ශ්‍රී ලාංකික කාන්තාවනි, Please do not vote for this man or whomever associates with him!


සමාජයේ මහා වෙනස් කම් අපට බලාපොරොත්තු වන්න නොහැකි, අපත් මහා වෙනස් කම් වලට සුදානම් නැති නිසා. ඒ වෙනුවට සුළුවෙන් වෙනස් කම් කර ගන්න අප උත්සහ කළ යුතුයි. එවැනි කුඩා වෙනස්කම් ගොඩක් කර ගන්න පුළුවන් වුණොත්, කාලයක් යන විට මහා වෙනස් කම් ඉබේම ඇති වෙනවා.

එස් බී දිසානායක කියන එක්කෙනා, ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති කරපු රාජ්‍ය නායකයෙක් ඉන්නවා නම්, ඔහු ඒ ධුරයට සුදුසු (රාජ්‍ය නායක ධුරයට) නැහැ කියලයි මා සිතන්නේ. එයිට කලින් එන, එනම්, එස්බි වගේ අය තමන්ගේ නියෝජිතයන් ලෙස පත් කර ගන්න ජනතාව, ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නැති පිරිසක් කියන එක දැනට අමතක කරමු.

එස්බී හා උසස් අධ්‍යාපනය කියන්නේ ගින්දරයි-වතුරයි වගේ පෑහෙන්නේ නැති දෙකක්. මොකද මෙයින් එකක් (හරියට) තියනවා නම්, අනෙකේ පැවැත්ම ඉබේම අහෝසි වෙනවා. අපේ උසස් අධ්‍යාපනය කියන දෙයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොකද කියන එකට එක පිළිතුරක් තමා, එම ක්‍රමයෙන් බිහි වුණ උපාධිධාරී යයි කියන එස්බී. ඒ කියන්නේ නියම උසස් අධ්‍යාපනයකින් එස්බිලා බිහිවන්නේ නැහැ. බිහිවුණත් එයාල උසස් අධ්‍යාපන ඇමතිලා වෙන්නේ නැහැ. අනික තමා එස්බී වගේ කෙනෙක් උසස් අධ්‍යාපන ඇමති, නම් එහි පැවැත්ම කොහොමත් අනතුරේ.

දැන් මේ ව්‍යවස්ථා සංශෝදන, අසමමිතික බලය බෙදීම් වලට යන්නට පෙර, කළ යුතු කුඩා වෙනස්කම් තියනවා. ග්‍රාමීය ජනතාව අමතක කෙරුවත්, මධ්‍යම පාන්තිකයන්ට මේවා පක්ෂ බේධයකින් තොරව සිතන්න පුළුවන්.

එස්බී වැනි කෙනෙක් උසස් අධ්‍යාපන ඇමති කරපු රාජ්‍ය නායකයා පෙන්වන්නේ, උසස් අධ්‍යාපනයට ඔහු දක්වන නොසැලකිල්ල. ග්‍රාමීය ජනතාව වුණත්, තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයක් දීමට වෙහෙසෙන්නේ, සමාජ හිනිමගේ ඉහල යාමට තියන ප්‍රධාන මාර්ගය එය නිසා. හරියට ගණන් හදල බැලුවොත්, මධ්‍යම පාන්තිකයන් පවා, තමන්ගේ වැඩිහිටි දිවියෙන් විශාල කොටසක් (ධනය, කාලය, ශ්‍රමය) වැය කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. එහෙම තියෙත්දී, මෙවැනි දූෂිත අතීතයක් හා වර්තාමනයක් හිමි, එයටම සරිලන බෙලක් කටක් හිමි, එම කට නිසා වරක් මහා උළු ගෙදර පවා තැප්ප කෙනෙක් හට රටේ තීරණාත්මක (තීරණාත්මකම යයි කියන්නත් පුළුවන්) අමාත්‍යාංශයක වගකීම දීම ගැන මධ්‍යම පාන්තිකයන් යන්තමින් හෝ සිතනවා ද කියල මා දන්නේ නැහැ.

