යාලුවනේ අද මා කියන්න යන්නේ රට පනින ක්‍රමයක්? The true ……… dream!


අද මා කොහේ හරි යන්තමට දුටුවා බ්ලොගයට හිම වට්ට ගන්න හැටි දැන ගන්න ආසද කියල. එය දැකල මට නම් සිනා ගියා. ඕවා සුළු දේවල්නේ. පාඩම් මොකටද?

අර සමහර ගැජට්-බැජට් ගැන කියා දෙන ඔය ටෙක්නොලොජි සැවි කට්ටිය, පාඩම් පටන් ගන්න විදිහක් තමා “යාළුවනේ අද මා කියා දෙන්න යන්නේ…..” යනාදී වශයෙන්නේ. මට නම් ගැජට්-බැජට් එතරම් අවශ්‍ය නොවන නිසා ඕව තියා, වර්ඩ්ප්‍රෙස් කාරය කියල දෙන දේවලුත් වැඩිය බලන්න යන්නේ නැහැ.

මගේ කලින් සටහනට පාදක වෙලා තියන සොලමන් දූපත් කතාව, ලෝකේ තියන අනික් “දූපත්” ගණනාවකටත් පොදු කතාවක්. ඔය වගේ ප්‍රශ්න හදන්න බ්ලොග් ලියා නොහැකියි. ප්‍රධානතම කාරණාව, ඒ කතාවේ ඉන්න මිනිසුන්ට, බ්ලොග් කියවනවා තියා, සමහරවිට පාන් කියන්නවත් ශක්තියක් නැහැ.

හැබැයි රටක ජනතාවගෙන් වැඩි කොටසක් ඔවුන් වන විට, වෙනසක් ගැන සිතීම හරිම දුෂ්කර දෙයක්. මේ බ්ලොග් ලියන්න, අදහස් ප්‍රකාශ කරන්න, පත්තර කියවන්න, සිනමා පට බලන්න යනාදී දේවල් කරන්න පුළුවන්, යම් තරමක ආදායමක් තියන, ලෝකය ගැන ටිකක් දන්න, විවේක කාලය කියා දෙයක් තියන පිරිස් වලට පමණයි.

ඉතින් දුප්පත් පිරිසගේ ජිවන තත්ත්වය ඉහල ගියොත් පමණයි, ලෝකය වෙනස් වන්නේ. අර ගොල්ලන් දුප්පත්ව ඉන්නා තාක්කල්, ඔවුන්ට ඔය ප්‍රජාතන්ත්‍රවාද වලින් එතරම් වැඩක් නැහැ. ආර්ථිකය දියුණු වීමට, එනම් සමාජයේ බහුතරයකට ප්‍රතිලාභ ගලා යන ආකාරයට රටක් දියුණු වීමට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය අවශ්‍යම දෙයක් කියා මා විශ්වාස කරනවා.

එතකොට කොතනින්ද මුලින් පටන් ගන්නේ? ඔය සමහර අයියලා කටු ටිකක් ජනතාවට දීල, දුප්පත් කම දිගටම තියාගෙන යන්න කටයුතු කරන්නේ අන්න ඒ නිසා. අනික් කාරණේ තමා, ඇත්තටම සමාජයේ වෙනස් කම් කරන ප්‍රතිසංස්කරණ වලට මුලින්ම විරුද්ධ වන්නේත්, ගොඩක් වෙලාවට අර දුප්පත් යයි කියන පිරිසම තමා. මොකද මුලින්ම කටු දීම නවතන්න වෙන නිසා.

ඊයේ මා චීන ගෑල්ලමයෙක් සමග දීර්ඝ ලෙස එයාලගේ රට ගැන කතා කෙරුවා. ඇය දැනට ආචාර්ය උපාධිය කරනවා. මා ඇහුවා, ආයිත් යන්නද, මෙහෙ ඉන්නද කැමති කියල.

උත්තරය මොකක්ද?

මෙහෙ ඉන්න. ඇයගේ ශිෂ්‍යත්වය දීල තියෙන්නේ චීන රජය වුවත්, ආපසු ඒ රටට යාමට ඇයට බැඳීමක් එකේ නැහැ.

