සංක්‍රමණික සිතිවිලි! Thoughts in transit!


මේ දිනවල එක දිගට ලියන දේවල් වලින් ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියා සිතන්න යන්න එපා. අපේ මහේෂ් මල්ලිට වගේ එපා වෙනවා නම්, කියවන්නත් එපා (හැබැයි මහේෂ් මල්ලි, ප්‍රශ්න වලට සිත නරක් කර ගන්න එපා, සොලමන් දූපත් ගියත්, වෙන දූපතකට ගියත් “කතන්දරේ” මහා වෙනසක් නැහැ).

මගේ කලින් සටහනේ සංක්‍රමණයට අදාළ දත්ත ටිකක් දැමුවේ, ලෝකේ ඇත්තටම මොනවාද වෙන්නේ කියන එක ගැන පොඩි චිත්‍රයක් දෙන්න. බැලූ බැල්මට පේන දෙයයි, ඇත්තටම වෙන දෙයි අතර සමහරවිට විශාල වෙනසක් තියනවා.

ඉස්සර පිටරට යනවා කියන්නේ මහා දෙයක්. අපේ නම් ගෑවුණු කෙනෙකුවත් උඩරටින් එහාට ගිහින් තිබුණේ නැහැ. උඩරට කියන්නේ අපට අපේ ගම වාගේම තමා. මොකද අම්මලාගේ ගම එහෙ. ඉතින් උඩරට හැම දෙසැම්බර නිවාඩුවකට පාහේ ගියත්, එය “පිට-රට” ගමනක් වුණේ නැහැ.

ඉස්සර පිටරට ගිය මිනිසුන් හිටියත්, ඔවුන්ගේ තොරතුරු අපට හරි ආගන්තුකයි. මිතුරන්ගේ සමීපතයන් පිටරට ගිහින් කියන තොරතුරු වලින් අප මවා ගත්තු ලෝකය, පොත් පත් වලින් මවා ගත්තු ලෝකය හා ඇත්තටම මේ පිටරට ගිය පිරිස් ලංකාවේ ඉන්න එයාලගෙම නෑදෑයන්ට “මවපු” එයාලගෙම ලෝකය හරිම වෙනස් එකක්. ඔබට කොහොමද මා දන්නේ නැහැ. මට නම් එහෙමයි.

මේ තත්වය ගොඩක් වෙනස් වුණා අන්තර් ජාලයේ සමාජ ජාල නිසා. සමහර දෙනා තමන්ගේ ජීවිතය, රට රටවල විස්තර (තමන් තේරුම් ගන්න හැටියට තමා) ටිකක් අවංකව කතා කරන්න ගත්තා. ඒ හැරත් අන්තර් ජාලය නිසා, කොහොමත් අප දැණුම ලබා ගන්න විදිහ වෙනස් වුණා.

අද කවුරුත් දන්නවා, ලෝකයේ කොයි රටක ජිවත් වුණත් අපට තියන ප්‍රශ්න වලින් ගැලවෙන්නට නොහැකියි කියා. මේවායින් සමහරක් උපදවා ගන්නේ අපමයි. අනෙක්වා සමාජය විසින් අපට උපදවා දෙන දේවල්.

ඇත්තම කියනවා නම්, මගේ ජිවිතයේ විශාලම පරිවර්තනය සිදුවුණේ පුරාණ සෝවියට් දේශය තුල ගත කරපු කාලයේ. මා අදත් භාවිතා කරණ ජිවත් වීමට අවශ්‍ය (ජිවන හා රැකියා) කුසලතා වලින් බොහොමයක් ලබා ගත්තේ එහිදී (සමාවනු මැනව මවුබිම!).

වෙනස් සමාජයක කලක් ජිවත් වීමේදී සමහර විට අපට තේරුම් යනවා, ජිවිතයේ කලින් අත්පත් කර ගත්, අප සාධනීයයි කියා හිතපු සමහර සිතිවිලි හා ආකල්ප වැරදියි කියා. මේවා පුද්ගලානුබද්ධයි.

මතු සම්බන්දයි (මේ වගේ කොට කෑලි දැන් ගොඩයි).

Advertisements

10 Comments

Filed under Lifestyle, Opinion

10 responses to “සංක්‍රමණික සිතිවිලි! Thoughts in transit!

  1. දැනුම ලබාගන්න ඉස්සර කොච්චර කට්ටියගේ ගනන් බලන්න ඕනද? පුහ්!
    ලිපියක් දාගන්න පත්තරපස්සේ යන්නැතිව.තමන්ගේම ඊ පත්තරයක් එලාගැනීමේ සිට….

    🙂

    • pra jay

      මෙතන නම් කොට කෑලි සම්පූර්ණවෙනකම් ඉන්න ඕනෑ දැනුම හරියට ලැබෙන්න

          • ප්‍රා, කොට කෑලි සම්පුර්ණ වුනත් ලැබෙන දැනුමක් මෙහි තියනවද? හෙක්!

            මේ වගේ වල් පල් ලියාගෙන ගියත් බාර ගන්න තැනක් නැති හින්දා, අන්තර්ජාලය අපට හොඳයි මල්මි!

