ඔබේ පැලේ හා මගේ පැලේ!


කලින් සටහන ඉදිරියට ගෙන යන්න සිතුනේ එයට ලැබුන ප්‍රතිචාර නිසා. ඔන්න දැන් ටිකක් සරල බවින් ඈතට යනවා. අපේ ගම් වල හිටපු මුදලාලිලා සේරම බඩ මහත කට්ටිය නොවේ. සමහරුන් හිටියා හීන්දෑරි මනුස්සයන්. කෙට්ටු හෝ හීන්දෑරි හෝ වේවා මේ පිරිස් අසීමිත කැපකිරීමක් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් කරපු කට්ටියක්. දින හතේම ගොඩක් වෙලාවට කඩේ ඇරලා. සමහරුන් උදේ 5ට අරින කඩේ වහන්නේ, රෑ 10 ට. කඩේ එල්ලලා තියන කෙහෙල් කැනේ ගෙඩි කුණු වී බිම වැටුනත් සමහරුන් ඇහැක් ඇර බලන්නේ නැහැ.

දැන් සතියේ දවස් පහේ වැඩ කරලා (හෝ අයිස් ගහල) මට සෙනසුරාදා හෝ ඉරිදා පොඩි වෙලාවකට වැඩකට යන්න වුනොත් එතරම් සන්තෝෂයක් නැහැ. කොහොමද හැමදාම උදේ පහට යන්න වුනොත්. දැන් ගම් වල මුදලාලිලා කරපු මේ සේවය සමුපකාරයකින් විස්ථාපනය කරන්න බැහැ. උදේ නමයේ ඉඳන් හවස පහ වෙනකම් කඩේ ඇරගෙන, පඩියට වැඩ කරන කෙනෙකු අර මුදලාලිලා කරන කැපවීමෙන් 50% ක් වත් කරන්නේ නැහැ. උදෙන්ම පාන් ගෙඩිය හෝ ආප්පයක් ගන්න, නින්දට යන්න පෙර පුතා හෝ දුව මතක් කරපු පැන්සල හෝ මකනය ගන්න, අර සමුපකාරයට ගියාට වැඩක් නැහැ. ඒක වහලා.

දැන් මේ මුදලාලින් ගම් වල මිනිසුන් සූරා කනවා කියනවනේ. එහෙම දෙයකුත් නොවනවා කියන්න බැහැ. හැබැයි සුළු ධනේශ්වර පන්තිය කියන මේ උන්නතිකාමී මිනිසුන් සමාජයෙන් තුරන් කර අපට යහපත් සමාජයක් ගොඩ නගන්න බැහැ. මේ කඩ රජයට පවරාගෙන, නමය-පහ සමුපකාර දැමීමෙන් ජනතාවට වැඩක් වෙන්නේ නැහැ.

අර කලින් සටහනට නැවත ගියොත්, අර මුත්‍රා බර හැදුන දෙන්නම මහා ජරා මිනිසුන් කියන්න නොවේ මට අවශ්‍ය වුණේ. ඔව් සරලව හිතුවොත් ඔවුන් ජරා පොරවල් කියුවහැකි. නමුත් ඒ වගේ කුඩා වෙනසක් මගින් ඔවුනගේ ජිවිතයේ මහා වෙනසක් ඇති වුන වගයි මට කියන්න අවශ්‍ය වුනේ.

දැන් මුදලාලි කෙනෙකුගේ ජීවිතය හා අපේ ජිවිත සංසන්දනය කළොත් අනේ ඕකත් ජිවිතයක් ද කියා අප කියන පරිද්දෙන්ම, මුදලාලිත් අපේ ජිවිත ගැනත් එසේම සිතනවා ඇති. අර ගෙවල් දෙක තුනක් ගත්ත කෙනාත් අන්න ඒ වගේ.

දැන් ඒ කෙනා තමන්ගේ විශ්‍රාම දිවිය පවා, රජයේ එනම් මහජන මුදල් වල සහය නොමැතිව ගෙන යන්නට වැඩ හදාගෙන ඉන්නවා. ඒ වගේම ගෙවල් කුලියට දීමෙන් රටේ ආර්ථිකයටත් දායකත්වය සපයනවා. මේවා නරකයි කියා කියන්නට අපට බැහැ.

