බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addresses the nation (of course via Skype) from Havana!


මා ඊයේ මතක් කරපු Back to the Future සිනමා ත්‍රිත්වයේ ප්‍රධාන චරිතය වන මාර්ටිට, තමන්ගේ වර්තමානය “වෙනස්” කරන්න අතීතයටත්, ඒ වගේම අනාගතයටත් සංචාරය කරන්න වෙනවා . ප්‍රා මතක් කරපු “Doc Brown” තමා මේකට උදව් වන්නේ. ඩොක් බ්‍රවුන් එක මොහොතක කියපු දෙයක් තමා මා අර ප්‍රාට දුන්න පිළිතුරේ තියෙන්නේ. එනම්, උඹේ අනාගතය හෝ වෙන කිසිවෙකුගේ අනාගතය තවම ලියවිලා නැහැ, එය ලියා ගැනීමේ කාර්යය තියෙන්නේ උඹේ අතේ. ඉතිං හොඳ එකක් හදා ගනිං.

මෙය එකවර ඇත්ත හා නැත්ත දෙකම තියන කියමනක්. මේ සිනමා පට ත්‍රිත්වයෙන් අපට පෙන්වාදෙන දෙයක් තමා, අපමයි අපේ අනාගතය හදා ගන්නේ කියන සංකීර්ණ කරුණ. නමුත් එය සම්පුර්ණම ඇත්ත නොවේ. මා “එබවුට් රයිගමහන්දිය” කියන පිටුවේ දමා තියන මාක්ස් ගේ මේ කියමන වඩා ඇත්තයි කියල මගේ මතය; People (Men) make their own history, but they do not make it as they please; they do not make it under self-selected circumstances, but under circumstances existing already, given and transmitted from the past. ඒ ගැනත් සිතේ තියාගෙන මේ සටහනත් කියවන්න. මේ සටහන හා එහි තියන මගේ ප්‍රතිචාර මෙය අද මා ටයිම් ට්‍රැවල් කළොත් සංස්කරණය කරන්න ඉඩ තියෙන්නේ කොයි ආකාරයටද?

raigamahandiya

මගේ කලින් බයිලා සටහන අතරමග නිම කරන්න උනේ, මගේ ප්‍රවේශය පමණට වඩා දික් උන නිසා.

මා ලියන්න ගත්තේ පසුගියදා කුමාර මහත්තයා සිඩ්නි නුවර සිට, ලංකාව සමග පැවැත්වූ කතාබහේදී පැවසුව දෙයක් ගැන මට සිතුන දෙයක්. කුමාර මහතා කිව්වා, ලංකාවේ සමාජවාදය ඇති කිරීමට තව දුරටත් කැප වෙන බව. ඔහුට මෙහෙම කියන්න උනේ පියෝන්යන්ග් හෝ හවානා නගරයේ සිට නොවීම ගැන ලංකාවේ මේක අහපු කට්ටිය කල්පනා කලාද කියන්න මා දන්නේ නැහැ. මා මතක් කරපු අර “Colombo Telegraph” වෙබ් අඩවියේ කොමෙන්ටුවෙත් මීට සමාන අදහසක් මතු කරලා තිබුනා.

කුමාර මහත්තයාගේ කතාව අහන කොට මගේ සිතට නැගුනේ, 1917 න් පසු බිහිවුන සියලුම සමාජවාදී රටවල් අර “Reverse නලපාන ජාතකය” වගේ. ඒ රටවල් වලින් මේ පැත්තට පනින්න බලාගෙන ඉන්න මිනිසුන් මිසක් ඒ රටවල් ඇතුලට රිංගන්න කව්රුවත් හොයා ගන්න නොහැකි වීම ගැන කුමාර මහත්තයා කල්පනා කලාද දන්නේ නැහැ.

කුමාරලා අද සිඩ්නි වල ඉඳන් කියන කතා 89/90 ජවිපෙ දේශපාලනය කළ බොහෝ දෙනෙකුට අහන්න බැරි පරලොවට ස්කයිප් නොතිබෙන්න පුළුවන් නිසාම නොවේ, ඔවුන්ගේ…

View original post 121 more words

Advertisements

7 Comments

Filed under Opinion

7 responses to “බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addresses the nation (of course via Skype) from Havana!

