ඩිස්කවරි mythbusters!


ඔබත් නරඹා ඇති ඩිස්කවරි චැනලය නිපැදවූ මිත්බස්ටර්ස් නමැති වැඩසටහන. මා මේ වැඩසටහන් නරඹා තියෙන්නේ ෆ්‍රී ටීවී වල. ඉස්සර පුතාලත් එක්ක ඕවා බලනවා. දැන් නම් නැහැ. ඇත්තටම මිත්බස්ටර්ස් සම්පාදකයා ඕස්ට්‍රේලියානු පීටර් රීස්. හැබැයි අපේ මතකයට එන්නේ ඔහු නොවේ. මේ වැඩසටහන් ඉදිරිපත් කරන දෙන්නා. එක්කෙනෙක් ජෙමි හයිනෙමන්, අර අන්කුට්ටා වගේ රැවුල තියන එක්කෙනා. අනිකාත් මේ වගේ වැඩසටහනකට කියාපු පෙනුමක් තියන ඇඩම් සැවේජ්. මොවුන්ගේ සමහර ඉදිරිපත් කිරීම් හරි සිත්ගන්නා සුළුයි. විශේෂයෙන්ම දරුවනට හොඳ දේවල් මේකෙන් කියා දෙනවා.

ඉස්සර මිහිර පත්තරේ ආචාර්ය උපාලි එම්. සේනානායක මේ වගේ කුඩා ලිපි පෙළක් පළ කෙරුවා. ඔය අහසෙන් මාළුන් වැටෙන්නේ කොහොමද? දේදුන්නට පාට ලැබෙන්නේ කොහොමද? ගස් වැල් කොළ පාට ඇයි? වගේ දේවල්. අප කුඩා කාලයේ මේවා ආසාවෙන් කියෙව්වා. උපාලි හොරණ ශ්‍රීපාලි යේ දීප්තිමත් සිසුවෙක්. මාත් පහට යනකම් ගියේ ශ්‍රීපාලියට තමා. දවසක් මා මුහුණ දුන්න රැකියා සම්මුඛ පරීක්ෂණයක ප්‍රශ්න අහන්න හිටි එක් අයෙක් වුණේ ආචාර්ය උපාලි.

මා කලින් ලියා තියනවා. අපේ මුතුන් මිත්තන් අපට වඩා වැඩි කලක් ජීවත් වුණා කියන එක මිත්‍යාවක්. ඉස්සර මිනිසුන්ගෙන් අවුරුදු පනහ පසු කරන්න ලැබුණේ, ඉපදුන මුළු සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් වශයෙන් කුඩා පිරිසකට. මේ අය දිගු කලක් ජිවත් වුණා. මොකද දන්නවද, එහෙම ජිවත් වෙන්න ලැබුනේ ස්වභාවයෙන්ම හොඳට ප්‍රතිශක්තිය තියන, අනෙක් අයට වඩා පරිසරයට ඔරොත්තු දෙන, ඉන්න පිරිස අතරින් ජාම බේරා ගෙන ජිවත් වීමට වැඩිම හැකියාවක් තිබුණ අය.

වසර 1925 හා සසඳන විට, අද ඉන්නා ඇමෙරිකානුවෙක් වැඩිපුර අවුරුදු 20 ක් ජිවත් වෙනවා. අද වෙන කොට ඇමෙරිකාවේ අවුරුදු 60 ට වැඩි පිරිස, අවුරුදු 15 අඩු මුළු පිරිසට වඩා වැඩියි. මෙය ඉතිහාසයේ පළමු වරට සිදු වූ දෙයක්. ඕස්ට්‍රේලියාවෙත් වැඩකරන වයස් කාණ්ඩ වල මිනිසුන්ගේ ප්‍රාමාණය, විශ්‍රාමික වයසේ සිටින මිනිසුන්ගේ ප්‍රමාණය හා සසඳන විට ප්‍රතිශතයක් ලෙස සීග්‍රයෙන් අඩු වෙමින් පවතිනවා.

දිගු කලක් ජිවත් වීම කියන්නේ එක දෙයක්, දිගුකලක් නිරෝගීව ජිවත් වීම කියන්නේ තවත් දෙයක්. වයස්ගත ජනගහනය ප්‍රතිශතයක් ලෙස රටක වැඩි වෙනවා කියන්නේ රටේ ඵලදායකත්වය පහල යාමයි. ඕස්ට්‍රේලියානු රිසර්ව් බැංකුවේ (මහ බැංකුවේ) සහකාර ගවනර් (අධිපති) ආචාර්ය ක්‍රිස්ටෝපර් කෙන්ට් ඔවුනගේ කෙටි හා දීර්ග කාලින ප්‍රතිපත්ති සම්පාදනයේදී, වැඩි වෙමින් පවතින මහලු ජනගහනය කොහොමද සලකා බැලෙන්නේ කියා පසුගියදා එක්තරා කණ්ඩායමක් ඉදිරියේ කරපු කතාවක පැහැදිලි කර තිබුනා.

