Getting rid of “the Rogue elephants” and Roguing infected Banana plants! (2)


elephant

කල්‍යාණගේ ප්‍රතිචාරය දුටුවහම මේ ලියන්න හදපු දේ ඒ විදිහටම ලියනවද කියන ප්‍රශ්නය මට ආව. දැන් මේ ඕස්ට්‍රේලියානු කෙහෙල් වවන්නන්ගේ සංගමය, පිටින් කෙහෙල් ආනයනය කිරීමට විරුද්ධ ඇයි? එකක් තමා වෙළඳපොලේ තරඟකාරිත්වය ඉවත් කිරීම නේද? හැබැයි ඔවුන් වැඩියෙන් ඉදිරිපත් කරන අනෙක් කරුණ තමා මා මේ ලියන්න හිතුවේ.

පිටින් රෝග හා පලිභෝධකයන් එන එක වලක්වන්න තමා කෙහෙල් ආනයනයට ඔවුන් විරුද්ධ. ඕස්ට්‍රේලියාව දූපතක් නිසා, පිටින් එන දේවල් හා මිනිසුන් අනෙක් රටවලට වඩා පාලනය කරන්න හැකියාව ලැබෙනවා.

දැන් මේ කෙහෙල් වලට හැදෙන ප්‍රධාන රෝග ගණනාවක් තියනවා. ඉන් එකක් නම් අප කවුරුත් දන්නවා. මේ රෝගය නිසා එක්දහස් නවසිය විසි ගණන් වල ඕස්ට්‍රේලියානු කෙහෙල් වගාව සම්පුර්ණයෙන්ම පාහේ අතු ගෑවුණා යයි පැවසෙනවා. එහෙම බලන කොට අරයලගේ, ඉල්ලීමේ සාධාරණත්වයක් තියනවා.

BBTV රූපවාහිනී සේවාව කොයි රටේද තියෙන්නේ? නැහැ, බීබීටීවී කියන්නේ වයිරසයක්. හරියටම කියනවා නම්, the Banana Bunchy Top Virus (BBTV). මෙන්න මෙයාල කෙහෙල් ගහකට ආපුවහම තමා, වඳ පිදීමේ කියන රෝගය ඇති වන්නේ. මේ වයිරසය ප්‍රචාරණය වන්නේ වාතයෙන් නොවේ, වාහකයෙකු මගින්.

කෙහෙල් වඳ පිදීමට ඉංගිරිසියෙන් කියන්නේ “Banana bunchy top disease”. දැන් මේ කෙහෙල් ගහක් වඳ පීදුනහම වෙන දෙය අප දන්නවනේ. ඒ නිසා මෙහි ලක්ෂණ මා විස්තර කරන්න යන්නේ නැහැ.

දැන් මේ රෝගය ඇති වන්නේ වයිරසයක් නිසානේ. ඒ නිසා බෙහෙත් (පලිභෝදනාශක) නැහැ. මේ වයිරසයට ප්‍රතිරෝධී කෙහෙල් වර්ගයක් තාම හදලත් නැහැ. නමුත් ජාන තාක්ෂණයෙන් මෙවැනි කෙහෙල් වර්ගයක් නිපදවීම පිලිබඳ පර්යේෂණ ඉදිරියට යනවා.

දැන් ඒ නිසා මේ රෝගයට එරෙහිව ගන්න පුළුවන් පියවරයන් දෙකයි තියෙන්නේ. එකක් තමා මේ රෝගය බෝ කරන සත්ත්ව වාහකයා වන කූඩිත්තා (aphid) විනාශ කිරීමට කෘමිනාශක භාවිතය. දෙවෙනි විදිහ මොකක්ද කියලද ඔබ සිතන්නේ?

ඉංගිරිසියෙන් “rogue” කියන නාම පදය (විශේෂණය) අප දන්නවනේ. ඒ කියන්නේ ‘a dishonest or unprincipled’ මිනිහෙක් ගැන කියන විට, නැත්නම් නොසන්ඩාල සතෙක් ගැන කියන විට භාවිතා වන්නක්. ප්‍රවුර්ති වලින් නිතර අහන්නට ලැබෙන දෙයක් තමා ඇමෙරිකාව විසින් පුහුණු කරපු ඇෆ්ගනිස්ථාන හමුදාවේ ඉන්න රෝග් සොල්දාදුවන්. මෙයාල ඇතුලේ ඉඳන්, වැඩේ දීල පනිනවා.

