ලෝකේ තියෙන්නාවූ අවුල්!


පොඩි කාලේ කියවපු කතා බොහොමයක හිටියේ නරින්. මේ නරි නිකම්ම නරි නොවේ, හරි කපටි එවුන්. එක සෝවියට් ළමා කතා පොතක අර තුන් යහළුවන් ගේ කතාව තමා මට හොඳටම මතක. මේකේ යාළුවන් තුන් දෙනා, කුරුල්ලෙක්, පූසෙක් හා කුකුලෙක්. දැන් පූසයි කුරුල්ලයි දවල්ට දර කපන්න කැලේ යනවා, ගෙදර තනිවම කුකුලා විතරයි.

තනිවම කුකුලන් ගෙවල් වල ඉන්න වෙලාවට, ඒ පැත්තේ යන්න හොඳ නැහැ. නමුත් මේ ගෙදරට දවල්ට නරියෙක් එනවා. අපේ පුතාල මේ කතාව දන්නවා. මොකද එයාල පොඩි කාලේ කතන්දර කියන්න කියුවහම පට්ට ගැහුව කතාවක් තමා මේක. සමහර දාට අපේ චූටි කියනවා, නෝ, තාත්තේ අදත් ඒකමද කියා. ඒ නිසා පසුව මා වර්ෂන් දෙක තුනක් හැදුවා.

දැන් මේ නරින් අනික් සතුන්ට වඩා කපටිද? එහෙම සොයා ගෙන නැහැ. හැබැයි අප අදත් හිතනවා නරින් නම් හරි කපටියි කියා. අපේ තාත්තා කියපු කතාවක් තමා අර පඹ ගාලේ පැටලුන නරියා කියපු කතාව. එනම් “ලෝකේ තියෙන්නාවූ අවුල්” කියන එක.

මේ කතාව අද මට මතක් වුණේ, අපට අල්ලපු ගෙදර මනුස්සයාගේ කතා අහල. මේක ලියන්නේ, ලෝකේ තියෙන්නාවූ අවුල් ඔබටත් දැන ගන්න.

මා කලින් සටහනක ලියා ඇති තියනවා අසල වැසියන් කියන්නේ ඇතුවත් බැරි, නැතුවත් බැරි කොට්ටාශයක්. මෙන්න ඒ කතාව. මේකේ තියනවා මෙයාගේ, අනවසර ඉදි කිරීමක් ගැන. මට ඕනේ නම්, ඒ ගැන පැමිණිලි කරන්න තිබුණා. නමුත් කළේ නැහැ. මොකද අප ලෝකයේ ඉන්නේ, එකක් ටික කාලයයි. අනෙක මේ නිවාස වලත් අපත් කොතරම් කලක් ජීවත් වෙයිද කියලා අපටම විශ්වාස නැහැ.

හැබැයි මා දවසක් මා කියුවා, උඹේ ඔය අටමගල මට ඕනේ නම් අයින් කරන්න පුළුවන්. නමුත් මා එහෙම කරන්නේ නැහැ කියා. එදා ඉඳන් (කලින් හොඳින් කතාබහ කරපු) මෙයා මගෙත් එක්ක එතරම් හිත හොඳ නැහැ.

අද දවල් මා මිදුලේ වැඩක් කරමින් ඉන්න විට, පොර තකහනියක් මා සොයාගෙන ආවා. උඹ දන්නවද, මා මේ දවස්වල ඉන්නේ ඔලුව ගිනි අරං. මගේ ගරාජ් එක (අර අටමගලය) ගලවලා අයින් කරන්න වෙලා. මේක කවුද පැමිණිලි කරලා.

මා කියුවා, උඹ දන්නවද, ඕක මටත් අයින් කර ගන්න ඕනේ, නමුත් මා අනික් මිනිසුන් ගැනත් හිතනවා, මා නම් ඕක ගැන පැමිණිලි කරන්න ගියේ නැහැ කියා. මිනිහා කියනවා ඔව්, ඒක මා දන්නවා, උඹල හොඳ මිනිසුන්.

මේ කතාව මිනිසුන්ගේ හැටි කියවෙන හොඳ කතාවක්. ඒකයි මා ලියන්නේ. මෙන්න වෙලා තියන දේ.

