සංක්‍රමණික සිතිවිලි! Thoughts in transit! (අද එතැන් සිට….)


කොහෙද මේ ඔලොක්කුව දානවානේ, මෙතැන කොට කෑලි එනකම් බලා ඉන්න ඉන්න ඕනය කියා. නැහැ දැනුමක් නම් මහලොකුවට ලැබෙන්නේ නැතත්, කොට කෑලි නැතුවත් කියවන්න පුළුවන් විදිහට තමා මා ලියන්නේ. ඇත්තටම සටහන් සියල්ල එකකට එකක් සම්බන්දයි. ඒත් වෙනමත් කියවන්න පුළුවන්. මේ අවුරුද්ද ඉවර වෙන්නට ප්‍රථම කොට කෑලි ටික වත් සම්පුර්ණ කරන්න බලමු නේද?

මල්මිගේ “වල්පල්” කවුදෝ පත්තරකාරයෙක් ගසා කාල වගෙයි. අපේ නලින් නම් වෙන්න බැහැ. කොහේ හරි යන හාල්පාරුවෙක් වෙන්න ඕනේ. අනුන්ගේ අදහස් ගෙඩි පිටින්ම ගසා කෑම ලෝකයටම අමුතු දෙයක් නොවේ. අනුන්ගේ අදහස්, තමන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යන්න භාවිතා කිරීම නරකයි කියන්න බැහැ. මොකද පර්යේෂණ පවා කිරීමේදී, කලින් කරණ ළද පර්යේෂණ හා ලබපු අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නවා.

එකම දේ, එවැනි අවස්ථාවක මුල් කතෘට නැත්නම් නිර්මාපකයට අදාළ ගෞරවය දීම කෙරෙනවා. සදාචාරවත් සමාජයක එහෙම නොකොළොත් කොහොමත් පසු කාලෙක හරි කෙල වෙනවා. මට මතකයි (ඇත්තටම මතක නැහැ හරියට) අර ජර්මානු හෝ ඕස්ට්‍රියානු ඇමතිවරියකට, ඇමති කමත්, ආචාර්ය උපාධියත් දෙකම නැති වුණේ. ඒත් ඔන්න ඔය වාගේ “බුද්ධිය” හොරකම් කරල.

දැන් පත්තර කාරයන් බොරුවට ප්‍රතික්ෂේප කරල, හොරෙන් ලිපි පළ කරනවා නම්, ඕකුන් අතට තවත් ලිපි ගෙනිහින් දෙන එක ගොන් කමක්. ඒ වෙනුවට අර කියුවා වගේ “ඊ පුවත්පතක්” වත් පටන් ගන්නයි තියෙන්නේ. එතකොට තමන්ට ඕනේ ඒවා ලියා ගන්න පුළුවන්. නමුත් අන්තර්ජාලය තවම ලෝකයේ හැමටම නැති වීම තමා ප්‍රශ්නය.

ලෝකයේ දැනට බිලියන 2.9ක පිරිසකට අන්තර්ජාල පහසුකම් තියනවා. ඒ කියන්නේ දල වශයෙන් තවත් බිලියන 4.3 කට පහසුකම් නැහැ. ඒ වුනත් ලෝකයේ ජනගහනයෙන් 85% ක් ඉන්නේ මේ පහසුකම් දෙන්න පුළුවන් වපසරියේ (ටයිම් සඟරාවෙන්).

මොනවා වුනත්, දැණුම කියන දෙයත් ලබා ගන්නා ප්‍රභවය පමණක් නොවේ, ලබා ගන්නා පුද්ගලයා මතත් රඳා පවතිනවා. මොකද ප්‍රභව විශාල ගානක් තිබුණත්, කොතැනින්, මොනවාද ලබා ගන්නේ කියන එක තීරණය කරන්නේ පුද්ගලයා නිසා. එයට තවත් කඩොලු තියනවා, භාෂාවත් ඉන් එකක්.

නමුත් දැන් ලංකාව වැනි රටක් ගත්තොත්, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය “වශී බෝල පාලනය” මගින් සෘජුව හෝ වක්‍රව පාලනය කෙරෙන නිසා, මේවායින් ගන්න පුළුවන් දැනුමක් නැහැ. අනික් කරුණ වශී බෝල පාලනය ඉවත් කෙරුවත්, අර වගේ අනුන්ගේ ලිපි ගසාකන, තමන්ගේ ප්‍රතිභාවක් කියා දෙයක් නැති පිරිසක් නම් ඉන්නේ, ඇති වැඩක් නැහැ. ඒ වෙනුවට තෝරාගැනීම් ගොඩක් තියෙන අන්ත්ර්ජලයටම අපට නැවත යන්න වෙනවා. එතැනදී සමාජයේ කොටසක් කැපී යාම කනගාටුවට කරුණක් වුවත්, අර බලන කියවන පිරිස මගින් ඔවුනටත් දැනුම ගලා යාවි කියා උපකල්පනය කරන්න හැකියි.

