Parochial minds!


ප්‍රා කියනවා වගේ, මේ පෘථිවියේ මනුෂ්‍ය ජනගහනය එයට දරන්න පුළුවන් ගණනට වඩා දැනටම වැඩියි. විශේෂයෙන් සමහර රටවල ජන ඝනත්වය ඉතා ඉහලයි. මේ රටවල් වලම තමා දරිද්‍රතාවයත් ඉහල. මෙවැනි රටවල් වල ආර්ථික සංවර්ධනයට බලපාන ප්‍රධාන පරහක් තමා, දරාගැනීමට නොහැකි විශාල ජනකාය.

හැබැයි ජනතාවගේ ජීවන තත්ත්වය පොදුවේ ඉහල යන විට, ජනගහන වර්ධන වේගය ඉබේම පහල බහිනවා. සමහර රටවල ප්‍රශ්න තියෙන්නේ අන්න ඒ නිසා. මොකද ලබා ගත් ජිවන තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්න, අලුතින් බිහිවන ශ්‍රමිකයන් ප්‍රමාණවත් නැහැ.

සමකයට ආසන්නව, අද තියන දර්ශක වලට අනුව දියුණු යයි කියන්න පුළුවන් එකම රටක් හෝ නැත්තේ ඇයිදැයි කෙනෙක් මගෙන් ලඟදි ඇහුවා. මේක කලින් සිත නොයදවපු දෙයක්. බලාගෙන යනකොට වැඩේ ඇත්ත. එයට පිළිතුරක් ලියන්නට නොවේ මා අද උත්සහ කරන්නේ.

මා මේ දිනවල කියවනවා සුචරිත ගම්ලත් දිවයින ඉරිදා සංග්‍රහයට විටින් විට ලියූ ළිපි එකතු කර පළ කරපු සති සිතුමිණි පොත් පෙළ. ඉස්සර පාසල් යන වයසේ කියවපු සුචරිත හා අද මා කියවන සුචරිත වෙනස්. එයට හේතුව සුචරිතගේ වෙනස් විම නොව, මගේ වෙනස් වීමයි. නමුත් රිදී රේඛාවක් ලෙස ඔහු ජිවත් වුන සමාජයට වඩා ඉහලින් ඉන්නවා කියා ඔහුගේ සමහර ලිපි දෙස් දෙනවා.

එම පොත් පෙලේ එක ලිපියකට ප්‍රස්තුත වන්නේ වසර 2002 දී මාතර උයන්වත්ත කෙලිමඩලේ දී පැවැත්වුන ගොඩගේ පොත් ප්‍රදර්ශනයකදී පැවැත් වූ කතාවක් හා එයට “පිළිතුරු” ලෙස ගොඩගේ පොත් මුදලාලි පුවත් පත් කිහිපයකටම යවා පළ කරවා ගත් ලිපියක් සම්බන්දවයි.

සුචරිතගේ කතාවේ මාතෘකාව “තරුණ පරපුර හා සාහිත්‍ය රුචිය” යන්නයි. මේ ඔහුගේ කතාවේ කෑල්ලක්. “දකුණේ පඬිවරුන්ගෙන් ශුන්‍ය වීමට (මේ කියන්නේ 2002 කාලය ගැනයි. සුචරිත සංසන්දනය කරන්නේ 18, 19 හා 20 වන ශත වර්ෂවල දකුණේ පහල වූ පඬිවරුන් සමගයි- අවධාරණය මගෙන්) හේතුව එසේ විය නොහැකිය. දකුණේ ඕනෑ තරම් රතු කැකුළු සහල් ද මුදවාපු මීකිරි ද මාළුද ඇත (ඊයේ මා එන විට වැලිගම පොඩි මාළු කිලෝව රු 20/= යි). මේ සියල්ලේ පූර්ණ ප්‍රෝටීන් ඇත. එංගල්ස් නිර්මාංසාහාරිකයන්ට නියම ගෞරවය දක්වන අතරම මිනිස් මොලය මහත් සේ වර්ධනය වුයේ සත්ව ප්‍රෝටීන ආහාරයට ගැනීම නිසා යයි කියා තිබේ.”