අරූගේ අට්ටාලය ගැන කොම්ප්ලේන් කරලා තියෙන්නේ, පොරගේ නෝනගේ වැඩිමල් සහෝදරිය. එයාල ඉන්නේ මේ ලඟත් නොවේ. මේ අට්ටාලයෙන් ඔවුනට ඇති කරදරයකුත් නැහැ. ඔවුන් ක්වින්ස්ලන්තයෙන් මෙහෙට ඇවිත් මාස දෙකක් නැවතිලා ඉඳල තියෙන්නේ මේ අල්ලපු ගෙදර.

දැන් මොකක් හෝ පවුලේ හුටපටයකට, අර සහෝදරී මේක පැමිණිලි කරලා. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවෙන් ඇවිත් අර අට්ටාලය කඩල අයින් කරන්න කියල. ඒ විතරක් නොවේ, එය කළ යුත්තේත් ඒ සඳහා අනුමැතිය ලත් සමාගමක් ලවා. නැත්නම් දඩේ එයිටත් ලොකුයි.

කතන්දරේ එතනින් ඉවර නැහැ. මෙයාගේ බිරිඳට තව සහෝදරියක් ඉන්නවා. එයා එක්කත් මෙයාල දැන් හිත හොඳ නැහැ. එච්චර විතරක් නොවේ, මේ මිනිහටත් මේ කැන්බරා වලම අම්මා හා සහෝදරියන් දෙන්නෙකු ඉන්නවා. මිනිහා කියුවේ, කඩේක දැක්කත්, ඔවුන්, මෙයා එක්ක කතා කරන්නේ නැහැ කියලා. මිනිහා කියුවේ ඉරිසියාව තමයි මේ සේරටම හේතුව කියා.

යටින් තියන කතා මා දන්නේ නැහැ. අප නම් ගොඩක් වෙලාවට කනගාටු වෙනවා අපේම කියලා කිසිවෙකු මේ රටේ නැති එක ගැන. බලන්න දැන් තමන්ගේ හා බිරිඳගේ සියලු පවුලේ උදවිය එකම නගරයක ඉඳලත් කරගෙන තියන සංගෙදිය.

මේ අල්ලපු ගෙදර පවුල අප සලකන්නේ, හොඳ මිනිසුන් වශයෙන්. මොකද පොර අපතයෙක් නොවේ. රැකියාවක් කරනවා. නෝනත් ගෙදර ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කරනවා. තමන්ගේ ශ්‍රමයෙන් ජිවත් වෙන උදවිය. අපටත් කරදරයක් නැහැ (අර අට්ටාලය හැරෙන්නට).

ඒ විතරක් නොවේ, මිනිහා දුක කියන්න තමා ආවේ. නමුත් එතනදිත් දෙතුන් වතාවක් කියුවා, උඹලා අපේ සහෝදරියන්ට වඩා හොඳයි කියා. හෙක්!

අර අට්ටාලය කැඩෙන එක ගැන මට නම් සතුටුයි කියා, මා මිනිහගේ මූණටම කියුවා. නමුත් ඒ සතුටට යටිං මට දෝමනස්සයකුත් තියනවා.

Advertisements

15 Comments

Filed under Opinion

15 responses to “ලෝකේ තියෙන්නාවූ අවුල්!

  1. Pingback: ලෝකේ තියෙන්නාවූ අවුල්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. kathandarakaraya

    අසල්වැසියාට ප්‍රේම කරන්න

  3. කුරුටු ගෑ ගී පවුර

    අසල්වාසීන්ගෙන් පරිස්සම් වන්න………….. අගේ ඉදන් කන කණ උන් වැඩිය……. මේ කතාවෙදිත් පේනවානේ………. ලගම ඒවුන් තමයි ෂුවර් නැත්තේ

    • මේ කතාවේ ගන්න පුළුවන් පාඩමක් තමා, පාඩම් ඉගෙන නොගැනීමේ පාඩම.
      දැන් මේ මිනිහගේ අට්ටාලය ගැන, මා කලින් ඌට කියුවහමා, මුලින් පොර තගරි සයිස් එකෙන් ආව. මා ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ අඬන්න ලං වුණා. එතනින් මා කතාව අල්ලා දැම්ම.

      දැන් බලන්න දෛවයේ සරදම්. මඩුව ගැන පැමිණිලි කර තියෙන්නේ, මඩුවෙන් කරදර තියන කෙනෙක් නොවේ. ඒ විතරක්ද. එයා මෙයාගේ ළඟම ඥාතියෙක්.
      ඊළඟට මඩුව හැදුවේ මිනිහා, නමුත් කඩන්න ප්‍රොෆෙෂනල් උදවු ගන්න වෙනවා.

