කරවල බැදුම් in a two career household!


ඔබ කියල තියන දේවල් හරි. හැබැයි එතනට ටිකක් එකතු කරන්න ඕනේ. මා මේ බ්ලොගය පටන් ගත්ත කාලේ ලියපු දීර්ඝ කාලයක් ජිවත් වීමේ රහස කියන කතාව කියෙවුවද. මෙය විහිළු කතාවක්. හැබැයි ඇත්තක් නැත්තේම නැහැ.

ඊයේ මෙහෙ ඕස්ට්‍රේලියා රූපවාහිණියේ ගියා වැඩිකල් ජිවත් වීමේ රහස් කියල ලෝකයේ වැඩි කල් ජිවත් වන්නන්ගේ ජීවන විලාසිතා ගැන. ඒකෙදි කියවුන එක ජනකායක් තමා ජපානයේ ඔකිනාවා දුපත් වැසියන්. දීර්ග කාලයක් ජිවත් වන මිනිසුන් ගැන ප්‍රසිද්ධ ලෝකයේ ප්‍රදේශ කීපයක් තියනවා. මේවා ගැන ඕනේ තරම් ලියවිලා හා පර්යේෂණ කරලා තියන නිසා නොලියා ඉන්නම්. හැබැයි ඉන් එකක් තමා ඔකිනාවා. ඔකිනාවානුවන්ට ලෝකයේ වැඩිම ජිවත් වීමේ විභවය තියනවා කියල කියවෙනවා විතරක් නොවේ, ඔවුන් තමා ලෝකයේ දිගම සෞඛ්‍යසම්පන්න දිවියකට හිමිකම් කියන්නේ. 1975 වසරේ සිට එම දුපතේ වයස අවුරුදු 100 පැනපු 900 ක් දෙනා ඉඳල තියනවා.

ජාන වලට 34% ක් වෙන් වෙන්න ඕනේ කියන කතාව හරි. දැනට මේ සම්බන්දව කෙරී තියන පර්යේෂණ දත්ත මගින් පෙන්නුම් කරන්නේ 30% ක් පමණ ජාන මත රඳා පවතිනවා කියලා. ඉතිරි 70% ම අපට වෙනස් කරන්න පුළුවන් දේවල් මතයි රඳා පවතින්නේ. ඒ කියන්නේ ජිවන විලාසිතාවේ තෝරා ගැනීම් හා රටක සෞඛ්‍ය පහසුකම්. එයිනුත් පුද්ගලයෙක් වශයෙන් අපටම වෙනස් කරගන්න පුළුවන් දේ තමා ජිවන විලාසිතාවේ තෝරා ගැනීම්.

මගේ ඊළඟ සටහනට කියන්න යන්නේ ඒ ගැනයි. දැනට ඔකිනාවා කට්ටිය ගැන මා කියවපු දෙයක් ලියන්නම්. ඔවුන් හැම දෙනාම පාහේ දිවිය පුරාම ශාරීරික වශයෙන් ඇක්ටිව් කට්ටිය. ගෙවතු වගා, නැටුම්, ඇවිදීම හා මෘදු සටන් ක්‍රම ඔවුනගේ ජිවිතයේ එක අංගයක්. ඔවුනගේ එක සංස්කෘතික අංගයක් තමා හරා හචි බු කියන බඩෙන් 80% කට ආහාර ගැනීම. බත් වලට වඩා බතල වගේ දේවල්, ඉවිමේදී තෙල් වලට වඩා වතුර පාවිච්චිය, රතු මස් අඩුවෙන් හා එළවලු වැඩියෙන්, අමු මාළු, කොළ තේ (තේ කොළ නොවේ) හා මෘශ බෝග වල ඇට ඔවුනගේ ආහාරයේ අංගයි.

