මාරාන්තික Blogging!


ඊයේ දවල් කෑම කන වෙලාවේ කලබලයෙන් අන්තර්ජාලය කරක් ගහන වෙලාවේ, මා රසිකගේ ප්‍රතිචාරයක් දැකල පුදුමයට පත් වුණේ, එවැනි දෙයක් බලාපොරොත්තු නොවන හින්දා. නමුත් පසුව බලන කොට එය මා කලබලයෙන් කියවීම නිසා කරපු වැරැද්දක් කියා දුටුවා. එහෙම නොවුනා නම්, බ්ලොග් ලිවිම එපා වෙනවා. මොකද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

තමන් විශ්වාස කරන දෙයට ප්‍රසිද්දියේ පෙනී ඉන්න එකයි, යමක් විශ්වාස කරන එකයි කියන්නේ දෙකක්. ගොඩක් බ්ලොග් සටහන් වල අපට නමක් නොමැතිව දමන කොමෙන්ටු දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් අද මම එකද? නැත්නම් අයියෝ මේ මොනවාද ලියන්නේ? වගේ අවිහිංසක කොමෙන්ටු නොවේ, “සමාජ විප්ලවයක් කරන්නට” දමන සමහර කොමෙන්ටු වලට අයිතිකරුවන් නැතිවීම මගින් පෙන්වන්නේ මේ සමාජයේ පවතින තත්ත්වය වෙනස් වීමට තියන සීමිත ඉඩ කඩයි.

මැදපෙරදිග හා පකිස්ථානයේ සිදු කරනු ලබන, ඇමෙරිකානු ඩ්රෝන් ප්‍රහාර හා ඔත්තු බැලීම්, දැනට වසර දෙකකට පමණ පෙර දී ටයිම් සඟරාව සමාන කර තිබුනේ, අන්තර්ජාලයේ ඇනොනිමස් කොමෙන්ටු වලටයි. මොකද මේ ඩ්රෝන් ප්‍රහාර සඳහා හා ඔත්තු රැස් කිරීම් වලට යවන නියමුවෙක් නොමැති කුඩා යානා මගින් සතුරාගේ සියලු තොරතුරු රැස් කරනවා. ඉතා කුඩා විස්තර පවා. තමන් උඩින් ඉදන් විස්තර සොයන මේ කුඩා යානා පිළිබඳව ප්‍රහාරයට ලක්වන කෙනා දන්නේ නැහැ. අන්තිමට රෑ බත් පිඟාන කමින් ඉන්න විට උඩින් ඇවිත් වැඩේ දෙනවා. මේවාට එරෙහිව ආපු ප්‍රතිරෝධය නිසාද කොහෙද, දැන් මෙවැනි ප්‍රහාර අඩුයි.

තමන්ගේ පාඩුවේ බ්ලොග් කට්ටක් අටවාගෙන සුළු ධනේශ්වර ජිවන කට්ටක් පවත්වාගෙන යන්න පුළුවන්, ඒ සඳහා උචිත පරිසරයක පමණයි. නැත්නම්, අදහස් එළිපිට කීම හා එසේ කියමින් සමාජයේ ජිවත් වීම මාරාන්තික වෙන සමාජ කොහෙත් තියනවා.

අප ඉගෙන ගන්න කාලයේ නැගී එන දේශපාලන තරුවක් වූ බොරිස් නෙම්සොෆ් මොස්කව් ක්‍රෙම්ලින් මන්දිරය අසලදී වෙඩිතබා මරා දැමුණු පුවතට අමතරව තවත් මරණයක් බංග්ලාදේශයෙන් වාර්තා වුණා. එය නම් ඇමෙරිකානු-බංග්ලාදේශ කීර්තිමත් නිදහස් බ්ලොග් රචකයෙකු වූ වග කියන, අවිජිට් රෝයි, බ්‍රහස්පතින්දා රෑ ඩකා නුවර ජනාකීර්ණ මාවතක් දිගේ එද්දී, අවිගත් පිරිසක් විසින් කපා කොටා මරා දැමු පුවත. මෙහිදී රෝයි සමග සිටි ඔහුගේ බිරිඳ ද බරපතල ලෙස තුවාල ලබා තියනවා. ඔවුන් ඩකා සරසවියේ පොත් සල්පිලකට ගොස් ආපසු එන අතර තමා මේ ඛේදනීය ඉරණමට මුහුණ පා තියෙන්නේ.

