කොහේද, කොහේද, අපේ ලොවක්? The best democracy!


ඉස්සර උනුත්, එකයි මුනුත් එකයි කියපු, දැන් උනුත් එකයි, මුනුත් එකයි, අරුන් සේරටම වඩා හපන් කියන මහත්තයල බලාපොරොත්තු වන්නේ බලාගෙන යනකොට සුළු ධනේශ්වර ජිවන විලාසිතාවක්නේ. ඕකද ඔය අමාරුවෙන් කියන්න දත කන්නේ.

හැබැයි ලංකාවේ සුළු ධනේශ්වර ජිවන විලාසිතා හදන්න, සිඩ්නි නුවර ජිවත් වන සුළු ධනේෂ්වර අයියලට කියල වැඩක් නැහැ. මේ රසික විසින් ලියා එවූ, මහතතයලගේ සමාජවාදය ගැන පොඩි හැඳින්වීමක් //කැන්බරා නුවර වගේ තැනක ගේ දොරක් හදාගෙන, තමන් ගේ පාඩුවේ රස්සව කරමින්, එළවලු පාත්තියක් වවමින්, පතෝල වැටකොලු හොඳි හදමින්, සෙන්ටීමීටරයක් දෙකක් අනුමත වෙමින් නිස්කලංකව බ්ලොග් ලිපියක් ලියමින් ඉන්නට හැකි සමාජවාදයක් ගැනයි//

සෝවියට් නායක ගොර්බචව් ප්‍රතිසංස්කරණ ආරම්භ කරපු විට, සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට හා සෝවියට් ජනතාවට ඉදිරිපත් කරපු කරුණ තමා වෙනත් වචන වලින් ඉහත තියෙන්නේ. ඔහු ඇහුවේ වසර 70 කට පසු අපට ජනතාවට දෙන්න පුළුවන් වෙලා තියන සමාජවාදී ජිවන රටාව ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද? මේ විදිහට අපට ඉදිරියට යන්න පුලුවන්ද කියන කාරණයයි.

ඒ කාලෙම තමා ලංකාවේ නිර්ධන පන්ති ආඥ්යාදායකත්වයක් පිහිටු වන්න කැරැල්ලක් දියත් කර තිබුණේ. එම කැරැල්ලට සහභාගී වුන විතරක් නොවේ, නොවුණ පිරිස් පවා මරා දැමුණ ම්ලේච්ච ආකාරය මිනිස් සංහතියටම නිගාවක්. නමුත් යම් ආකාරයකින්, මේ කැරැල්ල සාර්ථක වුණා නම්, ලංකාව කොයිවගේ රටක් වෙන්න පුළුවන්කම තිබුනද කියා මගේ අනුමානය කලින් ලියා තිබෙනවා.

මෙවැනි අනුමාන ලංකාවේ පමණක් නොවේ ලෝක ඉතිහාසයේ නොයෙක් සංදිස්ථාන වලට අපට යොදා ගන්න පුළුවන්. ඒවා හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුලුවන්. අර ඩොක් බ්‍රවුන්ගේ වාහනය තිබුනා නම් අපට දෙපැත්තටම ගිහිං බලාගන්න තිබුණා.

ලංකාවේ 1977 හා 1994 කියන්නේ ලොස්ට් ඔපචුනිටි දෙකක්. මේ අවස්ථා දෙකේදීම ජනතාව පත් කරපු නායකයන් එම තැන් වලට පත් කෙරුවේ, යම් අපේක්ෂාවක් සිතේ තියාගෙන. එම අපේක්ෂාව ජේආර් ගේ වචන වලින් ම කියනවා නම්, ධර්මිෂ්ට සමාජයක් ගොඩ නගන්න. අනුහතරේදී තිබුණෙත් ඒ අපේක්ෂාවමයි. මේ අපේක්ෂාවෙන් චන්දෙ දුන්නේ ගම් වල ඉන්න ඔය කියන බයියන්ම තමා.