හැබැයි ශෙර්මි අර ජාන කෑල්ලට එන්නේ දැනුයි. අර අවුරුදු සියය පැන්න භාගයක්ම දිනපතා අඩියක් ගහපු කට්ටිය කියා කියවෙනවා. හැබැයි පොඩි අඩි. කට්ටියගෙන් හතරෙන් එකකට ටිකක් වැඩියෙන් දුම ඇදපු කට්ටිය. දැන් අර අමාරිස් ආතාගේ කතාව තේරෙනවා නේද? මෙය කියෙවුව්ව කියා, ගෙදරදී අත්හදා නොබලන්න. ඔබට ඒ ජාන පිහිටා නොතිබීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි.

ඉහතින් තියෙන්නේ 2013 වසරේ අප්‍රේල් මාසයේ මා ලියුව සටහනකට මිත්‍ර සයිලන්ට් සහන් දමපු ප්‍රතිචාරයකට මගේ පිළිතුරක්. ලියන්න දේවල් නම් ඕනේ තරම් තියනවා වුණත්, සදාතනික වටිනාකමක් ඇති මේ පිළිතුර නැවත පළ කෙරුවේ, හේතු කිහිපයක් නිසා.

මගේ කලින් සටහනේ සෝවියට් අත්දැකීම් ඇසුරින් කියපු ආහාර කතාව වැඩිපුර පිරිසක් කියවා, ප්‍රතිචාර දක්වා තිබුණා. එයට හේතුව නම්, ආහාර කියන්නේ අපට අත්‍යවශ්‍ය දේවල් අතුරින් එකක් නිසා. ආහාර හා ආහාර පුරුදු කියන්නේ මගේ ප්‍රධාන මාතෘකා අතරින් එකක් වී තියෙන්නේ අහම්බයෙන් නොවේ. හැබැයි මේ කතා තුලත් වෙනත් දේවල් අඩංගු වී තිබෙනවා. ඒවා කොතරම් දුරට සිතට වදිනවාද කියල නම් මා දන්නේ නැහැ.

මිනිසා තවමත් ජිවත් වන්නේ දඩයම් යුගයේ යයි සිතන පිරිස් අප අතර තවමත් ඉන්නවා. හැබැයි පසුගිය වසර 12000-10000 වගේ කාලය තුල අපගේ ජිවන රටා විතරක් නොවේ, අප ආහාරයට ගන්නා ශාක හා සතුන් පවා වෙනස් වී (ඇත්තටම අප විසින් වෙනස් කරගෙන) තියනවා. එයිනුත් පසුගිය දශක තුන හතර තුල ජිවන විලාසිතාවේ වෙනස් විම් වඩාත් කැපිපෙනෙන සුළුයි. විශේෂයෙන් අද ගෘහයයන් බොහොමයක දෙදෙනාම රැකියාවන් වල නියුතුයි.

ඇමෙරිකානු දත්ත වලට ගියොත්, එහි ජනගහනයෙන් 58% ක් පමණයි රාත්‍රී ආහාරය ගෙදර පිළියෙළ කර කන්නේ. ඉතිරි 42% ක පිරිස කඩෙන් හෝ කඩෙන් ගෙනත් කනවා. දශක කිහිපයකට පෙර දත්ත හා සසඳන විට ගෙදර ආහාර පිළියෙළ කරන පවුල් ගණන අඩුවී ගොස් තියනවා.

ආහාර රටා වෙනස් වීමට අපගේ ජිවිත වෙනස්වීම තමා ලොකුවටම බලපාන්නේ. රැකියා, ළමයින්, කසාද බැඳපු නොබැඳපු වග යනාදිය ජිවිත වෙනස් වීම කියන දෙයෙහි ඉදිරියෙන් ඉන්නවා. මෙතැනදී ඉස්සර තිබුන න්‍යෂ්ටික පවුල කියන ඒකකය දියවී යාමත් ගොඩක් දුරට ලොකු හේතුවක් වෙනවා. ඇමෙරිකාවට යලිත් ගියොත්, 1970 වසර හා සසඳන විට, දරුවන් ඉන්න යුවලවල් සහිත ගෘහයයන් භාගයකින් අඩු වී තිබෙනවා. අද එවැනි ගෘහහයන් කියන්නේ මුළු ගණනින් 20% ක් පමණයි. මෙහෙම වන්නේ කොහොමද? අර අඩුවුණ ගණන පිරී තියෙන්නේ එක මවක් හෝ පියෙක් සහිත පවුල් වලින්.

