Ehipassiko!


මා ලියන්න ආවේ එකක්. දැන් ලියන්න යන්නේ තව දෙයක්. අද මෙහෙ පාසල් වල ගිම්හාන නිවාඩු කාලය ආරම්භ වුණා. ඉස්සර අප, අපේ දෙමාපියන්ට විහිළු කරනවා, දැන් ඔන්න වැඩකරන කාලය පටන් ගත්තා කියල. දෙසැම්බර් කියන්නේ ලංකාවේ සාපේක්ෂව උෂ්ණත්වය අඩු කාලයක්. අපට එහි අනෙක් පැත්ත. උණුසුමට කැමති ශාක වලට නම් හොඳ කාලයක්.

අන්තිම සටහනට ප්‍රා කොමෙන්ටු ගණනාවක් දමල තිබුණා. එයට හේතුව වුණේ, මාත් එවෙලේම යලි උත්තර දීපු එක. ඇත්තටම ගොඩක් දෙනා එහෙම කතා බහකට එන්නේ නැහැ. ඒ නිසා සමහරක් වෙලාවට ඔය ප්‍රතිචාර වලට උත්තර බඳින එක අයියෝ සල්ලි තමා. ඒ නිසා, ප්රාගේ අදහස් දැක්වීම මා ඉහලින් අගේ කරනවා. මා, ප්‍රාට දුන්න අවසාන උත්තරයෙන් නොකියා කියන්නේ, එකම විදිහේ ශෛලයක් භාවිතා කළොත්, සමහරවිට කියන්න ඕනේ දෙය යට යනවා කියන එක.

මහා සමාජ විප්ලවයක් කිරීම මගේ ප්‍රයත්නය නොවන වග යලි යලිත් මතක් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පාඨක පිරිස වැඩි කර ගන්න, උපක්‍රමශීලි වෙන්න අදහසක් මට නැහැ. අනික බලෙන් පාඨකයන් අතරට යන්න හැකියාවක් නැහැ (නැහැ ටිකක් වැඩියි වගේ). මා ප්‍රධාන පුවත් පතක වැඩ කෙරුවා නම්, සති දෙකෙන් එලියට දානවා. මොකද එහෙම තැනක, මේ විදිහට සුළු පිරිසක් පමණක් කියවන දෙයක් වෙනුවෙන් පඩි ගෙවන්න කෙනෙක් (පත්තර අයිතිකාරයෙක්) හොයා ගන්න අමාරු නිසා.

මෙතැන එහෙම නොවේනේ. වෙන ජීවිකා ක්‍රමයක් තියන නිසා හවසට ලැබෙන කාලයෙන් වල්පල් ටිකක් ලියන්න පුළුවන්. ඔබ කැමති නම් කියවන්නත් පුළුවන්. මේවා තමා නිදහස් ලිවීම් හා කියවීම් කියන්නේ. දිගටම රැඳී ඉන්න සුළු පිරිස එහෙම ඉන්නේ යම් කිසි හේතුවකට.

ඕක නොවේ මට ලියන්න ඕනේ වුණේ. ඊයේ පෙරේද මා දුටුවා කොමෙන්ටු සංවාදයක්. මේ සංවාදය ඔබ කියවල ඇති. මොකද එය ජනප්‍රිය බ්ලොගයක් නිසා. එය සඳහන් නොකරන්නේ, මෙතන එක පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් විදිහට නොව, අපේ ඉගෙනුම් වල තියන එක දුර්වල කමක් හැටියට මට එය ලියන්න අවශ්‍ය නිසා.

අද කාලේ, ලියන බොහෝ දෙනෙකුට (අඩු ගානේ සිංහලයෙන් ලියන) තියන දුර්වලතාවයක් තමා සමහර අදහස් නිරවුල්ව ඉදිරිපත් කරන්න බැරි කම. තව දෙයක් තමා ඉදිරිපත් කරන අදහස් වල සමහර විට තියන විසංවාදී බව නැත්නම් දෙපිට කාට්ටු බව. බොහෝ දෙනා මේවා කරන්නේ, සිතලා නොවේ. ඔවුනට හැඟීමක් නැහැ.

ඉස්සර සමහර විට මා මේ වගේ කියවන දෙයක අවුල් වගේ පෙනෙනවා නම්, පොඩියට නිවැරදි කිරීමක් දැමුවා. ඒ අවස්ථාවලදී ලැබුන ප්‍රතිචාරය එතරම් සතුටුදායක නැහැ. දැන් මා ඉඳහිට ප්‍රතිචාරයක් දමන්නේ, මගේ සටහන් කියවන කිහිපදෙනා ලියන ඒවාට පමණයි.