එතකොට රැහින් පිටවෙලා නොසන්ඩාල වැඩ කරන තනි අලින් හැඳින්විමේදීත් රෝග් කියන වචනය භාවිතා වෙනවා. මේ වගේ අලින් ගම්මාන වනසනවා. නමුත් ඔවුනට ඒ සඳහා හේතුත් තියනවා. මේ සමග කදිම ඇමුණුමක් ඇති. වෙලාවක් ලැබුනොත් කියවන්න.

දැන් මේ සමහර නොසන්ඩාල අලි, ඇතුලේ ඉඳන් වැඩේ දෙනවා විතරක් නොවේ, මිලියන ගණන් අරන් පනිනවා කියලත් තව කතාවක් තියනවා. මුන්ට නම් කරන්න ඕනේ දෙය “rogue” කියන ක්‍රියා පදයෙන් විස්තර වන දේ වෙන්න ඕනේ. මා කියන්නේ භෞතික විනාශ කිරීමක් නොවේ. එවැනි නොසන්ඩාල අලි හෝ කොටි පවා මහජන චන්දයකදී අතු ගාල දැමීමේ හැකියාව ජනතාවට තියනවා.

දැන් මේ rogue කියන ක්‍රියා පදයෙන් කියන්නේ කුමක්ද? මෙය කෘෂිකර්මයේ භාවිතා වන දෙයක්. එනම් to remove inferior or defective plants or seedlings from (a crop). ඒ කියන්නේ රෝග වැළඳුන හෝ වෙනත් විකුර්ති පැලෑටි/භෝග, වගා භූමියෙන් සහමුලින් ඉවත් කිරීම.

අන්න ඒක තමා කෙහෙල් වඳ පිදීමේ රෝගය පාලනය කිරීමේ අනෙක් පියවර. මෙවැනි පියවර මගින් ඕස්ට්‍රේලියාවේ කෙහෙල් වවන බොහෝ ප්‍රදේශ වලින් කෙහෙල් වඳ පිදීමේ රෝගය තුරන් කර තිබෙනවා.

දැන් කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය කියන්නේ වෙළඳ කර්මාන්ත. ලාභ සෙවීම සඳහා පවත්වාගෙන යන ක්‍රියා කාරකම්. ඒ නිසා රෝග, ලෙඩ එක්කෝ නැති කරගෙන, නැත්නම් පාලනය කරගෙන තමා කර්මාන්තය ගෙන යන්න වන්නේ. එහිදීත් අඩුම පිරිවැයක් යොදා ගෙන මේවා කළ යුතුයි. නැත්නම් විකුනන්න වෙන ගාණ ඉහල යනවා. ලෝකේ අද තියෙන්නේ රටවල් අතර වෙළඳාමක් නිසා, තමන්ට අඩු ගාණට බඩු දෙන්න බැරි නම්, වෙන දෙන්න පුළුවන් අය ඒ අවස්තාව ගන්නවා.

හැබැයි ඕස්ට්‍රේලියානු කෙහෙල් කර්මාන්තය, ඇමෙරිකාවේ හා කැනඩාවේ කෘෂිකර්මාන්තය වගේ තැන් වලදී මේවාට “නිදහස්” වෙළඳපොල කියලම කියන්න බැහැ. නමුත් තිරිඟු වගේ දෙයක් ඕස්ට්‍රේලියාව රට යවන විටදී, අනෙක් රටවල් සමග මිල සඳහා තරඟ කරන්නට වෙනවා. විශේෂයෙන් මහජන මුදල් දමා ආරක්ෂා කර තිබෙන, ඔය වෙනත් රටවල් වල ගොවින් සමග.

