Home composting!


මා හිටවපු භෝග වලින් දැනට නැගලා යන්නේ වට්ටක්කා පැල ටික. ගෙඩි දෙක තුනක් දැනට තියනවා. කෘතිමව පරාගණය කරන්න වුණා. නැත්නම් ගෙඩි හැදෙන්නේ නැහැ. මි මැස්සන් නම් ඉන්නවා. කුඹිත් ඉන්නවා. නමුත් සමහර විට හරි යන්නේ නැහැ.ගැහැණු හා පිරිමි මල් වෙනම හැදෙන, වට්ටක්ක වල මල් උදේට පිපිලා, හවසට පර වෙන නිසා කෘතීම පරාගණය කරන්න අවස්තාව ලැබෙන්නේ සති අන්තයේ පමණයි.

දැන් මේ වගේ පොඩියට කරන ගෙවතු වගාවකට ඔය කොම්පෝස්ට් ටිකක් දැම්මට නරකක් නැහැ. දැන් ඇහැ ගහගෙන හිටියට කියවා ගන්න බැරිවුණ, කලින් බාගෙට ලියපු කොම්පෝස්ට් කතාව ලියල දාන්න බලමු. කොට කෑලි තියා ගැනීම ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් “කොට කෑලි” ටික අවසන් කරන්න උත්සහ ගැනීම වත් හොඳ දෙයක්.

දැන් අප කොම්පෝස්ට් වලින් වෙන්නේ මොකක්ද කියලම පටන් ගමු නේද? කොම්පෝස්ට් කියන්නේ යම්තරමකට දිරාගිය කාබනික ද්‍රව්‍ය. මේවා පසට එකතු කිරීමෙන් බහුවිධ ප්‍රයෝජන ලැබෙනවා.

එකක් තමා පසේ ව්‍යුහය දියුණු කරනවා. ඒ කියන්නේ තද පසක් නම් එහි තද ගතිය අඩු කර මුල් ගමන් කිරීමට හිතකර තත්වයක් හදනවා. වැලි පසක් නම් ජලය රඳවා ගන්න එක වැඩි කරනවා.

කොම්පෝස්ට් පසේ ඉන්න ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජිවින්ට අවශ්‍ය ආහාර ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා. ඒ විතරක් නොවේ, ශාක වලටත් අවශ්‍ය මූල ද්‍රව්‍ය සපයන ප්‍රභවයක් ලෙසත් ක්‍රියා කරනවා.

පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රශස්ත මට්ටම තබා ගැනීම මගින් හිතකර ක්ෂුද්‍ර ජීවින් ගහණය වැඩිකර ගන්න විට, ශාක වලට හැදෙන රෝගත් අඩුවෙනවා.

ගෙදර කුස්සියෙන් ඉවත දාන එළවලු කොටස් හා වත්තේ එකතු වන කොළ වගේ දේවල් යොදාගෙන කොම්පෝස්ට් නිපදවීම මගින් අපත් කරුණු දෙක තුනක් ඉටු කර ගන්නවා. එකක් තමා ගෙවත්තේ මල්-පළතුරු-එළවලු වවනවා නම්, ඒවාට අවශ්‍ය පොහොර වලින් කොටසක් නිපදවා ගැනීම. එහිදී හදා ගන්නා නිෂ්පාදනයේ ප්‍රමිතිය පවත්වා ගැනීමේ හැකියාව අපට තියනවා. ඔය කඩවල් වල පැකට් කරලා විකුනන්නේ මොන දහ ජරාවද කියල කවුද දන්නේ?

එයිට අමතරව ඔබ නාගරිකව ජිවත් වෙනවා නම්, ගෙවත්තක් ද තියනවා නම්, ගෙදරින් ඉවත යන “කුණු” ප්‍රමාණය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරන්න පුළුවන්. පරිසරය රැක ගන්න, සම්පත් නාස්තිය අඩු කර ගන්න බ්ලොග් ලියනවට වඩා සිය ගුණයකින් ප්‍රොයෝජනවත් දෙයක් එවිට ඔබ කරනවා.

හැබැයි අප මතක තියා ගන්න ඕනේ කොම්පෝස්ට් වල අඩංගු වන පෝෂක හරි අඩුයි. පොහොර වලින් ශාක වලට ලබාදෙන ප්‍රධාන මුලද්‍රව්‍ය වන නයිට්‍රජන් කොම්පෝස්ට් වල අඩංගු වන්නේ 1.5-3.5% වගේ ප්‍රමාණයක්, පොස්පරස් නම් 0.5 – 1% ක් වගේ,පොටෑසියම් 1-2% ක් වගේ. මේවට අමතරව ක්ෂුද්‍ර මුල ද්‍රව්‍යද අඩංගු වෙනවා. අන්න ඒකයි කියන්නේ කොම්පෝස්ට් කියන්නේ පොහොරකට වඩා පසේ ගුණාංග දියුණු කරන ද්‍රව්‍යයක් කියා.

මතු සම්බන්දයි (උපේක්ෂා මේ යන අත හොඳද?)!

Advertisements

9 Comments

Filed under Agriculture, Food

9 responses to “Home composting!

  1. Pingback: උඩ පලගත්තත් වට්ටක්කා! Home composting! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කුරුටු ගෑ ගී පවුර

    හොදා හොදා…………………..

    • එහෙම නම් හරි. මොකද මේ සටහන් වෙනස් කරන්න සුදානම්, ඔබගේ ඉල්ලීම් වලට අනුව.

  3. අගෙයි. වට්ටක්කා වැලේ පින්තූරයකුත් දාමු!

    • පෙනෙනවානේ මලිති පින්තුර බ්ලොගයට වෙලා තියන දේ? හික්!
      (දාන්න බලන්නම්, වැල නොවේ, ගෙඩියක්)! 🙂

  4. කෘතිම පරාගනය කරන්නේ කොහොමද කියලා ලිව්වනම් මරු. මගේ වට්ටක්කාවල ගෙඩි දෙකක් ඉත්තෑවා කනලදි.

    • නියම වචනය අත්-පරාගණය වෙන්න ඕනේ චෙෆ්, මොකද එය කෘතීම දෙයක් නොවන නිසා. මිනිසාගේ මැදිහත් වීමක් පමණයි.
      මෙන්න සුකිනි (වට්ටක්කා වගේම තමා) පරාගනය කරන හැටි. how to pollinate pumpkin යන මාතෘකාව යටතේ යු ටියුබ් වීඩියෝ ගොඩක් තියනවා චෙෆ්, මා තෝරා ගත්තේ කෙටිම වීඩියෝ වක්. පිරිමි මල කපල අතට අරන්, එහි රේණු වල ඇති පරාග, ගැහැනු මලේ කලංකයේ (ස්ටිග්ම) වල තවරන්න. නැත්නම් පිරිමි මල කපන්නේ නැතුවම පින්සල් බුරුසුවක් භාවිතා කර පරාග ගැහැණු මලේ තවරන්න පුළුවන්.
      (ගැහැණු මල නම් කපන්න එපා රජෝ!) 😀


      (http://www.familymanagement.com/holidays/flowers/flower_anatomy.html)
      දැන් චෙෆ් අර ඉත්තෑවා අල්ලන් කෑව නම්, හරි! 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s