චන්ද්‍ර සංචාරය හා තවත් කතා! Is this a pointless endeavour?


මිනිසා සඳ මත පා තැබුවද, නොතැබුවද කියල කොන්ස්පිරසි තියරි ලෝකේ තියනවා. මා මේ සටහනේ කියපු පරිදි මෙවැනි කතා ප්‍රචාරයට එක හේතුවක් වුණේ, ප්‍රථමයෙන් සඳ මත පා තැබීම නම්, මිනිස් ශිෂ්ඨාචාරයේ සංදිස්ථානයක් සලකුණු කරපු තිදෙනා තමන්ගේ අත්දැකීම, මිනිස් වර්ගයා සමග ප්‍රමාණවත් අයුරින් බෙදා නොගැනීම. අර නීල් ආම්ස්ට්‍රෝන්ව දෙතුන් වරක් ඉන්ටර්විව් කරපු පත්‍ර කලාවේදියා කියල තිබුණේ, එයට හේතුව ඔවුන් ප්‍රමාණවත් තරම් කළා කාමීන් නොවීම කියල.

අප වගේ සාමාන්‍ය ජනතාවට නම් ඉස්සර ඒ වගේ අත්දැකීම් හුවමාරුවට අවස්ථාවක් තිබුනේ ඉතා සුළු කාණ්ඩයක් සමග පමණයි. එනම් පවුලේ කට්ටිය, සමීප මිතුරන් මිතුරියන් සමග විතරයි. අද එහෙම නොවේ. අත්දැකීම් පමණක් නොවේ, යමක් ඉගෙන ගෙන (මොන විදියෙන් හෝ) තියනවා නම් එයත් වැඩිපුර පිරිසක් සමග බෙදා ගන්නට පුළුවන්. දැනුම ලබා ගන්නවා කියන දේත් අද වඩා පහසු වී තියනවා. නමුත් මෙතැනදී සමාජයේ විශාල පිරිසක් තාමත් හැලී යනවා. මා මේ කියන්නේ අන්තර්ජාලය හා සමාජ ජාල වලට අත පොවන්නට නොහැකි කට්ටිය ගැනයි.

වර්තමාන ලෝක ජනගහණය බිලියන 7.2 ක් පමණ වෙනවා. මේ අතුරින් අන්තර්ජාල පහසුකම් තියෙන්නේ බිලියන 2.9 කට පමණ. නමුත් ලෝක ජනගහණයෙන් 85% ක්ම අන්තරජාල පහසුකම් ලබා දිය හැකි වපසරියේ ජිවත් වෙන්නේ. මේ සියලුම දෙනාට අන්තර්ජාලය අවශ්‍ය වේවිද? මා නම් එහෙම සිතන්නේ නැහැ. නමුත් අන්තර්ජාලය තවත් ප්‍රචලිත වීම කියන්නේ නිකම් අදහස් හුවමාරුව විතරක් නොවේ.

ගිය වසරේ පෙබරවාරි මස ප්‍රකාශයට පත්කරපු අධ්‍යනයකට අනුව, ඉන්දියාවේ ජනගහනයේ වර්තමාන අන්තර්ජාල භාවිතාව වන 15%, වඩාත් දියුණු රටක තත්වයකට එනම් 75% දක්වා ගෙන ආවොත්, එයින් මිලියන 65 කට අලුතින් රැකියා උත්පාදනය කරන අතරේ අන්ත දුප්පත්කම 28% කිනුත්, ළදරු මරණ ගණන වසරකට 85 000 කිනුත් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලය කියන්නේ ධනෝපායනය විතරක් නොවේ, ජිවිත රක්ෂනයත්.

දැන් අත්දැකීම් හුවමාරුව හෝ අපේ අදහස් අනෙකෙකුට දැනගන්න පළ කිරිම ගත්තොත්, එහිදී කියවෙන දේ හෝ දකින හැටි එය ලියන කෙනාගේ ආකල්ප, දේශපාලන, සංස්කෘතික, සමාජ බැඳීම් මත රඳා පවතිනවා. ඒ එක්කම කෙනෙකුගේ අත්දැකීමක් වුවත්, තවත් දේ දේ මත රඳා පවතිනවා. රොබර්ට් නොක්ස් ලංකාවට නිකම් ඇවිත් මාස දෙක තුනක් ඉඳල ගිහිං, ලංකාව හා එහි ජනයා ගැන පොතක් ලියුවා නම්, අපට දැක ගන්නට ලැබෙනු ඇත්තේ සහමුලින් වෙනස් කතාවක්.

විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් හිටියත් ඔවුන් මහා මාධ්‍ය වල දක්වන අදහස් එක්කෝ වෙළඳ අවශ්‍යතා, නැත්නම් පෞද්ගලික අවශ්‍යතා නිසා පොදු ජනයට මහා ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැහැ. අද මාධ්‍ය කියන දේවල් වෙනස් වී තියන පරිසරයක පවා, එවැනි අරමුණු නැති පිරිස් සිටියත් එක්කෝ ඔවුනට වෙලාවක් නැහැ. නැත්නම් සරල භාෂාවෙන් දන්නා දේවල් කියා ගන්න බැහැ. සමහරුන් මෙයට කියවන්නාටම වරද දමනවා. මොකද සාමාන්‍ය ජනතාව කියන්නේ “විශේෂිත” දැනුමක් ඇති පිරිසක් නොවන නිසා සියලුම දෙනාට තේරෙන පරිදි ලියන්නට/ඉදිරිපත් කරන්නට නොහැකි වීම නිසා නොලියා ඉන්න බව කීම.

යමක් නොදැනීම ලැජ්ජාවට හෝ සමාව ඉල්ලන්නට අවශ්‍ය කරුණක් නොවේ. මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි කිසිම කෙනෙකුට (කුඩා දරුවන්ට හැර) ලඟට ඇවිත් යමක් කියා දෙන්නට හැකිය කියා මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. එවැනි උත්සාහයන්ද නිකම් අර ගහල කොළ වලට වතුර වක්කරනවා වගේ වැඩ. වැඩිහිටියන් වෙනස් වන්නේ මූලිකවම, තමන්ට ඒ අවශ්‍යතාවය තියනවා නම් පමණයි.

අනික් දේ තමා අද තියන දැනුම් සම්භාරයේ හැටියට, අපගේ ජිවිත කාලය තුල අත්පත් කර ගන්න පුළුවන් ඉන් ඉතා ස්වල්පයක් පමණයි. අවුල්ද? නැහැ. හැබැයි ජිවිතයට අත්‍යවශ්‍ය කරුණු වත් සොයා යාමට අප උත්සහ ගන්න ඕනේ.

එහිපස්සිකෝ කියන නමින් ලියපු මේ සටහනේ සඳහන් කරපු පරිදි, ලෝකයේ සිටින සියල්ලන්ගේම වැරදි දකින කෙනෙක් තමන්ගේ වැරදි සොයා යන්නට වෙහෙසෙන්නේ නැහැ. එය ඛේදවාචකයක් කියල නම් කරන්න පුළුවන් වුවත්, කලින් කියපු පරිදි අප ඕනෙම කෙනෙකුට වෙනස් වන්නට පුළුවන්, තමන්ට ඒ අවශ්‍යතාවය තියනවා නම් විතරයි.

මා ඊයේ පෙරේද දවසක කියවපු ප්‍රවුර්තියක් තමා මේ. මෙහි තියෙන්නේ මෑතකදී ඇමෙරිකාවේ පැතිරුණු සරම්ප රෝගය හා ප්‍රතිශක්තිකරණ විරෝධී ව්‍යාපාරය ගැන. ගිය වසරේ දෙසැම්බර 28 වනදා සිට මේ වනතෙක් ඇමෙරිකාවේ සරම්ප රෝගීන් 121 ක් සොයා ගෙන තිබෙනවා. මෙයි 18 දෙනෙකුටම රෝගය බෝවී තියෙන්නේ අර අපේ කට්ටියත් යන්න කැමති, ලෝකයේ “ප්‍රීතිමත්ම ස්ථානය” යයි විරුදාවලිය ලත් දිස්නිලන්තයෙන්.

සරම්ප රෝගය පැතිරීමත් සමග දෙමාපියන්ගේ කේන්තිය දැන් හැරී තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ හා ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ විරෝධී ව්‍යාපාර වෙත.

පසුගිය ටයිම් කලාපයක සිත්ගන්නාසුළු ලිපියක් මයිකල් එලියට් විසින් ලියා තිබුණා. එහි මාතෘකාව වුණේ “THE AGE OF MIRACLES” යන්නයි. පසුගිය දශක දෙක තුන ඇතුලත මනුෂ්‍යයා අත්පත් කරගත් දේවල් තමා මයිකල් ලියා තිබුණේ.