“කීරාළයන් කිසි දාක කිසි රැකියාවක් කොට නැත. ඊට හේතු කවරේ දැයි මා ඇසූ කල ඔවුන් කීයේ එ ද තම පරමාර්ථයට, පරමාදර්ශයට බාධක වන හෙයින් තම පරමාර්ථය ඉටු වූ කල, පරමාදර්ශයට සැපත් වූ කල ඒ යටතේ අදාළ රැකියාවක් කිරීමට අදිටන් කොට ගෙන සිටි බව යි. ඔවුන් කියූ පරිදි රැකියාවක් කළ හොත් සැම දා උදේ රැකියාවට ගොස් සවස ගෙදර ඒමට සිදු වෙයි. එවිට පරමාර්ථය සඳහා යෙදීමට කාලය මඳි වෙයි ( සති සිතු මිණි 2, පිටුව 13, සුචරිත ගම්ලත්)”

“දැන් කීරාළයන්ට දිවි මඟක් නැත; හව්හරණක් නැත.දැන් දශකයකටත් වැඩි කලක් තිස්සේ මම මගේ ශක්ති පමණින් ඔවුන්ගේ දිවි සටනට අත දී ගෙන එමි. එහෙත් එය මට පමණක් තනිව කළ හැක්කක් නො වේ (පිටුව 15, එම).

ඉහතින් තිබෙන්නේ සමාජවාදී රාජ්‍යයක් ගොඩ නැගෙන තෙක් රැකියාවක් පවා නොකර, ජිවිතයේ අන්තිම කාලයේ දුක්කිත තත්වයට වැටුන, වේගිරියේ කීරාළ මහතා ගැන සුචරිත ගම්ලත් විසින් ලියූ සටහනක කොටස්. වේගිරියේ කීරාළයන් විතරක් නොවේ, තවත් රාළලා ඉන්නවා, සමාජවාදය ගොඩ නැගෙන තුරු වැඩක් නොකර සිටීමට අදිටන් කර ගත්. තවත් රාළලා රජයෙන් දෙවන දීමණා අරගෙන හොරටත් වැඩ නොකර ඉන්නවා.

දැන් සමාජයේ ඉන්න සියල්ලන්ම මෙහෙම වුනොත්, මොකද වෙන්නේ කියා ඔබට තේරෙනවනේ. ඇත්තම කියනවා නම්, කීරාළයන් අවිහිංසක මනුස්සයෙකු වන්න පුළුවන්. නමුත් එයා සමාජවාදී සමාජයකද කිසිදා වැඩක් කරන මනුස්සයෙකු නොවේ. දැන් මෙයාල වගේ අයගෙන් නම් සමාජය සමන්විත, සුචරිත යෝජනා කරන පරිදි මහලු කාලයේ උදවු කරන්නට ප්‍රතිපාදන සපයන්නේ කවුද කියන ප්‍රශ්නය එනවා.

ඒ විතරක් නොවේ පුරුෂෝත්තමවාදී මේ සමාජය වෙනස් කිරීමට සුචරිත යෝජනා කරන කරුණු 10 ක් අතර මේවාත් තියනවා. සියලු දෙනාට ම රසමසළු ඇති තරම් සැපයෙන ප්‍රජා භෝජනාගාර පිහිට වීම. සැම දෙනාගේ ම ඇඳුම් පැළඳුම් සෝදා මැද දෙන ප්‍රජා ලොන්ඩරි පිහිටුවීම (පිටුව 24, ඉහත කෘතිය). මේවා නියම යෝජනා. මෙවැනි දේවල් වලට ප්‍රතිපාදන කොහෙන්ද එන්නේ. දැන් මෙවැනි සමාජයකට යන්තමින් හෝ උදාහරණයක් අපට හොයා ගන්න පුලුවනිද?