“එහෙයින් දකුමේ අද එදා මෙන් විදුරු නැණැති මහ පඬිවරුන් පහල නොවන්නේ බුද්ධිය නැති නිසා විය නොහැකිය. දකුණේ මතු නොව අද මුළු ලක්දිව ම තතු මෙයයි. අද මෙරට උගත්තු බිහි නොවෙති”

“මීට සැබෑ හේතුව මේ රටේ අධ්‍යාපන ක්‍රමය බව මම තරයේම කියමි……”

මෙයට උරණව පිළිතුරු ලියූ ගොඩගේ මුදලාලි “මාළු කෑමෙන් මොලය වර්ධනය වේ නම් වැඩියෙන්ම මොලය තිබිය යුත්තේ මාළු වෙළෙන්දන්ට දැයි” අසා ඇත. ඉතිං දීපල්ලකෝ පුළුවන් නම් උත්තර!

අධ්‍යාපන ක්‍රමය පමණක් නොව 1943 වසරේදී ජේ ආර් ජයවර්ධන පළමු වරට රාජ්‍ය සභාවට ඉදිරිපත් කරපු සිංහල පමණක් පනත, අන්තිමට 1956 වසරේදී නීතියක් ලෙස සම්මත වීම සුචරිත කියන්නේ සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනය සිතා මතා කඩාකප්පල් කිරීමට, ප්‍රභූ පන්තිය ගෙන ආ උගුලක් ලෙස. ජේ ආර්ගේ පනතට ඉදිරිපත් කෙරුණ සංශෝධන සහිතව එය ස්වභාෂා පනතක් ලෙස නොව, සිංහල පමණක් ලෙස ක්‍රියාවට නැංවීම ඓතිහාසික වරදක් ලෙස මාත් දකිනවා. මෙය ඉන්ක්ලුසිව් පනතක් නොවේ, මිනිසුන් බෙදා වෙන් කරන්නක්. දීර්ග යටත් විජිත සමයකින් පසුව මිනිසුන්ට අවශ්‍ය එවැනි දෙයක් නොවේ. ප්‍රධානම දෝෂය එතැනයි.

නමුත් ස්වභාෂාවෙන් අධ්‍යාපනය දීම හා සුචරිතම කියන අධ්‍යාපන ක්‍රමය කියන්නේ දෙකක් කියාත් මා තරයේ විශ්වාස කරනවා. සුචරිතත් එකඟ වන මේ පරිහානික අධ්‍යාපන ක්‍රමය ඉංගිරිසියෙන් පවත්වාගෙන ගියත් ආනිසංශය ඕකමයි. මෙතැනදී මා කලින් ලියාගෙන ආපු තවත් කතන්දරේකට ගියොත්, ඉංගිරිසින් යනවිට ඉතුරු කර ගිය නායකත්වය අතර එවැනි පිරිස් නොසිටියේ අහම්බයකින් ද, නැත්නම් එය ඔවුන් සිතා මතා ඉතිරි කරපු, හා ප්‍රවර්ධනය කළ පිරිස් වල සහජ ලක්ෂණයක් ද? මෙතැනදී අමතක කරන්නට එපා, 1956 සිංහල පමණයි පනතට යුඑන්පියත් විරෝධයක් දැක්වුයේ නැහැ.