එයින් එකක් තමා මේ. වසර 1970 වසරේදී ලෝකයේ ළදරුවන්ගෙන් 5%කට තමා ජිවිතසුරක්ෂිත කරණ ප්‍රතිශක්තිකරණය එන්නත් ලබා දුන්නේ. අද වෙනකොට එය 80% ක්. වසර 1990 හා සසඳන විට අවුරුදු පහට අඩු ළදරු මරණ ගණන අද 50% කින් අඩුවී තියනවා. මෙය තවත් ආකාරයකින් කියුවොත් 1990 දී වසරකට සිදුවුණ අවුරුදු පහට අඩු ළදරු මරණ මිලියන 12.7, අද වන විට වසරකට මිලියන 6.3 දක්වා අඩුවී තියනවා. මයිකල් කියන්නේ සිතන්න මේ නිසා අඩුවී තියන මල ගෙවල් ගණන හා මිනිසුන්ගේ දුක් වේදනාවන් ප්‍රමාණය. අන්න එක අප නිතර කල්පනා නොකරන දෙයක්.

සටහන පටන් ගත්තු තැනට යලි ගියොත්, අන්තර්ජාලය අපගේ දුප්පත්කම (මුල්‍යමය හා බුද්ධිමය) අඩුකර ගන්න ඉවහල් කර ගන්න හොඳටම හැකියාව තියනවා කියලා පෙන්නුම් කළත්, මෙතනදීත් භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය අනුව එහි අන්තිම ප්‍රතිඵලය රඳා පවතිනවා. වශී බෝල කරකැවීම ප්‍රචාරයටත්, කරවල හොද්දක් හදන විදිහත් මෙයින් එකසේ ප්‍රචාරය කරන්නට හැකියාව තියනවා. අපටත් ඕවයින් කොයිකද තෝරා ගන්නේ කියන එකටත් නිදහස තියනවා.

පලි
මේ ලියමින් ඉන්න අතරතුර රූපවාහිනියේ ප්‍රවුර්ති වලට ගියේ ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් විසින් හම විදින්නේ නැතුව, ප්‍රතිශක්තිකරන එන්නත් ලබා දීමේ විප්ලවීය ක්‍රමයක් සොයා ගත්තාය යන පුවතක්.

ඒ වගේම කියවන ටික දෙනා විසින් විටින් විට දමනු ලබන සමහර කොමෙන්ටු මගේ ලිවීමටත් උත්ප්‍රේරකයක් කියාත් කියන්නට අවශ්‍යයි. ඒ කියන්නේ මේ ලිවිම නිකම් පොයින්ට්ලස් ම නැහැ. මාත් ලියන්නේ කැමැත්තෙන් සොයා ඇවිත්, කැමැත්තෙන් කියවන පිරිසට පමණයි. මේ සටහන් කැමැත්තෙන් සොයා ඇවිත්, කැමැත්තෙන් කියවන පිරිසට වඩාත් සුදුසුයි

Advertisements

16 Comments

Filed under Opinion

16 responses to “චන්ද්‍ර සංචාරය හා තවත් කතා! Is this a pointless endeavour?

  1. ඒ කොන්ස්පිරසි තියරි වලට තවත් හේතු වුනේ නාසා ආයතයත් අත්‍යාවශ්‍ය දත්ත නොසැලකිලිමත්කම නිසාම විනාශ කර ගැනීම,

    ගහල කොලේත් පරණ වෙනකොට අර ප්‍රතිරෝධය අඩුවෙලා තෙමෙන්න ගන්නවා.

    ප්‍රතිශක්තිකරණ විරෝධයකුත් තිබුනද? මම දැනුයි දන්නේ.