මාත් ලියන්නේ කලබලයෙන් නිසා සංස්කරණය කරන්නේ, සටහන පළවීමෙන් පසුව. ගොඩක් වෙලාවට මගේ සටහන් වල භාෂාවේ, අකුරු වල, නැවතීමේ සහ කොමා ලකුණු වල වැරදි මා පසුව දකිනවා. නොදකින හා මා නොදන්නා තවත් වැරදි ඕනේ තරම් ඇති. ලැබෙන වෙලාවල් වල මා මෙවැනි (දකින) වැරදි හදනවා. මොකද, අනාගතයේ කියවන කෙනෙකුට වඩා පහසුවෙන් කියවන්නට හැකියාව එමගින් ලැබෙන නිසා.

හැබැයි කෙනෙකු වැරැද්දක් පෙන්වා දුන්නොත්, එය නිවැරදි කරලයි ඊළඟ සටහන ලියන්නේ. කෙනෙකු වරදක් පෙන්වා දෙන්නේ, සටහන ඕනේ කමින් කියවපු හින්දා හා ඔහුට හෝ ඇයට යම් භාෂා ප්‍රවීනතාවයක් තියන හින්ද. මේ දෙකම හොඳ දේවල්. මේවාට උදාහරණ මේ පසුගිය සටහන් වල ඕනේ තරම් තියනවා.

බ්ලොග් වල පවා භාෂා රීති හැකි පමණින් පවත්වාගෙන යා යුතු බව මා කලින් සටහනක ලියුවේ, එමගින් අදහස් නිරවුල්ව පැවසීමට පුළුවන් හන්දා. ඉංගිරිසි අකුරු වලින් යතුරු ලියන කොට, වචන දන්නවා වුනත්, සමහර විට අපට අවශ්‍ය අකුරු ලබා ගැනීමට තියන අපහසුතාවය ප්‍රශ්නයක්. නමුත් උක්ත-ආඛ්‍යාතය වාගේ දේවල් හැකි පමණින් නිවරදිව පවත්වාගෙන යාම කියවීම පහසු කරන්නක්.

අර කලින් සඳහන් කරපු සංවාදයේදී කතා කෙරුනෙත් අන්න ඒ වගේ දෙයක්. එම සටහන ලියපු ලේඛකයාගේ මාතෘකාව අපට පාසලේ උගන්වපු සිංහලට අනුව වැරදියි. නමුත් ඔහුගේ එක චෝදනාවක් වුණේ භාෂා නිවැරදිව හැසිරවීමට නොදන්නාකම. මගේ සිතට ආවේ ඒ දෙකම නොවේ. අඩු වැඩි වශයෙන් විශේෂයෙන් ලංකාවේ උගත් අපට බොහෝ දෙනෙකුට නොමැති (නැත්නම් අපට තියන අවර ගණයේ) එක ගුණාංගයක්.

එය නම්, අපට මුහුණටම කරුණු සහිතව වරදක් පෙන්වා දුන්නත්, එය පිළිගන්නට තියනා මැලිකම. මෙය අප ගොඩක් දෙනාට තියන දෙයක්. සමහර විට මා දකින අනික් ජාතීන්ට වඩා, වැඩියෙන් අප අතර තියන දෙයක්. එය හිතුවොත් මිසක් අපට දැනෙන්නෙත් නැහැ. මට ලඟදි වුන සිදුවිමක් නිසා, මේ ගැන මා ටිකක් දුරට සිතුවා.

මා දන්නේ නැහැ, ඇයි අප එහෙම කියා. සමාවෙන්න, මට වැරදුනා, කියන්න අප අකමැති ඇයි? තමන්ගේ හොඳටම වරදක් පෙන්වා දෙන විට සාමාන්‍යයෙන් අපට කේන්ති යන්නේ ඇයි? මේවා අප අපගෙන් අහගන්න අවශ්‍ය තවත් ප්‍රශ්න දෙකක්. අපගේ පෞද්ගලික ජීවිතයේත් අවශ්‍යම ගුණාංගයක්, නැති වීම මහා ප්‍රශ්න වලට පාර කපන දෙයක්.

සාමාන්‍ය ඒකීය පුද්ගලයාට පමණක් නොවේ, මහා සංවිධාන වලටත් මේ ගුණාංගය නැති නිසාම, ඔවුන් එකම තැන කැරකෙනවා. ඒ නිසා මෙය ඒකීය පුද්ගල ප්‍රශ්නයක් විතරක් නොවේ, සමාජයීය ප්‍රශ්නයක්.

