සිතන දේ ලියන්න ප්‍රංසෙටවත් යන්ට ඕනි! There should be more Pravda* in Izvestia**, and more Izvestia in Pravda!


මා කලින් සටහනක, ඔබට සිතෙන දේ ලියන්න කියා ආරාධනා කරපු වෙලාවේ ආපු එක උත්තරයක් තමා මෙය. ඇත්තටම මා බලාපොරොත්තු වුණෙත් අන්න ඒ උත්තරය. මොකද ඊළඟ “කොට කෑල්ල” ලියන්න අදහස් කළේ ඒ ගැන. අද ලියන්නේ එයයි.

දැන් ලංකාවේ උතුරේ පැවති පැසිස්ට් පන්නයේ කැරැල්ල මර්ධනය කර ලංකාවට නිදහස අරන් දුන්නා යයි කීමනේ වර්තමාන වශිබෝල පාලනයේ ප්‍රධාන සටන් පාඨය. දෙමල අරගලය පැසිස්ට් වාදයක් දක්වා දක්කා ගෙන යාම ගැන මා ලියන්න යන්නේ නැහැ. එයට හිමි තාර්කික අවසානය තමා එය කොහොමත් ලඟා කර ගත්තේ.

දැන් මේ නිදහස හිමි කර දුන්නා යයි පාරම් බාන කට්ටිය අතුරින් විශේෂයෙන්ම ගෝටාභය ප්‍රකාශ කල යම් අදහසක් හෝ ඔහු ක්‍රියාත්මක කරන යම් දෙයක් ගැන ලිවීමේදී, මටත් දැන් ගොඩක් වෙලාවට ඇවිත් තියන පොදු පිළිතුරක් තමා, ඕවා ලියන්න නම්, මෙහෙ ඉඳන් බැහැ කියන එක.

ගෝටාභය කියන්න වගේම ඊමේල් වලින් යුද්ධ කරන්න බැහැ තමා. නමුත් එක් රාජ්‍ය සේවකයෙකු විසින් සමාජය මත ඇති කර තිබෙන භීතිය අර කොමෙන්ටු වලින් සිතා ගන්න පුළුවන්. එයට, එනම් එවැනි කොමෙන්ටු වලට සාධාරණ හේතු ඔවුනට ඕනේ තරම් ඇති.

යහපාලනය ගැන කතා කිරීමේදී හෝ සිතීමේදී මෙන්න මේ කරුණ මුලටම එන්න ඕනේ එකක්. දැන් මේ නිදහස් කර දුන්න සමාජයේ මිනිසුන් ජිවත් වන්නේ භීතියකින් නොවේද? එතකොට අත්කර දුන්න නිදහස කියන්නේ ඇත්තට මොකක්ද? ඇමෙරිකාවේ කාලයක් ජිවත් වුනා නම් කොහොමත් දැනගෙන තියෙන්න ඕනේ.

විශේෂයෙන් දීර්ග කාලින යුද්ධයකින් හා තවත් කැරලි දෙකකින් බැට කාපු සමාජයකට වඩාත්ම අවශ්‍ය ඉක්මනින් නීතියේ ආදිපත්වය පිහිටුවීම කියා යම් අවබෝධයක් මෙවැනි සමාජ වල කලක් ඉන්න විට තේරුම් යනවා. ආර්ථික සමුර්ධිය හා මධ්‍යම පාන්තික ජිවන විලාසිතා වෙනස් කිරීම් ඉන් පසුව එනවා. එක පැත්තකින් “කෙහෙල් පඳුරු හා සුදු වෑන්” සංස්කෘතියකිනුත්, තවත් පැත්තකින් “ව්‍යායාම මංතීරු සගිස්කුරුතයකිනුත්” බිහිකරන්න බලාපොරොත්තු වන “යහපාලනය” කුමක්දැයි මට නම් තේරුම් යන්නේ නැහැ.

අපේ සිතිවිලි ලිවීමට, අනුන්ගේ ඒවා කියවීමට ඇති නිදහස කන්න දැයි සමහර වෙලාවට අසන ප්‍රශ්නයක්. එය ඇත්තටම දාර්ශනික පුරස්නයක්. ඒ පැත්තට නොගිහින් සරලව හිතන්න බලමු.