මෙතැනදී ගෙදර ආහාර පිළියෙළ කර නොගන්න එක හේතුවක් තමා කලබල කාරී ජීවිතය. ඇමෙරිකානු දත්ත වලට අනුව ගෙදර ආහාර පිළියෙළ කරනවා නම් දිනකට වේලක් සඳහා සාමාන්‍යයෙන් විනාඩි 27 ක් එයට යොදන්න ඕනේ. යොදන කාලයට අමතරව තව දෙයක් තියනවා. එනම් උයා ගන්නට නොහැකියාව. මෙයට හේතු වන සමාජමය, සංස්කෘතික හා දේශපාලන කරුණු තියනවා. ඒවායින් සමහරක් මා කලින් සටහන් වල ලියා ඇති.

වසර 2006 දත්ත වලට අනුව ඕස්ට්‍රේලියානු පිරිමියෙක් දිනකට සාමාන්‍යයෙන් පැය භාගයක් පමණ ගෙදර ඉවීමේ හා පිරිසිදු කිරීමේ ක්‍රියා සඳහා ගත කරන විට ගැහැනියක් පැයකුත් විනාඩි 10 ක් පමණ ඒ ක්‍රියා වෙනුවෙන් වැය කරනවා. හැබැයි එයිට දශක එකහමාරකට පෙර පමණ දත්ත හා සසඳා බලන විට පිරිමින් ඉවීම, පිරිසිදු කිරීම හා රෙදි සේදීම වැනි ක්‍රියා සඳහා යොදන කාලය වැඩිවී, තණකොළ කැපීම, ගෙවත්තේ අනික් වැඩ හා සුළු අලුත් වැඩියා සඳහා යොදන කාලය අඩුවී තිබෙනවා.

දැන් බටහිර ඉවීම් වලට වඩා කාලය ගත කරන්නට අවශ්‍ය, පෙරදිග ඉවීම් වලට කාලය සොයා යන්නේ කොහොමද? ඒ විතරක් නොවේ, ගෘහයේ දෙදෙනාම රැකියාවන් කරන විට හවසට ඉවීම හෝ නොඉවිම හෝ පවුල් ජිවිතයට, දරුවන්ට බලපාන්නේ කොහොමද කියන කාරණාත් වැදගත්. අන්‍යමත ඉවසීම, කෙනෙකුගේ පෞද්ගලික තේරීම් නිසා වෙනස්කම් නොකිරීම හා සමානාත්මතාවයේ මුලික පණිවුඩය එන්නේ ගෙදර මුළුතැන් ගෙයින් කියලත් කියන්න පුළුවන්.

ඕස්ට්‍රේලියාවේ වෙළඳ රුපවාහිණි සේවා වල පසුගිය වසර කිහිපය තුල ජනප්‍රිය වුණ ඉවීම් “රියලිටි” වැඩසටහන් නිසා, අලුත් එළවලු හා පළතුරු භාවිතාව යම් පමණකින් ඉහල ගියා කියා වාර්තා වුණා. මෑතක ඇමෙරිකාවේ පවා මෙවැනි යොමු වීමක් වාර්තා වී තියනවා. එනම් පැකට් කරපු නිෂ්පාදන අලෙවිය අඩුවෙමින් යන අතර අලුත් නිෂ්පාදන අලෙවිය යන්තමින් වැඩි වී තියනවා.

