කුණු කය දිරනා, නාමේ නොදිරනා (මරණ දැන්වීම පොලිතීන් කොලේ ලියල තියන නිසා!)! Home composting!


කිරි අප්පට බල්ලො පැනපි කියුව වගේ, ලංකාවේ ජනපතිවරණය හින්ද වැඩියෙන් පරල වෙලා ඉන්නේ ලංකාවේ චන්ද අයිතිය එක්කෝ නැති, නැත්නම් චන්දෙ දාන්නේ නැති අප වගේ සංක්‍රමණිකයන් ටික. දේශපාලන දේශනා වලින් බ්ලොග් ලෝකයත් පිරි ගොස් සංතෘප්ත වෙලා තියන මේ මොහොතේ, මා ලියමින් ඉන්න සටහන් පෙළ ලියුවොත් වමනෙට එනවා. ඒ නිසා හොද්දක් වත් හදමුද?

නැහැ, ඒ වෙනුවට මේ වගේ දෙයක් වත් ලියන්න බලමු. මේ මිහිකතින් මනුෂ්‍ය සංහතිය තුරන් වුවත්, ජීවය දිගටම පවතීවි. නමුත් ක්ෂුද්‍ර ජීවීන් තුරන් වුනොත් නම්, අපිත් ඉඳල හමාරයි. ඇයි ඒ?

ඔවුන් ලොකු කාර්යයක් කරණවා. එනම් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය. ඔවුන් නැත්නම්, අප මිය ගියහම මල මිනී ඔහේ තියෙන්නේ පුළුවන්. කොහොමද මේ ලෝකේ මල මිනිසුන්ගෙන් පිරී ගියොත්? ගස් වැල් පොලොවෙන් පෝෂක උරාගෙන හා වාතයේ තියන කාබන් තිර කරමින් වැඩිලා, මැරුණහම දිරන්නේ නැතුව ගොඩ ගැසුනොත් කොහොමද? අන්න ඒකයි, දෙවියන් වහන්සේ නියමෙට වැඩේ ප්ලෑන් කරල තියෙන්නේ.

ඕවා වැඩකට නැති කතා. දැන් කාටද චන්දෙ දෙන්නේ? සේරම පැත්තක තියල බනිමුද ජේවීපී එකට. අන්න හොඳ වැඩක්. ඕකුන් තමා වැඩේ කන්නේ. කෝ පුතේ, කුණුහරුප ඩික්ෂනරිය පෙරලපන්කෝ. ඔව්, ජේවිපියට ටිකක් බැනලා, රනිල්ගේ පරණ කුණු අවුස්සලා, හෙමිහිට බ්ලොග් කට්ටකුත් අටවාගෙන, අන්තිමට “මහින්ද මහත්තයට” ගහමු පුතේ කතිරේ.

අන්න, රනිල්ගේ කුණු කියුවහම තමා මා ලියන්න ආව කතන්දරේ මතක් වුණේ. ගෘහස්ත කොම්පොස්ට්කරණය නැත්නම් කාබනික ද්‍රව්‍ය ගෙවත්තේ ප්‍රතිචක්‍රීකරණය කියන්නේ අර උණ්ඩුකපුච්චය වගේ සැර මාතෘකාවක්. මේ වැඩේ වෙන්නේ කොහොමද, මොනවා ගැනද අප සැලකිලිමත් වන්න ඕනේ?

දිරීමට නැත්නම් වියෝජනයට උදව් දෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ ශරීරයේ කාබන් හා නයිට්‍රජන් මූල ද්‍රව්‍ය සංයුතිය 8:1 යි වශයෙන් තමා තියෙන්නේ. ඒ කියන්නේ මේකුන්ගේ ශරීරයේ කාබන් අටකට, නයිට්‍රජන් එකක් තියනවා. එතකොට කාබන් අටක් කන විට, නයිට්‍රජන් එකක් කන්න ඕනේ. හැබැයි කාල විතරක් මදි නේද? ජිවත් වෙන්න ශක්තියත් ඕනෙනේ. ඒ සඳහා අමතර කාබන් අවශ්‍යයි.