මා කලින් සටහනක ලියු පරිදි දැන් මාස කිහිපයකට කලින් ටයිම් සඟරාවේ තිබුණා, චීනයෙන් ඉවත්ව යන මධ්‍යම පාන්තිකයන්ගේ ගණන් හිලවු. ඔවුනගේ රට හැර යාමට ප්‍රධාන හේතුව තමා, පරිසර දූෂනය. දේශපාලන නිදහස එන්නේ එයින් පසුව. ඇත්තටම දේශපාලන නිදහස කියන එකත් අඳුරේ ඉන්න කළු බළලෙක්. දැන් රස්සාවක් කරගෙන ඉන්නා සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍යය කියන ඔය දේශපාලන නිදහස යනු කුමක්ද? එය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්.

දැන් අර ගෑල්ලමයා ගේ අංක එකේ හේතුවත්, පරිසර දූෂනයයි. චීනයේ විශාල පරිසර දූෂනයක් තවමත් සිදුවෙමින් පැවතීමට එකම හේතුව, ඔවුන් ලෝකේ හැමෝටම අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීම විතරක් නොවේ. එම ක්‍රියාවලියේදී, ජනතාවට කිසිම බලයක් නැහැ.

අර ළමයා කියුවේ, එයාලගේ ගමේ විශාල දුෂණයක් සිදු වුනත්, එයට කණ්ඩායමක් ලෙස එරෙහි වෙන්න, බ්ලොග් ලියන්න බැහැ කියල. ඇත්තටම බ්ලොග් ලියන්න පුළුවන්. හැබැයි එක විදිහකට පමණයි. එය මා වෙනම ලියනවා (මෙහෙම වෙනම ලියනවා යයි මා කියපු කරුණු දැන් ගොඩක් තියනවා. ඒවා ඉදිරියේදී ලියනවා 😀 ).

ආර්ථිකයේ සිදු වන දුෂණ වලටත් මා කලින් කියපු ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වීම අදාලයි. මේ ස‍ටහන දැන් දිග වෙන නිසා ඉතිරිය පසුව ලියමු.

දැන් සති කිහිපයකට කලින්, ටයිම් සඟරාවේ කවරයේ කතාව වෙන් කර තිබුනේ, දශක ගණනාවකට පසුව චීනයේ පහල වුන ප්‍රභලම ජනාධිපති යයි ඔවුන් හඳුන්වන, ශී ජින්පින් ගැනයි. ඔහුගේ බිරිඳත්, කලින් චීන ජනාධිපති වරුන්ගේ බිරිඳන් වගේ නොවේ, සමාජ ශීලි, ලෝකය පුරා ඔහුත් සමග යන කාන්තාවක් කියා වර්ණනා කර තිබුණා.

ඔවුනගේ දුව ගැන මෙහෙම සඳහනක් තිබුණා (සිංහලට නගන්නේ නැහැ). “The couple sent their daughter to Harvard University-perhaps the true Chinese dream”!

Advertisements

12 Comments

Filed under Opinion

12 responses to “යාලුවනේ අද මා කියන්න යන්නේ රට පනින ක්‍රමයක්? The true ……… dream!

  1. නුවර කුමාරි

    රට පනිනවට වඩා බ්ලොග් එකට හිම වස්සගන්න හැටි බොහොම වැදගත්… හෙක්…
    රටක් හැරයන්න කෙනෙකුට/ජාතියකට ප්‍රභල හේතුවක් ඕනේ. මට එහෙම හිතෙන්නේ තමුන් ඉන්න ඉඩම/ගේ කෑල්ල නායයන අවධානමක් තියෙනවා කියල කොතරම් කෑගැහුවත් ඒවා දාල නොයන පිරිසක් ඉන්න රටක මමත් ඉන්න හින්ද. නමුත්, සරල කාරනා හැම වෙලේම අදාළ වෙන්නේ නැහැ. අපේ රටේ නම් ඔය කියන අනුපිලිවෙල වෙනස් වගේ…

