මට ඕස්ට්‍රේලියාවේ වසර ගණන් ජිවත් වන, චන්දයට ඇති අයිතිය ලබා නොගත් පිරිස් හමු වෙලා තියනවා. මේ අයම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වැරදි, සමාජයේ අඩුපාඩුකම් කතා කරනවා. දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න කියනවා. ඒ අය අතරින් කිහිප දෙනෙක් ලංකාවේ, සමාජවාදයක් හදන්න පුර්නකාලීනව වගේ කැප වූ අයත් ඉන්නවා. මේ අය තමන් ජිවත් වන සමාජයටම කරුමයක් කියා මට සිතෙන්නේ.
මේ සමාජය අපට මහා ලොකුවට වෙනස් කරන්න නොහැකියි. නමුත් කාලාන්තරයක් තිස්සේ අනෙක් පිරිස් කරපු කුඩා වෙනස්කම් වල මහා ප්‍රතිඵල තමා අපත් අද බුක්ති විඳින්නේ. මටත් චන්දය දෙන්න හෝ කැපවී වැඩ කරන්න හැකි පරමාදර්ශී දේශපාලන පක්ෂයක් මේ ලෝකේ කොයි රටකට ගියත් හොයාගන්න පුළුවන් වේ යයි සිතන්නේ නැහැ. නමුත් මා කලින් කියා ඇති පරිදි, අනුන්ගේ කැමැත්ත ගැන නොසිතා, මගේ අදහස් වලට ලඟින් යන පිරිසට මා චන්දය දෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදයේ කැමැත්ත යනු, එක මොහොතකදී කැමැත්ත (හෝ අකමැත්ත) ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වන පිරිසේ බහුතරයයි. එය සමාජයේ බහුතරය හෝ කැමැත්ත ප්‍රකාශ කරන්නට ලියාපදිංචි වුණ හෝ එසේ ලියාපදිංචි වෙන්නට සුදුසුකම් ඇති සියල්ලේම බහුතරය නොවේ. හැබැයි එකක් පැහැදිලියි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දීර්ග කාලයක් පරිණාමය වූ සමාජ, අනෙක් සමාජ වලින් වෙනස්.
යම් රටක එසේ කැමැත්ත ප්‍රකාශ කරන්නට ඉදිරිපත් වන බහුතරයේ කැමැත්ත, තවදුරටත් අපට මේ කැමැත්ත (හෝ අකමැත්ත) ප්‍රකාශ කරන්නට අවස්ථාව අවශ්‍ය නැහැ කියන එක නම්, ඒත් කරන්නට දෙයක් නැහැ.
ජේආර්, ලාම්පු-කලගෙඩි සෙල්ලමේ කෙරුවේ අන්න ඒ වගේ දෙයක් අහන එක. එය දූෂිත ජනමතවිමසුමක් වුවත්, සමාජයේ සැලකිය යුතු පිරිසක්, අපට මැතිවරණයක් ඕනේ නැහැ කියා චන්දය දුන්නා. එය හරිම පුදුම දෙයක්. ඒත් ඇත්තයි.
දැන් මේ වගේ රාජාණ්ඩුවක් අපට ඕනේ, තව දුරටත් (කිසිදා) මැතිවරණ එපා කියා යම් පිරිසකගේ බහුතරයක් කැමති නම්, සුළුතරයට කළ හැකි දෙයක් නැහැ. කරන්න දේවල් තියනවා. නමුත් එයට ප්‍රතිරෝධය වැඩියි (ගොඩක් මරන්න වෙනවා). මැජෝරිටෙරියන් ඒකාධිපතිත්වය යන්න අපට දකින්නට ලැබෙන අලුත්ම ප්‍රජාතන්ත්‍රවාදයයි. පුටින්වාදය කියන්නෙත් මෙහිම කොටසක් තමා.
දැන් ඔබ කියුබාවේ, උතුරු කොරියාවේ හෝ මහජන චීනයේ ජිවත් වෙනවා නම්, තියන පාලනයට කැමතිද, අකමැතිද කියා කිසි කෙනෙකු ඔබගෙන් අහන්නේ නැහැ (මා මෙවැනි තවත් රටවල් ඇතත්, මේවා පරමාදර්ශී රටවල් ලෙස සමහරුන් සිතාගෙන ඉන්න නිසා මේවා උදාහරණයට ගත්තා). එළවලු වැවුවත්, වැටකොළු හොදි හැදුවත්, සමහරවිට ඔබට බ්ලොග් ලියන්න නම් බැරිවෙයි. මොකද ඒක චෙක් කරනවා.