      ඒ සේරම අමතක කරමු. දැන් ඔබ හිතන්නේ, මේ මිනිහගේ නෝනගේ හා බිරිඳගේ සියලුම සහෝදරියන්, මිනිහා එක්ක තරහා වෙලා තියෙන්නේ, ඔහු කියන පරිදි ඉරිසියාව නිසා පමණක් වෙන්න පුලුවන්ද? දැන් බලන්න ඊයේ ලැජ්ජාවක් නැතුව ඔය කතාව මට කියන්න ආව. දැන් හරිනම් අපත්, මිනිහා සමග තරහ වෙන්න නේද තිබුනේ. අපේ ගොන් කමට හා ලාමක කමට මිනිසුන්ගේ කඳුළු වලට රැවටෙනවා. වෙන කෙනෙකු නම් ඔය මඩුව ගැන, කලින්ම පැමිණිලි කර, මිනිහත් එක්ක කතාවට වත් යන්නේ නැහැ. ඉතිං ඒ වගේ අර සහෝදරියන්ටත්, තරහා වෙන්න සාධාරණ හේතු ඕනේ තරම් ඇති.

      දැන් මේ කෙනා මේ එකකින් හෝ ඉගෙන ගත්ත වගක් නැහැ. මිනිහා අනුන්ගේ කරදර හෝ අනුන්ට වන හිරිහැර සලකන කෙනෙක් නොවේ, නැත්නම් මේ මඩුවක් අල්ලපු ගෙදර මිනිසුන්ට කරදර වෙන විදිහට හදන්නේ නැහැ. ඒ විතරක් නොවේ, ඒ වග කියුවහම හෝ සමාවක් වත් ඉල්ලන්න තරම් නිහතමානි නැහැ.

      මේ වගේ මිනිසුන් කිසිදා හැදෙන්නේ නැහැ. මෝඩ කමටත් වඩා තියෙන්නේ, නරුම කම.

  4. ඔහොම දෙයක් ගැන කම්ප්ලේන් කලාම, කවුද කලේ කියන එක දැනගන්න පුළුවන්ද? මම හිතුවේ ඒවා අදාල ආයතන හෙළිකරන්නේ නෑ කියලා… මේක වෙන ආකාරකින් හෙළි වෙච්ච එකක්ද?

    • මෑන් කටවුට් එකක් ගැහුවනම්?

      • කටවුට් වලින් නවතන්න බැරි පාටක් නේද තියෙන්නේ?

        • නැහැ තිසර. මේ කතාවේ කොටසක් මා කියුවේ නැහැ. ඒ කුණු කරවල කෑලි. මේ පැමිණිල්ල කර තිබෙන්නේ, හොරෙන් නොවේ. මූණටම කියල ගිහිං .

  5. අපේ එවුන් අතරෙත් අවුල් නැතුව නෙවෙයි.. ඒත් මට හිතෙන්නේ අපෙ උන්ගේ ලේ මුන්ට වැඩිය ටිකක් ගනකමයි කියල.. ඒ නිසාම හිත් මුන්ට වඩා ටිකක් බරයි.. හොඳට නරකට දෙකටම.. පරිස්සමින් තෝර ගන්න ඕනි..

    • අපේ අතරෙත්, වෙනත් ජාතින් අතරෙත්, වෙනත් රටවල් වලත් මෙවැනි හෝ මෙයිට වඩා නරක අසල්වැසියන් සමග ඇතිවුන අප්‍රසන්න අත්දැකීම් සහිත පිරිස් ඕනේ තරම් ඇති කල්‍යාණ.
      මෙතනින් අපට ගන්න පුළුවන් පාඩම, නම් නිතිය ක්‍රියාත්මක රටක, හැඟීම් වලට වහල් නොවී නීතියට අනුව කටයුතු කිරීම වඩාත් සුදුසුයි කියන එක.

  6. Anonymous

    ගන්න තියන ආදර්ශ නං අපමනයි. පොදුවේ මට හිතෙන විදියට ටිකක් මොලේ තියන එකකුට පුළුවන් මෝඩයෙක් එක්ක ජීවත් වෙන්න.

