කුරුළු පිහාටු එකතු කරමු! Hobbies of the hubbies!


මොකද කියන්නේ යලිත් පරණ පාඨකයන් කැමති දේවල් වලට යමුද, නැත්නම් කිසිවෙකු නොකියවන මා පමණක් කියවන දේවල් ලියමුද? මොනවා වුනත් ලියන්න්නට විවේකයක් ලැබීම, ඔබට කෙසේ වෙතත් මට හොඳ දෙයක්.

සමහරුන් නම් කියන්නේ, විනෝදාංශ තිබිය යුත්තේ බාල කාලයේ පමණයි කියා. ඉස්සර ඔය මුද්දර, කාසි එකතු කිරීම වගේ එකම වට්ටෝරුවේ විනෝදාංශ ටිකක් තමා අප පාසල් යන කාළයේ කෙරුවේ. ගිනි පෙට්ටි එකතු කිරීම, ලංගම බස් ටිකට් (අර පොත් වලින් කඩල දුන්න ඒවා) එකතු කිරීම, හිස් සිගරට් පැකට් එකතු කිරීම, කුරුළු පිහාටු එකතු කිරීම, ගස්-වැල් වල කොළ පොත් අතර තබා තද කර එකතු කිරීම,බෙලි කටු එකතු කිරීම, ඔය ප්‍රසිද්ද පුද්ගලයන්ගේ අත්සන් එකතු කිරීම, සමරු පොත් නඩත්තුව එවැනි විනෝදාංශ අතර කැපී පෙනුන කිහිපයක්.

ඉස්සර චිත්‍රකතා පත්තර වල මිතුරු හවුල කියා අර චායාරූපයක් එක්ක විස්තර ටිකක් පළ කරන පිටුවේ හිටපු සේරම කරපු එක විනෝදාංශයක් තමා මිතුරු මිතුරියන් ඇසුර. මේ පොටෝ දැමිල්ලෙන් කි දෙනෙක් අලුතින් මිතුරන් හෝ මිතුරියන් හදා ගත්තාදැයි දන්නා අයෙක් ඉන්නවද කියා මා නම් දන්නේ නැහැ.

පොඩි කාලේ මට අම්ම කඩෙන් ටික් (මේවට කියුව අනිත් නම අයිලට්. නමුත් Snap නැත්නම් snap fastener තමා “හරි” නම.) වගයක් ගේන්න පිටත් කළ හම කඩේ මුදලාලි දුන්නේ ටීක් බෝල ටිකක්. වැරදි භාණ්ඩේ කියල දැන ගත්තත්, මා ඒවා ගෙදර අරං ආව. ඒ කාලේ ටීක් බෝල ගහන කොට මුදල් වලට, ලංගම ටිකට් භාවිතා කෙරුවා. ලාච්චුවක් පුරවල ලංගම ටිකට් එකතු කළේ, ටීක් බෝල සෙල්ලමෙන්.

ඒ කාලේ මුද්දර අරන් පාසල් වලට එන මහත්මයෙකුත් (එයාගේ පුතාත්) සිටියා. මොවුන් ගාව තිබුණ සමහර මුද්දර හොර ඒවා කියල කතා බහකුත් තිබුනා. රුසියාවේ පත්තර විකුණන කිඕස්ක් වලත් මෙවැනි මුද්දර කට්ටල හදල විකුනන්න දාල තිබුනා. ඕස්ට්‍රේලියාවේ තාමත් එවැනි මුද්දර කට්ටල ගන්න පුළුවන් තැපැල් කාර්යාල වලින්.

ඊයේ පෙරේද පොඩි පුතාට පාසලේ සෙල්ලම් කරන කොට පරණ (පරණ කියුවට අවුරුදු 60 ක් විතර) කාසියක් හම්බ වෙලා, සෝදලා මට දුන්නා. මොකටද දන්නවද, මගේ පොතට එකතු කර ගන්න.

