ගැලවිජ්ජා හා සෙප්පඩ විජ්ජා!


මගේ කලින් සටහනකට අර ප්‍රොෆයිල් නිර්නාමික මිත්‍රයා එවපු ඇමුණුමක් තමා, සටහනක් විදිහට මේ දැමුවේ. මෙය පරිවර්තනය කරන්න යන්නේ නැත්තේ, මේ අයුරින්ම කියවපුවහම වඩාත් නිරවුල් නිසා. මෙයට සම්බන්ද කරන්න පුළුවන් තවත් ඇමුණුම් ඇතත්, වැඩේ සරල වෙන තරමට හොඳ නිසා මෙහෙම ඉතුරු කරනවා. මෙහි එන කරුණු, අපට එදිනෙදා ජිවිතයේ නිතර අහන්න වෙන දේවල්. ඔබටත් සමීපදැයි බලන්න.

1 The use of psychobabble – words that sound scientific and professional but are used incorrectly, or in a misleading manner.

Self-help books, folk and pop psychology, and motivational seminars often use psychobabble. An example is “Primal Scream Therapy”, in which people are supposed to link their current unhappiness to the trauma of being born as a way to transform their lives.

ලංකාවේ නම් ඔය ගොන්පියුටර වලින් කේන්දර බලන අයියලා, පාසල් විද්‍යා පොත් වලින් ගත්තු වචන ඔබනවා. මෙලෝ තේරුමක් නැති තැන් වලට තමා එම වචන ඔබන්නේ.

2 A substantial reliance on anecdotal evidence.

“Jenny said she had a bad cold and took echinacea and felt better after a few days.” Well, would Jenny have gotten better on her own without the echinacea? Did she also get lots of rest and drink plenty of fluids? Did she take any other medication? How could she know that it was the echinacea and not something else? Bottom line, Jenny may have indeed gotten better after taking a supplement, but she could cherry pick the reason why, and her reason might not be representative of a typical case. Only a carefully constructed study’s results should be used as evidence.

නිකම් පෙනෙන දේවල් කියල මේවට කියන්න පුළුවන්. තමන් දන්නා හෝ දැකපු දේවල් ඇසුරින්, සමස්තය එසේය කියන අය හැමතැනම ඉන්නවා. එයිට අමතරව මේවාගේ දේවල් නම් අපට නිතර ඇහෙනවා. පිළිකා හොඳ කරපුවා, වකුගඩු රෝග නැති කරපුවා, අස්වැන්න වැඩි කරපුවා. ඇත්තටම මේ දේවල් එක කෙනෙක්ට හෝ එක ප්‍රදේශයක වුනත්, එයට හේතු වුනේ, ඔවුන් ඉදිරිපත් කරන දෙයට වඩා වෙනස් දෙයක් වන්නට පුළුවන්. මේ වගේ ප්‍රකාශන වල තියන දෙයක් තමා, ඒවා නැවත වෙන කෙනෙකුට හෝ වෙන ප්‍රදේශයක ප්‍රති නිර්මාණය කරන්න බැරි කම. ඒ කියන්නේ එවැනි දෙයක් කලින් අවස්ථාවේ සිදු වුනත්, එයට ඇත්තටම හේතු වුණේ ඔවුන් ඉදිරිපත් කරන දෙය නම් නොවේ.

3 Extraordinary claims in the absence of extraordinary evidence.

“Cure for [insert name of disease here] found!”, “I saw bigfoot!”, “She was abducted by aliens!”, “Take this pill and you’ll lose 20 pounds a month!”. The old phrase is true – extraordinary claims require extraordinary evidence. Poorly conducted studies, blurry photos, shaky videos, anecdotes, and clever marketing don’t count.