ප්‍රජාතන්ත්‍රවාදී ඇමෙරිකාවෙත් ඔබට සිතෙන සියල්ල ලියන්නට කතා කරන්නට නිදහස නැහැ. මේ ගැන ඇමුණුම් සහිත සටහනක් මා කලින් ලියා ඇති. ඇමුණුම් වලට කිසිවෙකු ගොඩ වන්නේ නැති නිසා එය නැවත ලියන්නට අදහසක් නැහැ. දැන් ඔය “ජාතික ආරක්ෂාවට” බලපානවා යයි තහනම් දාල තියන දේවල් පැත්තක දැමුවොත් (මේවත් නිකම් බොරු තහනම් කියා ලෝකයේ මෑත කාලයේ සිදුවුණ දේවල් වලින් අපට පෙනෙනවා. මා අන්තර්ජාලය අපේ නිදහසේ මුලික මෙවලම බවට සීග්‍රයෙන් පත් වෙනවා යයි කියන්න එක හේතුවක් ඒ), දැන් සමාජ හා නීති විරෝධී දේවල් (ජාතීන් හා ආගම් අතර වෛරය ප්‍රචාරය, ළමා අපචාර වලට තුඩු දෙන පින්තුර හා අදහස් යනාදී) ප්‍රචාරයට බොහෝ රටවල් වල තහනම් හෝ සීමා පනවා තියනවා.

මෙතන තියන මුලික කාරණය නම්, එවැනි දේවල් වලට සමාජයේ අති මහත් බහුතරයකගේ කැමැත්ත සහිතයි. අපට ගන්න තියන හොඳම උදාහරණය, ඕස්ට්‍රේලියානු සන්ධාන ආණ්ඩුව මෑතකදී Racial Discrimination Act 18C කියන පණතට ගෙන ආ සංශෝදනයි. කුඩා “ඒකීය පුද්ගල” පිරිසකගේ වුවමනාවට ගෙන ආවත්, මෙය මහජනතාව, දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන වලින් ආ විරෝධය නිසා අකුලා ගන්නට වුණා (http://www.abc.net.au/news/2014-08-05/government-backtracks-on-racial-discrimination-act-changes/5650030).

එවැනි “සීමා” තුල සිට අපට කතා කරන්නට, ලියන්නට පුළුවන් දේවල් ගැනයි මා මේ කියන්නේ. දැන් ලෝකයේ සමාජවාදී යයි නමින් කියා ගන්න බොහෝ රටවල් වල තියෙන ඒක පාක්ෂික ක්‍රමය මගින් තීරණය කර තිබෙනවා, ඔවුන් ගොඩ නගන සියල්ලට යහපත් සමාජයේ සමහර අදහස්, විවේචන හා ක්‍රියාකාරකම් වලට ඉඩ දෙන්නට අවශ්‍ය නැහැ කියල. මේ සමාජ වලින් බොහොමයක් කඩා වැටීමට මුල් වුන කාරණයක් තමා, බඩට කන්න නොදෙනවා යයි කියන මේ නිදහස නැති වීම.

ඇත්ත, අන්ත දුප්පත් මනුස්සයෙකුට, භාෂණයේ හා ලේඛනයේ නිදහස ඔබට ඕනෙද කියල ඇහුවොත්, මහත්තයෝ මිරිස් ටිකක් වැඩියෙන් දාල හදලා දෙන්න පුලුවන්ද කියා අසාවි. අන්න එතකොට තර්ක කරන්න පුළුවන් මේ කියන නිදහස කන්නද කියල. නමුත් සමාජය සැදී තියෙන්නේ අර වගේ මිනිසුන්ගෙන්ම නොවේනේ.

දැන් මේ කියන පරම පිවිතුරු සමාජවාදී රාජ්‍ය වල මිනිසුන්ගේ, ජිවන තත්වය ඔවුන් (“අපේ පක්ෂය”) බලාපොරොත්තු වන පරිදිම උසස් වෙන කොට, අර කන්නදැයි මුලින් අසන නිදහස කෝ කියල අහන මිනිසුන් ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා.