ලෝකයේ කුමන රටක සිටියත් මහා වියදමකින් තොරව, පෝෂ්‍යදායි ආහාර වේලක් පිළියෙළ කර ගැනීම අවශ්‍ය මූලික දැණුම හා කුසලතාවයන් ලබා ගැනීමත් ප්‍රයෝජනවත් දෙයක්. ඇත්තටම පිළියෙළ කරපු ආහාරයක් කියන්නේ නිර්මාණාත්මක දෙයක්. ඒ කියන්නේ යම් අපූර්වත්වයක් නැත්නම් අද්විතීය බවක් හැම පිළියෙළ කරපු ආහාරයකම තියනවා. අන්න ඒකයි එකම සංඝටක එකම ප්‍රමාණයකින් දැමුවත්, දෙදෙනෙකු හදන එකම විදිහේ ආහාර වේලක්, රසයෙනුත් පෙනුමෙනුත් දෙවිදිහක් වන්නේ. ඒ වගේම පිසූ ආහාරයක් කියන්නේ වැලියු ඇඩඩ් භාණ්ඩයක්. එතකොට අමුද්‍රව්‍ය කඩෙන් ගන්නවට වඩා කොහොමත් ගණනින් වැඩි වෙන්න ඕනෙනේ.

එයිට අමතරව නිතරම කන සමහර ආහාර වර්ග වල තොරතුරු යන්තමින් හෝ ස්පර්ශ කර තිබීම, අපගේ ආහාර තේරීම් (ඒ සඳහා අවස්ථාව ඇති විට) සඳහා ලොකු බලපෑමක් කරනවා. නමුත් මේ වෙළඳ ලෝකයේ තොරතුරු වල ස්වභාවය තොරතුරු සපයන්නා මත රඳා පවතිනවා. මේ කියන්නේ ඒවා ගොඩක් වෙලාවට වැරදියි කියල නොවේ. නමුත් අපගේ අවශ්‍යතාවය අනුව, කතාවෙන් භාගයක් විතරක් කියල නිකම් ඉන්න පුළුවන්. මොකද අනෙක් භාගය කියුවා කියන්නේ අපේ වෙළඳ ප්‍රචාරය අංජබජල් වෙනවා. නමුත් භාගයක් කියනවා කියන්නේ බොරු කියනවා කියන එක නොවේ.

උදාහරණයකට (මෙය ප්‍රසිද්ද උදාහරණයක්) ෆිල්ටර සහිත සිගරට් දුම්බොන්නන්ට හිතකරයි, ඒ නිසා ෆිල්ටර සිගරට් වඩාත් සෞඛ්‍යදායකයි කියල ඉස්සර ප්‍රචාරය කෙරුවා. ඇත්ත ෆිල්ටර නැති සිගරට් වලට වඩා ඒවා තියන ඒවා හොඳයි. ඒත් මොනම සිගරට් ජාතියක් වත් හොඳ වෙන්නේ නැහැ. තාමත් පිළිකා හදවනවා. මේ වගේ තමා “සෞඛ්‍ය සම්පන්න නොවන” ආහාර වෙනුවෙන් වෙළඳ පොලට එන “වඩාත් සෞඛ්‍ය සම්පන්න” ආහාර කියන්නෙත් තවත් වෙළඳ බඩුවක්. එයාලත් අල්ලන්න හදන්නේ මාර්කට් එකෙන් තවත් කොටසක්. එවිට ඔවුන් බොහෝ විට අපට ඉදිරිපත් කරන්නේ “ඔවුන්ට අවශ්‍ය” තොරතුරු පමණයි. ඒවා බොරු නොවන්න පුළුවන්. හැබැයි එතන සම්පුර්ණ කතාව නැහැ. එයත් සිතේ තබාගෙන මගේ ඊළඟ සටහන කියවන්න.

Advertisements

23 Comments

Filed under Food, Opinion

23 responses to “කරවල බැදුම් in a two career household!

  1. Pingback: කරවල බැදුම් in a two career household! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. වැදගත් ලිපියක්…. අසාවෙන් කියෙව්ව..

  3. මාතෘකාව ගැන කියනවා නම්, අපි නං කරන්නේ බැදපු කරවල බෝතල් කඩෙන් ගැනීමයි! Life in a two career household!

    සයිලන් සහන් දැන් ඇත්තටම සයිලන්ට් සහන් නේද?

    • කෝ සහන්? මෙතනට එනවද?