නමුත් නූතන ලෝකයේ ඇත්ත දැණුම මේ අන්තර්ජාලය ඇසුරු කරණා පිරිස් ලබා ගන්නවද? නැත්නම් වශී-බෝල මිරිකමින්, මේකෙනුත් ශශිකාල ගුරුකම් ප්‍රචාරය කරනවාද? මට නම් සිතෙන්නේ ඇත්තටම වන්නේ දෙවැනි කරුණ කියායි.

එයට හේතුව කුමක්ද?

පලි
ඊ පත්තරත් ගහලා බෙදන්න නම් පුළුවන්. ඒත් ඒවත් කියවන්න පුළුවන් මට්ටමේ තියෙන්න ඕනේ. මට ආපු ඊ පත්තරයක් කියවන්නේ නැතුවම නිකම් හිටියේ, අර පොතේ මුල් කවරයෙන් ඇතුල තීරණය කිරීමේ සම්ප්‍රදාය නිසා. එහි මුල් පිටුවේ, සංස්කාරක සටහනේ මුලින් තිබුනේ, උපාධි ලෝගුවකින් සැරසී ගත් එම සංස්කාරකගේ චායාරූපයක්.
(මතු සම්බන්දයි කියා දමන්නේ නැහැ! 🙂 ).

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “සංක්‍රමණික සිතිවිලි! Thoughts in transit! (අද එතැන් සිට….)

  1. Pingback: සංක්‍රමණික සිතිවිලි! Thoughts in transit! (අද එතැන් සිට….) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මම ලිවු‍වේ ‍පොදු‍වේ ‍සිද්ධ‍වෙන ‍දෙයක්.ලිවිම ප්‍රචාරණය ‍හෝ රස්සාව කරගන්න කිසිම අදහසක් නැහැ.‍හේතුව ම‍ගේ ලිවී‍මට මට වුවමනා තරම් උපයන්නට හැකියාවක් නැහැ.
    🙂

  3. අ‍පොයි..නලින්වත් පටලලා ‍නේද?බ්‍‍‍ලොග් ‍එ‍කෙන් ඇරුනම නලින්ව මම දන්‍‍නේ වත් නැහැ
    නලින් කා‍ගේවත් වල්පල් වුවමනා ‍කෙ‍‍නෙක් ‍නෙ‍මෙයි කියලා විස්වාසයි.

    • එය විහිළුවක්. නලින් ඔය වගේ වැඩ කරන්නේ නැහැ කියා මට විශ්වාසයි. “වල්පල්” කියුවෙත් උත්ප්‍රාසයට මිසක් ඇත්තටම වල්පල් ලියුවා කියන එක නොවේ. මා නම් ටිකක් වල්පල් පැත්තට බරවයි ලියන්නේ.

      මා මෙතනින් අදහස් කෙරුවේ මල්මි එක පුද්ගලයෙක් ගන්න ඕනේ පියවරක් නොවේ. සමාජයක් ලෙස අප ගන්න ඕනේ පියවරක්. ලෝකයේ කොහේ වුනත්, ප්‍රධාන මාධ්‍ය ගුඨ විද්‍යාවන් සමග එල්බ ඉන්නවා නම්, හොඳටම පක්ෂග්‍රාහී නම් හා යටි අරමුණු පෙරට දානවා නම්, ඒවායින් ඉවත් විය යුතුයි. එවිටම ඒවායේ පැවැත්ම නැතිවී යනවා. දැන් මර්ඩොක් අයියලට ඉස්සර වගේ බලයක් නැත්තේ අන්න ඒ නිසා. මර්ඩොක් අයියගේ පත්තර වුණත් නරකයි කියන්න බැහැ. ඔහු දක්ෂ පිරිසක් රැකියාවට බඳවා ගන්නවා.

  4. කුරුටු ගෑ ගී පවුර

    //මා මෙතනින් අදහස් කෙරුවේ මල්මි එක පුද්ගලයෙක් ගන්න ඕනේ පියවරක් නොවේ. සමාජයක් ලෙස අප ගන්න ඕනේ පියවරක්. //

    ඒක තමයි අපි දකින්න ඔ්න විදිහ රයිගම්………..

    • කිසිවෙකු අපට බලෙන් දක්කා ගෙන යන්න බැහැ කුරුටු. නමුත් වෙනස්ව සිතන පිරිසට භූමිකාවක් තියනවා, ඕනෙම සමාජයක.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s