දැන් කුකුලන්ට කුරුළු උණ හෝ හරකුන්ට කුර කුණු වීමේ රෝග වසංගතයක් මෙන් පැතිරෙන විට, මේ සතුන් දහස් ගාණින් නැත්නම් ලක්ෂ ගාණින් විනාශ කිරීමේ (මරා දැමීමේ) අවස්ථා අප අහල තිබෙනවා. මොකද කලින් කියුවා වගේ මේවා කර්මාන්ත. ඔබ එහෙම කෘර කම් වලට විරුද්ධ නම්, පළමුව මාංශ භාක්ෂණයෙන් සම්පුර්ණයෙන් මිදිලා ඉන්න ඕනේ. ඉන් පසුව අනෙක් අයත් ඉන් මුදවා ගන්නට ඔබට කතා කරන්න පුළුවන්.

කෙහෙල් වැනි වගාවකට රෝගයක් වැළඳුන විටත් ඒ වගේ, අනෙක් ක්‍රම වලින් රෝගය මර්ධනය කරන්න බැරි අවස්තාවක අර රෝගින් (ලෙඩුන් නොවේ ඉංගිරිසි roguing) ක්‍රමය අනුගමනය කරනවා. මේවත් කර්මාන්තනේ.

දැන් මේ දිනවල උතුරු හා මධ්‍යම අප්‍රිකාවේ එබෝල කියන වයිරස් රෝගය මහා ප්‍රශ්නයක්. මේ රෝගයේ තියන මහා භයංකාරකම තමා, තමන්ගේ දරුවන්ට හැදුනත් අම්මලට ලංවීමට බැරිකම. බිරිඳට,සැමියාට, අම්ම හා තාත්තට හැදුනත් එහෙමයි. මියගියහම වතාවත් කරන්න බැහැ. මොකද අන් අයටත් ඉන් බෝ වෙනවා. බෝ වුනොත් මරණීයයි. මේ රෝගය පැතිරීමටත් මේ හේතුවම ගොඩාක් දුරට බල පා තියනවා.

අන්න ඒ නිසාම තමා මේ වසරේ ටයිම් සඟරාව වසරේ මිනිසා ලෙස නම් කර තිබුනේ “the Ebola Fighters”. ඔවුන් අතර අප්‍රිකානු හා හතර අතින් ආපු දොස්තරලා හා වෛද්‍ය සහායකයන්, හෙදියන් හා වෙනත් මිනිසුන් ඉන්නවා. මෙයින් සමහර දෙනෙක් කොතරම් ආරක්‍ෂිත ඇඳුම් භාවිතා කෙරුවත් රෝගයට ගොදුරුව මිය ගියා.

ටයිම් සඟරාවේ වසරේ මිනිසා සාමාන්‍යයෙන් එතරම් ගණන් ගන්න බැරි වුනත්, මෙදා නම් ඇත්තටම හරි කෙනා තෝරලා තියනවා කියල මා සිතන්නේ අන්න ඒකයි.

මා කතාවක් කියන්නම්. මගේ ප්‍රධානියාගේ සහෝදරයා දැන් සති දෙක තුනකට කලින් ඔහුව බලන්න වෙන ප්‍රාන්තයක සිට ආව. දවසක් ඔහු කිවේ, අද මගේ සහෝදරයා යන්න ගියා, සමහරවිට මා ඔහුව (සහෝදරයාව) දැක්ක අවසන් වතාව මේක වෙන්න පුළුවන් කියා. මොකද ඔහු අප්‍රිකාවේ එබෝල රෝගයට ප්‍රතිකාර කරන කණ්ඩායමක් සමග ස්වෙච්චා සේවකයෙකු ලෙස යන්න නම දාල. එහි “පුහුණුවට” යන්න කලින් තමා මෙහෙ ඇවිත් සහෝදරයා බලල ගියේ.

දැන් කෙනෙකු යෝජනා කලොත් එබෝල වලට විසඳුම, එම රෝගය හැදුන පවුල් පිටිං, අර වඳ පිදුණ කෙහෙල් ගස් මෙන් roguing කළ යුතුයි කියල ඔබට මොකද හිතෙන්නේ. මිනිස් සමාජය කියන්නේ අර වගේ කර්මාන්තයක් නොවේ. මේ බටහිර ඉතාම ජරා මිනිසුන් හිටියත්, මෙවැනි දෙයක් ප්‍රසිද්ධ මාධ්‍යයකින් කියන නරුම මිනිසුන් නැහැ. තමන්ගේ ජීවිතය පරදුවට තබා, තමන් නොදන්නා, ජිවිතයට මුණ නොගැසුණ මිනිසුන් වෙනුවෙන් බෙහෙත් දෙන්න යන්න ඉදිරිපත් වෙන මිනිසුන් අපට ලෝකය ගැන යහපත් බලාපොරොත්තු ජනිත කරනවා.

