සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ!


images (1)

ඊයේ කලින් සතියක දා ගත්ත විදිහට ලේ දෙන්න ගියා. එතැනදී තමයි යලි මතක් වුනේ, කලින් ලේ දීල වසරකට වැඩියෙන් ගෙවී ගිහින් කියා. මේක ලියුවේ මා මහා හොඳ මිනිහෙක් කියන්න නොවේ. මගේ බලාපොරොත්තුව වසරකට එක් වරක්වත් ලේ ටිකක් පරිත්‍යාග කිරීමයි. ඩිවෝටඩ් මිනිසුන් අතර එය අර නිකම් ඉන්නවට වඩා ටිකක් හොඳ දෙයක් විතරයි. ඇත්තටම එයිට වඩා බෝල්ඩ් වෙන්න මට අමාරුයි. මේ පාරත් වැඩේ මගහරින්න නොදී බේරා ගත්තේ අමාරුවෙන්.

මා සාමාන්‍යයෙන් ඊ මේල් වලින් මතක් කර එවන ලේ ගන්න ජංගම රථය අපේ වැඩකරන තැන කිට්ටුව තැනකට එන දවසකට දවල් දවසේ වෙලාවක් වෙන්කර ගන්න උත්සහ කරනවා. බස් රථයක් සමහර විට වැඩ කරන තැනට එවල, කට්ටිය ඉස්පිරිතාලෙට අරන් ගිහිං ලේ අරං, ගෙනත් දාන වෙලාවල් තියනවා. ඊයේ මට පැය එකහමාරක් මෙයට වැය වුණා. ඉස්පිරිතාලේ ගොස් එන වැඩේට පැය දෙකහමාරක් හෝ එයිට වැඩිපුර යනවා. මගහැරුණු වෙලාවට හිලවු කරන්න මා හවස නැවතුනේ නම් නැහැ.

කවදත් සිතන්න යමක් ලියන ප්‍රා ඊයේ ලියා තිබුන දේ මා කලින් සිතා තියන දෙයක්. එනම් ඩයිනෝසරයන් හෝ වෙනත් සත්ත්ව විශේෂයක් අද මිනිසා ඉන්න තැනට දියුණු වී ආවා නම්, මේ ලෝකය මෙයිට වෙනස් වේවිද කියන එක. ඔය කබරයන් වගේ සතුන් රණ්ඩු කර ගන්නා ආකාරය දකින විට, උන්ගේ ඒ ජාන සහමුලින්ම ඉවත් වේවි යයි සිතන්න අමාරුයි. ඒ කියන්නේ අද අප මුහුණ දෙන ප්‍රශ්න දෙකකුලින් හිටගෙන, හස්ත කෞශල්‍යය දියුණු කර ගත්, මොලය වර්ධනය කර ගත් ඩයිනෝසරයන් අතරද මේ ලෙසම තිබෙන්න පුළුවන්.

mr2

බිනොවලෙන්ට් මිනිසෙකු ගැන හිතන විට අප අපමත් කොපමණ දුරට මේ යහපත් මිනිසාගේ භූමිකාව රඟපානවද කියන එක තමයි අර ලේ දෙන වැඩෙන් මට කියන්න ඕනේ වුණේ. ඇත්තටම ලේ ටිකක් ඉඳහිට හෝ දීම අපට මහා අපහසුවක් නැහැ. ඒත් අපට කිසිම ඵලයක් නොලැබෙන දෙයක්, අනුන් වෙනුවෙන් කරන්නට අපට ඕනෙකමක් හට නොගන්නේ ඇයි? එයට පිළිතුර සරලයි.

යම් දිනෙක රෝහලට ගොස් ඔබට ලේ ඕනේ වුනොත්, සමහර විට මෙවැනි ඕනේ කමක් පසුව ඇති වන්න පුළුවන්. ඒත් හැමෝටම නොවේ. දැන් බලන්න මැරුණු පසු දිරාපත් වන හෝ පුච්චන අපගේ ශරීරයෙන් වෙන කෙනෙකුගේ ප්‍රයෝජනයට ගන්නට පුළුවන් කොටස් ටික හෝ දෙන්න, අපතරින් කී දෙනෙකුට සිත් දෙනවාද? අතලොස්සකටනේ. අනික් පිරිස් ජරා මිනිසුන් කියන්න බැහැ. එය කැමැත්ත විතරයි.

හැබැයි වෙන කෙනෙකුගේ අවයව මරා අරගෙන, ඒවා තමන්ට හයි කරගෙන තව කල් ජිවත් වෙන මිනිසුන් හෝමෝ සාපියන්ස් සාපියන්ස් ලා අතර ඉන්නවා. මරා නොවුණත් මුදල් පොරොන්දු වී, වකුගඩුවක් අරගෙන, මුදල් නොදුන්නා කතාවක් ලංකාවෙනුත් ඇහුනා මට මතකයි. ප්‍රා කියන කතාව අදාළ වන්නේ මෙතනටයි. එම මිනිසුන්ගේ ඉදිරි ජීවිතය කොහොම එකක්ද කියන එක තමා අප කල්පනා කරන්න ඕනේ.