එම කතා පසුවට තබමු. සුචරිත කියන්නේ “මානව වර්ගයාගේ විකාසනයේදී මිනිස් මොළය වර්ධනය වීමට සත්ත්ව ප්‍රෝටීනය මහත් සේ ඉවහල් වූ බවයි”. මාංශ ආහාරයට ගැනීම හා ආහාර පිස ගැනීමෙන් පසුව පරිභෝජනය කියන අවස්ථා දෙකම මානව පරිණාමයේ තීරණාත්මක සංදිස්ථාන දෙකක් කියා අද පිලි ගැනෙනවා. ඒ විතරක් නොවේ ‘නූතන මානවයාගේ’ ආරම්භය අප්‍රිකාවේ මිටියාවත් වලින් පටන් ගත් වගත් අද මානව පරිණාමය ගැන තොරතුරු සොයපු වැඩි දෙනෙක් පිලි ගන්නා මතයක්.

එය කියන්නේ කුමක්ද? එනම් නූතන මානවයා කියන්නේ අප්‍රිකාවේ සිට විවිධ රටවලට සංක්‍රමණය වූ කුඩා පිරිසකගෙන් පැවතෙන වග. මේ මුල් සංක්‍රමණය එක වරක් පමණක් (එනම් එක කාණ්ඩයක්) සිදු වුනා ද නැත්නම් වරින් වර සිදු වූ කණ්ඩායම් ගණනාවක සංක්‍රමණ වලින් සිදු වුනාද කියන එක තාමත් විවාදයට බඳුන් වන දෙයක්.

එකක් පැහැදිලියි, එනම් සංක්‍රමණය කියන්නේ මිනිස් පරිණාමයේ එක වැදගත් කර්තව්‍යයක්. මේ ගැනත් අධ්‍යයනය කර තිබෙනවා. එනම් මෙසේ සංක්‍රමණය වන්නේ සමාජයේ ඉන්නා අපත පිරිස් නම් නොවේ. ඕනෙම සමාජයක ඉන්නා විශේෂිත ඇට්‍රිබියුට් සහිත කාණ්ඩ තමා මුලින්ම සංක්‍රමණය වී තියෙන්නේ. එනම් අවදානම් ගන්න, අලුත් තත්ත්ව වලට භය නැති, ලෝකය දකින්නට හා සොයන්නට කුතුහලය තියන මිනිසුන්. මේ ගුණාංග ඔවුන් අලුත් පරිසරයට අනුවර්තනය වීම සඳහා වඩාත් බලපෑවා. ඒ විතරක් නොවේ, වර්තමාන ලෝකය දිහා බලන විට, මෙසේ මෑතක සිදු වූ සංක්‍රමණ නිසා වුන විපර්යාසයන් අපේ ඇස් පනාපිට තියනවා.

නූතන ලෝකයේ සංක්‍රමණය එදා තරම් භයානක කටයුත්තක් නොවේ (තාමත් ටිකක් භයානක තමා). ගමෙන් නගරයට ඒම, රටින් රට යාම වගේ දේවල්. නමුත් අර කියපු ගුණාංග අදත් මෙසේ සංක්‍රමණයට වඩාත් කැමති පුද්ගලයන්ට එකසේ පොදුයි. එනම් පවතින පරිසරය කොතරම් සතුරු වුවත්, අලුත් දෙයකට මුහුණ දෙන්න අකමැති කෙනා එතනම ඉන්නවා.

මෙය, එනම් සංක්‍රමණය කියන්නේ, කලින් කියුව ලෙස අප සිතන තරම් ලෙහෙසි දෙයක් නොවේ. කොතරම් කල් ජිවත් වුවත් අප මෙලොව හැර යන්නට අකමැති, අපේ තියන බැඳීම් නිසා. අලුත් තත්ත්ව වලට ඇති භයට අමතරව, මේ බැඳීම් ද අපව හුරු පුරුදු පරිසරයේ රඳවා ගන්නට බල කෙරෙනවා. මේවා මානුෂික කරුණු.