දැනට සතියකට පමණ පෙර මහේෂ් මල්ලි සමූහ ගොවිපල ක්‍රමය ගැන මගෙන් ඇහුවා. මේවා හරි හොඳ දේවල් කියා උඩ පනින අපේ අය ගමකට ගොස්, අනෙක් අය සමග එකතු වී කුඹුරු කොටලා, යන්තම් ජිවත් වීමට පමණක් ගාණක් අතට අරන් දිවි ගෙවන්න කැමතිද? නැහැ, ඔබ විතරක් නොවේ ලෝකේ හැමතැනම ඉන්නා පිරිස් එහෙමයි. ඊශ්‍රායලයේ පවා තියන ඔය සමූහ ගොවිපල වල් වල ආර්ථික පදනම සීග්‍රයෙන් වෙනස් වී යන වග තමා ඔවුන්ම පවසන්නේ. මේවායෙහි නායකත්ව මගින් මිනිසුන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන්, තාර්කික සිතීම් යටපත් කිරීම නිසාම, ඒවාට නව තත්වයන්ට අනුකුලව හැඩ ගැසෙන්නට නොපුළුවන් වූ වග කියවෙනවා. යම්කිසි විශේෂ තත්වයන් යටතේ කෙටි කාලීනව සාර්ථක විය හැකි නමුත්, මෙවැනි මුලධර්මවාදී ව්‍යාපාරයන්ට දීර්ග කාලින පැවැත්මක් නැහැ.

පෙරදිග පවතින සාමූහික වී ගොවිතැන වගේ චර්යාවන් මිනිසාගේ නිර්මාණාත්මක කුසලතාවයන් යටපත් කරන්නට හේතු විය හැකි බවට ඉඟි කෙරෙන පර්යේෂණ ලිපියක් ගැන මා කලින් ලියා ඇති. අප බලාපොරොත්තු වන්නේ ගොවිතැන් බතක් කරගෙන ගෙවන ප්‍රාථමික දිවියක් නම්, එහෙම ජිවන විලාසිතාවක් හොඳටම ඇති. නමුත් ඇත්තටම අප බලාපොරොත්තු වන්නේ එවැනි දිවියක් ද?

එතකොට උන්නතිකාමී මෙන්ම, වරෙක අතිශය කෑදරකමින්ද මුසපත් මානවයාට යහපත් යයි කියන සමාජයක් ගොඩ නගන්නට කිසිසේත්ම නොහැකි ද? ලෝකයේ අතීත හා වර්තමාන උදාහරණ වලින් අපට උගෙන ගන්න දෙයක් ඇත්තෙම නොමැතිද? ප්‍රශ්න ගොඩක්!

Advertisements

17 Comments

Filed under Agriculture, Opinion

17 responses to “ඔබේ පැලේ හා මගේ පැලේ!

  1. මැච් එක බලන්නෙ නැද්ද?

  2. Pingback: ඔබේ පැලේ හා මගේ පැලේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. කුරුටු ගෑ ගී පවුර

    ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

  4. මැච් එකටත් අයියෝ සිරිසේනමැයි..
    අපේ ගමේ හිටිය ජයසිංහ මුදලාලි නම් මම වගේම බඩ තඩියෙක්නේ..

    • ඔව් චෙෆ්, බොහෝ විට එහෙම තමා. මොකද දවසම/ජිවිතයම කඩේට හිර වෙන නිසා. ඔය අතර හිටියා කෙට්ටු අයත්.
      මැච් එක තීරණාත්මක නැහැනේ නේද? මැක්ස්වල් වැඩේ කෑව. 🙂

  5. ///ඊශ්‍රායලයේ පවා තියන ඔය සමූහ ගොවිපල වල් වල ආර්ථික පදනම සීග්‍රයෙන් වෙනස් වී යන වග තමා ඔවුන්ම පවසන්නේ ///

    මේ වෙනස් වෙනවයි කියලා අපි දන්න තරමින් නම් වෙන්නේ කලින්ට වඩා සෑහෙන්න දියුණු වෙනවා කියන එක .

    // මේවායෙහි නායකත්ව මගින් මිනිසුන්ගේ
    *නිර්මාණාත්මක කුසලතාවයන්
    * තාර්කික සිතීම් යටපත් කිරීම නිසාම
    *ඒවාට නව තත්වයන්ට අනුකුලව හැඩ ගැසෙන්නට නොපුළුවන් වූ වග කියවෙනවා./////

    එසේ කියවෙන්නේ කොහෙද අයියේ ? මොන බොරුද ඒ????