            • හෙහ්
              වල් පල් ලියාගෙන මෙන්න මෙහෙම වෙනවා.
              ‍්”ෂහ් මේක හරි නැහැ.කමක් නැහැ තියලා යන්නකෝ බලන්න.කෝල් එකක් දෙන්න සතියකින් විතර.”
              “ආ…කවුද ඔය කථා කරන්නේ මට මතක නැහැ.ආ එහෙමද එයාද.අනේ බලන්න බැරිවුනා/වැඩක් නැහැ ආපහු අරන් යන්න”

              ටික දවසකින් වල් පල් ටික පොලිෂ් කරලා වෙනත් නමකින් අපුරුවට පත්තරේ පල වේවි.

              මේක කොයි ක්ෂේත්‍රයටත් පොදුයි.

              🙂

              • බැරිද මටත් එවන්න ඔය වගේ වල්පල් ටිකක්? මේ බ්ලොග් වල ඔහොම කරන්නේ නැහැ. හෙක්!

  2. Pingback: සංක්‍රමණික සිතිවිලි! Thoughts in transit! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ඇත්තටම මේකයි රයිගම් අය්යෙ එපා වීමක් වෙනව කියන්නෙ හැම කෙනාම එකම දේ කතා කරද්දි ඒව එක තරනක කියවල තව තැනක කියවද්දි හැදෙන ඇලජික් එකට
    අනික් කාරනය නං හුගක් දේසපාලන පෝස්ටු වලට මං කමෙන්ට් කරන්න ඇති අකමැත්ත.
    ඒක ඇත්තටම තේරුමක් නැති වැඩක් සහ දේසපාලනයට අකමැති කෙනෙක් විදියට ඒව කියවන්න ඇති අකමැත්ත.
    ඒත් වෙනස් විදියට ඒ කිව්වෙ කියවන්න ආස විදියට ලියවෙන ඒව නොකියවා ඉන්නෙත් නැ. අර බෝරිං ඒවට වඩා ඒව හොදයි යමක් කමත් තේරුං ගන්නත් ලේසියි…

    එතකොට ඔයා කියල තියෙන එක ගත්තොත් මං වගේ ළිං ගෙම්බෙක්ට ඒව තමත් ටිකක් මැජික් වගේ
    මං කීවෙ එහෙමමත් නැ ඒත් නැත්තෙත් නෑ….
    මං දන්න කියන උං ඔක්කම ඉන්නෙ පිර දේශ වල උං මෙහෙඇවිත් කියන දේවල් එක්ක බැලුවම ටිකක් මංඥං තමා ඒත් අපිත් එහෙමගිහිං ඇවිත් ඒව කීවොත් ඒ අත්දැකීම විදල නැති එකෙක් මංඥං වෙන එක නවත්තන්න බෑ නේහ්…
    ඒක එක එකාට වෙනස් නෙව

    • මල්ලි, අද නම් කිරිගහට ඇන්න වගේ ලියල තියනවා. සම්පුර්ණ ඇත්ත. එකම දේ හැම තැනම. හැබැයි නිකම් බන දෙසන පිරිසටම කරන්නේ මොකක්ද කියා අවබෝධයකුත් නැහැ.

      ජනතා අපේක්ෂාවන් මෙදා පාරත් හයි ජැක් වේවිද? අරාබි වසන්තය වගේ වේවිද? සෝවියට් කඩා වැටීම වගේ වේවිද? මොකවත්ම නොවී රජාගේ වශිබෝල පාලනය තවත් දික් වේවිද? මේ ප්‍රශ්න වල පිළිතුරු අනාගතයට අයිතියි .

      ක්‍රියාකාරී දේශපාලනය කියන්නේ මහත් නිර්භීත කමක් අවශ්‍ය තැනක්. එතැනදී ඉන්න අය අතුරින් අඩුම නරක පිරිස තමයි කොයි රටෙත් අපට තෝරා ගන්න වෙන්නේ. දැන් නොයෙක් හේතු නිසා අන්තර්ජාලයේ නමකින් වත් කොමෙන්ටුවක් දාන්න භය පිරිස්, දේශපාලනයේ දැන් නොයින්න, පිවිතුරු යහපත් නායකත්වයක් ගැන උදේ හවා කොමෙන්ටු දැමීම අපට පෙන්නුම් කරන්නේ කුමක්ද මහේෂ්? මේවා ගැන දිගින් දිගට ලිවීමෙන් ඵලයක් නැහැ. ඒ වෙනුවට අපට වඩාත් ප්‍රයෝජනවත් දේවල් ගැන කතා කරමු.

      අත්දැකීම් කියන දේවල් විඳගන්නා මත රඳා පවතිනවා. ඒ අනුව තමා ඒකීය පුද්ගලයන්ගේ හා සමාජ වල ප්‍රවේශයන් වෙනස් වන්නේ. නැතිව ප්‍රශ්න වල තියන මහා වෙනස්කම් හින්ද නොවේ. ඉතින් ඔබ පවා ඕස්ට්‍රේලියාවේ ආවත්, මට දැනෙන හැටියට හෝ දැනෙන විදිහට විස්තර කියන එකක් නැහැ. වෙන කෙනෙකු වුනත් එහෙමයි. එය මහේෂ් ම නිතරම ලියන දෙයක්.
      කොහොම වුනත් ඔබට සුබ අනාගතයක්! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s