    • ඇයි උපේක්ෂා දන්නවද හිම වස්සගන්න හැටි? හෙක්!
      අර කට්ටියට යන්න තැනකුත් නැහැ නේද? කොහොමත් ඔය ඇමෙරිකාවේ පවා නිව් ඔර්ලින්ස් වගේ පළාත්වල ස්වභාවික ආපදා වලට ලක් වෙන ඉඩම් වල ඉන්නේ, දුප්පත් ජනතාව තමා. ඔවුනට වෙන තැන වලට යන්න වත්කමක් නැතුව ඇති. මතකනේ රීට (සුළිසුළඟ) ඇවිත් සිදුවුණ විනාශය හා එයින් පසු අප දැකපු දර්ශන. ඔන්න ඔය කට්ටියම තමා රජතුමාට කතිරේ ගහන්නේ. නැත්නම් ගෙදරට වී කසිය ගහන්නේ!

      • \\\ඔන්න ඔය කට්ටියම තමා රජතුමාට කතිරේ ගහන්නේ. නැත්නම් ගෙදරට වී කසිය ගහන්නේ!\\\
        ඔන්න ඔය කට්ටිය නේද අපේ රටේ වැඩියෙන්ම ඉන්නේ…ඉතින් ඒ කට්ටිය අඩුකරන්න මොන රජාද කැමතිවෙන්නේ…

        • මේක නිවා දාන්න හැදුවේ. අදට මගේ දවස ඉවරයි චෙෆ්.

          ඒත් පිළිතුරක් ලියන්න ඕනේ. ඔන්න ඔය කට්ටිය “බහුතරය” වන රටක සුළුතරයට කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඔබ ඔය කියන කට්ටිය අතර අපේ මධ්‍යම පාන්තිකයන්ද ඉන්නවා.

          දැන් බණ්ඩාරනායකට (SWRD) පලු යන්න බනින සමහර පිරිස් (එනම් ඔහු බහුතර පිරිසකගේ අවශ්‍යතා අනුව කටයුතු කරපු එක), තමන්ගේ චන්දෙ දානවා කියන්නේ, දිනන්නේ කොයි පිලද බලල. ඔබට පෙනෙනවද චෙෆ් මෙතන තියන පරස්පරය. ඔවුනටම තේරෙන්නේ නැහැ, එදා ජිවත්ව සිටියා නම්, ඔවුනගේ චන්දයත් බණ්ඩාරනායකට වග. මේ දෙපිටකාට්ටු අදහස් මා නිතර දකින දේවල්. නමුත් විවේචනය කරන්න මට වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නැහැ.

          “අර කට්ටිය” අඩු කරන්න මොන “රජාවත්” කැමති වෙන්නේ නැහැ. ජේආර් පප්පා කලෙත් ඒ ටිකමයි, අද රජාත් කරන්නේ එයමයි. අර බණ්ඩාරනායකට බණින මල්ලිලා වගේ, තමන්ට ගැලපෙන පිරිස් විතරක් තෝරා ගෙන දෙන්නම් බැටේ විචාරය කරන්න මට අවශ්‍යතාවයක් නැහැ චෙෆ්. නමුත් මේවා ජනප්‍රිය අදහස් නොවේ. ඔක්තෝබර විප්ලවයට නායකත්වය දුන් ලෙනින්-ට්‍රොස්කිලා දුගී දුප්පත්, ඉගෙනුමක් නොමැති (නිර්ධන පන්තියට අයත්) කොට්ටාශයක් නොවේ. එය අපට ගොඩක් දේවල් කියනවා.

          සමාජයේ ආඥ්යාදායකත්වය පවත්වාගෙන යන්න පුළුවන් පහසුම ක්‍රමය දුගී (ඉගෙනුමෙන් හා මුදලින්) පිරිස් නොකඩවා වර්ධනය කර ගැනීමයි. දැන් ඔය ගෝටලා කොළඹ “ලස්සන” කරනවා කියමින් ඇත්තටම කරන්නේ එයයි. ඔය මාවත් වල දුවන මධ්‍යම පාන්තිකයනුත් දුගී තමා. ඔවුනට මුදල් නම් ඇති, නමුත් දැණුමෙන් දුප්පතුන්.

          ඔබේ කුඩා ප්‍රතිචාරයට දීර්ග පිළිතුරක් දීම, නිසා නැවත යමක් ලියන්න පසුබට වෙන්න නම් එපා චෙෆ්. මා ඇත්තටම කෙරුවේ මගේ සටහනට ඌන පුරණයක්!