අපේ පුතාලගේ විනෝදාංශ අතරට මා ඉහතින් ලියුව දේවල් වලින් එකක් වත් අයිති නැහැ. එක්කෙනෙක් පොඩි කාලේ ටික කලක් රැල්ලට වගේ මුද්දර එකතු කළා. ඒක නිකම් බොරුවක් විතරයි. අද ලංකාවේ පාසල් යන දරුවන් මේ වගේ සාම්ප්‍රදායික විනෝදාංශ කරනවද කියා මා ඇත්තටම දන්නේ නැහැ.

මෙය මා කලින් ලියා තියන දෙයක්. එනම් මිනිසාට මෙහෙම විනෝදාංශ අවශ්‍යයි. ඒවා ජිවිතයේ විවිධ අවධි වලදී වෙනස් වෙනවා. සමහර වෙලාවට බ්ලොග් වල කොමෙන්ටු කියවන විට මට සිතෙන්නේ, ගොඩක් දෙනා ඉන්නේ මහත් තරහින් කියල. රජතුමා හා එතුමාගේ පවුල ගැන තියන තරහා සිතා ගන්න පුළුවන්. නමුත් මුළු සමාජය කෙරෙහි තියන තරහා සිතා ගන්න බැහැ.සමහරවිට එදිනෙදා කටයුතු වලින් මිදෙන්න මාර්ගයක් නැති වීම හේතුවක් වෙන්න පුළුවන්.

මිනිසාට එදිනෙදා ජිවිතයේ කරන කටයුතු වලින්, වෙනස් බවක් ලබා ගන්න තමා ඔය විනෝදාංශ වල නිරත වන්නේ. සමහර වෙලාවට ඒවායින් ජිවිතයට අමතර දැණුමක් එකතු වෙනවා. මුද්දර එකතු කරන විට, රට රටවල් ගැන, සිද්දි ගැන, මනුෂ්‍යයන් ගැන, සතුන් ගැන, ක්‍රීඩා ගැන යනාදී වශයෙන් විවිධ තොරතුරු එකතු කර ගන්න හැකියි. දැන් නම් ඊමේල් නිසා මුද්දර භාවිතාව අඩු හින්දා මුද්දර එකතු කිරීම එතරම් ප්‍රායෝගිකත් නැහැ.

කුරුල්ලන් කියා ඉන්නේ කපුටන් විතර නිසා, කපුටු පිහාටු තමයි එකතු කරන්න වෙන්නේ.

Advertisements

26 Comments

Filed under Lifestyle, Opinion

26 responses to “කුරුළු පිහාටු එකතු කරමු! Hobbies of the hubbies!

  1. කුරුටු ගෑ ගී පවුර

    ටික් සහ ටීක් බෝල කතාව නියමයි……. අපරාදේ කියන්නැතුව ගෙදර ගේන්න අැති…. මටත් මතකයි ස්ටිකර් ඒකතු කරපු කාලේ………….. ස්ටිකරයක් වෙනුවෙන් හැම කට්ටක්ම කන්න ලැහැස්තියි……………

    • පොඩි කාලේ කරපු දේවල් සරලයි හා සුන්දරයි කියා මේ ප්‍රතිචාර වලිනුත් පැහැදිලි වෙනවා. එහෙම ළමා කාලයක් තිබුන දෙමාපියන්, තම දරුවනට බලෙන් පටවන ජිවන විලාසිතා ගැන මටම පුදුමයි කුරුටු.
      කලින් ලියපු සටහනක්ම ප්‍රතිචක්‍රිකරණය කළේ අන්න ඒ නිසා.

  2. Pingback: කුරුළු පිහාටු එකතු කරමු! Hobbies of the hubbies! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. //කුරුල්ලන් කියා ඉන්නේ කපුටන් විතර නිසා//
    where?

  4. ඩොලර් දෙකේ කාසි එකතු කරන්න. කවදාවත් වරදින එකක් නෑ.

  5. තමුන් එක්කම තියෙන තරහා සමාජය හරහා පිටකිරිම නේද.

    මං මට විනෝදාංස තිබුනද කියලා කල්පනා කරන ගමන්.

    • හේ හේ එහෙමත් වෙන්න පුළුවන්.

      ඇයි මල්මි, පිරිමින්ට තෑගී හොයන එකත් හොඳ විනෝදාංශයක් නේද?