    /// යම්කිසි විශේෂ තත්වයන් යටතේ කෙටි කාලීනව සාර්ථක විය හැකි නමුත්, මෙවැනි මුලධර්මවාදී ව්‍යාපාරයන්ට දීර්ග කාලින පැවැත්මක් නැහැ.///

    අවුරුදු අවුරුදු 106 ක් කියන්නේ මට නම් ගොඩක් ලොකු දීර්ග කාලයක් …..

    ඔබ ගේ මුල සිට කියවමින් ගොඩක් දේවල් මං අලුතින් ඉගෙන ගත්තා.. ඒ මේ දේවල් කියවද්දී පුදුම හිතුණා..

    • ලෝකයේ කෘෂිකාර්මික ප්‍රවණතා ගැන මා කියවනවා නංගි. විකිපීඩියාව එතරම්ම හොඳ මුලාශ්‍රයක් නම් නොවේ. (http://en.wikipedia.org/wiki/Kibbutz_crisis) (http://en.wikipedia.org/wiki/Kibbutz) මේ දෙකම වෙලා අරන් කියවන්න ඔමා. ඒවාත් ලියවී තියෙන්නේ වෙනත් මුලාශ්‍ර පදනම්ව.

      මා දන්නා “ඇත්තත්” එයයි. වෙන හොඳ මුලාශ්‍රයක් වැඩට ගිය විටෙක මතක් වුනොත් සොයා දාන්නම්. ඒවා කියවීමට බෝරිං.

      විකිපීඩියාව වුණත් වැරදි නම්, එය නිවැරදි කරන්නට අදාළ පිරිස් වලට අවස්ථාව තියන වගත් අමතක කරන්න එපා. මා කියන්නේ නංගි ආර්ථික මොඩලයක් ලෙස එයට ඉදිරියට යන්න අමාරුයි. මොඩලයක් ලෙස සුන්දර තමා. කොමියුනිස්ට් වාදයත් මොඩලයක් ලෙස සුන්දර නේ.

      • ඕමා මේවා කියවල සිත නරක් කර ගන්න එපා. තමන් ජිවත් වන හා සේවය කරන රටට ඔබේ ඇති බැඳීම මා අගය කරනවා. මේවා පවතින තත්වය විතරයි. ඒවා කියෙව්වා හෝ මා ලියුවා කියා අමුතු වෙනසක් වෙන්නේ නැහැ. මා ඕස්ට්‍රේලියාව, ලංකාව හෝ සෝවියට් රුසියාව ගැන ලියන්නෙත් එසේමයි. අපේ බැඳීම එකක්, ඇත්ත තත්වය කියන්නේ තවෙකක්.

        අද මට වෙලාව තිබුනත්, අත පොවන්න පුළුවන් අන්තර්ජාලයේ නොමිලේ කියවන්න පුළුවන් දේවල් වලට විතරයි. මෙන්න එයින් කිහිපයක්.
        http://link.springer.com/article/10.1007%2FBF01308444
        https://books.google.com.au/books?id=Soip7BdYJCMC&pg=PR15&lpg=PR15&dq=kubuttz+in+crisis&source=bl&ots=nORirIe3eq&sig=Qd-5hBsehwI0H0rpUo8LjATAcPY&hl=en&sa=X&ei=nwD9VO3rN4OB8QW1pILwAw&ved=0CDgQ6AEwBA#v=onepage&q=kubuttz%20in%20crisis&f=false
        http://research.haifa.ac.il/~kibbutz/pdf/trends.PDF
        https://www.commentarymagazine.com/article/the-kibbutz-in-crisis/