මෙයට හේතුව ලෙස මා හිතන්නේ, අප හැමවිටම උත්සහ කරන්නේ අනුන්ව හදන්න. ඒ නිසා තමන් ගැන ගොඩක් වෙලාවට අමතක වෙනවා. පොඩි කාලේ ඉඳන්ම අප දකින්නේ, ඒ වගේ තමන් වැරදි කරමින්, අනුන්ව හදන චරිත නිසා අපට මේක සාමාන්‍ය දෙයක් වෙනවා.

මා දරුවන්ගේ ප්‍රතිචාර වලට හැම විටම සංවේදියි. මොකද ඔවුන් අවංක නිසා.

Advertisements

11 Comments

Filed under Opinion, Social

11 responses to “Ehipassiko!

  1. කොච්චර කිවුවත් මම අහන්නැති දෙයක් තමයි හරියට භාෂාවල් හදාගන්නැතිවීම. ඒ ගැන හිතද්දිත් මට හරිම බෝරින්. කියවන අයට තෑගි දෙන්න ඕනි මාර අපහසු ඇති. මොකද කෙලින්ම බ්ලොග් පේජ් එකේ ටයිප් කරලා පබ්ලිෂ් බොත්තම ඔබනවා මිසක් ආයේ බැලිල්ලක් නැහැ මගේ. ආයේ බලන්න හිතෙන්නේම නැහැනේ(ලියන ඒවා ඒතරම් රසයි)

    සංස්ක්රුත පාලි වගේ මැරිච්ච ඒවත් එක්ක පෙරදිග භාෂා දුසිමක් විතර යන්තම් වනාගන්න පුලුවන් කියලා කලක් හරියට මගේ ඔලුව ඉදිමිලා තිවුනා. ඒත් මගේ හොදම යාලුවෙක්ට භාෂා 30 ක් විතර පුලුවන්. ඉතින් ඉදිමුම කොහේන් ගියාද නැහැ.

    නමුත් ආයේමත් මට තවත් භාෂා කීපයක් වනාගන්න ඉගෙනගන්න වෙලා. ඉවරයක් නැහැ.

    වාක්‍යයක් ඉවරවෙලා තිතක් තියන්න. ඉංගිරිසි වාක්‍යක් නම් කැපිටල් අකුරකින් පටන්ගන්න වගේ පොඩිම දේවල් පවා මගෙන් අතෑරෙනවා. ප්රූෆ් රීඩර් කෙනෙක්ව ගන්න ඕනි.
    🙂

    • ප්රූෆ් රීඩර් හැටියට අර සරල කතා කියන්න කියා හිතාගෙන ඉන්න මනුස්සය ගන්න. හැබැයි, එයිට කලින් මා ඔබගේ ප්‍රතිචාරයේ වාක්‍ය දෙකක් අතර ඉඩ නම් හැදුවා.

      මා කලින් ලියා තියන හැටියට (ඔබ එය කියවන්න ඇතැයි සිතමි) තමන්ගේ අවශ්‍යතාවය අනුව භාෂා ඉගෙන ගත්තාම ඇති. භාවිතා නොවනවා නම්, ඉගෙන ගත්ත වුනත් භාෂාවක් අමතක වෙනවා.

  2. Pingback: Ehipassiko! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. කාලෙකින් ජාලේ පැත්තේ ආවේ නෑ මචං. නමුත් මට වැරදුනා. සමාවෙන්න කියන්න හිත හදාගන්න මාරම ගටක් තියෙන්න ඕනෙ බං.

    ඇයි තව එකෙක් ඉස්සර කරන්න එනකොට නිහතමානීව ඌට ඉඩ දෙන්න හිත හදාගන්න එක. 😀

    • Welcome back macho! Frankly speaking, I have been wondering what had happened to you. Did not want to intrude. 🙂

      (Malmi, I will reply you soon!) 🙂

    • හෙන්රි ඡන්ද වැඩට ලංකාවට ගිහින් කියලා ආරංචියක් ආවා…. 🙂

      මම හිතන්නේ අපේ සමාජයේ හීනමානය කියන එක සාපේක්ෂව වැඩියි. ඒ නිසාම පොරත්වය කියන එකත් වැඩියි. ඒ නිසා තමන් වැරදියි කියන කාරණය පිළිගන්න බහුතරයක් කැමති නැහැ. අනික වැරදීම් වලට අපේ සමාජය සලකන ආකාරයත් බලපානවා ඇති. වැරදීමක් පිලිගැනීම දුර්වල ගතියක් විදිහට නේද බොහෝ දෙනා දකින්නේ. වැඩ කරන තැනක උණත් වැරදීමක් පිළිගැනීමට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ.