අන්න එතකොට, කතා කිරීමට, ලිවීමට එරෙහි තෙරපුම තවත් වැඩි කරන්න සිදු වෙනවා. වැඩකට ඇතුව හෝ නැතිව විවේචනය කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, විරෝධතා පළ කිරීමේ අපට තියන නිසඟ ආසාව නතර කිරීමට කුඩා කණ්ඩායමකට හැකි වේවිද? එවැනි ප්‍රයත්න නතර වනු ඇත්තේ කොතනින්ද?

දැන් යටි මඩි ගැහීම සඳහා මිනිසුන්ගේ අදහස් වාරණය කියන්නේ වෙනම කතාවක්. ඔය ලංකාව වැනි රටවල කෙරෙන්නේ එයයි. මේවාට ආවරණ ලෙස නොයෙක් සළු-පිළි දවටා තියනවා. නමුත් යටින් විතරක් නොවේ, උඩින් තියන කරුණ නම්, මහජන මුදල් මංකොල්ල කෑමට මාර්ගය විවර කර ගැනීමයි.

නමුත් මෙන්න මෙහෙමත් දෙයක් තියනවානේ. ඔය ලංකාවේ බොහෝ මල්ලිලා මෙයත් විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන්නෙත්, දැන් තියන මර්ධනය ගැනත් තියන සීමිත ඉඩ කඩ අතරේ නිර්නාමිකව හෝ කතා කරමින්. එනම් වඩාත් යහපත් සමාජයක් සඳහා ආගම් ඇදහීමට, ඔය නැකත් කේන්දර වැනි සෙප්පඩ විජ්ජා ප්‍රචාරණයට යනාදියට වාරණයක් දැමීම හොඳ දෙයක් කියා සිතීම. මිනිසාගේ කෑදරකමට දමන වාරණයද මෙයට ඇතුලත්. වැඩේ දීර්ඝ වෙන නිසා සියල්ලටම පටලවන්න නොහැකියි.

දැන් මේ ආගම් වැනි දේවල් මිනිස් සමාජයට යහපතට වඩා අයහපතක් කළත්, මේවා බලෙන් නැවැත්වීමක් අපට කරන්නට හැකිද. එනම් බහුතරයේ කැමැත්තට පිටින් ගොස් කේන්දර නැකත් ආගම් තහනම් කරන්න හැකිද? එයින් ඵලයක් ඇතිද? බහුතර කැමැත්තට පිටින් ගොස් “ප්‍රජාතන්ත්‍රවාදය” ස්ථාපිත (එයට පිටින් ගොස් සමාජවාදය ස්ථාපිත කරන්න අවශ්‍යද කියන එක ගැන මා කලින් ලියා තියනවා) කරන්න හැකිද කියන ප්‍රශ්නයත් මෙතනටම අදාලයි.

පිළිතුරු වලට වඩා ප්‍රශ්න තියන සටහනක්. නමුත් සටහනේ වචන ගණන අදට සම්පුර්ණයි. ඊළඟ සටහනින් හමු වමු!

  • ප්‍රාව්දා/Правда නැත්තම් “Truth/ඇත්ත” කියන්නේ සෝවියට් දේශයේ ප්‍රමුඛ පුවත් පතක්
    **ඉස්වෙස්ටියා/Известия නැත්නම් “News/ප්‍රවුර්ති” කියන්නේ වැඩිම පැතිරීමක් තිබුන අනෙක් සෝවියට් පුවත් පතයි.
    එක කාලෙක මේ පුවත්පත් දෙකට එරෙහිව පැතිරුණු ජනප්‍රිය විවේචනයක් තමා, ඇත්ත පත්තරේ ප්‍රවුර්ති ටිකක් හා ප්‍රවුර්ති පත්තරේ ඔයිට වඩා ඇත්ත ටිකක් තිබුනා නම් හොඳයි කියන එක.