අපේ සමාජයේ ඉන්නේ මී හරක්, බයියන් කියන කට්ටිය එම කරුණ අමතක කරණවා. ලංකාවේ ග්‍රාමීය ජනතාව මි හරක් යයි අපට නිතර ඇහෙනවා. මා මීහරක් යයි භාවිතා කරන්නේ උපහාසයට. මොකද බටහිර සමාජයේ ලිබරල් කියන පිරිස් වලින් සමහර දෙනා ද මී හරක්ම තමා. ඔව් එක අතෙකින් අප සියල්ලන්ම මී හරක්.

නමුත් අර අවස්ථා දෙකේදී ඒ ගෝල්ඩන් ඔපචුනිටි දෙකම කාල දැම්මේ ගමේ, බයියන් නොවේ. ඉංගිරිසියෙන් උගත්, ඉංගිරිසියෙන් සිතන, ඔය ප්‍රභූ පවුල් කියන ඒවායින් පැවතගෙන එන දෙන්නෙක්. හැබැයි ඒ වග අමතක කර ග්‍රාමීය ජනතාවට මී හරක් කියනවා. දැන් මේ ඉංගිරිසියෙන් ඉගැන්නුවා නම් සේරම ගොඩ යයි කියන කට්ටිය, එහෙම ඉගෙන ගත් අය, රටේ නායකත්වයට පත් වී, සුද්දා හදා දුන් ප්‍රජාතන්ත්‍රවාදය ධනාත්මක දිසාවකට පරිණාමය කරන්න දායක නොවුණු එක, ඒ ක්‍රම සහමුලින්ම විනාශ කරපු එක ගැන නිකමට සිතනවද?

මෑතකදී දීර්ග කාලීන ඒකාධිපති පාලන ක්‍රම හා පාලකයන් පන්නා ගත්තු ජාතීන්ට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කර ගන්නට අපහසු වී ඇති ආකාරය අප දකිනවා. විශේෂයෙන් ඊජිප්තුවේ වසර 40 කට පමණ පසුව පැවති ජනාධිපතිවරණයේ දී ජනතා සහභාගිත්වය කොයි වගේද, ඉන්පසු වුනේ මොකක්ද කියා මා කලින් සටහනක ලියා ඇති (අවශ්‍ය නම් සොයා යන්න: An uncommon candidate as a common candidate; Slacktivism, activism and idiotism!). ඒ වගේම රුසියාවේ දීර්ග කාලීන ඒකාධිපති පාලන පලවා හැරීමෙන් පසුව, අද පවතින ප්‍රජාතන්ත්‍රවාදය කොයි වගේද කියලත් අප දන්නවා.

ඔබ ලෝකයේ කුමන රටක හිටියත්, ඔබ කැමති අන්දමේ පාලනයක්, පාලකයන් පත් කර ගන්නට ඇති හැකියාව අවමයි. ජිවිතයේ අප ගන්නේ, ගන්නට තියන හොඳම විසඳුම කියා, ඒ මොහොතේ සිතෙන දෙයට. ඒවා බොහොමයක් පසු කලෙක වැරදි යයි වැටහෙනවා. නමුත්, වැඩේ තියෙන්නේ, ඒ විසාන්දුම නොගෙන වෙන විසඳුමක් ගත්තා නම්, එයිට වඩා හොඳ වේවිද, නරක වේවිද කියා අප දන්නේ නැහැ. 1977 හා 1994 දී පවතින ආණ්ඩුම දිගටම තිබුණා, මෙයිට වඩා නරක වෙන්නත් තිබුණා. කවුද දන්නේ?

එය නොවේ අපට සිතන්න ඕනේ කරුණ. ලංකාවේ ආණ්ඩු වෙනස් කිරීමේ අයිතිය තාමත් තියෙන්නේ ජනතාව අතේ වීම. ලෝකේ කොයි රටක ජිවත් වුණත්, එය නම් වැදගත් ගුණාංගයක්. අහිමි නොකර ගත යුත්තක්. මොකද නැති වුණොත්, යලි ලබා ගන්න එක එක විතරක් නොවේ, ලබාගත්තත්, යලිත් ස්ථාපිත කරන එක ඉතාම අසීරු කටයුත්තක්.