        මේ වගේ කියවන්න විශාල ප්‍රමාණයක් මුලාශ්‍ර තියනවා. ඔමා, මා කලින් ලියා ඇති පරිදි බටහිර ලෝකයේ රටවල් කෘෂිකර්මය සඳහා විශාල ලෙස මහජන මුදල් යොදවනවා. ලිබරල් යයි කියන අමෙරිකාවත්, යුරෝපීය රටවලුත් ඉන්නේ ඒ ගොඩේ. මේවා දත්ත සහිතව මට ලියන්න පුළුවන් වුවත්, ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන මේ වගේ වැඩකට එවැනි කාලයක් සොයා ගැනීම දුෂ්කරයි. මා මේ කියන අපේ මානව ලක්ෂණය, අප හැමටම පොදුයි. නමුත් කණ්ඩායමක් ලෙස අප පොදු සමාජය ගැන සිතල ගත්තු තීරණ නිසා ලෝකයේ සමහර රටවල් වල ජීවිතය, සංසන්දනාත්මකව හොඳයි. මා මේ කියන්නේ ආර්ථික තත්වය පමණක් නොවේ. සමාජයක් මනින්න වෙනත් දර්ශකත් තියනවා නේ.

        දැන් ඔය කියන සමූහ ගොවිපල ක්‍රමය ආර්ථික වශයෙන් අති සාර්ථක එකක් නම්, එය මුලින්ම අනුවර්තනය කර ගන්නවා ඇත්තේ ඇමෙරිකාවයි. මේවා ගැන නොයෙක් දෙනා සොයනවා. එවැනි ක්‍රමයක් සාර්ථක නම්, එයට කැමති වන කෙනෙක් තමා මා. නමුත් ඔමා චීනය, කියුබාව, වියට්නාමය වැනි රටවලත් වෙනත් රටවලත්, ඔය ඉස්රායෙල් සමූහ ගොවිපල් වලත්, “ප්‍රති-ව්‍යුහගත කිරීම්” ලෙස හඳුන්වා දෙන්නේ මිනිසාගේ ස්වභාවික කෑදරකමට යලිත් ඉඩ දීමයි (කලින් කියූ පරිදි, මේ කෑදරකම එහෙමම ක්‍රියාත්මක වෙත්දී, පොදු සමාජයේ යහපත උදෙසා කණ්ඩායමක් ලෙස තීන්දු අරන් පරිනාමය වූ සමාජ සංසන්දනාත්මක ලෙස මේ ලෝකයේ තියනවා කියාත් අමතක කරන්න එපා) එහෙම නැති ක්‍රමයක් ලෝකයේ කොහේ හෝ “ස්ථාපිත වුනොත්” (බලයෙන් පැටවීම නොවේ), එය ලෝකයේ පළමු අත් දැකීමක් වනු ඇති!

        මේ පිළිතුර නිමා කරන්න මා ඉහත ලිපියකින් උපුටා ගත්ත මේ උපුටනය දමන්නම්:

        The English sociologist, W. Arthur Lewis, has written:

        Most observers seem to agree that the success of these collectives has depended so far upon the special emotions associated with immigrant Jewish agriculture in Israel, and upon the part played by collective organization in the military defense of isolated settlements. Sooner or later the special strains and emotions involved in the creation of a Jewish National Home will wear off, and if the collectives then retain their primitive communism and succeed economically, they will be doing so contrary to all previous human experience (https://www.commentarymagazine.com/article/the-kibbutz-in-crisis/)

  6. මම නම් තවමත් හිතන්නේ මිනිසුන්ට නිදහස දුන්න නම් සමාජවාදය සාර්ථක වෙන් තිබුන කියන එක. මම නැගෙනහිර ජර්මනියේ හෝ ඊශ්රයලයේ අද දකින තත්වය එයයි. මේ අතරේම මගේ එක පොස්ටුවක වමන්ශිකයන් සමහරෙක් වැඩ නොකරන එකත් විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ඉගෙනීම අත්හැර විප්ලව කිරීමත් විවේචනය කලහම මට හෙන විවේචනයක් ආව මම මාක්ස්ගේ එපිස්ටමලොජිය දන්නේ නැහැ කියල. නමුත් මම අදත් කියන්නේ වැඩ කිරීම නොදන්නා අය වැඩ කරන ජනටහ්ව වෙනුවෙන් පෙනී හිටින්නේ කොහොමද? ඕව තමා වැරදුන තැන්.