උසස් අධ්‍යාපනය විනාශ කරපු දෙන් කියමුකෝ. දැන් අනෙක් මොලේ කචල් ගති පැත්තකට දැමුවොත්, කාන්තාවන්ට එරෙහිව එස්බී විසින් දිගින් දිගටම කර තිබෙන ප්‍රකාශනයන් ගැන, අඩුම ගානේ කාන්තාවන් වත් කල්පනා කරනවද? කාන්තාවන්ට එරෙහි වෛරී ප්‍රකාශන කිරීම හා කාන්තාවන්ට එරෙහි වාචික ප්‍රචණ්ඩ ක්‍රියා විතරක් නොවේ හා කාන්තාවන්ට එරෙහි ශාරීරික ප්‍රචණ්ඩ ක්‍රියා වලට මේ මිනිහා අනුබල දුන්න වගට අපට සාක්ෂි මේ වන විට අවශ්‍ය පමණට වඩා තියනවා.

මේ මනුස්සයා, ලංකාවට කීර්තියක් අත්කර දුන් සුසන්තිකා ජයසිංහට (ඒ මහත්මිය දිවීමෙන් පසුව හාල් ගැරිල්ලට වඩා යමක් ඉගෙන නොගැනීම මෙතනට අදාළ නොකර ගම්මු) එරෙහිව කරපු අපහාසාත්මක ලිංගික කතා ඔබට මතක ඇතැයි සිතමි. ඒ වගේම මේ මනුස්සයව, පක්ෂයේ මහා ලේකම් දක්වා ගෙන ඒමට මහත් දායකත්වයක් සපයපු, චන්ද්‍රිකා කුමාරතුංගට එරෙහිව, තමන්ගේ ස්වාර්ථයන් උදෙසා පක්ෂයෙන් පැනපු පසුව කරපු අපහාසමත්මක, ස්ත්‍රී-විරෝධී, මන්ද මානසික, විකුර්ති ලිංගික-ආශාත්මක ප්‍රකාශ ඔබට මතක ඇතැයි සිතමි.

ඒ සියල්ලටම අමතරම, මේ මනුස්සයා විසින් මෑතකදී කරන ලද, ස්ත්‍රී-විරෝධී, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන, මන්ද මානසික ප්‍රකාශ ඔබගේ මතකයේ කොහොමත් ඇති. මේවා කට වැරදීමකින් එක වරක් කරපු, එක ප්‍රකාශයක් නොවේ. අවුරුදු ගණනාවක් තිස්සේ නැවත නැවත කරණ දේවල්.

මෙවැනි මෝල් ඇමති වරුනටම සරිලන, සිංහල උගන්වනවා යයි කියන ජේෂ්ට කථිකාචාර්ය ලා සරසවි සිටීම එයිට වඩා ඛේදවාචකයක්. කාන්තාවන්ට මෝඩයන් යයි කියමින් ගරහමින්, පිරිමි දරුවන් ඉගෙන නොගැනීමේ වගකීමත් ඔවුනටම පවරනවා. එයින් පසු තමන්ගේ ගෙදර ගෘහ මුලිකත්වය අහිමි වීම ගැනත් අඬනවා.

එය එතනින් නතර වන්නේ නැහැ. පොත් රාක්ක නිවසේ ආලින්දයේ තියාගෙන ඉන්න සේවයෙන් විශ්‍රාම ගත්, මහා ප්‍රාඥය පුවත්පත් කතුවරුන් කියන්නේ, කසාඳ බැඳ යුවතියනට දරුවන් බලාගෙන ගෙදර ඉන්න කියා.

මා කලින් ලියා ඇති පරිදි, මෙවැනි ඇමතිලා, ඔවුන් උසස් අධ්‍යාපනයට පත් කරන ජනාධිපතිලා, මෙවැනි ජේෂ්ට කතිකාචර්යලා හා විශ්‍රාමලත් ප්‍රාඥය පුවත්පත් කතුවරුන් ඉන්න කම් ශිෂ්ට සමාජයකට පිය නගන්න නම් නොහැකියි. ශිෂ්ට සමාජයකට යාම ආර්ථික සංවර්ධනයක් අත්කර ගන්නට ද අත්‍යවශ්‍ය කරුණක්. ඉහත කි පිරිස් මතු කරන මේ මතවාදයන් ගේ ප්‍රතිඵල ඇත්ත සමාජයේ අපට ප්‍රායෝගිකව දකින්න පුළුවන්.