අද මා කාල යාත්‍රා කරන මේ සටහනත් ලියා තියෙන්නේ ලංකාව ඉලක්ක කර නොවේ.

(මල්මිගේ ප්‍රතිචාරයට පිළිතුරක් ලෙස, මගේ කාල යාත්‍රාවේ අවසන් චාරිකාව හෙට).

(මේකේ මාතෘකාවේ වරදක් දුටුවේ අද. එය රතු ඉරකින් පෙන්වා තිබුණත් නිවරද කිරීමට මට නොහැකි වුණා 28.09.15).

raigamahandiya

අන්තර් ජාලයෙන් චන්දය ප්‍රකාශ කිරීම ඕස්ට්‍රේලියාවේ ඉදිරි මැතිවරණකදී බොහෝ විට ප්‍රායෝගික දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් චන්දය දැමීම ලෝකයට අඳුන්වා දුන්නේ ජේආර් කිව්වොත් නිවැරදියි. ගෙදර ඉඳන් නෙමේ, එලොව ඉඳන් උනත් චන්දෙ දාන ක්‍රමය මුලින්ම අඳුන්වා දුන්නේ ජේආර් ගොයියා.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අවශ්‍ය මූලික දේ මොකක්ද? පොඩ්ඩක් නවතින්න. ඔබ කියාවි නොයෙක් පිළිතුරු! නමුත් ප්‍රධාන දේ තමයි ජනතා සහභාගිත්වය.

පසුගිය ජනාධිපති වරණයේදී, ලංකාවේ ලියාපදිංචි චන්දදායකයන්ගෙන් 80% ක් පමණ චන්දය ප්‍රකාශ කළා (මා වැරදි නම් නිවැරදි කරන්න, එසේම කොම්පුටර ජිල් මාර්ට්* අමතක කරන්න). ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්වේ මොකක්ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තියන ජනතා සහභාගිත්වය අගය කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ” රන් දෙවොල” එහෙම කිව්වේ ඇයි?

ඇමෙරිකාවේ චන්දය ප්‍රකාශ කරන සාමාන්‍යය ලියාපදිංචි චන්ද දායකයන්ගෙන් 50% ක් පමණයි. ඒ ලියාපදිංචි වුණ අය විතරයි. ජනාධිපති ඔබාමා මුහුණ දුන්න පසුගිය ජනාධිපති වරණයේදී, ඇමෙරිකානු ජනතාව වෙනදාට වැඩියෙන් චන්ද පොලට ආවා. ඒ ඔබාමාගේ කථිකත්වය නිසාත්, ඔහුගේ පසුබිම නිසාත්.

ඒ වතාවේ ඇමෙරිකානු ජනතාව ලියාපදිංචි චන්දදායකයන්ගෙන් 60% ක් චන්දය ප්‍රකාශ කළේ පරණ වාර්තා කඩමින්. මෙයට…

View original post 255 more words

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “කොහේද, කොහේද, අපේ ලොවක්? The best democracy!

  1. //කැන්බරා නුවර වගේ තැනක ගේ දොරක් හදාගෙන, තමන් ගේ පාඩුවේ රස්සව කරමින්, එළවලු පාත්තියක් වවමින්, පතෝල වැටකොලු හොඳි හදමින්, සෙන්ටීමීටරයක් දෙකක් අනුමත වෙමින් නිස්කලංකව බ්ලොග් ලිපියක් ලියමින් ඉන්නට හැකි සමාජවාදයක් ගැනයි//
    මේ වගේ සමාජවාදයකට මමත් කැමතී…:P

    • කෝ මං කොච්චර කියුවද “සමාජවාදී ජීවන විලාසිතාවක්” ගත කරන්න කැන්බරා එන්න කියල! කොහෙද ගණන් ගත්තේ නැහැනේ. 😀
      (තවමත් කියවන වග දැන ගැනීම සතුටක් 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s