ක්ෂුද්‍ර ජීවීන් තමන්ගේ ශරීරයට අවශ්‍ය කාබන් කොටස් 8 ට අමතරව තව කොටස් 16 ක් අර ශක්තිය ගන්න උපයෝගී කර ගන්නවා. එතකොට ඔවුන් ජිවත් වන පරිසරයේ කාබන් 24 (8 + 16) ක් හා නයිට්‍රජන් 1 ක් තිබුනොත්, එවුන්ගේ පැවැත්මට හොඳම තත්වයක්. ඔන්න ඕක නිසා තමයි කියන්නේ දිරීම ප්‍රධාන ක්‍රියාවලිය වන කොම්පෝස්ට් නිෂ්පාදනයේදී කාබන් 30 ට (හරියටම කියනවා නම් 24:1) නයිට්‍රජන් එකක් තියන ද්‍රව්‍ය තමා වඩාත් ඉක්මනින් ප්‍රතිඵල දෙන්නේ කියා.

එවැනි කලවමක් කොහොමද හදන්නේ? මොන වගේ දේවල්ද කාබන් වලින් වැඩි හා නයිට්‍රජන් වලින් අඩු? ගෙදරදී කොම්පෝස්ට් රැල්ලට හෝ හදනවා නම් මොනවා වගේ පිළිවෙතක්ද අනුගමනය කරන්න ඕනේ? ගස් වලින් වැටෙන කොළ විතරක් දැම්මහම ඇතිද? මතකෙන් ලියන්න පුළුවන් වුවත්, ටිකක් වැදගත් පෙනුමක් ලබා දෙන්න, පොඩි මුලාශ්‍ර ටිකක් සමගින් ඊළඟ කොටස ලියන්න බලමු.

Advertisements

6 Comments

Filed under Agriculture, Energy, Lifestyle

6 responses to “කුණු කය දිරනා, නාමේ නොදිරනා (මරණ දැන්වීම පොලිතීන් කොලේ ලියල තියන නිසා!)! Home composting!

  1. Pingback: කුණු කය දිරනා, නාමේ නොදිරනා (මරණ දැන්වීම පොලිතීන් කොලේ ලියල තියන නිසා!)! Home composting! | සතුටු වැස්ස බ්ලොග්

  2. අන්න හොඳ වැඩක්.. ජනාධිපතිවරණය ගැන කියවල කියවල සන්සාරෙ එපා වෙලා වගේ හිටියෙ !
    වෙනසකටත් එක්ක, ප්‍රයෝජනවත් මේ ලිපි පෙළක ඇරඹුම, දේශපාලන උණ නොවැළඳුණු මම වගේ අයට කියවන්නට පුළුවන්, අපූරු දෙයක් !
    ඔබේ ලිපි එකක් නෑර කියවනව, නිතර කොමෙන්ටු නොකලට..

    • ඔබත් කරන්නේ හොඳ වැඩක් මානවිකා! (වෙන මොකවත් නොවේ මා ලියන දේවල් කියවන එක). 🙂
      බලමු මෙය ප්‍රයෝජනවත් අයුරින් ඉදිරියට ලියන්න. කියවීමට තුති!

  3. හරි යමන් මචෝ. ස්ටාර්ට් එකේ තියන සරළ ලියවිලි රටාවම ඉදිරියටත් ගෙනිච්චොත් අපි වගේ පොඩි එවුන්ටත් වැඩේ අල්ලගන්න ලේසි වෙයි 😀

    • ඇයි ඩෝ, හැමදාම සරල භාෂාවෙන් තමා ලියන්නේ. 😀

      මෙන්න මචෝ මගෙනුත් සින්දුවක්. රට වැසියාට හා රජතුමාට එකසේ ගායනා කරන්නට පුළුවන්.

      • නියම සින්දුව රයිගම්….

        ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා මරු සෙට් එකක්. ඒ කට්ටිය ආපහු එකට දකින්න ලැබෙන්නේ නැහැ. ස්ටැන්ලි පීරිස්. ඩීඩී ගුණසේන, කළනි පෙරේරා. විජෙරත්න රණතුංග, මහින්ද බංඩාර, හේමපාල මාස්ටර්, තිස්සසිරි පෙරේරා. ප්‍රදීප් රත්නායක…ඔච්චරයි හරියට පේන්නේ. අනිත් අයව පේන්නේ නැහැ.