බැලූ බැලූ අත මේ වගේ කිසි සාක්ෂියක් නැති මහා අරුම ගැන අපට අහන්නට ලැබෙනවා. පෙට්‍රල් ගහන්නට ආපු පිටසක්වල ජීවීන්, රෑට ඇඳට එන නාථ දෙවියන් වගේ දේවල්. මෙහෙ ඕස්ට්‍රේලියාවේ එක ගෙදරක තෙල් බේරෙනවා බිත්ති දිගේ. මේක දෙවියන්ගේ වැඩක් කියා දහස් ගණන් මිනිසුන් ගිහින් පඬුරු තියනවා. ගෙදර මිනිසුනුත් ජොලියේ ඉන්නවා. රූපවාහිනියෙන් ගිහින් ඇහුව, අප කැමරා හයි කරමුද කොහොමද කොයි වෙලාවටද තෙල් ගලන්නේ කියා හොයන්න. ම්හු! ඒකට නම් ඉඩ දෙන්න බැහැ කියල අර කට්ටිය කියුවා.

4 Claims which cannot be proven false.

Sam: “I believe that some people have psychic powers.”
Joe: “What’s your proof?”
Same: “No one has been able to prove that people don’t have psychic powers.”

The burden of proof lies should lie with the claimant. From a practical standpoint, this makes sense: To prove that no one has psychic powers, you would literally have to test every single person on the planet. Shift the burden to the claimant, and now only one case needs to be demonstrated to prove the claim.

දැන් ටොපියකින් වඳ වෙනවා නම්, එහෙම වඳ වුන එක අයෙකු පෙන්වන්න පුළුවන්. නැත්නම් ටොපිය විශ්ලේෂණය කරන්න පුළුවන්. ඔහොම වඳ වෙන ටොපි තියනවා නම්, පන්සල් අවට උපාසිකාවන් ටොපි කාලම දියවැඩියා රෝගීන් වෙලා. කේන්දර බොරු කරන්න කලින්, එක මිනිහෙකුගේ කේන්දරයක් ඇත්ත කියල කියන්න පෙන්වන්න පුළුවන්. සාත්තර බොරු කියල කියන්න කලින්, එක මිනිහෙකුට ඇත්ත සාත්තරයක් කියන්න පුළුවන්.

අප සියලු දෙනාගේ ජිවිත හා ජිවිතයේ මුහුණ දෙන ප්‍රශ්න ගොඩක් දුරට සමානයි. රට රටවල් වල ජිවත් වෙන කොට මෙය වඩාත් පැහැදිලි වෙනවා. මෙන්න මේ වගේ දේවල් උඹට වෙලා තියනවා, මෙන්න මේ වගේ දේවල් උඹට වෙන්න පුළුවන් කියන එක මේ ලෝකේ හැම මිනිහටම කියන්න පුළුවන් අන්න ඒ නිසා.

5 Claims that counter established scientific fact.

Homeopathy defies the laws of physics, chemistry, biology and more… The “law of infinitesimals” in homeopathy states that dilution increases the curative power of homeopathic medications. This means that a part-per-million solution of a substance is more medicinally powerful than a part-per-thousand solution, which has in turn more curative power than a part-per-hundred solution. In contrast, many of our modern drugs are ineffective in small quantities and the efficacy increases with dosage. A homeopathic solution is effectively… water.

මේකට දීල තියන උදාහරණය අපටත් සමීපයි නේද?

6 Absence of adequate peer review.

Claims for free energy, cold fusion, or perpetual motion machines make the media rounds every so often. Unfortunately, these inventions/studies are rarely (if ever) reproduced by other labs and lack adequate peer review. Peer review methods are important because they serve to maintain higher standards of quality and provide credibility to the claim. One more thing: even if a claim cites other sources and journals, make sure they are reliable and respected within the scientific community.

වතුරත් නැතිව අවුරුදු ගණන් ජිවත් වෙන අයියලා. හුස්ම නැතිව ජිවත් වන නංගිලා. වතුරෙන් දුවන කාර්. මේවා නිකම් ප්‍රසිද්දියට කියන කතා විතරයි. දැන් පිළිකා නසන හීනටි වී වර්ග, අස්වැන්න වැඩි සම්ප්‍රදායික එළවලු වගේ දේවල් ඇත්ත නම්, අපට ලෝකයම අල්ලන්න පුළුවන්. සමහර විට ඩොලර් මිලියන ගණන් වැය කර පර්යේෂණ කරන්නේ, අස්වැන්නේ 5-10% ක වැඩි වීමක් ලබා ගන්න. එහෙම එකේ, අපේ අයියල විශ්මිත වී වර්ග, විශ්මිත පලතුරු වර්ග ගැන කියනවා.

