අද ඔබ පෙම් කරනා, ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ! ඉතිං අවුල්ද?


මා මිත්‍ර ඇනයා කියල තිබුනේ මගේ සටහන් ගොඩක් දෙනා කියවනවා ඇති, හැබැයි එයින් කි දෙනෙක් ලංකාවේ ඉන්න අයද කියන එක ප්‍රශ්නයක් කියා. මේ ගැන මගෙන් කලිනුත් කෙනෙක් ඇහුවා.

නිකම් අනුමාන කරන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ අවුරුදු දෙකක් පමණ තිස්සේ මේ සටහන් “බලපු” අයගේ ගණනයි, එයාල ආපු රටවල් ටිකයි. ගාණ සියයට අඩු රටවල් ටික මකල දැම්ම. ඔයින් කි දෙනෙක් ඇත්තට මේ සටහන් කියුවද කියා මා දන්නේ නැහැ. නමුත් රටවලින් ආපු හා කියවපු අනුපාතයන් වෙනස් වන්නේ නැහැ.

දැන් මුළු ගණනින් ලංකාවෙන් ආපු කට්ටිය 40% ක් පමණ, අනික් රටවල් සියල්ලෙන්ම තමා ඉතිරි ටික. පෙනෙනවානේ ගණනින් පොඩි සංඛ්‍යාවක් වුණත් කියවන හෝ බලන අයගේ විවිධත්වය.
 

 

Country Views
Sri Lanka 25,643
Australia 20,885
Malaysia 2,788
United States 2,579
Canada 2,090
United Kingdom 1,853
Italy 1,382
Maldives 1,294
Qatar 1,137
United Arab Emirates 601
Saudi Arabia 535
Oman 505
Bahrain 422
Republic of Korea 401
Japan 341
New Zealand 277
Kuwait 269
Germany 251
Sweden 240
India 183
Singapore 179
Switzerland 142
Total 63,997

ගොඩක් වෙලාවට මා ලියන්නේ යුනිවර්සල් මිනිසෙකු වෙනුවෙන්. එනම් මා ලියන්නේ ෆුල් පැකේජ් එකට. අප ජිවත් වන හැටි, අපගේ ආකල්ප මත තීරණය වෙනවා. එයට ඔබ කොයි රටේ ජිවත් වනවාද කියන එක ලොකු ප්‍රශ්නයක් නොවේ.

බිරිඳ-සැමියා, දරුවන් සහ අම්මා-තාත්තා, සේවකයා-සේව්‍යයා, රජය හා පුරවැසියා යනාදී සම්බන්දතා තීරණය වන්නේ, මේ ඒකීය පුද්ගලයාගේ ආකල්ප අනුව. මා ලියන්නේ අන්න ඒ දේ සිතේ තියාගෙන. අප කවුරුත් ටික ටික හරි නිතරම වෙනස් වෙනවා.

වෙනස් වෙනවා කියුවහම නේචර් සඟරාවේ අලුත්ම ලිපියක මිනිසාගේ කැටයම් අතීතය ගැන අලුත්ම අදහසක් පළවී තිබුණා. එහි විස්තරය හරියටම මා පසුව ලියන්නම් (ආයිත් සමාවන්න, ලිවිය යුතුයි කියා මට සිතෙන දේවල් ගොඩක් තිබුනත්, ලැබෙන වෙලාව අනුව ලියවෙන්නේ වෙනත් දේවල්).

කතන්දරේ පොඩියට මෙහෙමයි. ඉන්දුනීසියාවේ ජාවා වලින් හොයා ගත්තු බෙලි කටුවක පොඩි කැටයමක් තියනවා. අර සිග්-සැග් කැටයමක්. මේ කැටයම ඉබේ හැදුන එකක් නොවේ, මිනිස් නිර්මාණයක් කියලයි පුරාවිද්‍යාඥයන් හිතන්නේ. ඉතින් මහා ලොකු දෙයක් නොවේනේ.

නැහැ, වැඩේ මේකයි මේ බෙලි කටුව අවුරුදු මිලියන භාගයක් පමණ ඈත අතීතයට අයිතියි. එයත් නොවේ වැඩේ, එතකොට අප තියා, නියන්ඩතාල්ලවත් නැහැ. ඒ කාලයේ හිටියේ හෝමෝ ඉරෙක්ටස් කියන අපගේ මුල්ම මුතුන් මිත්තා.