  1. Pingback: බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addresses the nation (of course via Skype) from Havana! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කුමාර අද කියන්නේ එදා 1988-89 දී ඔහු අනුගමනය කළ අය විශ්වාස කළ සමාජවාදය ගැන නොවේ.

    කැන්බරා නුවර වගේ තැනක ගේ දොරක් හදාගෙන, තමන් ගේ පාඩුවේ රස්සව කරමින්, එළවලු පාත්තියක් වවමින්, පතෝල වැටකොලු හොඳි හදමින්, සෙන්ටීමීටරයක් දෙකක් අනුමත වෙමින් නිස්කලංකව බ්ලොග් ලිපියක් ලියමින් ඉන්නට හැකි සමාජවාදයක් ගැනයි.

    මෙය මා ඔබට කරන උපහාසයක් නොවේ – ඇත්තටම පොර කීවේ ඒ වගේ ජීවන රටාවක් තමයි සමාජවාදයෙන් බලාපොරොත්තුවන්නේ කියලා, සරල සුලු ධනේෂ්වර ජීවිතයක්.

    එහෙම නැතුව මොල්දාවේ සමූහ ගොවිපලක, උතුරු කොරියාවේ ආමි කෑම්ප් එකක ජීවිතයක් ගැන නොවෙයි.

    මා මේ බව දන්නේ ලංකාවේ නොයෙල් මුදලිගේ සිද්ධියෙන් පසු සිඩ්නි නගරයෙ දී සිදුවුනු ඔහු ගේ දොරට වැඩීමේදී කළ කතාවට ඇහුම්කන් දුන් නිසයි.

    ටයිම් ට්‍රැවල් කරනවා නම් එදා හවසට ග්‍රැන්විල් හි AMU ශාලාවට එන්න.

    ඒක ඉවරවෙලා අපේ පැත්තේ ගිහින් තේවතුර බෝතලයක් බීලා සමාජවාදය සමරමු!

    • මට උපහාස කළත්, එතරම් ගණන් ගන්නේ නැහැ. ඇයි, මා හෝ තව කෙනෙකු AMU ශාලාවට ටයිම් ට්‍රැවල් කරන්නේ. අපට ටයිම් ට්‍රැවල් කරන්න අද අන්තරජාලය තියනවනේ. ඔය කියන ජිවන රටාව, සිඩ්නි නුවර “සුළු ධනේශ්වර ජිවිත” තියන ඔබලාට හා ධනේශ්වර අනුර කුමාරලගේ-මෛත්‍රිලගේ ගිවිසුම් ගැන කියන්න පෙර ජනතාවට කියන්න පුළුවන්නේ රසික.

  3. මාක්ස්වාදය සහ කොමියුනිස්ට් ක්‍රමය පැතිරීමට එවකට අධිරාජ්යවාදී ධනපති සාර් රුසියාව අසාර්ථක රාජ්යයක් වීම එක හේතුවක්.
    අනික මාක්ස්වාදයේ පියා ආදීන්ට නිදහසේ එය රෝස පාටින් ඔවුන් එවකට වාසය කල ඉන්ගලන්තයේ පතුරමින් , තද රතු පැහයෙන් රුසියාවට අපනයනය කිරීමට හැකි ලිබරල් දේශපාලන වාතාවරණයක් අධිරාජ්යවාදී ධනපති ප්‍රජාතන්ත්‍රවාදී බ්‍රිතාන්යයේ තිබුන නිසා නේද?
    එක් ධනපති රටක නරක හා තවකෙක හොඳ නිසා?

    • මාක්ස් වාදයේ පියා, බාප්පා හා මහප්පලා බිහිවුනේ, “ධනපති” අධ්‍යාපනය තුලින්. අද මේ මල්ලිලා, අපට මේ ධනේෂ්වර අධ්‍යාපනයෙන් වැඩක් නැහැ, කියා සමාජවාදය යටතේ ඉගෙන ගන්න බලා හිඳිම තමා ප්‍රධාන ප්‍රශ්නය.

