ඇහැළේපොළ මහ නිලමේගේ ඉරණම කුමක් වීද? Forced migration! (2)


“….. ඒ අතරවාරයේ, ඇහැළේපොළ 1825 වන තෙක් කොළඹ නිවාස අඩස්සියේ රඳවා තබනු ලැබීය. 1925 දී ඔහු මුරිසි දිවයිනට පිටුවහල් කෙරිණි. ඔහුට එරෙහිව කිසි දාක චෝදනා ඉදිරිපත් නොකෙරුණු අතර සිව් වසරකට අඩු කාල පරිච්ඡේදයකට පසු ඔහු පිටුවහලේදීම මිය ගියේය” (පිටුව 16, දිවයින් අතර, මුරිසියට පිටුවහල් කෙරුණු කන්ද උඩරට සිරකරුවන් පිලිබඳ කතාන්තරය, රාජා සී. දසා බණ්ඩාරනායක, විජිත යාපා ප්‍රකාශන, කොළඹ 4, 2010, මිල රු 1250.00*)

වෙළෙන්දන් විසින් ඉතිහාසය ලියන අයුරු අපට සමහර විට දැක ගන්නට ලැබෙනවා. එයිට අමතරම සමහර ඉතිහාස කතා ලියන්නන් ඇත්තටම ඉතිහාසයට අයිති මිනිසුන්. වෙනත් වචන වලින් කියනවා නම්, ඔවුන් ශිෂ්ට නූතන මානවයන් නොවේ. ඔවුන් ලියන ඉතිහාස කතාත් නිසරු ප්‍රලාප ඝනයට වැටෙන්නේ අන්න ඒ නිසා.

එවැනි යුගයක බණ්ඩාරනායක ලියන ළද මේ පොත සැබවින්ම වර්තමානයට අයිති මිනිසෙක්, අපේ ඉතිහාසයේ එක්තරා යුගයකට අපව කැඳවා ගෙන යන කාල යාත්‍රා යන්ත්‍රයක් කියාත් නම් කරන්න පුළුවන්. ඔහු මේ ග්‍රන්ථය සඳහා වසර 15 ක පර්යේෂණයක් කර තිබෙනවා. විවිධ රටවල මිනිසුන් සමග කරපු සාකච්ඡා වලට අමතරව විවිධ පොත් හා ලේඛණ දෙතුන් සියයක් පමණ මේ පොතේ මුලාශ්‍ර වෙනවා. එයිට අමතරව මෙවැනි කර්තව්‍යයක නිරත වීමට අවශ්‍ය කාලය හා ධනය අවශ්‍ය පමණ තිබීමද මෙවැනි ඉතිහාස කතා පොතක ගුණාත්මක භාවයට බලපාන දෙයක්. මේ සියල්ලක්ම පොතින් නිරූපනය වනවා.

යටත් විජිත සමය කියන්නේ ලංකාවේ අඳුරු පරිච්ඡේදයක්. ඒ විතරක් නොවේ දිගින් දිගට සමාජයේ තෝරාගත් පිරිසක් ඉවත් කිරීම මේ මෑතක් වනතුරු සිදු වුණා. ඉංගිරිසින් විසින් ඇහැළේපොළලා ඉවත් කිරීමත්, මෑත කාලයේ ගම් වල සිටපු “සුළු ධනේශ්වර” යයි හංවඩු ගසා වෙඩි තබා මරා දැමුණ හා කැරලි වලින් ජිවිතක්ෂයට පත් වූ තරුණ පරම්පරාව මගින් සමාජයට අහිමි වුණේ ඔවුන් පමණක් නොවේ, සමාජයේ තුබුණ එක්තරා ජාන කිටුවක්ද ඔවුන් සමග අහිමිව ගියා යයි සිතන්නට අද හැකියාව තියනවා.

කාම්බෝජයේ ගම් දරුවන් රැගෙන විත් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන “අනාථ නිවාස” පිලිබඳ මා නරඹපු එක වැඩසටහනකදී ඉදිරිපත් වූ එක අදහසක් වුණේ මෙවැනි දෙයක්. දැන් මේ දරුවන් දෙමාපියන් නොමැති අනාථ අය නොවේ. ඔවුන්ව මේ වෙළෙන්දන්ට භාර දෙන්නේ දෙමාපියන් විසින්මයි. මෙයට හේතුව අන්ත දුප්පත් කමද? එයිට සමාන දුප්පත් සමාජ වල නොමැති පරිදි ඉහල ප්‍රතිශතයකින් කාම්බෝජයේ මෙවැනි දෙයක් සිදුවන්නේ ඇයි?

