට අපට අනුගමනය කරන්න පුළුවන් “ප්‍රමාණවත් වැඩපිළිවෙලක්” යටතේ ගෙදර රැඳෙන වාෂ්ප අවම හෝ නැත්තටම නැති කර ගන්න පුළුවන්. 🙂

  3. මොන දේ උයන්න දැණගත්තත් අපිත් වැඩිපුර ‘කරි කන්නෝ’.

    මචං ලියන්න හිතේ තියෙන දේ ලියන්න පටන් ගත්තොත් ප්‍රයෝජනවත් වෙයි.

    කුසලතා ගැන බීට්ල්ට කරලා තියෙන පැහැදිලි කිරීම නම් හරිම ඉහළයි. මා දකින ඉහලම කුසලතාවය තමයි හැකි තාක් දුරට ඒ ඒ අවස්තාවන් හා බද්ධවී නොනැසි සිටීමේ කුසලතාවය. ඒකනේ බං තාම නොන්ඩි ගගහා හරි කොන්ද කෙලින් තියන් ඉන්නේ 😀

    ////අර බිට්ල් දවසක මගෙන් ඇහුවේ, මොනවගේ කුසලතා ද කියල අප අත්පත් කර ගන්න ඕනේ. මෙන්න මේ වගේ, ජිවත් වන පරිසරයේ නොනැසී ඉන්න අවශ්‍ය කුසලතාවයන්.////////

    • කොහොමද මචෝ වැරදිලා වත් කයන්නට “ඇදයක්” වැටුනොත්?
      පොඩ්ඩක් ඉඳපන් මා ලියපු පරණ උත්තරයක් හොයල දාන්නම්.
      කරි හට්ටි වගේ ඇවිදින එක තමන්ගේ කැමැත්ත නිසාත්, එයින් අනුන්ට මහා කරදරයක් නැති නිසාත්, “මා කියන ඕනේ මගුලක් කර ගත්තට අපට මොකෝ” කියන ජිවන විලාසිතා ගණයට එයත් වැටෙනවා. නමුත් රසික කියන පරිද්දෙන් බොහෝ දෙනා, තමන් කරී හට්ටි වගේ කියා දන්නේ නැහැ.

  4. ඇවිදින කරී බඳුන් කතාව මමත් අත්දැකලා තියෙනවා 🙂 (මමත් ඉන්නේ ඔබේ ඉසව්වේමයි) කොහොමත් අපිට තුනපහ රස නැතිව කන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඉවිල්ලේ සුවඳ අරගෙන එළියට නොබහින්නයි පරෙස්සම් වෙන්න වෙන්නේ නේද? කුස්සියේ/ කාමර වල දොරවල් වහලා ඉවිල්ලයි, extra strong exhaust fans වගේ දේවල් වල පිහිට තමයි නේද? 🙂

    • කොහොමද මලිති?
      අන්න හරි, ඔය තියෙන්නේ විසඳුම්. රසික කියනවා වගේ කොණ්ඩයත් තුනපහ උරා ගන්නා මාධ්‍යයක්. බත් ටිකක් නැතුව වුනත් සමහරුන්ගේ “ඔලුව කන්න” පුළුවන්. 😀

  5. ඇවිදින කරි බඳුන්වලට හේතුව තමයි ඒ කරි බඳුන්වලට තමන්ගේ ගඳ සුවඳ නොදැනීම.

    අනික හුඟ දෙනෙක් එලියට අඳින ඇඳුම් (වින්ටර් ජැකට් වැනි) ඇඳගෙන උයලා, උදේ කොණ්ඩේ හෝදලා, නාන්නේ නැතුව, ඒ ඇඳුම් පිටින්ම පාරට බහිනවා.

    • ඔව් රසික මාත් හිතනවා කරී බඳුන්, ඒ වග දන්නේ නැහැ කියල. මටත් ගොඩක් දිනවල වැඩ කරන තැනදී කෙනෙක් උදේට හම්බ වෙනවා. ඈතදී දැක්කොත් “මිහිකත නලවාලා, මග මල් ගන්වාලා”. නමුත් ලඟට ආපුවහම “කරි කාරියේ, සින්දු කියනා ලඳේ”. 🙂

      හරියටම හරි. ජැකට්ටු, කොන්ඩේ මේවා තදින් උරා ගන්නා දේවල්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s