Obama

ලේ දෙන කතාවට නැවත ආවොත්, අප අතර ඉන්න හැම දෙනාටම ලේ දෙන්න බැහැ. මා දන්නා අය ඉන්නවා, ලේ දෙන්න ඉතා කැමති. නමුත් ඔවුනගේ සෞඛ්‍ය ප්‍රශ්න නිසා අවසරයක් නැහැ. අද උදේ අහපු කතාවක්. අපේ බෝස්ගේ කසින්ගේ ඩවුන් සින්ද්රොම් තියන දරුවෙකුට පිළිකාවක් හැදිලා, කිමෝ කර තියෙන්නේ පළමු වරට ඊයේ. එයාට ඒක තවත් විස වෙලා. ඔහුගේ වයස අවුරුදු 22 යි.

බලන්න එක පාරටම මෙහෙම කතාවක් ඇහුනහම හොල්මන් වෙලා යනවා. අප සමහරුන් ජීවිතය කියන දේ කොපමණ ෆෝ ග්රාන්ටඩ් ගන්නවද? ලේ දෙන එක පැත්තක තියන්න. ජිවිතයේ අනවශ්‍ය තේරීම් කරමින් තමන්ට, තමන්ගේ සමීපතමයන්ට හා පොදුවේ සමාජයට කොතරම් බරක් වනවාද?

දොස්තරලා, රෝහල් හා බෙහෙත් කියන දේවල් වලින් අපට මිදෙන්න නොහැකියි. නමුත් සමාජයේ විශාල පිරිසකට මොවුන් හා මේවා අවශ්‍ය වන්නේ වලක්වාගත හැකි දේවල්, ලඟට ගැනීමෙනුයි. එයින් කොටසක් හෝ එම පුරුදු වලින් ටිකක් හෝ ඈත් වනවා නම්, රටක සෞඛ්‍ය වියදම අඩු කර ගන්න හැකියි.

මධ්‍යම පංතිය අතර නම්, වැඩිපුර කෑම, තෙල්, ලුණු, සීනි අනවශ්‍ය පමණ ගැනීම, ව්‍යායාම් නොකිරීම, දුම් පානය, බීමත්කම හා තව නොයෙක් දේ තියනවා. මේවත් අපට ඒකීය පුද්ගලයාගේ කැමැත්ත කියා අමතක කරන්න පුළුවන්. ඒත් මෙතරම් දියුණුය කියන මිනිසා කියන්නේ එවැනි කෙනෙක්ද? අපේ දරුවෙක් මේ වගේ දේවල් වලට යොමු වනවා නම්, අප, අනේ ඒකීය දරුවෙක් කියා නිකම් ඉන්නවද? සමහරුන් ඉන්නවා. ගොඩක් අය එසේ නොවේ. අප එවැනිම යොමුවීමක් මුළු සමාජයට කරන්න බැරිද? ප්‍රජාතන්ත්‍රවාදය, රජය, යහපාලනය වැනි කරුණු හා මා පටලවන්නේ අන්න ඒ මානවයා. එනම් අපතර ඉන්නා, නමුත් සමහර කාණ්ඩ විසින් යටපත් කරන්නට හදන ඒ නවීන මිනිසා.

SAN_00

සමාජයේ ඉන්න හයි ප්‍රොෆයිල් කාරයන් කරන කියන දේ මුළු සමාජයටම බලපාන්නේ, සාමාන්‍ය මිනිසෙකු එවැනිම දේ කරනවට වඩා වැඩියෙන්. ඇත්තම කියුවොත් මා නම් එතරම් තකන්නේ නැහැ. හැබැයි එවැනි අය කරන හොඳ මෙන්ම නරකද සමාජයට වැඩියෙන් බලපානවා කියන එක ටිකක් ඇත්ත.

හිටපු අගමැති ජෝන් හාවඩ් ගේ උදේ දුවන එක එයාගේ ලකුණක් (ට්‍රේඩ් මාර්ක්) වී තිබුනා. ටෝනි ගැන මා කලින් ලියා ඇති. මේ වගේම තමා දුම් උරණ, බේබදු නළු නිලියනුත් සමාජයට විශේෂයෙන් තරුණ පරපුරට බලපෑම් කරනවා. දේශපාලකයන් කරන නීති විරෝධී වැඩ වලිනුත්, මුළු සමාජයටම ලොකු පණිවුඩයක් දෙනවා. ඒවා මිනිසුන්ට ඇතුල් වන්නේ අවිඥ්යානිකව වගේ. අර කියන්නේ ගුරා හිටගෙන කරන දේ ගෝලයන් දුවමින් කරනවා කියල. අන්න ඒ වගේ දෙයක් තමා වෙන්නේ.