පලි
කලින් සටහනේ ප්‍රශ්නයට මගේ උත්තරය. සමහර සමාජ වලට ඔය කොම්පුටර, ගුවන් විදිලිය, රුපවාහිනිය පමණක් නොවේ පත්තර පවා ලැබී ඇත්තේ, ඒ සමාජ වල තියන මනස් දියුණු වීම නිසා නොවේ. මේවා වෙනත් සමාජවලින් අපට උරුම කර දුන් තාක්ෂණික උපකරණ. ක්‍රියාකළ යුතු අන්දම සමග එන විස්තර පත්‍රිකාව නිසා මේවා ක්‍රියාකරවන්න, බ්ලොග් ලියන්න පුළුවන් වුවත්, ඇත්තටම තමන් දන්නේ පරණ සාත්තර ටික විතරයි. එවිට ඒවා ප්‍රචාරයට මෙවැනි මෙවලම් යොදා ගන්නවා හැර වෙන කුමක් කරන්නද. ඒ විතරක් නොවේ, සමාජයේ බහුතරයක් සොයා එන්නෙත් ඒවාමයි.

මිනිසා අලුත් රටවල් විතරක් නොවේ, දැන් ලෝකයෙන් එපිට ගිහින් වෙනත් ග්‍රහ ලෝක පවා ගවේෂණයට යාත්‍රා හදල තියනවා. අතීතයේ සිටම මේ යාත්‍රා වැඩි දියුණු කෙරුනේ සංචාරය, කුතුහලය නිවා ගැනීම හා සම්පත් ගවේෂණය සඳහා. නමුත් ගෝත්‍රික ජන කණ්ඩායමක නායකයෙක්, අනුන්ගෙන් අල්ලා ගත් නැවක් භාවිතා කරනු ඇත්තේ, අල්ලපු දුපතේ තියන ගස් ගල් වන්දනාවට වෙන්න පුළුවන්.

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “සිතන දේ ලියන්න ප්‍රංසෙටවත් යන්ට ඕනි! There should be more Pravda* in Izvestia**, and more Izvestia in Pravda!

  1. //ප්‍රජාතන්ත්‍රවාදී ඇමෙරිකාවෙත් ඔබට සිතෙන සියල්ල ලියන්නට කතා කරන්නට නිදහස නැහැ. //
    හුඟක් රටවල් හුඟක් දේවල් සාදාරනීයකරණය කරන්න යොදා ගන්නා වාක්යයක්නේද?
    ඒත් අදාල වන්නේ ප්‍රතිශත පමණයි. කිසිම රටක සර්ව සාධාරන utopia නෑ.
    කොයිතරම් දුරට කොයිතරම් ප්‍රතිශතයක් හොඳද නරකද සහ නරක හා හොඳ ලෙස බහුතර ජනතාව හඳුනාගන්නා දේ මොනවාද තමයි වැදගත්

    • සංක්‍රමණික සිතිවිලි යනුවෙන් ලියපු මේ සටහන් වලින් කියන්න අදහස් කරපු දෙය ඔබ කැටි කරලා තියනවා. ඒ කියන්නේ “මේ සංක්‍රමණික සිතිවිලි” කියන්නේ, ඔබටත් මටත්, වෙනත් අයටත් පහල වෙන ඒවා. අප සමහර හේතුන් නිසා විවිධ රටවල ජිවත් වෙනවා. එච්චරයි වෙනස. 🙂

  2. \\දැන් යටි මඩි ගැහීම සඳහා මිනිසුන්ගේ අදහස් වාරණය කියන්නේ වෙනම කතාවක්. ඔය ලංකාව වැනි රටවල කෙරෙන්නේ එයයි. ///
    මේ කථාව පොඩ්ඩක් හොඳ මදිය කියලයි මට හිතුනේ…හේතුව ගොඩාක් රටවල් ගැන නැතුවත් මම දන්න දියුණුය කියන රටවලත් යටිමඩි ගැසිම් වෙනවා හැබැයි සල්ලි නෙවෙයි, ඒ ඒ රටවල්වල තියෙන සල්ලිවලටත් වඩා වටිනාකමක් ඇති වැල්යුස් වලට… ඒ රට වල ජනතාවගේ අදහස් විවිධ ආකාරයෙන් වාරණය කිරීමෙන්….
    කරුමෙට මේවා දිගින් දිගට ලියන්න මගේ තියෙන හැකියාව බොහොම අඩුයි…

    • යටි මඩි වුණත් ලෝකයේ හැම රටකම වෙනවා. මේවා සාපේක්ෂයි. ඉහතින් ප්‍රා කියන්නේ අන්න ඒක චෙෆ්. ඔබ කියන්න හදන අනිත් දේ මට පැහැදිලි මදි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s