මොකද කියනවා නම්, වැඩකරන ජිවිත කාලය වැඩි කිරීමට නම්, වයසින් වැඩි පිරිසට නිර්භය තීරණ ගැනීමට සුදුසු (අලුතින් ඉගෙනීම, රැකියා මාරු කිරීම, ව්‍යාපාර පටන් ගැනීම යනාදිය) ආර්ථික වටා පිටාවක් තිබීම මගින්, මහජන මුදලින් නඩත්තු වන පිරිස තිරසාර මට්ටමක තියා ගන්න පුළුවන් නිසා.

දැන් මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ, මහා කොම්පැනි කාරයන් ට ඕනේ හැටියට වැඩ කරන්න ඉඩ දීල තියන නිසා කියන කෙනෙකු, රිසව් බැංකුවක් හදා තියෙන්නේ ඇයි? ඔවුන් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ඇයි? එය දේශපාලකයන්ගේ අතපෙවීම් වලින් ඉවත් කර ඇත්තේ ඇයි කියලත් කියවා බලන්න පුළුවන්.

නිදහස් වෙළඳ පොළ කියන කොට මට දැන් මතක් වෙන්නේ ඊයේ ඒබීසී රූපවාහිණියේ ෆොර් කෝනර්ස් වැඩසටහනේ ඇපල් සමාගමේ කඩවුණු පොරොන්දු (http://www.abc.net.au/4corners/stories/2015/02/26/4187424.htm) වැඩසටහනයි. ඔන්න ඕකේ හොඳට තියනවා නිදහස් වෙළඳපොලේ මේ සමාගම් වැඩකරන හැටි. චීනයට වඳිමින් ඉන්න අනුර කුමාරලට බලන්න හොඳ වැඩසටහනක්. නිදහස් වෙළඳපොල කියන දේට වන්දනා මාන කරන අයටත් බලන්න හොඳ වැඩසටහනක්. මේ රටවල් වල මිනිසුන්ගේ ජිවිත වල කොලිටිය පොදුවේ ඉහල ගොස් ඇත්තේ කුමක් නිසාද කියන එකටත් මෙහිම පිළිතුරු තියනවා.

ඕස්ට්‍රේලියානු සුබසාදන වැඩ සටහන් වල මහා සංශෝදන සඳහා යෝජනා පසුගිය සතියේ ඇමති ස්කොට් මොරිසන්ට දුන්නේ ඒ සඳහා පත්කරපු පැට්‍රික් මැක්ක්ලුර් විසින්. මේ යෝජනා වලින් දැනට ඔය ඩෝල් කියා හැඳින්වෙන දීමනා 20 ක් ඒ අනුබද්ධ දීමනා 55 ක්, ප්‍රධාන දීමනා 5 කට සිමා කරන්නට යෝජනා කෙරෙනවා. ඕස්ට්‍රේලියානු ඩෝල් එක සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 150 ක් වසරකට වැය වනවා.

මේ මුදල් එන්නේ කොහෙන්ද? මොරිසන්ම කියන පරිදි ඕස්ට්‍රේලියානු ඉන්කම් ටැක්ස් ගෙවන්නන් මිලියන 10.1 කින්, මිලියන අටකම මුදල් යෙදවෙන්නේ අර බිලියන 150 සඳහා. මෙහෙම ගියොත් 10න්, දහයම වැය කරනු ඇත්තේ මේ බිල පියවීමට පමණයි කියා මොරිසන් කියනවා. එය හොඳ තත්වයක් කියා කියන්න බැහැ.

මා දන්නවා මෙහෙ ජිවත් වන අපේ පිරිස් පවා මේ මුදල් එන්නේ කොහෙන්ද කියා දන්නේ නැහැ. අපේ අයගෙන් පවා සමහරුන් කල්පනා කරනවා, ඕකුන්ගේ මුදල් ටිකක් ගත්තට කමක් නැහැ කියල. වෙල්ෆෙයාර් සිස්ටම් එකකට තියන හෙනේ තමයි, ඇත්තටම උදව් අවශ්‍ය අයට අමතරව, සීතල හොරුන් සිටීම. අර “ඕකුන්” කියන්නේ තමන්ගේ සහෝදර ජනතාව කියා බොහෝ දෙනා දන්නෙත් නැහැ. ඒ අයට ඕවයින් ඇති වැඩකුත් නැහැ.

ගිය සතියේ මොරිසන් කියුවේ “It is important we get that the funds we are committing to welfare payments and the system that facilitates those payments ensures that we get this support to those who need it and we respect those who have to pay for it.

Above all, the Government’s focus is to acknowledge those who need our help while respecting those who pay for it”

සමාජ ආරක්ෂණ පද්ධති ගැන මා දරන මතය කලින් සටහන් වල ලියා ඇති නිසා නැවත ලියන්නේ නැහැ. කෙටියෙන් කියුවොත් අද අපගේ ජීවිතය යම් පමණකට පහසු සමාජයේ මෙවැනි දේවල් තිබු හා තියන නිසා.