          • සමාවෙන්න ඕනි නිවිච්ච එක පත්තුකරාට…ඒ මදිවට මමත් නිවලා ගිහින් අද තමයි ආයේත් මේ පැත්තේ ආවේ..
            ඔබ කියන දෙය හරියටම හරි තියරීට්කලිනම්..(සමාවෙන්න ඕනි මගේ හිංගල වලට )…නමුත් පොලොවට බැහැලා බලපුවාම අපි ඔක්කොම නූගත් නේද කියල්යි මට හිතෙන්නේ, ඒකට හේතුව වෙන්න පුලුවන් මම නූගත් නිසා..
            අපිගත්තොත් ගෝටගේ ජොගින් ට්‍රැක්ස්…ඒවා පාවිච්චිකරන මිනිසුන් ගෝටාට බැන බැන හරි ඕකේ යනවා නේද? තියරියක් හැටියට ඔය වගේ දේවල් අර උපේක්ෂා කියනවා වගේ ඉන්ග්‍රීසි කථා කරන අයට විතරද හොඳ..?
            මම මගේ ජීවිතයේ තරුණය කියන අවදිය පසු කලේ ලංකාවේ නොවෙන නිසාත් ආපහු මෙහේ ආවේ 2009ට පසුව නිසාත්, ගොටාගේ ලස්සනකරනය අරුමයක් හැටියටවත් ආභරනයක් හැටියටවත් පේන්නේ නැහැ..
            අනිත් එක ඕනම සමාජයක බහුතරය පොලිටිකලි ඇක්ටිව් නෑ නේද? ඔබ නූගත් යැයි අදහස් කලේ එය නේද? මම නම් අදහස් කලේ එය…
            දේශපාලකයෝ ක්‍රමයක් හොයාගන්නවා නම් ඔය පොලිටිකලි ඇක්ටිව් නැති කට්ටියව වවන ගමන් අනිත් අයටත් යහපතක් වෙන පාලන ක්‍රමයක් ගේන්න ගොඩාක් කචල් ගොඩ යයි නේද..?

            • මාත් ගොඩක් වෙලාවට ලියන දෙයක් චෙෆ් අප සේරම හරක් තමා කියා. එය උත්ප්‍රාසයට විතරක් ලියන දෙයක් නොවේ, ටිකක් ඇත්තක්. ලෝක කොයි සමාජයේත් සංවේදී කට්ටිය ඉන්නේ ටිකයි. දේශපාලන වශයෙන් ක්‍රියාශීලි කට්ටිය එයිටත් අඩුයි.

              මධ්‍යම පන්තිය සඳහා යහපත් යයි සැලකෙන ජිවන විලාසිතා ප්‍රවර්ධනය නරක දෙයක් නොවේ. මේවා අර කවුද කියන්න වගේ කෙනෙක් නියෝග දෙන කම් අපේ ඉන්න එක අපේ සමාජයේ තියන එක පසුගාමී කමක්. ඒ සේරම හොඳය කියමුකෝ.

              දැන් මේ පවුලේ පාලනයේ ප්‍රධාන හරය දූෂණය, නාස්තිය, යටිමඩි ගැහීම, නීතියේ ආදිපත්වය බිඳ දැමීම නොවේද? මට පෙනෙන්නේ එහෙමයි. එතකොට දිනකට ඩොලරයක ආදායමක් ලබන පිරිසේ අනාගතය තව අඳුරට දමන ගමන්, ටික දෙනෙකු උදෙසා දුවන මං තීරු තැනීම, මට නම් තකතීරු කමක්.

              මා ජිවත් වන රටේ පවා, ඔබ කියන දේශපාලන වශයෙන් ක්‍රියාශීලි මහා ජනකායක් නැහැ. නමුත් බොහෝ දෙනෙක් (ආණ්ඩුවට දනවන තරමේ පිරිසක්) සංවේදියි. එය නොතකා හරින්න රජයකට නොහැකියි.