ශ්‍රී ලාංකික චන්ද අයිතිය හිමි කාන්තාවන්ට, “පක්ෂ හෝ විපක්ෂ” දේශපාලනයට කලින් සිතන්න අවශ්‍ය දෙයක් මේ. ස්ත්‍රී විරෝධී අදහස් සමාජයෙන් පිටු දැකීමට ක්‍රියාකාරිව දායක වන්න. මොකද ඔබලා වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 කට වැඩියි. දඩාවතේ යන බල්ලන් සුරැකීමේ ස්ත්‍රී සංගම් වලින් මේ ලෝකයට ඇති සෙතක් නැහැ.

එස්බීට කෙලින්ම හෝ, ඔහු අනුග්‍රහය දක්වන හෝ ඔහුට අනුග්‍රහය දක්වන කිසි කෙනෙකුට හෝ, අද හෝ අනාගතයේ, ඔබගේ චන්දය නම් දෙන්න එපා. එස්බි වැනි අනෙක් දේශපාලන “පිළිල” සමාජයෙන් පිටු දැකීමට දායක වන්න. මෙවැනි ස්ත්‍රී-විරෝධීන් තම ඇමති මණ්ඩලයේ තබාගෙන, එවැනි ප්‍රකාශ වලට උල්පන්දම් දෙන කිසිවෙකුටත් ඔබගේ නම් චන්දය දෙන්න එපා. ඔබලා මුහුණ දෙන ප්‍රශ්න, දුවරුනට දායාද කරන්න එපා.

ව්‍යවස්ථා සංශෝදන, බලය බෙදීම් වලට කලින්, සමාජයේ ඔබගේ ගරුත්වය තහවුරු කර ගන්න. ඇත්තටම වැඩිහිටි සමාජයේ බහුතරය වන කාන්තාවන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්නේ නැතුව, සුළුතර ජාතීන්ගේ ප්‍රශ්න ගැන කතා කිරීමත් තේරුමක් නැති දෙයක්.

පහතින් දැක්වෙන පුවතින් අපට පෙනෙන්නේ, ශිෂ්ඨ සමාජයකට පියනැගීම නොනවතින අරගලයක් කියා. මෙහිදී, ඔබ ජිවත් වන රට අනුව පිය නගන්න තියන දුර වෙනස් වනවා. නමුත් එහි කෙළවරකට කිසිම සමාජයක් තවම ලඟා වී නැහැ.

සුබ අලුත් අවුරුද්දක් හා සුබ අනාගතයක්!!

http://www.theguardian.com/australia-news/2014/dec/18/barry-spurr-resigns-after-publication-of-racist-and-sexist-email

Advertisements

8 Comments

Filed under Opinion

8 responses to “ශ්‍රී ලාංකික කාන්තාවනි, Please do not vote for this man or whomever associates with him!

  1. නුවර කුමාරි

    කියන්න ගියොත්… මම කාන්තාවක් කියලා අමතකවෙයි මට නම්… හික්…

  2. වනිතා හඩට මේක පෙන්නන්ට ඕන

    රයිගම් අය්යටත් පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැණියෙන් නෑවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    ආයුබෝ වේවා

    • මහේෂ් මල්ලිටත් පවුලේ සියලුම දෙනාටත් එසේම වාසනාවන්ත නව වසරක් වේවා!

  3. රයිගම් ඔබටත් පවුලේ සියළු දෙනාටත් සුබ නව වසරක්!!!

    • රවීට හා පවුලේ සියලුම දෙනාටත් වාසනාවන්ත හා බලාපොරොත්තු ඉටු වන නව වසරක්!