එයට එකතරා හේතුවක් ලෙස දැක්වුණේ පොල්පොට් විසින් සමාජයේ සිටපු එක්තරා කොට්ටාශයකට අයත් ජනතාව සහමුලින්ම ඉවත් කිරීමයි. එතැනදී “සුළු ධනේශ්වර හා යමක් ඉගෙන ගත්තු පිරිස” තමා මුල් තැන ගත්තේ. එවැනි පිරිස් කියන්නේ ඉබේ පහල වූ කොට්ටාශයක් නොවේ. ඔවුන් බොහෝ දෙනෙකු සමාජයේ ඒ තත්ත්ව වලට ආවේ විශේෂ කුසලාතාවයක් හා උන්නතිකාමයක් හිමි කර ගත් අය නිසා. ඕනෙම සමාජයක අනෙක් පිරිස් ආදර්ශයට ගන්නේ ඔවුන්. ඒ විතරක් නොවේ, ඔවුනගේ ජාන (අකාලේ මරා දැමීම මගින් දරුවන් හැදීමට අවස්ථාව නොමැති වීම නිසා) ඒවා සමාජයෙන් සහමුලින්ම ඉවත්ව යනවා. අර වැඩ සටහනේ කියවුනේ, කාම්බෝජ ගම් වල අද එවැනි ආදර්ශයක් නොමැති වීම දෙමාපියන් අර තත්වයට තල්ලු කරන්න එක හේතුවක් කියා.

මෙවැනි දෙයක් ඇත්තටම පර්යේෂණයකින් තහවුරු කර නැහැ. නමුත් ස්වභාවික වරණයේ සිදු වන්නාක් මෙන්, සමාජයේ “එක්තරා ජාන” කොටසක් දිගින් දිගටම ඉවත් කිරීම මගින්, අන්තිමට ප්‍රමුඛ වන්නේ අර ඉතිරි වූ මිනිසුන්ගේ ජානයි. ඉංගිරිසින් විසින් කැරලි මර්ධනයේදීත්, ඇහැළේපොළලා ඇතුළු අනෙක් නායක පරම්පරාව සමාජයෙන් ඉවත් කිරීම නිසාත් ලංකාව ඇතුළු ඔවුනගේ යටත් විජිත රටවල් වල සමාජ අද පවතින තත්වයට කොතරම් බලපෑමක් ඇතිකර තිබේද යන්න විමසා බැලිය යුත්තක්ම තමා. මේ සමාජ වල ජනතකාමි නායකයන් බිහි නොවන්නේ, එවැනි “නායකත්ව ජාන” සහිත මිනිසුන් සමාජයේ ඉතිරිව නැති නිසාද? සුද්දන් විසින් සිස්ටමැටිකලි සමාජයේ ස්වාධින අදහස් සහිත, අනෙක් පිරිසට නායකත්වය දෙන්න හැකි පිරිස් ඉවත් කර, ඉතිරි කෙරුවේ තමන්ගේ අණසක අනුව හැසිරවෙන කොට්ටාශය පමණයි.

ඕස්ට්‍රේලියාවේ පවා ඇබොරිජිනල් සමාජයේ වර්තමාන ඛේදනීය තත්වයටත් හේතුව මෙයමද? එනම් මරා දැමුනේ ආක්‍රමණිකයාට කවුද කියා තේරුම් ගන්නට පිළිවන් වුන, ජනතාවට නායකත්වය දුන්නු ඔවුනගේ සමාජයේ සිටපු සක්‍රිය පිරිස නිසාද? මෙවැනි ඇබොරිජිනල් නායකයන් අතර කාලයට ඉදිරියෙන් සිටි පිරිස් උන්න වග, ඔවුනගේ කතන්දර අද කියවන විට තේරුම් යනවා. ඔවුන් සමාජයෙන් සහමුලින්ම ඉවත් කර, ගොවිපලවල් වල ආවතේව කරපු පිරිස් විතරක් බිහිකරපු අනාගත පරම්පරාවේ ප්‍රමුඛව ආවේ “අපත ජාන” පමණද කියන සැකය මතු වෙනවා.