    • //නමුත් මම අදත් කියන්නේ වැඩ කිරීම නොදන්නා අය වැඩ කරන ජනටහ්ව වෙනුවෙන් පෙනී හිටින්නේ කොහොමද?//
      ළඟක හිටියා නම් උඹේ කටට සීනි ටිකක් දානවා. මේ පොඩි කතාව, විශාල දෙයක් කියනවා. අර ආම්ස්ට්‍රෝන්ගේ එක පියවර වගේ තමා.

      අර “නිදහස” දීම පිලිබඳ ප්‍රශ්න තියනවා නේද මචං. කියුබාවට පවා ( සම්භාධක අමතක කරමු) මැතිවරණයක් පැවැත්වීමට නොහැකියාව කියන්නේ කියන මානවයාගේ ස්වභාවික (අපට බලයෙන් යටපත් කළ නොහැකි) ස්වභාවය නේද?

  7. අයියේ අද ගොඩක් වැඩ අධික දවසක්, රිප්ලයි එක කියෙවුවා විතරයි හවසට සේරම ආයෙම ලින්ක් බලන්න ඕනේ ඔයාට ගොඩක් ස්තුතී නිහතමානීව වැඩිදුර පැහැදිළි කලාට, මං ආසයි ඒ දේවල් ඉගෙන ගන්න අවබෝධ කරගන්න.. ඔයාව මිට පෙර මගහැරීම ගැන දුක් වෙනවා තවමත් ඔබේ ලිපි කීපයයි කියවන්න ලැබුණේ, ස්තුතී

    • ඔබට විතරක් නොවේ ඔමා, තව නංගිලාට මාව මග හැරීම ගැන දුකයි කියල මට කලින් කියා තියනවා (මේක පොලිටිකලි ඉන්කොරෙක්ට් විහිළුවක් ඕමා ගණන් නම් එපා 😀 ).

      සිරා කතන්දරේට ආවොත්, මගේ කෙසේ වෙතත් ඔබේ නිහතමානි කමට ස්තුතියි. මා ඔය අනික් අයටත් දිගට උත්තර ලියුවට ස්තුතියි කියනවා තියා, නිකමට කියවනවද කියා මට එතරම් විශ්වාසයක් නැහැ. මෙහි ලොකු දේවල් නැහැ. සිත් ගන්නවා නම් නිවාඩුව කියවන්න. මග හැරුනායි සිතන්න එපා.

      මහන්සි වී වැඩ කරනවා නම්, ඔබේ දියුණුව නවතන්නට කිසි කෙනෙකුට නොහැකියි. ඔය ලින්ක් කියවන්න එතරම් වෙහෙසෙන්න එපා. මා වෙනම ලියන්නට බලන්නම්.

      • //ලින්ක් කියවන්න එතරම් වෙහෙසෙන්න එපා. මා වෙනම ලියන්නට බලන්නම්/// මේ කොටස සිහි තබාගෙන නිතර එමි,

        (wordpress බ්ලොග් අඩවි වල කමෙන්ට් කිරීමේදී මට ගැටළුවක් තියෙනවා එකම එකවුන්ට් එකෙන් කමෙන්ට් එකකට වඩා දාන්න බැහැ. එරර් එකක් එනවා, ඒකයි ෆේස්බුක්,ටුවිටර් වගේ ඒවට මාරු කරලා කමෙන්ට් කරන්නේ ) 😦

  8. හිරු

    ඔය අපෙ අම්මට එහෙම කොච්චර කිව්වත් අහන්නෙ නෑ සතියට එක දවසක් කඩේ වහන්න කියල…. ඒ මදිවට සමහර දවසට වැඩ පටං ගන්නෙ පාන්දර 2කට… මට මේ ගෙදර ඉ ඳලා උදේට කඩේට යන එකත් මල කම්මැලියි…. හි හි… අපි වගේ කම්මැලියොන්ට කඩ කෙරුවාව කොරන්න බෑ…..

    • දැන් කඩේ අන්තිමට හිරුට හම්බ වෙන්නේ නැත්ද? හි හි
      අපි ට්‍රයි කරමුද අම්මට තුණ්ඩු කෑල්ලක් වත් යවන්න?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s