බංග්ලාදේශයේ ජනප්‍රිය ස්වදේශීය බ්ලොගයක් වන Mukto-mona නැත්නම් නිදහස් මනස් මගින් රෝයි විද්‍යාත්මක තර්කනයත්, ආගමික මතවාද ගැන ඔහුගේ අදහසුත් එලි දක්වා තියනවා. එහිදී මුස්ලිම් ආගම්වාදී අන්තවාදීන් හා අන්තවාදයන් ගැන ඔහු විවේචන ඉදිරිපත් කිරීම නිසා, එයින් උරණවූ කණ්ඩායමක් ඔහු මරා දමන්නට ඇතැයි කියවෙනවා.

වසර 2013 දී ද මෙවැනිම ආගමික අන්තවාදයට එරෙහි වූ තවත් බංග්ලාදේශ බ්ලොග් කරුවෙක් වන අහ්මෙඩ් රජිබ් හයිඩෙර්ව ද “නානුඳන පිරිසක්” විසින් ඔහුගේ නිවසේ දීම මරා දමා තියනවා. වසර 2014 දී බංග්ලාදේශයේ ජනප්‍රිය කතුවරයෙක් හා ගුරුවරයෙක් වන හුමායුන් අසාඩ් ද කලින් කියපු ඩකා පොත් සල්පිලට ගොස් එන අතර තුරදී පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබුවා.

වෛරය පැතිරවීම හා ඝාතන වලට උසිගැන්වීම කියන්නේ අවිහිංසක දෙයක් කියා සමහරුන් සිතන වග පෙනෙන්ට තිබෙනවා. මොකද කියනවා නම්, මේ බොහෝ දෙනා එවැනි දේ ක්‍රියාවට නගන්න පුළුවන් දරුණු ගණයේ මිනිසුන් නොවේ. එය ඔවුන්ගේ කතෘත්වය පිලි නොගන්නා කොමෙන්ටු වලින් ද හෙළි වෙනවා. නමුත් කල්පනාවට ගත යුතු කරුණ නම්, ඔවුන් පසුබිම සකස් කරපු පසු ඒ මතවාද ඇත්තටම ක්‍රියාවට නගන්න පුළුවන් සැබෑ දරුණු මිනිසුන් කොහෙත් ඉන්නවා.

ඕනෙම වෙනස් මතයක් වුවත් සභ්‍යත්වයේ අප ලඟා වී ඇති සීමාවන් තුල එලි දැක්වීමට හැකියාව තියනවා. නිදහස් මනස් තියනවා යයි කියන ලෝකයේ සමහර විශ්ව විද්‍යාල පිවිතුරු සමාජයක් සඳහා මනස් එකතු කරන්නේ ප්‍රචණ්ඩත්වය යෙදවීමෙන්. ඒ වගේම ලංකා විශ්ව විද්‍යාල තුල අනවරතව ගලායන රැගින් කියන ම්ලේච්ච චාරිත්‍ර අද පවා තිබීම මගින් පෙන්නුම් කරන්නේ සමස්ත සමාජයේ ප්‍රචණ්ඩත්වයයි. ඒවා පමණක් නොව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා සමාජයේ පොදුවේ පවතින අඩම්තේට්ටම් සංස්කෘතියට සුළුවෙන් හෝ සහයෝගය නොදැක්විය යුතුයි.

(විස්තර http://www.news.com.au අඩවියෙනි).

Please Note:
Your prehistoric ideas may not be welcomed here.

Advertisements

8 Comments

Filed under Opinion

8 responses to “මාරාන්තික Blogging!