      ඕකෙම තව පැත්තක් තියනවා.. හැඟීම් විරහිතව වැරදි පිලිගැනීම. සමහරු ලේසියට ‘සොරි’ කියනවා, ප්‍රශ්නෙන් ගැලවෙන්න… පෞද්ගලිකව මම නම් වඩා අකමැති ඒ බොරු ‘සොරි’ එකට…

      • හෙන්රි, කොහෙද බං ගිහින් හිටියේ?
        හරි ඇත්ත, ගටක් වගේම පුරුද්දක් තියෙන්න ඕනේ. අපට ඒ දෙකම නැහැ. මාත් මෙය සීතලම අයින් කර ගත්තේ, ගොඩක් වෙලාවට පරිසරයේ දකින දේවල් නිසා. අපට ලංකාවේ එහෙම ආදර්ශයට කිසිවෙකු නැති කමත් ප්‍රශ්නයක්.

        • තිසර හරියටම කියා තිබෙනවා. ම මේ ගැන ලියන කොට කිසිවෙකුට ඇඟිල්ල දිගු කරන්න නොගියේ අන්න ඒ නිසාම තමා. මෙය සමාජමය ප්‍රශ්නයක්. එක අයෙකුට පමණක් සීමා වුන දෙයක් නොවේ.

          පොරත්වය කියන දේ අපේ සමාජයේ තදින් තියනවා. නිකමට හෝ පොරත්වය (ඇති දෙයක් නැතුව පවා) නොපෙන්වුවොත්, ඒ මිනිහව කිසිවෙකු ගණන් ගන්නේ නැහැ නේද? ඒ වගේම ඔබ කියනවා වගේ, වැරදීම තුච්ච කමක් (සමාව දීම එයිටත් තුච්ච කමක්) කියා සමාජයේ මතයක් තිබීමත් මෙයට හේතුවක් විය හැකියි. අනෙකා ගැන සිතන එක, කණගාටු වන එක අපට කොච්චර වුනත්, ටිකක් ආගන්තුකයි. ගොඩක් දෙනා අනෙකා ගැන දුක් වන්නේ, තමන්ට පිං ලැබෙනවා කියල සිතන විටදී විතරයි.

          අර සිඩ්නි වල සිද්දියේදී පවා, නොකියා කියන්නේ ඕකුන්ට ඔහොම වෙලා මදි කියල. මෙහෙ සුද්දන් (බහුතරයක්) සුනාමි හෝ වෙන ඛේදවාචයක් වුනවිටදී එහෙම සිතන්නේ නැහැ නේද?

          පොරත්වය විතරක් නොවේ, අපේ යටි සිතේ තියන නොමිනිස් කම සමහරවිට, තේරුම් ගන්න අපහසු දෙයක්. මගේ පරණ සටහනක කවුරු හෝ අමුණා තිබුණ (Pingback) වෙනත් බ්ලොග් සටහනක් මා ඊයේ පෙරේද උඩින් පල්ලෙන් කියෙවුවා. මේ පොරට තද වෙලා තිබුණේ, මා අර බාලචන්ද්‍රන් ගැන ලියපු සටහනට. මා එම තුච්ච ඇමුණුම ගලවා දැම්මා. මොකද එය කොමෙන්ටුවක් නොවන නිසා. මෙන්න අපේ පොරවල්ගේ හැටි.

  4. ඔය අන් රටවල වගේ නෙමෙයි ලංකාවේ අය අතින් වැරදීම් වෙනවා අඩුයි. එය සාක්ෂි වලින් වුනත් පෙන්නන්න පුලුවන්. ඔය හුඟක් රටවල වගේ අපේ අය තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ නෑ. ඒ කියන්නෙ වරදින්නේ නෑ.සමහරවිට ස්වාභාවික අනතුරු හෝ බටහිර විජාතික බහුජාතික අන්තර්ජාතික අධිරාජ්යවාදී කුමණ්ත්‍රන නිසා සමහර සිද්ධි වෙනවා. අපේ වැරදි නිසා නෙමෙයි

    • හේ! හේ!! දැන් විජාතික බහුජාතික අන්තර්ජාතික අධිරාජ්යවාදී කුමණ්ත්‍රන නිසා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියි වගේ නේද?
      අන්න මේ බහුජාතික බලපෑම් නිසා රජ කුමාරවරුන් අස්සයන් පදිනවා කියා, රජාම පිළි අරන්.

      • නුවර කුමාරි

        Pra Jay ගේ පලවෙනි වාක්‍ය කියවන්න ගිහින් මම තව ඩින්ගෙන් පුටුවෙන් වැටෙනවා.. හය්යෝ….. හය්යෝ….

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s