      • නුවර කුමාරි

        හා.. හා.. එහෙම කියන්න එපා. එයාල (නිව් ඔර්ලින්ස් වල අය ) දුප්පත් උනත් කතාව ඉංගිරිස් වලින් නේ. ( ඇමරිකාවේ හිඟන්නොත් ඉංගිරිස් දන්නවලු.. පුහ් !) එහෙ පාරේ අතුගාන රස්සාව කලත් කොතරම් නම්බුද?

        ඔය බටහිර ගැති උන්ට… ( චෙප් .. චෙප් .. කට වහගන් මෙතැන කන්නේ නැතුව වැඩේ)

        නෑ මම කියන්ට ගියේ උන්ට අම්මප අපේ රටමනේ පේන්නේ. අපි වගේ රටක දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන පාඩුවේ ඉන්නවට උන් කැමතිම නැහැ නේ බොලව්. ( පසුබිමෙන් : අර සුනාමි වලට සල්ලි එහෙමත් එව්වා එහෙන්…)

        ඈ… මොකද්ද? ආ… එයාල එහෙම කළා කියල අපි උන්ට වැදගෙන ඉන්නවද? අපේ චයිනිස් කඩ පටන් ගන්නකොට එයාල පාන් දැකලවත් නැහැ… ( පසුබිමින්: අර මිරියබැද්ද වගේ…)

        හා.. හා… දැන් ඇති. කෑවනම් බිව්වානම් නිදාගනිල්ල අර ගෝනියේ…

        • ටෙලි ඩ්‍රාම වත් ලියන්න පටන් ගත්තොත් කලක් යාවි නේද?

          • මේ කෙල්ලට ටෙලි ඩ්‍රාමා නෙමේ මෙගාද මොනාද උනත් ලියන්න පුලුවන්..සමහර වෙලා වල් වලට බ්ලොග් මැරතන්නේ මෙයා දුවන්නේ….මොනා කරලවත් බේරෙන්න බැරිය….

            • නුවර කුමාරි

              රයිගම් :
              මෙහි ඔබ ඉදිරිපත්කල යෝජනාවේ මට පැහැදිලි මදි ගතියක් තියෙනවා… ඒ තමයි
              1. මගේ කොමෙන්ටුව චාටර් වගේ ?
              2. දැන් යන ටෙලි ඩ්‍රාමා ද? ඉස්සර ගියපු ඒවාද? නැත්තම් කවදත් යන චාටර් ඒවාද ඔබ අදහස් කලේ?
              3. දැන්වත් කලදසාවක් ගැන හිතල බැලුවොත් නරකද ඈ… වගේ?

              හි.. හි…. මම ලියන ඒවාට වඩා මම අනිත් අය මාව කියවන විදිය දකින්න කැමති කෙනෙක් මම. උඩින් අංක දාපුවා කලේ ඔරොප්පුවට නෙවෙයි… ඒ මගේ නුහුගුණේ

              චෙෆාකි:
              කට කට! මම ආසයි නම්බුව ගැන මිටපස්සේ හිතන්න. ( කොතරම් කල් අදාලවෙයිද දන්නේ නැහැ ඔන්න.. හෙහ්…)

              • 1. චඃ, චාටර් වුනත් මූණට කියනවද? 😀 (නැහැ ඒක නොවේ අදහස් කෙරුවේ).
                2. මා ගොඩක් ඉස්සර ගිය ටෙලි ඩ්‍රාම විතරයි බලල තියෙන්නේ. ඒවා හා සංසන්දනය කරපුවහම, ඔබේ හැකියාව ඉහලයි.
                3. ඇත්තටම මා ඔබේ කල දසාව දන්නේ නැතුව එහෙම දෙයක් කියන්න බැහැනේ. ඔය කියුවේ ගානක් කපා ගන්න හොඳ ක්‍රමයක් තමා, ටෙලියකට සෙට් වෙන එක. රජතුමාට කඩේ යන කතාවක් ලියුවා නම් හරි. පරණ ඉතිහාස කතා දන්නේ නැත්නම් ජැකා ගෙන් පොඩි ටියුෂන් පාරක් ගන්න! මොකද ඒවත් එබුවේ නැත්නම් ගතියක් නැහැ. 🙂

  2. Pingback: යාලුවනේ අද මා කියන්න යන්නේ රට පනින ක්‍රමයක්? The true ……… dream! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s