හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ!


මේවා සරල කතා. මා සංකීර්ණ දේවල් කියවනවා වුවත්, ජීවිතය කියන්නේ එතරම්ම සංකීර්ණ දෙයක් නොවේ කියා සිතන කෙනෙක්. සාමාන්‍යයෙන් මා වැඩ කරන තැන ඉන්න කම්පුචියන් මිතුරා සමග ඉඳ හිට (මාසයකට වරක් වගේ) දවල්ට කන්න පිට තැනකට යනවා. ඒ ගිහිං, දවල්ට කන ගමන්, බීර වීදුරුවකුත් බීලා , නිකම් කයියක් ගහනවා. මේ වගේ දේවල් ජීවිතයට අවශ්‍යනේ.

වැඩේ තියෙන්නේ දැන් අප ඉන්නේ ගොඩනැගිලි දෙකක. ගිය වසරේ අග අපට ගොඩනැගිලි මාරු කරන්නට සිදු වුණා. කලින් කතා කර ගත් පරිදි ඊයේ අප අල්ලපු වත්තට ගියා දවල්ට කන්න. සාමාන්‍යයෙන් කන්න යනකොට එක්කෝ මිනිහා ගෙවනවා, නැත්නම් මං ගෙවනවා. මේවා ගණන් බලන්න අප දෙන්නම උත්සහ කරන්න යන්නේ නැහැ.

සමහර කඩවල් කාඩ් ගන්නේ නැහැ නේ. ඊයේ මගේ වොලට්ටුවේ තිබුනේ ඩොලර් 10ක් විතරයි.මොකද අපේ කට්ටිය අනික්වා සූරා කාල. මන් මිනිහට කියුවා, පුතේ අදනම් ඩොලර් දහයට අඩුවෙන් දෙයක් සොයමු කියා, විහිළුවට.කොහොම හරි පොර කෑමට ගෙවුවා, මා බියර් වීදුරු දෙකට ගෙවුවා (එයටත් ඩොලර් එකයි පනහක් පොරත් දැම්ම තමා).

කන ගමන් මා අපේ අතීත යාලුවෙක් ගැන පොරට කියුවේ නිකම්. පරණ සෝවියට් දේශයේ අප ඉගෙන ගනිත්දී පළමු හා දෙවන වසරේ අප අතර අපූරු යහළුවෙක් සිටියා. ඔන්න සරසවියේ කැන්ටිමේ හෝ වෙනත් තැනක කන්න ගිය විට මූ දිගටම අපත් එක්ක ඉන්නවා, සල්ලි ගෙවන්න වෙන වෙලාවට මෙයාට එක්කෝ මුත්‍රා බරක් නැත්නම් වෙනත් හදිසියක් ඇති වෙනවා. මුලදී අපට මේකේ, අරුමයක් නොවුනත්, පසුව තේරුණා හැමදාම මුත්‍රා බර හැදෙන්නේ ඇයි කියා.

ඉස්සර අප මෙයට වඩා සමාජවාදී මිනිසුන්. පෝලිමේ ඉන්න එකෙක් සේරටම ගෙවනවා. දැන් අරූ අපෙන් නිතරම නිකම් කනවා. ඒ නම් කමක් නැහැ, මූ අප අතර සිටි “පොහොසත්ම” එකා. පසු කලෙක මේ මුත්‍රා බරේ සැබෑ තේරුම අපේ කණ්ඩායම තේරුම් ගත් පසු, අපටත් ඒ මුත්‍රා බර බෝ වුණා.

මේ කතාව කම්පුචියන් එකාට කියුවහම ඌ කියුවේ මෙයිට සමාන කතාවක්. පොර යුනිවසිටි ගිහින් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. දන්නවනේ තමන්ගේ මිනිසුන් අතරනේ අප කොහේ ගියත් ගැවසෙන්නේ. ඔන්න පොරවල් අතරෙත් ඉඳලා තියනවා ” මුත්‍රා බර'” හැදෙන පොරක්. අප වගේ නොවේ, මෙයාල පසු කාලෙක ඔහුව කොන් කරලා. හැබැයි මිනිහ කියුව හැටියට අද අර කෙනා කැන්බරා වල ගෙවල් දෙක තුනක් තියන අයෙක්.

ඇත්තටම අප ලංකර හෝ ඈත්කර ගන්න ඕනේ කුමන ගුණාංගද? ජීවිතයේ බොහෝ කඩයිම් පසුකරපු මටත් මෙය තාමත් කොනන්ද්රම් එකක්!

Advertisements

11 Comments

Filed under Lifestyle, Opinion

11 responses to “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ!

  1. කුරුටු ගෑ ගී පවුර

    ගෙවල් දෙකතුනක් අැති……… වාහනත් අැති……… ඒත් ජීවිතය ගැන හොයලා බලන්නකෝ

    • ඔන්න කුරුටු දැන් සංකීර්ණ කොටසට එනවා. ඊළඟ සටහන කියවන්න!

  2. මා මෙහේ ආ අළුත මිතුරන් දෙදෙනෙක් සහ එක් අයෙකුගේ පවුල සමග රාත්‍රී ආහාරය සඳහා ගිය දිනක, කෑමෙන් පසු මට ඇත්තටම මුත්‍රා කරන්න යන්න වුණා! මා ආපසු එන විට ඔවුන් බිල ගෙවා අවසානයි.

  3. //ඇත්තටම අප ලංකර හෝ ඈත්කර ගන්න ඕනේ කුමන ගුණාංගද? //

    මධ්‍යම ප්‍රතිපදාවෙන් පටන් අරන් ( එක්කෙනෙක් jerky සහ තව කෙනෙක් coconut වගේ ) පස්සෙ එන විදිහකට (play it by the ear ) බැලුවොත් කොහොමද ?

    • එහෙමවත් කරන්න බලමු ප්‍රා! 🙂 (“ඇති හිටියා” නැතුව ඕනේ දෙයක්) 😀

  4. Pingback: හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  5. මේ වගේ උන් හරියට හිටිය මචන්. අපි දන්නේ නැත්ද? හොඳ පෝස්ට් ගොඩක් ලියල තියෙනවා මේ මාසෙටම. වෙලාව මදි නිසා එන්න බැරි වුණා.

    • මට පසුගිය දිනවල වෙලාව ටිකක් වැඩිපුර ලැබුනා බං. අදත් අපට නිවාඩුයි! 🙂