      • ලාංකික කඩයට කල්ප ගානකින් ගියේ නැහැ. මා නම් ගියත් ඔය බෝතල් කෑම ගන්නේ නැහැ. ඕවයේ තියන රසකාරක හා කල්තබා ගැනීමේ රසායනික ගැන මට එතරම් විශ්වාසයක් නැහැ. මෙන්න ඔතෙන්ටික් කරවල බැදුමක්
        ඇත්තටම සහන් හිටියා නම් හොඳයි. ඒ කාලයේ සහන් දමපු කොමෙන්ටු නිසා මට ලියන්න උනන්දුව ඇති වුණා.

        • ප්‍රා නමින් තේරෙන්නේ නැත්ද? නිහඬව කියවා යනවා!

          • කොහොමද දැනගන්නෙ ඇවිල්ල යනවයි කියල?

            • විහිළු ප්‍රා. ශෙර්මි සමහරවිට තවමත් කියවනවා ඇති. බ්ලොග් බුලින් කියන දෙය සිංහල බ්ලොග් අවකාශය පුරා තදින් පැතිරී තියන දෙයක්. ගිය සතියේ මේ ගැන තවකෙකු මට මතක් කලේ ඊ මේලයකින්. එය කණගාටුදායක තත්වයක්. මේවා කරන්නේ බ්ලොග් ලියන පිරිස්ම කියා උපකල්පනය කරන්න පුළුවනි. මා නම් ජිවත් වන්නේ අනුන් කරන කියන දේවල් මත නොවන නිසා මෙවැනි දේ ගැන වෙහෙසෙන්නේ නැහැ. එයිට අමතර මේ බ්ලොගය විශාල පිරිසක් කියෙව්වා හෝ නොකියෙව්වා කියා මගේ ආදායමේ වෙනසක් වන්නේත් නැහැ (කියවන සුළු පිරිස මා අගය කරන එක වෙනම කරුණක්). නමුත් තරුණ පිරිස් මෙවැනි බුලින් වලට වඩාත් වල්නරබල්. අද පැරකුම් ලියා තියන දෙයත් මෙයටම අදාලයි. මහා ලිබරල් සමාජ, සමාජ වාදී සමාජ ගැන ලියන හා කියන පිරිසුත් මෙවැනි බුලින් සංස්කෘතියේ කොටස් කාරයන් වීම දෛවයේ සරදමක්!

              මෙහි කොමෙන්ටු දමන්න අපහසු කිරීමේ කිසිම ප්ලොයි එකක් නැහැ ප්‍රා. සාමාන්‍යයෙන් බ්ලොගර් ප්රෝපයිලයකින්, වර්ඩ්ප්‍රෙස් කොමෙන්ටු දාන්න අමාරුයි ඇන්ඩ් වයිස් වර්ස. එය මේ සමාගම් විසින් තමන්ගේ නිෂ්පාදනය අලෙවි කිරීමේ ප්ලොයි එකක් වන්න පුළුවන්. එයිට අමතරව කියවන්නට එන පිරිස අඩු, ඇත්තටම මගේ ලිපි බොහෝ දෙනාට නීරස හා අවශ්‍ය නොවන නිසා පමණයි. සපත්තුවේ හැටියට කකුල කපන්න මගේ බලාපොරොත්තුවකුත් නැහැ. 🙂

              • I agree with your policy or philosophy regarding readership up to a point. In fact I agree with u 90%. But, there is a 10% disagreement. However, this is not the forum (I don’t have the inclination anyhow) to voice it.
                Maybe over a piece of jerky and ………………….