  1. Pingback: බංග්ලාදේශ බ්ලොග් කරුවා මහ මග මරා දැමෙයි! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මම නම් මේතාක් ඇනෝ කොමෙන්ට් දාලා නෑ.. ලියන කෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමින් අරගලයකින් තොරව මගේ මතය ප්‍රකාශ කිරීමට උත්සාහ කරනවා අනුන්ගේ පෝස්ට් සම්භන්දයෙන්.. නමුත් මං ලියන දේවලදීනම් විශේෂයෙන්ම කාලීන මතෘකාවකදී විවේචනය කලයුතු තැන් රළුව විවේචනය කරන්න උත්සාහ කරනවා.. ලංකාවේ බ්ලොග් වලට හා පොදුවේ සමාජ මාද්‍යයන්ට තියෙන ආකර්ශණය අඩුවීම ගැටළුවක්..

    කීදෙනෙක් තරහින් ඉන්නවද කියලනම් තවම අයිඩියා එකක් නෑ.. 🙂 ඒ මරාදැමූ බ්ලොග් කරුවාට සැනසීම ලැබේවා!

    • මේ ප්‍රවුර්තිය දුටු විට මගේ සිතට නැගුනේ, එවැනි තර්ජන ඇති විටෙක මා වුනොත් බ්ලොග් ලියාවිද කියන සිතිවිල්ලයි. එය භයංකාර සිතිවිල්ලක්.

      කොම්පියුටර ඉදිරියේ ප්‍රභාකරන්ගේ බෝම්බ හෝ 89/90 ටයර් යුගය ගැන නමක් නොමැතිව ලියන මිනිසුන් මේ ක්‍රියා වලින් යන්තමින් හෝ බැටකාපු කට්ටිය නොවේ කියා උපකල්පනය කරන්න පුළුවන් වන්නේ, ඔවුන් පෙනී ඉන්නේ එවැනිම මර්ධනකාරී පාලන හා පාලකයන් වෙනුවෙන් නිසා.

      කල්‍යාණ මගේ ඊළඟ ස‍ටහනටත් අදාළ නිසා මෙය ලියුවේ. හෙටත් පුළුවන්නම් කියවන්න.

  3. Rakees Mohomed

    It’s a good job by our brothers in Bangladesh! Anyone who dares to vilify Islam would face the same fate. Those who vilified Islam in France too faced the same fate recently. Those who vilify Islam and its followers here in Sri Lanka too would face the same fate. We waited for a long and had been very patient while we were being harassed by the mobs like BBS during the previous regime. However, we will no longer be silent and would react with deadly force against anyone who dares to raise a hand against us. Let BBS try to do anything rash now. We will react with menacing force. Allahu Akbar!

    ඉහත ප්‍රතිචාරය සංශෝදනය නොකළ මුත්, එය තනිව පළ කරන්නේ නැතිව පහත මගේ අදහස්ද එයටම එක් කරනවා.
    This is a prime example of what I’ve talked about in the above post. I decided to leave this comment for a good reason. I do not know who posted this anonymous comment. It can be either a real Muslim extremist or somebody who wants to draw our attention to Muslim extremism. Whatever the intention was, it is stupid. These middle class people who even do not dare to reveal their identities, one day will be the victims of their own mistakes.

    The Muslim dominated Middle Eastern countries are rapidly marching towards wilderness while the Western Countries use their non-replaceable oil resources. These people are chopping off each others heads in the deserts with the Western-produced weapons. At the end of the day, according to the balance sheet they (the West) paid nothing for the oil. I do not think Muslim extremism can bring down the Western civilization. However, they already partly brought down their own civilizations, if there were any.

    This is what Tony Abbott said last week; I’ve often heard western leaders describe Islam as a religion of peace. I wish more Muslim leaders would say that more often and mean it. Everybody, including Muslim community leaders, needs to speak up clearly, because no matter what the grievance, violence against innocents must surely be a blasphemy against all religion. . Normally I do not agree with Tony’s remarks. But in this case he is 100% right. My understanding is those so called-moderate Muslim leaders and people wrongly assume that this extremism eventually will bring “some good” for them. Our recent Sri Lankan history shows quite the opposite.

