මගේ චන්ද ලකුණ ලිප! ඔබගේ චන්දය ලිපට දාන්න!!


මගේ කාල යාත්‍රා වැඩ සටහනට රසිකොලොගිස්ට් නැත්නම් අපේ රසික දාපු කොමෙන්ටුවක් මගින් මට පොඩි ප්‍රමෝෂන් එකක් දීල තිබුණා. මට හොඳ ලිට්‍රෙචර් රිවිව් එකක් කරන්න මේ වෙලාවේ සම්පත් නැහැ. නමුත් පන්ති බෙදීම ගැන කියන විට petite bourgeoisie (http://en.wikipedia.org/wiki/Petite_bourgeoisie ; සමාවෙන්න විකිපීඩියා පහසුවට පාවිච්චි කරනවා. නරකම නැහැ) කියන්නේ ඩිස්ටින්ක්ට් සමාජ පංතියක්. එම පන්තියට නම් මා වැටෙන්නේ නැහැ. ඇත්තටම මා අයිති වෙන්නේ කම්කරු පන්තියට (proletariat). මොකද මා ශ්‍රමය (කායික හෝ මානසික) ට වැඩ කරලා/ශ්‍රමය විකුණලා, එයට ලැබෙන වේතනයකින් ජිවත් වන කෙනෙක්. සුළු ධනේශ්වර පන්තියට ශ්‍රමය මිලදී ගැනීමේ හැකියාව තියනවා. එනම් ශ්‍රමයේ අතිරික්තය, රඳවා ගැනීමේ හැකියාව තියනවා. හැබැයි, Though the petite bourgeoisie can buy the labor of others, unlike the haute bourgeoisie, they typically work alongside their employees. මේ අර්ථදැක්වීම් වලට ගොස් දැනට කියවන පාඨකයන් පිරිසත් අහිමි කර ගන්න මට ඕනේ කමක් නැහැ. ඒ වෙනුවට මගේ කාල යාත්‍රා වැඩසටහනට යමු.

දැන් විචක්ෂණ පාඨයන් මේවා කියවීම මට දනවන්නේ සතුටක්. නමුත් මේවා සංකීර්ණ පල්හෑලි දක්වා රැගෙන යාම යහපතක් කරනේ නැහැ. එවැනි දේවල් නොයෙක් තැන්වල තියන නිසා, මගේ අරමුණ නම් සරල ජිවන විලාසිතාවක් ගැන ඉදිරිපත් කිරීමයි.

දැන් අපේ සමාජයේ බහුතරය මා වැනිම, ශ්‍රමය විකුණා ජිවත් වන පිරිස්. මෙහි විවිධ කාණ්ඩ වලට යන්නට මා බලාපොරොත්තුවක් නැත්තේ, මෙවැනි මාධ්‍යයකින් එහි ඉන්න සියල්ලන්ටම ආමන්ත්‍රණය කරන්නට නොහැකි නිසා. ඒ වෙනුවට මධ්‍යම පන්තිය ( http://en.wikipedia.org/wiki/Middle_class) නමැති අප දන්නා පුළුල් සමාජ කොට්ටාශය තමා මා කියවනු ඇතැයි බලාපොරොත්තු වන්නේ. මා කියන මධ්‍යම පන්තිය සම්ප්‍රදායික මධ්‍යම පන්තියම නොවේ. නූතන මධ්‍යම පන්තිය කියන්නේ, අර කලින් කියපු proletariat ලාම තමා. අතේ තුට්ටු දෙකක් නැහැ.

ක්‍රියාශීලි දේශපාලනය කියන්නේ කොයි රටක වුනත් දුෂ්කර ව්‍යායාමයක් කියා මා නිතර ලියනවා. ඒ වගේ දෙයකට කැප වන්නට අප හැමෝටම නොහැකියි, දක්ෂතාවයක් නැහැ, සහජ කුසලතාවයක් නැහැ, නායකත්ව හැකියාවක් නැහැ. ඇත්තම කියනවා නම්, සමාජයේ ඉන්න සියල්ලන්ටම එහෙම වන්නට නොහැකියි. මොකද මේ එහෙම වුණොත්, සමාජය බිඳ වැටෙනවා. ඉතිං මා මේ ලියන ජිවන විලාසිතාව හෝ එයිට සමාන ජිවන විලාසිතා තියන පිරිස් තමා සමාජයේ අති බහුතරය (ඇති බහුතරය නම් නොවේ). මෙතැනදී අපේ ජිවන විලාසිතාවේ සමහර තේරීම් ගැනයි මා ලියන්නේ.

මැතිවරණ ක්‍රමයක් ඇති රටක අපේ චන්දය පාවිච්චි කිරීම හෝ නොකිරීම හෝ අපේ එවැනි තේරීමක්. එහිදී එක්කෝ අප‍ට ඉන්නා (මා පෙර කියුව සමාජයේ සීමිත පිරිසෙන්) කවුරු හරි එක්කෝ තෝරන්න ඕනේ, නැත්නම් කටු ගාන්න ඕනේ, නැත්නම් ගෙදර ඉන්න ඕනේ. සමාජයේ සියල්ල විවේචනය කිරීම පමණක් කරන, විසඳුමක්ද ඉදිරිපත් නොකරන මිනිසුන් නරුමයන් ලෙසත් හඳුන්වන්න පුළුවන් (කම්කරු පන්ති ආඥ්යාදායකත්වයක් ගැනත් සිහින දකින්න පුලුවන්. නමුත් කම්කරු යයි කියන පන්තිය බලය ගත්තු රටක් මේ ලෝකේ නැහැ). යමක් සරලව පැහැදිලි කරන්න බැරි නම්, කියන කෙනාත් ඒ කියන දෙය හරියට තේරුම් ගත්ත කෙනෙක් නොවේ. එයිට අමතරව, එක දෙයක් කරමින්, අනෙක් අයට තවත් දෙයක් කියන කට්ටිය තමා වඩාත් නරක.