7 Claims that are repeated despite being refuted.

The anti-vaccination movement clings to the claim that “vaccines cause autism” despite the fact that Andrew Wakefield’s study has been retracted from the Lancet, and despite the fact that there is never been a study to conclusively link vaccines to autism. Time and time again, the claim is refuted, but they don’t let go of their claim and should move on and focus their time and money elsewhere (where it could add value to society).

මේ අයියලට, කන් ඇහෙන්නේ නම් නැහැ. වරද්ද ගත්තු දෙයක්, ඒවා ලියපු අයම ඉල්ලා අස්කර ගත්තත්, යලි යලිත් ඒකම කියනවා. දෙන්න පුළුවන් හොඳම උදාහරණය, තමා ඉහතින් තියෙන්නේ.

Source:
Frontiers in Psychology, Hauntings, homeopathy, and the Hopkinsville Goblins: using pseudoscience to teach scientific thinking by Rodney Schmaltz and Scott O. Lilienfeld

නිකම් ඉන්නවා නම් කියවන්න:

http://journal.frontiersin.org/Journal/10.3389/fpsyg.2014.00336/abstract
http://www.scientificamerican.com/article/what-is-pseudoscience/
http://www.nature.com/news/stem-cells-taking-a-stand-against-pseudoscience-1.15408
http://en.wikipedia.org/wiki/Pseudoscience
http://en.wikipedia.org/wiki/List_of_topics_characterized_as_pseudoscience

7 Comments

Filed under Opinion, Research & Development

7 responses to “ගැලවිජ්ජා හා සෙප්පඩ විජ්ජා!

  1. අනුහසට බය ඇනොවෙකි

    පිළිකා නසන හීනටි වී වර්ග! !! !!!
    ….
    උතුරුමැද පලාතේදී පර්යේෂණ නිසි බලධාරීන්ගේ අනුහසට ලක්වීමට හැකි කරුණකි.

  2. Pingback: ගැලවිජ්ජා හා සෙප්පඩ විජ්ජා! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. හායියෝ, ගන්න එපා. “ලොව දිනන මග” පෙන්වන්නේ වශී බෝල මිරිකන අතින්මනේ!
    ඕවා ගැන හිතන්නේ නැතුව මෙන්න මේ වගේ ජොලියෙන් ඉන්න!

  4. “No one has been able to prove that people don’t have psychic powers.”
    ඒකනම් පට්ට තර්කේ.. මං සාස්තර කියන්න පටං ගන්නවා.. කැමති හැමෝටම උන් මැරෙන දවස කියනවා.. පුලුවන්නම් බොරු කියල ඔප්පු කරපල්ලා.. හැක් හැක්.. හුඟක් වටිනවා.. තව සැරයක් නිවීසැනසිල්ලේ කියවාන ඕනි.

  5. මෙය අපට නිතර අහන්න ලැබෙන දෙයක් නේද කල්‍යාණ?

  6. Pra Jay

    අපට නොකල හැකිවුනාට අන්ධ විශ්වාසය ස්වාභාවික හා තේරුම් ගත හැකි විශ්වාස කරන්නාට මානසික සුවයක් හා ශක්තියක් සමහර අවස්තාවල ලැබෙන දෙයකි. ඉස්සර වැඩියෙන් සිටියේ අන්ධ විශ්වාසිකයින්ය. දැන් එහෙම කියන්න අකමැති සමහරු pseudo-science වලින් විශ්වාසය වසාගෙන සිටිති. එයින් වැරදි මත ප්‍රචලිතවීම මෙන්ම ඉතා සුලු හෝ විද්යාත්මක පදනමක් තිබිය හැකි දේ ගැන විශාල ව්‍යාජ විද්යාත්මක තියරීස් ආරෝපණය කිරීම නිසා ඇත්තෙන්ම තිබිය හැකි සුලු විද්‍යාත්මක පදනම ගැන පර්යේෂන කිරීමට බාධාද ඇතිවේ. Pseudo-scientific pretensions give a bad name to certain subjects which may have some genuine scientific basis, albeit remote.
    Same thing with some other mysteries : women claiming alien Bigfoot making them pregnant makes genuine study of Bigfoot too the laughing stock of scientific circles.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.