එතකොට දැන් මේ කතාව ඇත්ත නම්, අපගේ සංස්කෘතිය හා කලාව කියන දේ අප හිතුවාට වඩා ගොඩක් කලක් තිස්සේ වර්ධනය වන්නක්. ඒ විතරක් නොවේ හෝමෝ සාපියන්ස් කියන්නෙත්, අපේ මානව අතු වලින් ඉතිරි වුණ එක සුපිරිසිදු අත්තක් නොවේ. අපත්, නියන්ඩතාල්ලා හා අනෙක් මානව විශේෂ අතර අන්තර් සම්බන්දතා (කියන්නේ ලිංගික සම්බන්දතා) තිබිල තියනවා. ඒ කියන්නේ අප කලවම්. මේවා විස්තර ඇතිව ලියන්න අවශ්‍යයි. නමුත් අද නොවේ.

අද මා දවාලට කන විට, දුවන්න ගිය සුද්දෙක් ඇවිත්, අයිස්ක්‍රීම් බෙදාගෙන කන ගමන් මාත් එක්ක කතා කළා. අපගේ කතාව වුනේ, මිනිස් චර්යාවන්, පරිවුර්තිය ක්‍රියා හා අපේ ජාන.

ඔහු කියුව එක දෙයක් හරිම ඇත්ත. එනම් අපට පමණට වඩා දැනුම, එනම් “ඉන්ෆොර්මේෂන්” කියන ඒවා තියනවා. අප ගොඩක් දෙනා මේවා දන්නවා. නමුත්, අපේ සැබෑ ජිවිතයට ඒවා එක්කර ගන්නේ නැහැ.

උදාහරණයකට මෙහෙම ගන්න, දැන් දුම් බිමෙන් පිළිකා හැදීම, නැත්නම් ව්‍යායාම නොකර ඉන්න එක බොහෝ රෝග වලට මුලයි කියන එක තව දුරටත් සංකල්පනා නොවේ. මේවා සැකයක් නැතුව අප අද දන්නවා. නමුත් ජනගහනයෙන් කී දෙනෙක්, තමන්ගේ ජිවන විලාසිතා තෝරා ගන්න කොට මේවා සිතනවාද? ඔහුගේ ප්‍රශ්නය වුණේ අන්න එය.

මෙය ඇත්තටම මාත් නිතර කියන දෙයක්. එනම් අපේ දැනීම් හා ක්‍රියාකාරකම් අතර තියන මහා පරතරය. එය තුනී කර ගන්න පුළුවන් නම්, මේ ලෝකය මෙයිට වෙනස් වෙනවා.

දැන් ලංකාවෙන් සදහටම සංක්‍රමණය වුන මා වැනි පිරිස් ලංකාවේ දේශපාලනය ගැන කොතරම් කරදර වුනත්, එය අර සොලමන් දුපත් ගැන කරදර වෙනවට වඩා වැඩි වෙනසක් නැහැ. මොකද දශමයකින් හෝ ඒ ක්‍රියාවලියට දායකත්වයක් නොදෙන නිසා. තමන් ඉන්න රටේ වුනත් එවැනි දෙයකදී මට (ඒ කියන්නේ තනි මිනිහෙකුට) මහා බලපෑමක් කරන්න නොහැකියි. හැබැයි එම බලපෑම බින්දුවට වඩා ඉහලයිනේ.

ලංකාවේ ඉන්න පිරිස් සමහර දෙනා, තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්න කල්පනා කරන අතරේ, ලංකාවෙන් පිටවුණ අය ලංකාවේ මෙන් ජිවත් වන්නට උත්සහ ගන්නවා. මේ ගැන ඔබ නිකමට හිතුවද?

දැන් බලන්න මා කලින් ලියා තියන පරිදි, මේ රට රටවල් වලට ඇවිත්, පරලොව ජීවිතය (හෝ මෙලොව ජීවිතය) යහපත් කර ගන්න කියා පන්සල් හදාගෙන, අන්තිමට කුලල් කා ගන්න හැටි. මට නම් මේක මාර විහිළුවක්. මොකද එයාලම බලාපොරොත්තු වෙන ඒ යහපත් ජීවිතය එතැනින්ම ඉවරයි නේද? එක කලෙක මා මේවා දෑසින් දුටුවා. පුදුම විකාර වැඩ. අද නම් මා මේවා දකින්නේ නැහැ. මොකද ඒවායින් ඈත් වී ඉන්න නිසා.