  4. ඉතාමත් විටින සටහනක් රයිගම්. බොහොම කාලෙකින් ගොඩ වැදුණෙත් බ්ලොග් පැත්තට. කෙසේ වෙතත් දැන් දැන් ගම්බද ජනතාව නැවුම් එළවළු දෙසට යොමු වෙනවා වැඩි බවක් ලංකාවෙදිත් දැකගන්නට හැකියි. ඒ නිසාම මේ පසුගිය ටිකේ වැටකොළු වැනි එළවළු පවා මිල හුගක් ඉහළට ගියා. පසුගිය මාස දෙක ඇතුළත මටත් මී මුරේ කියන ගම්මානයේ දින කීපයක්ම ගත කරන්නට අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ ගමේ ආහාර රටාවන් හරිම සරළයි. නැවුම්. ඒ වගේම ඒ ආහාර පිසීමේදීත් ඒ අය සුවිශේෂී ආකාරයකට තමා සකසා ගන්නේ. ඒ නිසාම රසයත් වැඩියි. උදාහරණයක් විදියට ඒ අය මුං ඇට එක්ක පොළොස් හා බණ්ඩක්කා එකට දමා මදගින්නේ දිය කිරෙන් පිසගන්නවා. අමතර කරෝල කෑල්ලක් එක්කරනවා.
    කෑම වේලක සැබෑ වෙනසක් මා ඒ දින කීපයේදී අත් වින්දා……

    • Welcome back නලින්! දැකීම සතුටක්! මීමුරේ කියන්නේ භයානක තැනක් කියලයි මගේ සිතේ ඇඳී තිබුණේ. 🙂 අන්න එහෙම තමා කරන්න ඕනේ. එකම විදිහට උයන්නේ නැතුව නව මං සොයා යන්න ඕනේ. ඉවීමට ගත කරන කාලය අඩු කර ගන්න අතරේ, වඩා පෝෂ්‍ය දායක ආහාරයක් හදා ගන්නේ කොහොමද කියල දැන ගන්න මේ ආහාර වල ඇත්තටම අඩංගු මොනවාද කියල දැන ගැනීමත් උදව්වක් නලින්. ජනමාධ්‍ය වලටත් එතැනදී යම් කාර්ය භාරයක් තියනවා. අපත් මේ බ්ලොග් වල අපට බලපෑම් කළ නොහැකි දේවල් ගැනම ලියමින් ඉන්නවට වඩා, අපට තෝරා ගන්න හා බැලපෑම් කළ හැකි දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි.
      ඔබගේ ඔවැනි අත්දැකීම් බ්ලොගයේ වත් ලියුවානම් නරකද නලින්?

  5. ඉන්දියාවෙ කොහොමද? චෙන්නායිවලනම් පේන්නෙ හුඟක් අය පිටින් ආහාර ගන්නව වගේ

    • ලංකාවේ නාගරික ජීවිතය කොහොමද ප්‍රා? මට නම් පෙනුනේ කඩෙන් කන පිරිස් හුඟක් ඉන්නවා කියන එක.

      • ඔව්. ඒත් මං හිතුවෙ නෑ චෙන්නයි වලත් එහෙම කියල. මං දැකල තියෙන්නෙ දින 2 , 3 යි. වරදින්න පුලුවන්,

        • බටහිරත් මේ කඩෙන් කනවා කියන්නේ ප්‍රා සතියකට සැරයක් වගේ හොඳ ආපන ශාලාවකින් කෑමක් කන එක නොවේ. මේ මහා පරිමාණයෙන්, කෘතීම රසකාරක, වර්ණක හා අහර කල්තබා ගැනීමේ රසායන යොදා හදන මැක්ඩොනල්ඩ්ස්, කේඑෆ්සි, පිට්සා හා නොයෙකුත් චීන හා තවත් ටේකවේ ආහාරයි. මේවා පෝෂණ ගුණයෙන් එතරම් හොඳ නැති නමුත්, මිලෙන් සාපේක්ෂව අඩු නිසා, දිනපතා කඩෙන් කනවා නම් එකම විකල්පයයි.

  6. මේ මත ගැ‍ටුම උඹ කොහොමද පැහැදිළි කරන්නේ?

    • උඹ මත ගැටුම කියුවේ වෙළඳ ප්‍රචාරණ ගැනද? දීර්ග පිළිතුරක් ලියන්න උඹ අදහස් කළ දේ හරියටම දැන ගන්න වුවමනා නිසා ඇහුවේ.