ඇමෙරිකානු ජනාධිපති වරුන් ගේ දිර්ගායුෂ වැළඳීම ගැන ටයිම් ලියා තිබුනේ විශේෂ සෞඛ්‍ය කලාපයට. අද ඉපදෙන දරුවෙක් අවුරුදු 142 ක් දක්වා ජිවත් වීමට හැකියාව ඇතැයි එහි තිබුණා. ඒක පැත්තකට දැමුවොත් ලෝකෙම වැඩිම ආතතිකාරී රැකියාවක් කර විශ්‍රාම ගන්නා ජනාධිපතිලා වැඩිපුර කලක් ජිවත් වන්නේ ඇයි.

එකක් තමයි තනතුර දරද්දී හා විශ්‍රාම ගත්තට පසුව පවා ඔවුන් ලබන ඉහල සෞක්‍ය රැකවරණය. අනික තමා ඔවුන්ගේ ව්‍යායාම්. ඔවුන් ව්‍යයාම් කරන්නේ එක්කෝ පොටෝ ඔපචුනිටි වලට, නැත්නම් ශක්තිමත්ව ඉන්නට හෝ ඔවුනගේ තලතුනා මනස නිසා.

(හැමදාම වචන ගොඩක් විතරක් වන මගේ සටහන ලස්සන කරන්න චායාරූප ටිකක් දැමුවා. හොඳ ලස්සන පින්තූර හෙවුවත්, හම්බ වුනේ මෙව්වා. මේවායිනුත් ඇත්ත හා බොරුව මොකක්ද කියල හොයා ගන්න පුළුවන්. සමහරුන් ජනතාව විතරක් නොවේ, තමන්වත් රවටා ගැනීමක් තමා සමහර පින්තූර වලින් අපට පසක් වන්නේ. මගේ පින්තූර කතන්දර ටිකත් නග්ගල ගන්න ඕනේ කම තිබුනත්, නිතරම එයට ලැබෙන්නේ දෙවන තැන).

Advertisements

7 Comments

Filed under Health, Opinion

7 responses to “සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ!

  1. Pingback: සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //කවදත් සිතන්න යමක් ලියන ප්‍රා ඊයේ ලියා තිබුන දේ මා කලින් සිතා තියන දෙයක්. එනම් ඩයිනෝසරයන් හෝ වෙනත් සත්ත්ව විශේෂයක් අද මිනිසා ඉන්න තැනට දියුණු වී ආවා නම්, මේ ලෝකය මෙයිට වෙනස් වේවිද කියන එක. ඔය කබරයන් වගේ සතුන් රණ්ඩු කර ගන්නා ආකාරය දකින විට, උන්ගේ ඒ ජාන සහමුලින්ම ඉවත් වේවි යයි සිතන්න අමාරුයි. ඒ කියන්නේ අද අප මුහුණ දෙන ප්‍රශ්න දෙකකුලින් හිටගෙන, හස්ත කෞශල්‍යය දියුණු කර ගත්, මොලය වර්ධනය කර ගත් ඩයිනෝසරයන් අතරද මේ ලෙසම තිබෙන්න පුළුවන්.//

    මේ ඡේදය කියවද්දී Dawn of the Planet of the Apes චිත්‍රපටියේ සීන් එකක් මතක් වුනා… කෝබා වානරයින්ව රැවැට්ටුවාට පස්සේ සීසර් බ්ලූඅයිස්ට කියන දේ…

    “No. I am to blame. Koba betrayed you… I chose to trust him. because he is ape. I always think… ape better than human. I see now… how much like them we are…”

    • ඔබේ මතකය හරි හොඳයි. ඔබට මතකද ඔය සිනමා පටය බලල ඇවිත් මා ලියු මේ සටහන(https://raigamahandiya.wordpress.com/2014/07/15/i-thought-the-apes-were-different-to-human-but-they-arent/). ඔබත් ප්‍රතිචාරයක් දමා තිබුන. මට ඒ සටහන මතක් වුනේ ඔබේ මේ ප්‍රතිචාරය දැකීමෙන්. උඩ සටහන ලියන විට එය මතකයට ආවේ නැහැ. ඔබ ඔය කියන දෙබස තමා මගේ සිතට තදින් වැදුනේ.

  3. කොයිතරම් හොඳ සත්ව හෝ ශාඛ වර්ගයක් වුනත් ඕනවට වඩා ඕනම නෑ. ග්‍රහ ලෝකයකට දරා ගන්න පුලුවන් ප්‍රමාණයක් තියනවනෙ. over-population ලොකු ප්‍රශ්නයක්

    • අපි නම් අපව රිප්ලේස් කරන්න දෙදෙනෙකු හැදුවා විතරයි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s