ලංකාවේ දරුවෙකුගේ පාසල් ජීවිතය කියන්නේ හරි කරුමයක්. එහෙම වන්නේ මවුපියන්ගේ වැරැද්ද හා ක්‍රමයේ වැරැද්ද යන දෙකේම සංකලනයක් නිසා. නමුත් ලංකාවේ වුණත් සමහර දෙමාපියන් සෙවනේ වැඩෙන දරුවන් වඩාත් වාසනාවන්තයි. දැන්, මේ අපේ අයියල-අක්කලා මේ රටවල් වලට ඇවිල්ලත්, දරුවන්ගේ ජිවිත අර අච්චුවටම දානවා. ඒ කියන්නේ මෙලෝ හසරක් නැතිව ටියුෂන් යැවීම, සංසන්දනය යනාදී දේවල්.

මේවා තමන්ගේ තේරීම් නේ. සොලමන් දුපත් වල කාටුනය වගේ, ගොඩක් වෙලාවට අපට තේරීම් තියනවා. තේරීමක් නැති වෙලාවට ඒ ගැන ලත වෙන අතරේ, තෝරාගැනීමක් තියන වෙලාවට විකල්පය තෝරා ගන්නේ නැහැ. ප්‍රධානම දේ අප යමක් බලෙන් පටවනවා කියුවට, ඇත්තම කතාව ගොඩක් දේ අපගේ තෝරා ගැනීම්.

මේ කලින් සටහනක මාතලන් ලියපු ප්‍රතිචාරය අදටත් ගැලපෙනවා. මගේ අදහසේ හැටියට මගේ ප්‍රති-ප්‍රතිචාරයත් සර්වකාලීනයි.

“එහෙම කිව්වට මේ බ්ලොග් ලියන අයතරෙත් සම හරක් ඉන්නවා එයාලා කියන් දේ පරම් සත්‍ය ලෙස පිලිගත් යුතුයි කියා කියන… නම් ගම් ලිව්වම හිත් නරක් කර ගන්නවා.. කොමෙන්ට්ස් බ්ලොක් කරනවා.. නමුත් කතා කරන්නේ නිදහස, ප්‍රජාත්‍රන්තවාදය, සමාජවදය, සමාජ සාධාරනය.. අම්මගේ වස්ත්‍රය කියලා තමයි කියන්න තියෙන්නේ..”

මෙය මාතලන් සනාතනික ප්‍රශ්නයක්. මෙයම තමා දේශපාලනයේදී වෙන්නෙත්. ප්‍රජාතන්ත්‍රවාදය වැඩිපුර කතා කරලා, එය ක්‍රියාත්මක කිරීමේ නැත්නම් ප්‍රතිපත්ති සම්පාදනයට සක්‍රිය ලෙස දායක වෙන්න ලැබුනහම, කලින් කතා කළ දේවල් අමතකයි. අප කවුරුත් බලය නැති විට වැඩ කරන්නේ එක විදිහකට, බලය ලැබුනහම තවත් විදිහකට. දේශපාලනය විතරක් නොවේ පවුල් සංස්ථාව වැනි තැනකදී වුවත් වෙනසක් නැහැ.

මුදල් නැතිව හිඟා කන විට, සමාජවාදය හා ඇති නැති පරතරය, නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා, ඒවා වෙනුවෙන් කැප වෙනවා යයි කියනවා. ඒ කෙනෙක් කඩයක් දාගත්තොත් ගෙවන බදු, සේවකයන්ට ගෙවන පඩි හා අර්ථසාදක මුදල් පමණට වඩා වැඩි යයි කියනවා. සරසවියේදී අනුන් වැඩ කරන (මහජන බදු මුදල්) නිසා ඉගෙන ගන්න අතරේ, සමාජවාදයක් ගැන කතා කරලා, දේශපාලනයෙන් ඉහලට ඇවිත්, කරන්නේ කොහොමද අධ්‍යාපනය කප්පාදු කරන්නේ කියා. එවැනිම කෙනෙක් රජයේ රැකියාවක් ලබාගෙන ඉහලට ආපුවහම, තමන් ඉගෙන ගත්ත පද්ධතිය විනාශ කිරීමට අර දේශපාලකයන් සමග එකතු වෙනවා. පිට රට ඇවිත් අමාරුවෙන් ගානක් අතට අරගත්තම, කියන්නේ කලින් තමන්ටම උදවු වුන සමාජ ආරක්ෂක පද්ධති, රජයේ පාසල්, සෞඛ්‍ය සේවා එපා කියල.