    • එතැනදී මචං මා කතාවක් අහල තියනවා. මේකත් කොන්පිරසි තියරියක් වෙන්නත් පුළුවන්. ඇත්තටම සඳට ගොඩ බැස්ස වෙලාවේ ලයිව් කවරේජ් අංජබජල් වුන නිසා, පටිගත කරපු දෙයක් විකාශණය කළාය කියන එක.
      ගහල කොළ පවා අප විවේචනය කරන්න ඕනේ පරිස්සමින් වන්නේ අන්න ඒ නිසා බං. ඔවුන් දෙන්නම් බැටේ විචාරය මගින් කැලේටම දක්කන්න අවශ්‍ය නැහැ.
      ප්‍රතිශක්තිකරණ විරෝධී කණ්ඩායම් ඇමෙරිකාවෙත්, ඕස්ට්‍රේලියාවෙත් ක්‍රියාත්මකයි. සිඩ්නි නුවර සමහර පැති වල ළදරු ප්‍රතිශක්තිකරණය 80-85% දක්වා පහල ගිහින් කියා පසුගියදා වාර්තා වුණා. මෙය වෛද්‍ය විශේෂඥයන් ගේ අවධානයට ලක්වුනා. නිව් සවුත් වෙල්ස ප්‍රාන්ත රජය පසුගිය කාලේ විධි විධාන කිහිපයක් අර ගත්තා. The NSW government moved against the organisation in March last year, forcing it to surrender its charitable status (http://www.theguardian.com/society/2015/jan/06/australias-anti-vaccine-movement-decline-membership-drops-off) ඉන් එකක්. අනෙක තමා පෙර පාසල් වලට ප්‍රතිශක්තිකරණය නොකරන ළද දරුවන් ඇතුලත් කර නොගැනීමේ තීරණය ගන්න අවශ්‍ය නම් , ඒ පාසල් වලට අවස්ථාව ලබා දීම. එම ව්‍යාපාරය දැන් බහින කලාවට යමින් තියනවා.

  2. අත්දැකීම් බෙදාගැනීම අතිශයින් වැදගත්. රයිගම්ගෙ සටහන් මාත් කියවනව බොහෝ විට. කලින් ලිපිය දෙපාරක් තුන්පාරක් ඇවිල්ල කියෙව්ව. කොමෙන්ටු දැම්මත් නැතත් කියවනව.

    • ඔබ මේ ප්‍රතිචාරය දමපු නිසා නොවේ ලියන්නේ, ඔබේ බ්ලොගය මා කියවන සිංහල බ්ලොග් අතලොස්ස අතර තියනවා. සමහර සටහන් මට එතරම් වැදගත් නැහැ. නමුත් එය නොවේ මා ඇත්තටම සලකන්නේ. මිනිසෙකුගේ ෆුල් පැකේජ් එක. ව්‍යාජ මිනිසුන්ගේ නිරුවත කොයි වෙලාවක හෝ එලි වෙනවා.

      අත්දැකීම් ගැන කියුවොත් රාජ්, සංක්‍රමණිකයන් කියන්නෙත් an integrated part of Sri Lankan society. අපටත් ලංකාවේ ඉන්න අයම හඳහන් හදා දෙන්නට පසුගිය දා ඉදිරිපත් වීමෙන් පෙන්නුම් කරපු තව දෙයක් තමා, මේ සංක්‍රමණිකයන් තමන් ජිවත් වෙන හැටි, මේ රටවල් දකින හැටි, මේ සමාජ අද තියෙන හැටි හා මේ රටවල් වල ඉතිහාසය ප්‍රමාණවත් අයුරින් ලංකාවේ ඉන්න ජතතාවට ඉදිරිපත් නොකිරීමේ අඩුව.

      අපත් බොහෝ විට ලංකා දේශපාලනය නමැති බ්ලැක් හෝල් එකට අහුවී එහිම ඇඹරි යනවා. මා මුල සිටම ඕස්ට්‍රේලියාව ගැන පමණක් නොවේ, මා කලින් ඉගෙන ගත්තු සෝවියට් රුසියාවේ අත්දැකීම්ද මෙහි පුළුවන් හැටියට ඇතුලත් කෙරුවේ අන්න ඒ නිසා. නමුත් මේ කතා කියන විට, අපගේ හා වෙනත් දන්නා අයගේ පෞද්ගලික කරුණු ඒවාට ඇඳී තිබෙන නිසා, සමහරවිට ලියන්න වෙන්නේ ප්‍රවේශමෙන්.

  3. හොඳ ලිපියක් තවරිශ් . පතත්රේට දාමු නේද.

    • තවරීශ්?
      රුසියාවේ ඉගෙන ගත්තු මං දන්නා සමහරු අපිට කීවේ ඒ අයට ගස්පදීන් කියා කතා කරන්න කියලායි!