raigamahandiya

කුණු බිත්තරයක් කඩන්න කලින් දන්නා මිනිහට කියන්න පුළුවන්. මේ වගේ තමා අප දකින පොත් පත්, බ්ලොග් සටහන්, සිනමා පට, චිත්‍ර කතා හා සමහර මිනිසුන් ගැන අපේ මැනීම. මෙවැනි කුසලතාවයන් ජීවිතය ගත කරන්න, කරන්න වර්ධනය වෙනවා. ඒත් දේශපාලකයෙක් තේරුම් ගන්න එක, එහෙම වර්ධනය කරන්න පුළුවන් කුසලතාවයක් ද?

විවිධ දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධ නොවන, අප වැනි බහුතර පිරිසක් කරන්නේ, මැතිවරණයක් දවසට ගිහින් කතිරය ගහන එක. වැඩේ තියෙන්නේ, එහෙම චාන්ස් එකක් තියෙන්නෙත්, සමහර රටවල් වල පමණයි. මෙහෙම චාන්ස් එකක් නැති රටක ඉපදුනොත් ජලා හුටා තමයි. කැරලි ගැහුවත්, එයින් ප්‍රයෝජන ගන්නේ අහක ඉන්න ගිජු ලිහිණියන්.

මතකද අර ළමා කතාව. හාව ගලක් සමග (අප්‍රාණික) සෙල්ලම් කරමින් ඉන්න කොට, හාවව කන්න පොටක් පාදාගන්න එතනට ආපු නරිය, ඔය ගල මගේ කියුව කතාව. එදා නම් උඹේ ගල නම් උඹම තියා ගනින්, කියුවහම නරියා ලජ්ජා වෙලා යන්න ගියා. හැබැයි අද ඉන්න නරියන්, එහෙම නැහැ. තමන්ගේ ගල කියල පිළිගන්නේ නැතිව, බොරුවට උඹගේ නම් ගනින්  කියුව එක නිසා මානුෂික අයිතිවාසිකම් කඩ වුනා කියල, හාවව කොහොම…

View original post 220 more words

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “මගේ චන්ද ලකුණ ලිප! ඔබගේ චන්දය ලිපට දාන්න!!

  1. කුරුටු ගෑ ගී පවුර

    මගේ ඡන්ද ලකුණ කුනු කූඩය………… ඔබේ ඡන්දය කුණු කූඩයට දමන්න….

  2. ක්‍රියාශීලී දේශපාලනයක් කරන්න තිබිය යුතු කුසලතා මගේ කෝණයෙන් සරලව කියනවානම්,
    හොද රස්තියාදු කාර හැකියාවක් ,තියෙන්න ඕනි,ගෙවල් ගානේඅගුපිල් ගානේ රිංගන්න (කැන්වසින්) හන්දි ගානේ බෝක්කු ගානේ රස්තියාදු ගහන්න(මීටින්).මේක දවසින් ප්‍රගුණ කරන්න බැහැනේ.පොඩිකාලේ ඉදන් පුරුද්ද වගේම ජම්මෙන්ම එන්න ඕනි දේවල්.එහෙම නැති කෙනා මනාපෙන් ෆේල්.
    මාරයි ,රටක ඉහලම පුටුවට යන්න අත්‍යවශ්‍යම කුසලතාව,ලංකාවේ කිසිම ජනවර්ගයක දෙමාපියෙක් “හතර දබ්බාගේ රෝන්දේ ගහලා දෙගොඩහරි ජාමේ ගෙදර එන්න මගේ පුතේ කියලා ඔලුව අතගාලා කියන්නැහැ.රස්තියාදු ගහලා ආවම කෝටුවලින් කකුල් වල සිග් සැග් මාක් තියනවා මිසක්.

    ඇති අනේ තව ටයිප් කරන්න කම්මැලියි. 🙂

    මට නම් ඡන්දය ලිපට දාන්න යන එකත් අපරාදේ කැලරි.
    ඡන්දේ නොදානවට දඩගහනවනම් මම ඒකටත් ලෑස්තියි.
    මට නම් රෙද්දක් ඇදන් විලි ලැජ්ජා නැතිව ඡන්දේ දාන්න යන්ට බැහැ.ඒ හෙලුවැල්ල රෙදි කච්චි සීයකින්වත් වහන්න බැහැ.

    ඉස්සර කාලේ ගෞතමට පටාචාරාගේ නිරුවත වහන්න පුලුවන්වුනත්,මතුබුදුවන මෛත්‍රි බුදුන්ටවත්,ධර්ම කැන්වසින් කරන මහින්ද හාන්දුරුවන්ටත් පටාචාරලා ලංකරගත්තොත් ,පටාචාරලට විතරක් නෙමෙයි කොයි හාන්දුරුවොත් ගල් වැසි කා නසී.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s