නමුත් අප ධර්මදීපය කියන අපේ මවු බිමේ, අපරාධ කරපු දෙමාපියන්ගේ දරුවන් කෙහෙල් මොටයි මෙන් උදුරා දමන්න යෝජනා කරන මිනිසුන් ඉන්න විට, කෘෂිකර්මයේ යහපාලන ගැන මොන කතාද මහේෂ් මල්ලි?

https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcRyiI_mlUADP1X3DGHbH2lj7pc4gWBwRUOhNxaVZut1JT2mQfndJw (මේත් ඔය අප්‍රිකාවේ නොසන්ඩාල අලින් කරණා තවත් වැඩක්!).

පලි
මගේ සටහනක ඇමුණුමක් ලෙස කවුරුන් හෝ දමා තුබුණ extraordinarily bizarre සිතිවිලි සහිත බ්ලොග් සටහනක් උඩින් පල්ලෙන් බැලීමෙන් මෙය යලිත් ලියන්නට සිතුණා.

කියවන්න පුළුවන්නම්:

http://abgc.org.au/projects-resources/strategic-plans/#sthash.O63RPRJ5.dpuf

https://books.google.com.au/books?id=tgl_-tu6rpgC&pg=PA118&lpg=PA118&dq=roguing+in+banana&source=bl&ots=AhAC5vkRxs&sig=tn_M9mbTA-HZv7e8HUOKpJV3LmU&hl=en&sa=X&ei=aAKSVJnzJI_88QXst4DQCg&ved=0CFMQ6AEwCQ#v=onepage&q=roguing%20in%20banana&f=false

http://www.independent.co.uk/environment/animal-behaviour-rogue-elephants-419678.html

https://www.google.com.au/?gws_rd=ssl#q=rogue+meaning

https://www.daff.qld.gov.au/plants/fruit-and-vegetables/a-z-list-of-horticultural-insect-pests/banana-aphid

https://www.daff.qld.gov.au/plants/health-pests-diseases/a-z-significant/bunchy-top

http://en.wikipedia.org/wiki/Banana_bunchy_top_virus

http://en.wikipedia.org/wiki/Banana#Cavendish

http://abgc.org.au/projects-resources/strategic-plans/

http://abgc.org.au/projects-resources/industry-projects/banana-bunchy-top-virus/

https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSDjac_-F7Dpan8sma9Gih1-KmvPMwgTOtj5-sa5fl42jeh2Qk-0w

Advertisements

2 Comments

Filed under Agriculture, Opinion, Social

2 responses to “Getting rid of “the Rogue elephants” and Roguing infected Banana plants! (2)

  1. රෝගයත් ප්‍රථිකර්මයත් අපූරුවට පැහැදිලි වුනා.. අර කලින් පෝස්ටුවේ මගේ කොමෙන්ටුවට ඔබ දීපු උත්තරේ වගේ.. ඔබේ මේ ලිපියත් ද්විතීයයි.. ඒ වගේම ලියවිල්ල අද්විතීයයි.. ජය ශ්‍රී!

    • මගේ මේ ලිපිය, ද්විතීයයි, එයට ඔබ දමපු මේ කොමෙන්ටුව අද්විතීයයි (දැන් වෙන කෙනෙකුට “මා අද එක” කියන්න බැරි නිසා).

      කල්‍යාණ තමන් කැමති නිසා හා ප්‍රයෝජනයක් තියන නිසා කියවන අයට මා කැමතියි. ඒ අතින් ඔබ කල්‍යාණ මිත්‍ර. ඔබත් දකිනවා ඇති බොහෝ වැඩිපුර කියවන තැන් වල ඉන්නේ, ඒ ලිවීම් වලට ආදරය කරන පිරිස් නොවේ, වෛර කරන පිරිස්. මෙවැනි මිනිසුන් ඇත්තටම බලාපොරොත්තු වන්නේ කුමාක්ද යන්න පැහැදිලි මදි.

      ඔබගේ ඇගයීමට ඇත්තටම ස්තුතියි! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s