එක සටන් පාඨයේ අපේක්ෂකයා, one-term government and other stories!


පසුගිය පෙඩරල් මැතිවරණයට කලින් ටෝනි ඇබට්ගේ මූලික සටන් පාඨයක් වුණේ, මේ රටේ තියන ප්‍රධාන ප්‍රශ්නය අයවැය හිඟය නොවේ, විශ්වාසයේ හිඟය කියන එක. එයට මූලිකවම පදනම් වුනේ, එයට කලින් මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී ජූලියා ගිලාර්ඩ් ගේ මේ ප්‍රකාශය “මගේ රජයක් යටතේ කාබන් බද්දක් නොගෙනෙනු ඇත”. හැබැයි ස්වාධින මන්ත්‍රීවරුන් දෙන්නෙකු හා සහායෙන් ඇය අටවා ගත්තු රජය කාබන් බද්දක් ගෙනාව. ඇත්තටම එය ඇයගේ දේශපාලන ජිවිතයේ කරපු වරදක් කියා වරදක් කියා මා සිතනවා. ටෝනිලා වැඩිපුර පට්ට ගැහුවේ ඔන්න ඔය කතාවයි.

පෙරේද පැවැත්වුණ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන්, මා කලින් සටහනක ලියපු පරිදි කම්කරු පක්ෂය ජය ගත්තා. ඒ වසර හතරක, එක වාරයකට සිමා වුණ ලිබරල් පාලනය අවසන් කරමින්. ඒ වසර හතරට කලින් තිබුනේ දීර්ඝ කම්කරු පක්ෂ පාලනයක්.

කරුණු දෙකක්‍ කියන්නම්. මේ ප්‍රතිඵලය ලැබෙන වග කලින් කරපු ජනමත විමසුම් මගින් ප්‍රකාශයට පත් වෙලා තිබුනේ. හැබැයි එහෙම වුණා කියල කම්කරු පක්ෂයේ ප්‍රාන්ත නායකත්වය අන්තිම මොහොතේදී වත් කියුවේ නැහැ, ඔව් අපි දිනනවා කියල. ඔවුනගේ ප්‍රචාරක කටයුතු අන්තිම මොහොත දක්වා ගෙන ගියා.

ඇත්තටම දිනන වග පෙනුනත්, පටන් ගන්න කොටම අපි දින්නෝ, වැඩේ දෙනවා කියල පටන් ගැනීම හරිම ගොන් කමක්. ඔව්, දිනන පිල බලාගෙන ඉඳල චන්දය දෙන පරිසරයක මෙය එතරම් හරියන එකක් නැහැ. එතැනදී කියවෙන්නේ චන්දදායකයන්ගේ තියන අපරිණත කමයි.

දැන් මේ පරාජයට ටෝනිලගේ පෙඩරල් රජයේ ක්‍රියාමාර්ගත් හේතු වුණා යයි කියන්නේ, ලිබරල් පක්ෂයේම අයයි. ඇත්තටම මෙයාටත්, එයාගේ වචන වලින්ම ගහන්න පුළුවන් පරිසරයක් දැන් උදා කර තියනවා. ඔහු තමා මැතිවරණ දිනට පෙර කියුවේ මහජන මුදලින් නඩත්තු වන, ඒබීසී හා එස්බිඑස් මාධ්‍ය ආයතන වල ප්‍රතිපාදන කපන්නේ නැතිය කියා. එය දැන් කඩවුණ පොරොන්දුවක්. මෙවැනි කඩකරපු දේවල් දැන් පෝලිමක් තියනවා.

අයවැය නැවත අතිරික්තයක් කරා ගෙන්වා ගැනීම ගැන කිසි ප්‍රශ්නයක් මට නම් නැහැ. එනම් අප වියදම් කරන්න ඕනේ, අපේ ආදායමට අනුව තමා. මෙයාලගේ කැපිලි වල තියන ප්‍රධානම ලක්ෂණය තමා එහි සමාජ සාධාරණත්වයක් නොතිබීම. එනම්, එහි බර වැඩිපුර පටවන්නට හදන්නේ, වඩාත් උදවු අවශ්‍ය ජන කොටස් වලට.