  6. මං ගාවත් තිබ්බ පිහාටු සෙට් එකක් සෑහෙන්න වටිනව
    දෙමලිචි මයින පැණි කුරුළු ගිරා
    අනං මනං වැඩිපුරම දෙමලිචි ඒව හිහි
    මං ගාව තිබ්බ කාලයක් චොකලට් කොල(කෙල්ල දීපුව) ලංගම ටිකට්(ඉදල හිටල පයිවෙට් ඒවත්) (කෙල්ල එක්කෝනදෙ ගියපුව
    අතරිං පතර බැල්කනි (දැං නං බොක්ස්) ටිකට්
    තව තව ඒව තිබ්බ ඒව නං මතකත් නෑ හිහි

    නැත්නම් කිසිවෙකු නොකියවන මා පමණක් කියවන දේවල් ලියමු///
    මේ ගැන නං හරි වගේ අද සෑහෙන දෙනෙක් මෙහෙ කියවල තියේ වගේ

    • බටහිරනම් කුරුලු බිත්තර එකතු කරන හොබී එකත් තිබුන

      • බටහිර කියුවේ ප්‍රා, ලංකාවේ බස්නාහිර පළාතේද? ඔව් අපත් හිටියේ ඒ පළාතේ. අපි නම් කිකිළි බිත්තර එකතු කළෙමු! ඔම්ලට දැමීමේදී පමණක් අපි එවැනි බිත්තර පලා (දැන් මුවන් දැක්කහම, බිම දාන්න හොඳ නැත්තේ පලා ද, නැත්නම් පළා ද), ඇතුලේ තිබෙන ද්‍රව්‍ය නිරීක්ෂණය කළෙමු!

        සමහරුන් බිත්තර පමණක් නොව, සතුන් පවා එකතු කළ බව, අපි අසා ඇත්තෙමු! එහිදී මුලින් සතුන්ගේ ප්‍රාණය නිරුද්ධ කල යුතුවේ. (අම්මප ප්‍රා, දැන් නම් පරණ ව්‍යාකරණ පොත් ටික මකුළු දැල් කඩල ගන්න වෙනවා. නැත්නම් රජෝ අප අනාථයි!).

        • රයිගම් සම්භාව්ය ලිවීම්වලට තාවකාලිකව සමුදීල අපේ මට්ටමේ පිස්සුකෙලින නව ප්‍රවණතාවයකට ඇවිල්ල වගේ

          • නැහැ, නැහැ මේක තාවකාලික විරාමයක්. විනෝදාංශ ගැන ලියන සටහනක සිරා කතා ලිවිම, ඔක්සිමෝරෝනයක් නේද? 😀

            • විනෝදාන්ශ ෆුල් සීරියස් ලෙස කරන අය හුඟක් ඉන්නව, ඒවගේම ෆුල් සීරියස් මාතෘකා විනෝදයද ගෙන එන ලෙසට ලියන්නත් පුලුවන්,
              Anyway, it’s nice to see you enjoying yourself. Hope you will write more of this genre in between your usual stuff.

              • හැක්, කොලා නේද? I always do enjoy myself. 🙂 නමුත් වෙනදා ලියන වල්පලුත් ජිවිතයට අවශ්‍ය නේද? aren’t they?

                • ඔව් ඒවත් අවශ්යයි, විනෝදයත් අවශ්යයි, දෙකම එක පෝස්ට් එකේ කම්බයින් කලොත් තවත් හොඳයි. සමහර අවස්ථා වලදී සීරියස් දේ විනෝදයත් ගෙන එන භාෂාවෙන් ලියන්නත් පුලුවන්.