    අතුරු ප්‍රශ්නයක්. ඔය ඉදිකිරීම කඩන්න පිලිගත් ආයතනයක් ඕන කියන එක ටිකක් වැඩිපුර පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද මේව අපිට ආගන්තුක කාරණා. අපි හැදුව අපි කැඩුව වගේ වැඩනෙ මෙහේ තියෙන්නෙ. (මේවගේ කාරණා දැනගන්න සෑහෙන දොලදුකක් තියනව. 🙂 )

    • හෑ! මෙන්න මං ඇනෝ වෙලා!

      • එහෙම දොළදුක් තියන එකත් හොඳ කාරණාවක්. දේශපාලනයත් ඕනේ තමා රාජ්. මගේ මතය අනුව දේශපාලනයෙන් තොර කිසිවක් මෙලොව නැහැ. නමුත් කෙලින්ම අදාළ නොවන මෙවැනි කාරණා අප වැඩිපුර ලියන්න අවශ්‍යයි.

        දැන් මෙහෙමයි රාජ්, මෙහෙ ඉදිකිරීම් කරන්නත්, ඒවා කඩන්නත් ඒ සඳහා ප්‍රමාණවත් පුහුණුවක් ඇති, රජයේ ලියාපදිංචි ආයතනයක් හෝ පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැන් මේ ඉදිකිරීම් (නිවසේ වුණත්) කරන්නට, තමන්ට ඕනේ හැටියට නොහැකියි. ඉදිකිරීම් සඳහා අවසරය ගන්න ඕනේ. එම ඉදිකිරිම කල යුත්තේ, ඒ සඳහා අවසරය ඇති ආයතනයක් හෝ පුද්ගලයෙකු විසින් පමණයි.

        ඒ කියන්නේ ගෙදරක් මුලින් ඉදිකරන විට ඒ සඳහා අවසරය ගන්න ඕනේ. ඉදිකරපු නිවසක වෙනස්කිරීම්, වැඩිපුර කෑලි එක් කිරීම් සඳහාත් අවසරය ඕනේ. ඉඩමේ ප්‍රමාණය හැටියට ගෙදරක ප්‍රමාණය මුලින්ම තීරණය කර තිබෙනවා. ඉඩම් වල ගෙදර හදන්න පුළුවන් ඉඩමේ යම් ප්‍රතිශතයක පමණයි. එයට වඩා ගෙදර ලොකු කරන්න බැහැ.

        ගෙවල් දෙකක් අතර මීටර 1.5-2.00 ක පරතරයක් තියෙන්න ඕනේ. එයිට ලං වෙන්න ඉදිකිරීම් කරන්න බැහැ. වැටේ උපරිම උසක් තියනවා. එයිට වඩා උස්සන්න නොහැකියි.

        දැන් රාජ්, මේ ඉදිකිරිම අපේ නිවසට ළඟ වැඩියි. එයට අවසර අරන් නැහැ. ඉදිකර තියෙන්නේ මකබාස් කෙනෙක් මිසක් ලියාපදිංචි අයෙක් නොවේ.

        දැන් නිවසක් හෝ ගොඩනැගිල්ලක් කඩන විට අනුගමනය කළ යුතු ආරක්‍ෂිත විදි විධාන තියනවා. ඒවා අනුගමනය කිරීමට බැඳී ඇති ලියාපදිංචි “කැඩීමේ” සමාගම් තියනවා. මේ ඉදිකිරිම, කැඩීමේ දී අවට ඉන්න අයට හා කඩන අයට හානියක් නොවන ලෙස සහතික කර කඩන්න පුළුවන් එවැනි පිරිස් වලට පමණයි.

        දැන් මේ මිනිහා තමන්ම කඩන්න ගිහිං තමන්ගේ හෝ අනුන්ගේ අතපය/ජීවිතය හෝ අපේ නිවසට හානියක් කලොත් එහි ප්‍රතිවිපාක ගොඩක් දුර යනවා. ඒවා අවම කරන්නට තමා එය කඩන එක “හරියට” කරන්න ඕනේ කියා ඔහුට නියෝගයක් දී තිබෙන්නේ.

        ඔබේ කතාව හරි. අපට මහා වලියක් දාගෙන, මේකත් කඩලා, මිනිහවත් “අඬවලා” ඉන්න පුළුවන්කම තිබුණා. නීතියත් අපේ පැත්තේ තමා. අපට හිතුණා මොකටද කියා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s