බ්ලොග් ලියන කට්ටියත් තමන්ගේ අදහස පමණයි ලෝකේ තියෙන්න ඕනේ කියල හිතනවා. සමහරුන් අනුන්ට කුණුහරුපෙන් බනින්නේ නමකින් ඇවිත් නොවේ. එහෙම බනින ගමන් සමාජයේ තියන දුෂ්ටත්වය හා සුදු වෑන් ගැන කතා කරනවා.

මා හැම විටම ලියන්නේ මා බලන හා දකින හැටි පමණයි. මෙයට වඩා වෙනස්ව හිතන්න, කල්පනා කරන්න ඔබට අවස්තාව තියනවා. අනිකුත් තැන් වල දකින්න නොලැබෙන මා හිතන අයුරු ලිවීමට ගන්න උත්සහයක් මෙය. මාව වෙනස් කරන්න උත්සහ ගන්න එපා කියන එකත් මා නිතරම කියන දෙයක් මාතලන්. මොකද මාව වෙනස් කර ගන්න පුළුවන් මට විතරයි. අනික් අයටත් එසේමයි. මේක තමයි ගාන්ධි කියුවේ be the change you want to see in the world කියලා. එයම තමා අමාරුම දේ”.

Advertisements

7 Comments

Filed under Opinion

7 responses to “අද ඔබ පෙම් කරනා, ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ! ඉතිං අවුල්ද?

  1. Anonymous

    //“ඉන්ෆොර්මේෂන්” කියන ඒවා තියනවා. අප ගොඩක් දෙනා මේවා දන්නවා. නමුත්, අපේ සැබෑ ජිවිතයට ඒවා එක්කර ගන්නේ නැහැ.//
    යොදා ගන්නා අයගෙන් සමහරකුත් ඒවා ඇනලයිස් නොකර කොහෙ හරි තිබූ නිසා හෝ කවුරුහරි කිවූ නිසා යොදා ගැනීම හෝ මතයක් දැරීම කරනවා.
    එයින් සමහරෙකුට ඒකෙන් වාසියකුත් තියනව.
    මම හුඟක් වෙලාවට මගේ මතයන් නැවත ඇනලයිස් කරනවා, එතකොට ඒවා වෙනස් වෙනවා. එනිසා සමහර විට මගේ මතයන්හි මං ශක්තිමත්ලෙස එල්බගෙන නෑ. එයින් අවාසිත් තියනවා.
    වැඩිපුර සිතීමට නොහැකියාව මෙන්ම සීමිත දැනුමත් සමහරුන්ට වාසියක්.

    • සමාවෙන්න. ඉහත කමෙන්ට් එක ඇනෝ ගියා. මෙතන කමෙන්ට්කරන විදිහ ටිකක් සංකීර්ණයි. කෑලි වැඩියි. මගේ දැනුම සීමිතයි 😀 ;-D

      • මේකේ කොමෙන්ටු දැමීම සංකීර්ණයි කියා බොහෝ දෙනා කියනවා. මා නම් නිදහස් කරලයි තියෙන්නේ, නමින් හෝ නමක් නොමැතුව ලියන්න.

        දැන් ඔබේ කලින් උත්තරයට ආවොත්, සමහර දේවල් එහෙම මහා විශ්ලේෂණ නැතුව වුණත් තේරෙනවානේ ප්‍රා. දැන් අලස ජිවිතයක් ගත කිරීම රෝග වලට මුල් වෙනවා කියන දේ මහා විශ්ලේෂණ අවශ්‍ය නැහැනේ. මේ වගේ දේවල් තියනවා. මා ගොඩක් වෙලාවට ලියන දේවල් වලින් සමරහ අන්න ඒ වගේ සරල ජිවන විලාසිතා තේරීම්. ඒවාට මහා දැනුමක් අවශ්‍ය නැහැ. නිකම් කොමන් සෙන්ස් ම ඇති.