මා අර කලින් කියපු තනි සටන් පාඨය සහිතව ආ අපේක්ෂකයා ගත්තේ ජනප්‍රිය චන්ද වලින් 4% ක් වගේ ගණනක්. ඔන්න ඕකයි කියන්නේ, එකම සටන් පාඨයක් විතරක් අරන් චන්ද සටනට ආවට වැඩක් නැහැ කියා.

දැන් අප වගේ සාමාන්‍ය ජනතාව, දේශපාලන පක්ෂ වලට උපදෙස් දෙන්න යාම තේරුමක් නැති දෙයක්. මොකද කොයි රටෙත් මේවායේ ඉන්නේ තෙම්පරාදු වුණ මිනිසුන්. අප කතා කරන්න ඕනේ ඒකීය මිනිසුන් වශයෙන් අප කුමක් කළ යුතුද කියා.

ආණ්ඩු පක්ෂයේ මහා ලේකම්ව, විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කිරීම, ලංකාවේ තියන සුවිශේෂ තත්වය යටතේ ඉතා සූර උපක්‍රමයක්. ඇත්තටම අපට නොපෙනුණාට කට්ටිය නන්නත්තාර වී ඇතැයි සිතා ගන්න පුළුවන්.

එයින් පසු රාජ්‍ය නායකයා කරපු ප්‍රකාශයෙන් ලංකාව වැනි දියුණු වෙමින් පවතින රාජ්‍යන්ගේ තියන ගජමිතුරු පාලනය ගැන ග්‍රාමීය ජනතාවට යම් අවබෝධයක් ගන්න අවස්ථාවක් උදා කෙරුවා යයි මා විශ්වාස කරනවා. මේ ගජමිතුරු පාලනය යනු කවරක්දැයි, මේ බ්ලොග් ලියන, ලස්සන මාවත් වල දුවන, මධ්‍යම පාන්තිකයා කොහොමත් දන්නවා. ඒ දැනගෙනම තමා ඔවුන් කඩේ යන්නේ.

මා අත තියනවා යයි කියන ෆයිල් දැන් එලියට දැමුවොත් (එනම් ජනපතිවරණයට පෙර), පැනපු නැති අයට දැනට හදා තියන හා හදපු නැති ෆයිල් වල තරම ගැන සිතා ගැනීමට චන්දදායකයට අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ ගෝලයන්ගේ ෆයිල් වල තරමේ හැටියට, ගුරාගේ ෆයිල් ගැනත් මේ චන්දය දෙන අයට සිතා ගන්න පුළුවන්.

ඉතා පිරිසිදු මිනිසුන් මෙන් පෙනී සිටිය අනෙක් පිරිස් වලත් නිරුවත හෙළි කරපු ප්‍රකාශයක් ලෙස ෆයිල් කතාව ගන්න පුළුවන්. මෙය තමා දියුණු වෙමින් පවතින රටවල පොදු කතාව. මේ ෆයිල් වල ඇති කරුණු හදා දෙන්නේ අමෙරිකාවෙන් ඇවිත් භය කරලා නොවේ. විමල් විරවංශ කියන ආකාරයෙන්, අධිරාජ්‍යවාදී කෘමන්ත්‍රණ නොවේ. මේවා තමන්ගේ කැමැත්තෙන් හා රටේ ජනතාවගේ සහයෝගයෙන් කරන වංචා හා දූෂණ.

තව කරුණක් රාජ්‍ය නායකයා, තමන්ගේ “යටත් වැසියනට” මතක් කර දුන්නා. එනම්, මගේ එක මල්ලි කෙනෙක් හැර, අනෙක් සහෝදරයන් හෝ පුත්‍රයන් දේශපාලනයේ ඉන්නවා නම්, ඒ ඉන්නේ ජනතාවගේ චන්දයෙන් තේරී පත්වීමෙන් කියා. එකත් අර ෆයිල් කතාව වගේම හරි ඇත්තක්.

දියුණු වෙමින් තියන රටවලින්, ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල් වල ජනතාව කැමැත්තෙන්ම දූෂණය, වංචාව, මහජන මුදල් මංකොල්ල කෑම හා පවුල් පාලන ව්‍යාප්ත කිරීම සඳහා දායක වෙන්නේ ඇයිද කියන එක අපගේ පර්යේෂණයට ලක් විය යුත්තක්. මේ ජනතාවන්ගේ ශරීර වල දුෂණයට නැඹුරුවක් තියන ජාන පරම්පරාවෙන් පරම්පරාවට එනවද? නැත්නම් එය දේශගුණය මත රඳා පවතිනවාද? නැත්නම් වෙනත් හේතුවක් හෝ හේතු සමුහයක්ද?