මෙවැනි ආරක්ෂණ පද්ධතියකට දායක වන පිරිස් පැත්තකට දැමුවත්, ඒවායින් ප්‍රයෝජනයක් ගන්නා බොහෝ මිනිසුන්, මේවා ප්‍රමාණවත් තරම් ඇප්රීශියේට් කරන්නේ නැහැ. ඕනෙම රටක ජනගහනයෙන් පිරිසක් ඉන්නවා උදවු අවශ්‍ය. තරුණ කාලයේ රැකියාවක් නැති කෙනෙකුට, රැකියාවක් හොයා ගන්න තුරු යන්තම් හෝ ජීවත්වීමට හැකි දීමනාවක් ලබා දීම නරක දෙයක්ද? රැකියාවකින් දොට්ට වැටුන කෙනෙක්, තවත් රැකියාවක් හොයා ගන්න තුරු ජිවත් වීමට ප්‍රමාණවත් ගාණක් දීම නරක දෙයක්ද? සමාජයේ ඉන්න නොයෙක් ආබාධ නිසා වැඩක් කර ගන්න බැරි අයට යම් දීමනාවක් දීම නරක දෙයක්ද? නැහැ. අප කැලයෙන් එලියට ඇවිත් දැන් ගොඩක් කලක් නේ.

නමුත් මෙවැනි ක්‍රමයක් තිරසාරව පවත්වාගෙන යාමට බැරි එක ප්‍රධාන හේතුවක් තමා කලින් කියපු සීතල හොරුන්. සෝවියට් දේශය පවා වසර 70 ක් තිස්සේ ප්‍රමෝට් කළේ සමාජයේ සීතල හොරුන් කණ්ඩායම. ඒ ක්‍රමය බිඳ වැටීමටත් ප්‍රධාන හේතුවක් වුණේ එය කියලයි මගේ මතය. කලිනුත් කියා ඇති පරිදි මිනිසාගේ අත්‍යන්ත කෑදරකම, පොදු සමාජයේ යහපත උදෙසා කොහොමද යොදා ගන්නේ කියන එකත් පර්යේෂණ මගින්ම සොයා යා යුත්තක්.

Advertisements

9 Comments

Filed under Lifestyle, Opinion, Research & Development

9 responses to “ඩිස්කවරි mythbusters!

  1. ෆෝ කෝනර්ස් එකේ ගියේ බීබීසීයේ පැනොරාමා වැඩසටහනක්.

    ලංකාවේ නිදහස් වෙළඳ කලාප ඇරඹූ සමයේත් තිබුණේ ඔය වගේ දරදඬු නීති තමයි. රොබර් බැරන්ලාටනේ ජේආර් එන්න කීවේ.

    චීනයේ ජනතාව ආධිපත්‍යයට යටත්ව සෑහෙන කාලයක් ජීවත්වී ඇති නිසා, එතැන මර්ධනයෙන් සූරාකෑම වැඩියි. නමුත් ඔය ඇපල් එකේ. අනිත් තැන්වල තත්වය කියලා වැඩක් නැතුව ඇති.

    අපේ ගෙදරනම් තුන් දෙනෙක්ම ඇපල් විරෝධියෝ. අනිත් කෙනාත් ඇපල් ගත්තා නොවෙයි මං අරං දුන්නා, දැන් බේරාගන්න බෑ!

    • ඒ විස්තර අර ලින්කුවේ තියනවා රසික.

      චීනයේ වෘත්තීය සමිති කියන්නේ ගොටුව අල්ලන පක්ෂයේම කට්ටිය. එයාල ගාවට ගියොත් අබ සරණයි. ඩොලර් පන්සිය ගණනක් වන බඩුව, චීනයේ නිෂ්පාදන වියදම ඩොලර් 5යි. ඒ කියන්නේ සියයට එකයි. මේකේ ලාභාංශය ඩොලර 400 ක්ද කොහෙද. මේ සූරා කෑම අනුමත කරන්න පුළුවන් නරුමයනට පමණයි.

      අපේ ගෙදර පින්ක් ලේඩිට විතරයි සේරම කැමති. මා අනෙක් ලේඩිලාට ඕනේ කෙනෙකුට කැමති වුණත් කරන්න දෙයක් නැහැ. රසික දන්නවනේ මොකුත්ම නැති වෙලාවට ග්‍රැනී ස්මිත් වුනත් නරක නැහැ කියල!

  2. Pingback: ඩිස්කවරි mythbusters! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. Far too many members of the species Homo sapiens inhabit this planet.

    • ඇයි නිට්ටෑවනුත් ඉන්නවා නේද? 😉

      • Unlike the dominant variety, they (if they exist) would be too primitive to be a threat to the wellbeing of the planet.

        • නිට්ටෑවනුත්, ඩොමිනන්ට් වැරයටි එකට මික්ස් වෙලාද දන්නේ නැහැ!

          • Hmmm, It’s a crying shame that comet hit the planet. The dinosaurs may have evolved better – more benevolently. Before I say something totally misanthropic… Bye.
            P.S. Read Harry Harrison’s Eden trilogy. Not your usual high browed stuff Raigam, but amusing.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s