        මා හිතන්නේ, ඔබ අදහස් කරන්නේ එයිට වඩා සංකීර්ණ දේවල්.

        සිතීමට නොහැකියාව, සීමිත දැනුම, යාවත්කාලින නොවන දැනුම හා දරඳඩු බව යනාදිය සමහරුනට වාසියක් තමා.

        මා මට උගන්වන්න එන්න එපා කියුවත්, ඇත්තටම මෙවැනි ප්‍රතිචාර සැලකිල්ලට ගන්නවා. ලිවීම් හා මා ක්‍රියා කරන හැටිත් ඒ නිසා වෙනස් කර තිබෙනවා. ඒ වගේම වෙනත් කරුණු නිසාත් මා ජිවන විලාසිතා තේරීම් නිරන්තරයෙන් වෙනස් හා මොඩිෆයි කරනවා.

        මා හිතන්නේ ප්‍රා, අපේ ජාතියට අයත් නරකම ලක්ෂණයක් තමා යමක් විවේචනය කලත්, විසඳුමක් සොයන්නට නොහැකියාව හා එසේ විසඳුමක් සොයන්නට අවශ්‍යකමක් නොතිබීම. මහා දේශපාලන කරුණු පැත්තකට දැමුවත්, කුඩා කරුණු වලට වත් විවේචනයෙන් එහාට ගොස් විසඳුම් සොයන්නේ නැහැ. එය හරියට ජාතික ක්‍රීඩාවක් වගේ. හැමතැනම විවේචන. නමුත් අහන්න මොකක්ද ඔබේ විසඳුම කියල. ඔබට උත්තර හම්බ වෙන්නේ නැහැ. නැත්නම් ඔබට නොතේරෙන වැල් වටාරම් ගොඩක් කියාවි.

        මට නම් පෞද්ගලික ජිවිතයේ පවා, විවේචනයෙන් එහාට ගොස් විසඳුම් අවශ්‍යයි. ඒ වගේම දැනට ඉන්න තත්වයට වඩා පෙරට යන්නත් ඕනේ. මා සරල ජිවිතයක් හොයන්නේ නැහැ. නමුත් අනික් අය කරන්නේ මොනවාද බලා, දේවල් පසුපස යන්නේ නැහැ. ආගම් ආදියත් මා අද සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ අන්න ඒ නිසා. මා කේන්දර වලට බැනල, අන්තර්ජාලයෙන් කේන්දර බලා ගන්න වෙන රටවල් වලට සල්ලි යවන්නේ නැහැ. මා ප්‍රතික්ෂේප කරන ඒවා, ප්‍රතික්ෂේප කර හොරෙන් කරන්නේ නැහැ.

        දැන් මේ සමාජ ජාල පවා හෙළි කරන්නේ මෙන්න මේ විවේචන ජාතික ක්‍රීඩා මානසිකත්වයයි. අපේ රටවල් සියල්ලටම වෙලා තියන නස්පැත්තියක් තමා මෙය. මෙසේ විවේචනය කරන සමහරුන්ට අනුව මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න නොහැකියි. නැත්නම් එයාල රාජ්‍ය නායකයා වුන දවසට තමා විසඳුම්. මේ වගේ නිසරු විවේචන වලට හුරේ දාන්නට රැස් වෙන සෙනග සමග නිකම් ආතල් ගැනීමෙන්, මෙයාල මහා ප්‍රීතියක් නැත්නම් මෝඩ චූන් එකක් ලබනවා කියා පෙනෙනවා. ඔබල වගේ එයිට එහාට සිතන පිරිස් මේ මහා ජනකාය අතර නොපෙනී යනවා.

        දිග වැඩිද? 🙂

  2. සිග් සැග් කැටයම(චිත්‍රය)

    සාර්ව භාෂාව!

    • සාර්ව භාෂා නම් මා දන්නේ නැහැ, කෝකටත් ගන්න පුළුවන් “තරල සාරයක් “නම් ගැන දන්නවා!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s