බණ්ඩාරනායකගේ පොත වෙත යලි යොමු වුනොත්, තමන්ගේ සමාජයෙන්, හිතවතුන්ගෙන් හා අඹු දරුවන්ගෙන් වෙන්ව ඔවුන් මුරිසි දිවයිනේ ගත කරපු කාලය කෙටි වුවත් එය සැබවින්ම ඛේදවාචකයක්. ඇත්තටම මේ මිනිසුන් අරගල කෙරුවේ, තමන්ගේ උපන් රටේ, තමන්ගේ අයිතිය වෙනුවෙන්. එතැනදී ඇත්තටම වරද කරුවන් වන්නේ පිටින් ඇවිත්, ඔවුන්ට එරෙහිව නඩු ඇසූ සුද්දනුයි. ඔවුනගේ නිර්ණායක අනුව වුවත්, ඇහැළේපොළ කියන්නේ කිසිම නඩුවකින් වරද කරුවෙකු වුණ මිනිසෙකු නොවේ. ඔවුනගේ ජිවිත කෙටි වීමට හේතුවත් අලුත් දේශගුණයට අමතරව, මේ චිත්ත සන්තාපයත් මූලික වන්නට ඇති. ඔවුන් පත්ව සිටි ඛේදනීය ඉරණම තේරුම් ගන්නට මා පහතින් දමන උපුටනය කියවා බලන්න.

“……..මරණාසන්න ව සිටි සිරකරුවන්ගෙන් සමහරෙක් ලංකාවේ දමා ආ ආදරණීයයන් අමතක නො කළහ. දේදුනුපිටියේ තමන් මාරාන්තික ලෙස රෝගීව සිටියදී අවුරුදු නවයක් හෝ දහයක් වයසැති දියණියක මව් රටේ දමාවිත් තිබිණි. මේ දරුවාට ආරක්ෂාව සලසන ලෙස ලංකාණ්ඩුවට ආයාචනයක් ඉදිරිපත් කරන්නයි ඔහු බේට්ස්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. ඊරියගම නිලමේ මිය යාමට මත්තෙන් ඔහු තමන් සතු ව තිබූ වස්තුව විකිණීමෙන් ලැබෙන කවර තරමේ මුදලක් වුව එවක කන්ද උඩරට ජිවත් වූ සිය දියණියට යවන ලෙස බේස්ට උපදෙස් දී තිබිණි. ඔහුගේ වස්තුව විකිණීමෙන් රුපියල් පනහක් වැනි සොච්චම් මුදලක් එක් රැස් කර ගැනිණි” (පිට 264).

මුරිසියේ සිරකරුවන්ගේ ජිවන විලාසිතාව එනම් කෑම බිම (මත්පැන් ද ඇතුළුව), ඇඳුම්, දෛනික චර්යාවන් හා ලෙඩ දුක් කතුවරයා අප ඉදිරියේ තබන්නේ ඒවා ලබා ගත් මුලාශ්‍ර ඇසුරිනුයි. මේ මනසේ ඇඳුනු කල්පනාවන් නොව ඇත්තටම එදා සිද්දීන් දිග හැරුණු අයුරු කියා කියවන්නාට විස්වාසයක් ගොඩනැගෙන්නේ අන්න ඒ නිසා. හැබැයි අතීතය විතරක් නොවේ වර්තමානය පවා අප තේරුම් ගන්නේ අපේ දැනුම් පද්ධතියට අනුවයි. ඒ නිසා මේ හැම කතාවම අප එකිනෙකා තේරුම් ගන්නේ වෙනස් නැත්නම් අපටම සුවිශේෂ ආකාරයකටයි.

මතු සම්බන්දයි!

‘* මෙය රජා සී බණ්ඩාරනායක විසින් ඉංගිරිසියෙන් ලියන ළද BETWIXT ISLES නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි (http://www.amazon.com/Betwixt-Isles-Raja-C-Bandaranayake/dp/9551266412).

Advertisements

3 Comments

Filed under Books, Opinion

3 responses to “ඇහැළේපොළ මහ නිලමේගේ ඉරණම කුමක් වීද? Forced migration! (2)

  1. මේ පොතේ සින්හල පරිවර්ථනයක් මිලදී ගනන් තැනක් තියේද?

    • දුකා, මා කියෙව්වේ සිංහල පරිවර්තනය; දිවයින් අතර, රාජා සී. දසා බණ්ඩාරනායක, විජිත යාපා ප්‍රකාශන, යුනිටි ප්ලාසා, 2 ගාලු පාර, කොළඹ 04. පළමු මුද්‍රණය, 2010, මිල රු 1250,

      හැකි නම් අරන් කියවන්න. ලංකාවේ නායකයන් කියන කොට්ටාශය අද නැත්තේ මොකද කියා මේ පොත කියවන විට අවබෝධයක් ගන්න හැකියි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s