    • Слава народу කියල දාපන් අජිත්. එය අහන්න වත් දෙයක් නොවේ තවරිෂ්. මුලාශ්‍රය නොමැතිව හෝ මේවා බෙදා ගැනීම මට සතුටක් මිසක් අමනාපයක් ඇතිකරන්නේ නැහැ.

      • අජිත් හා මා “рабочий класс” එකේ නිසා එකිනෙකාට товарищ කියා අමතා ගන්නවා. රසික ආශ්‍රය කරන්නේ “класс буржуазия” එකේ කට්ටිය නේ . ඒ අය එකිනෙකා අමතා ගන්නේ господин කියල තමා. 😀

        • Anonymous

          Petite bourgeoisie?
          Moyenne?
          Grande?
          Haute?

          • Anonymous

            These comments are mine. Is the difficulty to comment here another ploy of yours to limit the readership? 😀
            //මේ සටහන් කැමැත්තෙන් සොයා ඇවිත්, කැමැත්තෙන් කියවන පිරිසට වඩාත් සුදුසුයි//
            Elitist? Defensive? Apologetic? Preemptive strike? 😀 😀 😀
            Pra Jay

            • Even, before you admitted, I thought that would be yours.
              None of them. It was a “Liberalistic approach”! 🙂

              BTW, Rasika would be the best person to answer the above. 😀

              ඔබ සිතනවද බ්ලොගර් ගියොත් මෙයිට වඩා කියවයි කියා?

              • ඔව් මම මේවට කොමෙන්ට් කරන්නම වර්ඩ්ප්‍රෙස් එකක් හදා ගත්ත. බ්ලොගර් එක ලේසියි.
                @රසික – මම ඕන එකෙකුට තවරිෂ් කියනවා උන් කැමති වුනත් නැතත්. අපට ගස්පදින් ලා නැහැ. අපි යාළුවන්ට කතා කලේ තවරිෂ් කියල. මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා ඔසී වල. චන්දන හේරත් , අජිත් පියරත්න , හෙම. උන් එහෙම නෙමේනේ නේද?

                • ඉතින් මචං වර්ඩ්ප්‍රෙස් මාත්, බ්ලොගර් කොමෙන්ටු දාන්නේ වෙනම බ්ලොගර් ප්‍රොෆයිල් එකක් හදාගෙනනේ.
                  ඔය රසිකගේ විහිළු! ගස්පදින්ලා කෙසේ වෙතත්, අපේ ගමේ නම් හිටියා ගස්මදින්ලා. එයාල නම් කාටත් අවශ්‍ය කට්ටියක්. 😀

  4. /* මාත් ලියන්නේ කැමැත්තෙන් සොයා ඇවිත්, කැමැත්තෙන් කියවන පිරිසට පමණයි. */

    පුහ්! ඒ කියන්නේ රයිගම ලියන්නේ නීෂ් මාකට් සෙග්මන්ට් එකකටයි!!!

    මගේ අදහස නම් ඇස්ටන් මාටින් කාරුත් ඕනෑ වුණාට, ඒව මරුති සුසුකි තරම් බහුජන හිතාය, බහුජන සුඛාය නැති බවයි.

    • මේ ලියන ඒවාත් බහුජන හිතාය, බහුජන සුඛාය තමා රසික. මාත් ලියන්නේ කැමැත්තෙන් සොයා ඇවිත්, කැමැත්තෙන් කියවන පිරිසට පමණයි, කියන එක මේ සටහන් කැමැත්තෙන් සොයා ඇවිත්, කැමැත්තෙන් කියවන පිරිසට වඩාත් සුදුසුයි කියන පරිදි වෙනස් වුණොත් වඩාත් ගැලපෙනවා. එය මිත්‍ර අවවාදයක් විතරයි. ලෝකයේ විවිධ ආතති වලින් පිඩා විඳින පිරිස් වැඩි වන අතරේ, අපගේ අරමුණ විය යුත්තේ, එම පිරිස තවත් වැඩි කිරීම නොවේ. අකමැත්තෙන් ඇවිත්, අකමැත්තෙන් කියවීම කියන්නේ කියවන්නාට නරක දෙයක්. (අනෙක් දෙවර්ගය අතරින් අකමැත්තෙන් ඇවිත් කැමැත්තෙන් කියවන පිරිස නරක නැහැ, කැමැත්තෙන් ඇවිත් අකමැත්තෙන් කියවීමත් හොඳ වර්ගයක් නොවේ).

  5. Reblogged this on raigamahandiya and commented:

    මා

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s