      රුසියාවෙත්, අනෙක් රටවල් වලත් කුඩා පිරිසක් විසින් සමාජය මත බලෙන් පටවන ළද ක්‍රමය අසාර්ථක වීමට ගොඩක් හේතු තියනවා. මේ පාලන මාකෝස් වැනි ඒකාධිපති පාලන හා සමානව හෝ එයිටත් වඩා අසාර්ථක ඒවා.

      මාත් “ප්‍රවර්ධනය” කරන්නේ ජිවන රටාවක්. ඔය රසික සියුම්ව උපහාසයට ලක් කර තියෙන්නේ අන්න ඒක. මගේ ජීවන විලාසිතාව ගැන මා ලජ්ජා නැහැ. මෙය මගේ ජීවිතය පමණක් නොවේ. සමාජයේ මා ආශ්‍රය කරන අනෙක් පිරිසගේද ජිවන රටාවයි. ඒකයි, මේවා මා ලියන්නේ. එමෙන්ම අප මෙවැනි ජිවිතයක් ගත කරමින්, අනෙක් පිරිසකට, උඹල මෙහෙම ජිවත් වෙයල්ලා කීම තමා මා නිතර කියන දෙපිට කාට්ටු කම. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහල බලධාරීන් අදත්, එදා සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ඉහල නිලධාරීනුත් ගත කරපු ජීවිතය හා සාමාන්‍ය ජනතාවට ගත කරන්නට බල කරපු ජීවිතය ඇත්තටම ලෝක දෙකක්.

  4. Ranjan(düsseldorf)

    Kumaran gunarathnamla samajawadaya desanne australiyawa wage ratawala onatharam Prajathanthra wadaya ethi nisai,Oya ekekwath samajawadee rataka padinchiwenna yanne nethte ei.

    • ඒ මහතා කියන දෙය හරියට දැන ගන්න නම්, කාල යාත්‍රා කර, රසිකගේ තේ බෝතලයක්ම බිල එන්න වෙනවා. ඒකට කාර් එකක් හදන කම්, අප බලා ඉඳිමු!

      දැනට, ඒ මහතා දකින විටම ජනතාවට කටින් නොකියන වචන දහසක අදහස් සිතා ගන්න පුළුවන් වග, මට මතක් කෙරුවේ, එවැනි පොදු ජනතා වගෙන් එක අයෙක්ම තමා.

      ඒ මහතා විවේචනය කිරීමකට වඩා මේ සටහනට නැවත අවධානය දීමෙන් මට කියන්න අවශ්‍ය වුණේ රන්ජන්, අද ඉන්න ලෝක ජනතාව (බොහෝ රටවල් වල) වෙනදට වඩා වෙනස්. ඔවුන් ලෝකයට භෞතිකවත්, මනසිනුත් විවුර්තයි. මනස් විතරක් නොවේ දෑසුත් වසාගෙන ලෝකය පුරා යාත්‍රා කරන පිරිසුත් නැතුවා නොවේ.

      හැබැයි ඊයේ මා කියවපු සිංහළ බ්ලොග් සටහනක තිබුණා වගේ, අද මිනිසුන් දන්නවා විදේශික ජීවිතය මොන වගේද කියා. අන්තර්ජාලයත්, අන්තර්ජාල පහසුකම් තියන මොබයිල් දුරකථන වැනි නවීන සන්නිවේදන මාධ්‍යත්, එවැනි මාධ්‍ය වලට අතපොවන්න පුළුවන් සමාජ ස්ථරය විශාල වීමත් එයට ප්‍රභලව බල පෑවා. මෙතැනදී අපට අමතක කරන්න බැහැ රන්ජන්, එම සමාජ ස්ථරය ඉහල ගිහින් කියන්නේ, යම් සංවර්ධනයකුත් වෙමින් පවතිනවා කියන එක. නමුත් එම පිරිසට, සමාජයේ මහා වෙනස් කම් කරන්න හැකිද කියන එකට උත්තර දෙන්න, තවම කල් මදි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s