දැන් ආර්ථික කරුණු ගත්තොත්, මේවා ඔය කියන නිදහස් වෙළඳ පොලටම ඉඩ දෙන්න, රජය මගින් පාලනය කරන්න නැත්නම් මේ දෙක අතර මිශ්‍රණයක් කරන්න යනාදිය ඇත්තටම ද්විතියික කරුණු. මා තැනක දැක්කා, මහින්ද රජය යටතේ කිසිම ආයතනයක් පෞද්ගලිකරණය නොකිරීමත්, මහා වර්ණනාත්මක දෙයක් ලෙස ලියා තියනවා. පෞද්ගලිකරණය නොකළා විතරක් නොවේ, ලාභ ලබපු ආයතනත් අරන්, ගජ මිතුරන්ට, මචංලාට යටි මඩි ගහන්න දුන්න.
දැන්, ණයට ගන්න මුදලුත්, අනික් බදු ආදායම් වලින් ගන්න මුදලත් යට කරලා, ආයතන පාඩු පිට පවත්වාගෙන යාම රටේ පොදු ජනතාවට කොහොමද හොඳ වන්නේ? මේ මිනිසුන්ගේ මොලය තියෙන්නේ කොහෙද? මොකක්ද මේ මෙන්ටලිටි එක.
ටෝනි ඇබට්, ලාභ ලබන රජයේ ආයතන දෙකක් වන, මෙඩි බෑන්ක් ප්‍රයිවට් හා ඕස්ට්‍රේලියන් පොස්ට් යන ආයතන දෙක විකුණන එක ගැන මට ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ගන්න මුදල් යොදවන්න හදන්නේ වෙනත් යටිතල පහසුකම් වලට ආයෝජනය කරන්න.
ප්‍රජාතන්ත්‍රවාදය යනු, එවෙලේ අපගේ කැමැත්ත ප්‍රකාශ කරන එකටයි. මා අන්න ඒකයි, තමන්ගේ පාලන කාලය හරිනම් ඉවර වෙන්න වසර දෙකකට කලින් ජනතාව වෙතට ආපු එකට, ලංකා ජනාධිපතිවරයාට ස්තුතියි කියන්න ඕනේ කියා ලියුවේ (අවශ්‍ය නම් සොයා යන්න: Thank you Mahinda! හරි නම් කියන්න ඕනේ එහෙමයි!). මෙතනින් පසු වෙන්න පුළුවන් දෙය ඔබට තක්සේරු කරන්න පුළුවන්. අඩුම ගානේ, අපිත් ලංකාවේ අලුත් රාජාවලිය පටන් ගන්න චන්දෙ දාපු කට්ටිය කියල, මුණුපුරන්ට, මිනිපිරියන්ට කියල දෙන්න ඔන්න ඔහේ තියන චිත්ත කෑල්ලක් දාගෙන ගිහින් චන්දය දෙන්න මල්මි.
ගිය බදාදා රේඩියෝ ඉන්ටර්විව් එකකදී භාණ්ඩාගාර ඇමති ජෝ හොකි කියුවේ, එයාල ඉදිරිපත්කර තිබෙන ඉන්ධන බද්ද ඉහල දැමීම නිසා දුප්පතුන්ට පාඩුවක් වෙන්නේ නැහැ කියල. මොකද දුප්පතුන්ට එක්කෝ කාර් නැහැ, නැත්නම් වැඩිදුර එළවන්නේ නැහැ. මේ ගැන ඔවුන්ගේ ආණ්ඩුවෙන්ම මතුවුන හා ජනමාධ්‍ය, සමාජ ජාල වල පළ වුන විරෝධතා වලින් පසු, ඒ කොමෙන්ටුව ගැන ඔහු අද සමාව ගත්ත.
වත්මන් ආණ්ඩුවේ අය වැය ඉදිරිපත් වුණ වෙලාවේ, සමහරුන් එය හැඳින්වුයේ, ඕස්ට්‍රේලියාවේ, මෙතෙක් පැවති “කෙයරින් සුබසාධන සමාජයේ” අවසානය හැටියට. තමන්ගේ පොකට්ටුවේ හැටියට ජිවත් වීමට අවශ්‍ය නිසා වියදම් කපාගෙන ගිහින්, අය වැයේ අතිරික්තයක් දක්වා යන්න තමයි මේ සියලු කැපීම් කියල ආණ්ඩුව කියන්නේ. ආදායමට අනුව වියදම් පාලනය කර නොගත්තොත්, අමාරුවේ වැටෙන්නේ රටවල් විතරක් නොවේ, සාමාන්‍ය මිනිසුනුත්. හැබැයි, මේ සමහර කැපීම් හා සමහර වියදම් කිරීම් අනුව, ඔවුනගේ ඇජෙන්ඩා එක පැහැදිලියි.
අය-වැය ඉදිරිපත් කරපු පසුව ජෝ කියුවේ, මේ වැඩ පිළිවෙලට ජනතාව අකමැති නම්, තව අවුරුදු දෙකහමාරකින් ඔවුනට ඒ බව ප්‍රකාශ කරන්න වරම තියනවා කියල. අර කතාවට සමාව ගන්න වීමෙන් හා අය-වැය…
View original post 769 more words