මා ඊළඟට ලියන? සොලමන් දූපත් චන්දදායකයන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා දේවිද?

Advertisements

5 Comments

Filed under Opinion, Politics

5 responses to “එක සටන් පාඨයේ අපේක්ෂකයා, one-term government and other stories!

  1. //දායක වෙන්නේ ඇයිද කියන එක අපගේ පර්යේෂණයට ලක් විය යුත්තක්. //

    අපිට ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංපාලන නිදහස ලැබුනේ බහුතර ජනතාව එයට සූදානම් නැති ( අද්යාපන, සංස්කෘතික, දේශපාලනමය හා මානසික වශයෙන් ) තරම් කලින් නිසා? ඉන්ගලන්තයේ අවු 900 – 1000 කාලයක් තුල ඉතා හිමින් වර්ධනය වූ දේශපාලන ක්‍රමයක් වැඩවසම් මානසිකත්වයෙන් ඉවත් නොවූ ජනතාවකට ඉබේම හදිසියේ ලැබීම නිසා? තමන් පත් කරගන්නා ජනතා නියෝජිතයන් තමන්ට පුරුදු රජවරු, හා රජුන් විසින් පත් කරන නිලමෙවරු, රටේ මහත්තයා, කෝරාල, ආරච්චි ආදීන්ට වෙනස් වියයුතු බව තේරුම් ගැනීමට තරම් දියුණු නොවීම?
    එලෙස වැරදිවිදිහට ජනතා සූදානමක් හෝ සුදුසුකමක් නොමැතිව පටන්ගත් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ගොඩ නො නැගීම?
    ( රයිගම් ලංකාවට ලඟදි එනවද? )

    • ඔව් ප්‍රා, අප ඉන්නේ රජතුමා-යටත් වැසි මානසික තත්වයේ. එයිට පිටින් හිතන පිරිස් සමාජයේ ඉතා කුඩා ප්‍රතිශතයක්. වලවූ කාරයන්ට වඳින එක, වලවූ නොවන එවුන් පවා වලවූ කර වන්දනාමාන කරන මානසිකත්වය එන්නේ පරණ ගෝත්‍ර වල ගත කරපු ජිවිතයේ නෂ්ටාවශේෂ වලින් මිදෙන්නට බැරි නිසා.
      ග්‍රාමීය ජන කොටස් ගැන අපට යම් වැටහීමක් ගන්න පුළුවන්. නාගරික, අධ්‍යාපනයක් සහිත මැද පංතියත් හැසිරෙන්නේ එයිට වෙනස්ව නොවේ.
      මේ රට රට වලත් ඇවිත්, ගල් යුගයේ මනසින් ජිවත් වන පිරිස් ඉන්නවා. හරි පුදුම මෙන්ම, මා කලින් කියුවා වගේ සොයා බලන්න අවශ්‍ය කරුණක්.
      දේශපාලනය විතරක් නොවේ, නැකත්, කේන්දර වැනි දේවල් වුනත් ගන්න.

  2. Pingback: එක සටන් පාඨයේ අපේක්ෂකයා, one-term government and other stories! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. /දියුණු වෙමින් තියන රටවලින්, ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල් වල ජනතාව කැමැත්තෙන්ම දුෂණය, වංචාව, මහජන මුදල් මංකොල්ල කෑම හා පවුල් පාලන ව්‍යාප්ත කිරීම සඳහා දායක වෙන්නේ ඇයිද කියන එක අපගේ පර්යේෂණයට ලක් විය යුත්තක්. /
    මේකට උත්තරය සරලයි නේද

    ආයේ දේශපාලනය ගැවුන දෙයක්වත් නොලියන්න හිතන් ඉන්න නිසා අදහස් ප්‍රකාශ කිරිමට ස්වයං වාරණයක් දමන් ඉන්නේ.
    (එහෙම දේවල් නැහැ)
    🙂

    • දේශපාලනය නැති පරිප්පු හොද්දක් වත් හොයා ගන්න පුලුවන්ද? අප ෆුල් පැකේජ් එක ගැන කතා කරමු! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s