    I would like to conclude this with this quote written by Ayaan Hirsi Ali, which was taken from Time. How does one tackle misguided religious devotion of young Muslims? The answer lies in reforming Islam profoundly-not radical Islam, but mainstream Islam; its willingness to merge mosque and state, religion and politics and its insistence that its elaborate system of sharia law supersedes civil laws created by human legislators. In such a reform project lies the hope for countering Islamism. No traditional Islamic lobbying group committed to defending the reputation of Islam will recommend such a policy to the US government. Yet until American policymakers grapple with the need for such reform, the real problem within Islam will remain unresolved.

    I agree with the first part of her opinion. However, I do not see any logic of inviting American policymakers to reform a religion, let alone Islam. If there is a need for reform of any religion, it should come within that religion. The state should be kept away from every religion.

    සිංහල පාඨකයාගේ පහසුවට මේ ටික ලියමි. මේ කොමෙන්ටුව ලැබෙන තෙක් මගේ බ්ලොගයේ වාරණ ප්‍රතිපත්තියක් කියා දෙයක් තිබුනේ නැහැ. මොකද ගතවුණ අවුරුදු තුනහමාර තුල එවැනි දෙයක අවශ්‍යතාවයක් මට පෙනී ගියේ නැති නිසා. මගේ සටහන් කියවන්නේ සාමාන්‍යයෙන් වැඩිහිටි හා ඒවා සඳහා කැමැත්තක් තියන අයයි. ඔවුන් කිසිදා අනවශ්‍ය, අසභ්‍ය, ගැරහුම් ඇති, මරණ තර්ජන කරන, නීතියට පටහැනි යයි බැලූ බැල්මට පෙනෙන කොමෙන්ටුව දමා නැහැ. මා කිසිම කොමෙන්ටුවක් කතෘගේ අවසරයකින් තොරව කපා දමාත් නැහැ.

    නමුත් මින් ඉදිරියට මෙවැනි කොමෙන්ටු ලැබුනොත් සම්පුර්ණයෙන්ම අයින් කෙරෙනවා ඇති. ඔබේ විනෝදය හෝ ප්‍රචාරය පිණිස වෙන තැනක් සොයා ගන්න. මගේ හැඳින්වීමේ පිටුවට කොමෙන්ටු ගැන මගේ ඉදිරි පිළිවෙත ඇතුලත් මේ ඡේදය ඇතුලත් කළා. මේ ප්‍රතිපත්තිය බොහෝ සබ්ජෙක්ටිව්.
    // එයිට අමතරව අන්‍යයන්ට මරණ තර්ජන කෙරෙන හා ජාතිවාදී, ආගම්වාදී හෝ වෙනත් මතවාද වලට අනුව අනුන්ව හෙලා දකින කොමෙන්ටුද දෙවරක් සිතීමෙන් තොරව ඉවත් කෙරෙනවා ඇත. මෙහිදී මා ජිවත් වන රටේ නීතියත්, අන්තර්ජාතික මාධ්‍ය සදාචාරය හා කොමන් සෙන්ස් පිළිබඳව ද සැලකිල්ලක් දක්වනු ඇති. මේ ඡේදය අලුතින් එක කරන්නට වුණේ අද දින පළ කිරීමට ඒවා තීබූ එක්තරා අඥ්යාන ප්‍රතිචාරයක් නිසා ය. (11.00 ප.ව. 28/02/2015).//

  4. //එහෙම නොවුනා නම්, බ්ලොග් ලිවිම එපා වෙනවා. //
    හරි ලේසියෙන් වෙන දෙයක් නේ. ඇහැට ඇඟිල්ලෙන් අනිනකම්මයි බලා ඉන්නෙ හෙහ් හෙහ්

  5. මාත් මේ ගැන ලිව්වා. අන්තවාදයට ඉඩ දෙන්න බහ. මොන විධිහට ආවත්.

    • ඔව් මචං මාක්‍රෝ විතරක් නොවේ මයික්‍රෝ සමාජ වලත් අන්තවාදය පිටු දකින්න ඕනේ!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s