                  I do like your serious writing but your lighter stuff is also quite good. What’s lacking is a combination of the two. This post shows what you can do. You have the potential to get a very much wider readership by a slight change in style without changing the substance or the message in your writing.
                  (However, what’s really important is that you enjoy writing as much, or more, than the readers enjoy reading. After all, you are not writing to sell, so, the writer’s enjoyment is more important than the readers’ pleasure in blogs)
                  ,

                  • I am writing while cooking our dinner! 🙂 හොද්ද කර වුණොත් gedara ඉඳලත් හමාරයි! thanks a lot for your encouraging words! hi hi ( නැහැ සිරා ප්‍රා, කියවීමෙන් නොනැවතී ඔබ දමන මෙවැනි ප්‍රතිචාර මා ඉතා අගේ කරනවා).
                    You are quite right there! It is a pleasure to see that someone is reading my stuff. However, I DO enjoy what I write. As you see (or may not), there is an effect on others. It is true that the readership is not that huge.

                    We should not forget that the hobbies are there for our enjoyment. Or in other words they are what we do in our leisure time. There are side benefits to oneself and the others.

                    කොහොමත් ඔබ කියන දෙයත් මෙහි ඔබන්න උත්සහ ගන්නම්. නමුත් මගේ බ්ලොගය දැන් බලන පිරිසගේ උපරිමයට ගිහිං කියලයි මගේ මතය.

    • හික් හික් හී! මල්ලිටත් මාර විනෝදාංශ නේ තිබිල තියෙන්නේ. පළවෙනියට මහල දුන්න කොට්ට උරේ ළඟ නැත්ද? අතරින් පතරින්, මල්ලි, නටයිද කැතරින් කියුවා වගේ, අර අතරින් පතරින් බොක්ස් ගිහිං මුවි එක බැලුවද? නැත්නම්…… 😉

      අද නම් වැඩේ හරි වගේ අර කියුවත් වාගේ!

  7. මටත් පොඩි කාලෙ ඉඳන්ම එක එක ඒවා එකතු කරන පිස්සුවක් තිබුණා. මුද්දර, පොත්, ලංකාවෙ පරණ කාසි/ නෝට්ටු, පිටරට කාසි/ නෝට්ටු, සිප්පිකටු, බෙලිකටු, හූරන ලොතරැයි, ඩොලමයිට් වගේ ගල් ජාති, ටීක් බෝල වගේ දේවල් තාම තියෙනව… 😀

    • ෂඃ ලස්සන නම!
      විහිළු නොවේ මෙහෙමද ඔබේ නම සිංහලෙන් ලියන්නේ? අශාන් රවිඳු යුගන්ත?
      අශාන් ට කියන්න මා මෙහි කලින් සටහනේ සඳහන් කරපු පරිදි, ඒ එකතු කිරීම් වලින් සමහරක් මා ගාව තවම තියනවා. රුසියාවේදී එකතු කරපු “පික්චර් පොස්ට් කාඩ්” කියන ඒවායේ තොගයක් මා ගාව තවම තියනවා. පුතාලට ඒවා අවශ්‍ය නැති නිසා අනාගතයේ මොනවා වෙයිද කියා මා දන්නේ නැහැ. නමුත් දැනට ඒවා විසි කරන්න හිතක් නැහැ.

      ගල් ජාති එකතු කරන එක නම් හොඳ වැඩක්. වටින ගලක් දෙකක් හම්බ වුණේ නැත්ද?

      • ඔව්, අශාන් රවිඳු යුගන්ත. තෑන්ක් යූ වේවා! 😀
        විසිකරන්න එපා අඩුම තරමෙ පොඩි කාලෙ මතක් වෙන්නවත් තියාගන්න..
        නැහැනෙ.. ෆෙල්ඩ්ස්පාර්, ඩොලමයිට්, පෙබල්ස්, මිනිරන්, තිරිවානා, සිමෙන්ති ගල් (6 වසරෙ ඉස්කෝලෙ ට්‍රිප් එකේදි හොල්සිම් එකෙන් ඉස්සුවෙ..) වගේ ඒව නම් තියෙනව..

        • බලන්නකෝ අපිත් දැන් සුද්දන් වෙලා. සිංහල නමක් ලියා ගන්න හැටි අහනවා! අනේ …කේ නේද? 😀
          මේවා පොඩි කාලේ එකතු කරපුවා නොවේ අශාන්, ලොකු වෙලා එකතු කරපුවා. ගල් කියුවහම කොච්චර ජාති තියනවද නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s