      • This one:
        >>කට්ටියගෙන් හතරෙන් එකකට ටිකක් වැඩියෙන් දුම ඇදපු කට්ටිය. <> ඒත් මොනම සිගරට් ජාතියක් වත් හොඳ වෙන්නේ නැහැ. තාමත් පිළිකා හදවනවා.<<
        My bad. In the original comment this was there. Unfortunately there was an error. When I re-pasted this part was omitted. Sorry about that.

        • එකම පිළිකා කාරක වලට අනාවරණය වුවත්, මිනිසුන් හැමෝම එක ලෙස ප්‍රතික්‍රියා දක්වන්නේ නැතය කියල සොයාගෙන යමින් පවතිනවා. එනම් අප අතර පිළිකා සෑදීමේ වැඩි ප්‍රවනතාවයක් සහිත පිරිස් ඉන්නවා. එනම් ප්‍රවේනිගත උරුමයන් වන ජාන මගින් වන පාලනයකුත් මෙතන තියනවා. ඉතින් ඔකිනාවා වැසියෙක් හා ලාංකිකයෙක් එකම දුම් වර්ගයක් ඉරුවත් දෙදෙනාට ඇති බලපෑම වෙනස් විය හැකියි. මෙතන තියෙන්නේ, රිස්ක් එක රිස්ක් එකම තමා. පිළිකාවක් වගේ දෙයකදී දශමයක හෝ රිස්ක් එකක් ගත යුතු නැහැ මචං!

  7. බෝතල් කරෝල දැන් කන් විධිහක් නැහැ. මට අසාත්මිකතාවයක් එනවා. ඉතින් දැන් කරෝල කවෙනෙන් නැහැ. හැබැයි පාඩුවක් දැනෙන්නත් නැහැ. ලිපිය හොඳයි.

    • අපේ ගෙදරින් මා තමා ලංකික කඩේට යමින් හිටියේ. දැන් ඒකත් කරන්නේ නැහැ. ඒ නිසා කරවල කන්නෙත් නැහැ. හැබැයි මා කිසිදා ඔය කෑම ටින් ගත්තේ නැහැ. ආහාර ඉහල උෂ්ණත්වයකයට පත් කිරීමෙන් ජීවානුහරණය කිරීමෙන් පසු සීල් තැබීම, මනුෂ්‍ය ආහාර කර්මාන්තයේ එක වැදගත් සොයා ගැනීමක්. පසුව මේවාට තවත් කෘතීම රසකාරක, වර්ණක හා කල්තබා ගැනීමේ වෙනත් රසායන එකතු කරන්න ගත්තා. මේවා නොයෙක් ආසාත්මිකතා හා පිළිකා කාරක නිසා පසුව සමහර රටවල් විසින් තහනම් කෙරුවා. නැත්නම් සමාගම්ම ඉවත් කර ගත්තා. ඒ සමහර රටවල විතරයි. යුරෝපයේ මා දන්නා තරමට තත්වය හොඳයි.

      අපේ ටින් කෑම වල ලේබලේ පොඩ්ඩක් බැලුවොත් පරණ ඒවායේ තිබුන නොයෙක් අංක සහිත රසකාරක, වර්ණක හා කල්තබාගැනීමේ රසායන අද නැති වග ඔබට පෙනේවි. නොයෙක් කෑම පැකට් වලත් (චිප්ස් ඇතුළු) අද කෘතීම රසකාරක, වර්ණක හා කල්තබාගැනීමේ රසායන අඩංගු නොවේ කියල විශේෂයෙන් ලියා තියනවා.

      උඹට අසාත්මිකතාවය ආවේ, ඔය පරිසරයේ නැති එවැනි කෘතීම ද්‍රව්‍ය අර කරවල ටින් එකේ තියන නිසා වෙන්න පුළුවන්. අපේ දරුවන්ට ලංකාවේදී නොයෙකුත් ආසාත්මිකතා එනවා. මේවායේ ප්‍රභව සොයාගැනීමටත් බැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s