  4. හිරු

    එස්බි වගේ අය තමන්ගේ නියෝජිතයන් ලෙස පත් කර ගන්න ජනතාව, ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නැති පිරිසක්///

    කියල වැඩක් නෑ රයිගම්… දැං බිහි වෙලා ඉන්නෙත් ඒ කලින් හිටපු කට්ටියගෙම ජාතියෙ කට්ටියක් තමයි …. ඡන්දෙ ඉල්ලන එවුනුයි, ඡන්දෙ දෙන එවුනුයි….

    එස් බී විතරක් නෙවෙයි…. ඉන්න එවුන් ඔක්කොම එකයි…. ඒවා කිව්වම අපි තමයි කාළකන්නි…

    දෙශපාලුවොන්ට බැනල වැඩක් නෑ… උන්ට ඡන්දෙ දීලා උස්සල තිබ්බ මිනිස්සුන්ටයි බනින්න ඕනෙ….. අනිත් එක දැං තියෙන්නෙ හොරුන්ටයි තක්කඩින්ටයි විතරක් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් සිස්ටම් එකක්නෙ… අංශුමාත්‍රයක්වත් හොඳ මිනිහෙක් ඡන්දෙ ඉල්ලනවද… නෑ නෙ….

    • ඇත්ත හිරු. බලමු නේද? ටික ටික වෙනස් වෙනවා මා හිතන්නේ. ඔබ කියන දේ හරි, දේශපාලුවන් කියන්නේ සමාජයේ ඉන්නා තවත් කොටසක් විතරයි. එක දිනයක් නියම කරලා සමාජය මේ දිනයෙන් පස්සේ වෙනස් වෙනවා කියන එක බොරුවක්. මොකද අපම දන්නවා, අප කොතරම් සෙමින්ද වෙනස් වන්නේ කියල.

      දැන් සිස්ටම් එකේ හැටියට තක්කඩියන්ට හැර, අන් අයට ඉන්න බැහැ තමා. එයටත් ජනතාවගේ ආකල්ප තමා මූලික වී තියෙන්නේ. ඔය සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිසෙකු පවා, අවංක, පගා නොගන්න, යටි මඩි නොගසන කෙනෙක් ව, සලකන්නේ මෝඩයෙක් කියලනේ. එහෙම සිතමින්, ලෝකේ කොයි රටක වුනත් ඉතා අමාරු වෘත්තියක් වන ක්‍රියාකාරී දේශපාලනයේදී, ඉතා සුපිරිසුදු මිනිසුන් ඉඳීවි යයි බලාපොරොත්තු වෙනවා. දැන් හිරු එහෙම මිනිසුන් හිටියත්, ඉල්ලුවත් ඔවුනට ප්‍රාදේශීය සභාවකට හෝ තේරී පත් වන්න පුළුවන්ද?

      ඉල්ලන්නෙත් නැහැ, මේ සිස්ටම් එකේ ඉන්නත් බැහැ, ඉල්ලුවත් චන්ද හම්බ වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට එස්බිල, විමල්ලා, මහින්දානන්ද ලා කොයි ප්‍රධාන පක්ෂයකින් ඉල්ලුවත් ඉහලින් මනාප ගන්නවා. ඒක කවුරුත් දන්නා නිසා, මෙකුන් ඕනෙම පක්ෂයකටත් වද්දා ගන්නවා. නැතුව චන්ද දිනන්නත් බැහැ.

      අන්න ඒකයි, මා කියන්නේ මෙය සනාතන අරගලයක්. සිස්ටම් එකේ ඉන්න හෝ සමාජයේ ඉන්නා පිරිසෙන් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන අයගෙන් “නරක වඩා අඩු” කොටස් අප (ජනතාව) ප්‍රමෝට් කරන්න ඕනේ. එය කාලාන්තරයක් එක දිගට සිදු කළොත්, තක්කඩි ඉබේම අතුගෑවී යාවි.

      අඩුම ගානේ, මධ්‍යම පන්තිය හෝ, ප්‍රාග්-ඓතිහාසික සංකල්ප වලින් ඉවත් වී සිතනවා නම්, සමාජයේ යම් වෙනසක් ඇති වේවි නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s