එසේ වුවත්, රටක් ඇතුලේ පවා සංක්‍රමණය වීමට අපේ ඇති අකමැත්ත, රටක සංවර්ධනයට ද බලපාන දෙයක්. එය මේ ඕස්ට්‍රේලියාවට ද එක සේ පොදු දෙයක්. ඒ ගැන විතරක් නොවේ සංක්‍රමණය කියන ටැගය යටතේ මා ගොඩක් සටහන් ලියා තිබෙනවා. අද ලියන්න පටන් ගත්තේ වෙන දෙයක්. නමුත් ඒ කතාව දැන් මෙතනට ඔබන්න අමාරුයි දිග වැඩි නිසා.

මේක නම් කොතරම් දුරට ඇත්තද කියා මා දන්නේ නැහැ.
Move to this Australian capital city if you want a beautiful home and cash to spare

Advertisements

8 Comments

Filed under Lifestyle, Opinion

8 responses to “Parochial minds!

  1. Pingback: Parochial minds! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //ඕනෙම සමාජයක ඉන්නා විශේෂිත ඇට්‍රිබියුට් සහිත කාණ්ඩ තමා මුලින්ම සංක්‍රමණය වී තියෙන්නේ. එනම් අවදානම් ගන්න, අලුත් තත්ත්ව වලට භය නැති, ලෝකය දකින්නට හා සොයන්නට කුතුහලය තියන මිනිසුන්.//

    එතකොට මිනිසා out of Africa සංක්‍රමණය වුනේ ගෙදර ගෑණි ගෙන් බේරෙන්න නෙමෙයි එහෙනම්. Hmm

    • Sorry, Raigam, I just couldn’t help cracking a silly joke.
      Actually, the migration for economical reasons started a long time ago. e,g. Scandinavians, Irish, Scots.
      So I was wondering whether in remote prehistory too economy was a significant factor in migration. Well, I reckon search for greener pastures which literally happened with herders and better hunting grounds for hunter-gatherers could be called economical reasons, right?

      • That’s exactly right Pra. They may have migrated in search of food, better climate, houses (and “better” wives/husbands) etc. Our future migration to other planets will be based on the same reasons. These are economic reasons. That is one of reasons that I do not agree with රියල් අනාථ categories (for taking refugees) of Western World.

    • එයත් එක හයිපොතිසිසයක් තමයි. ඔතන තියන දෙයක් තමා ගෑණි ගෙන් බේරෙන්න පැන්නද, මරුමුරුස් මිනිහගෙන් බේරෙන්න පැන්නද කියන එක. 😀

      මේ කතාව ප්‍රා දන්නවද? අද ඉන්න මුළුමහත් ජනගහනයම එක භාග්‍යවත් අම්මා කෙනෙකුගෙන් පැවත එන්න ඉඩ තියන එක. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ එක “විකුර්තික” ජානයක් තීරණාත්මකව බලපෑවා කියන කරුණ. ඇත්තටම මා ලියන්න ගත්තේ ඊයේ පෙරේදා සොයා ගත්ත ප්‍රාග්-ඓතිහාසික මානව හක්ක හා මිනිස් ගස ගැන වචන සුවල්පයක්. ඒකට කෙල වුනා සංක්‍රමණය නිසා.

  3. //ජේ ආර් ජයවර්ධන පළමු වරට රාජ්‍ය සභාවට ඉදිරිපත් කරපු සිංහල පමණක් පනත// ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි .. ඉස්කෝලේ යනකාලේ විවාද තරගෙකදී මගේ පිළට ලැබුණේ සිoහල කරපු එක හොඳයි කියන එක,, ඒත් මගේ මතය ඒක නොවිච්ච නිසා අපි පැරදුනා. ඒත් දුකක් හිතුන් නෑ.. ඉන්දියාවේ තාමත් මං හිතන්නේ රාජ්‍ය භාෂාව ඉංග්ලීස් .. ජපානය, ෆ්‍රංසය ,ඊශ්‍රායලය වගේ රටවල මිනිස්සුන්ට ඉංග්‍රීසි ඕනේ නැහැ ඒ මිනිස්සු අපි වගේ එක එක රට රටවල රස්සාවල් කරන්න යන්න තරම් දුගී නොවෙන හින්දා.. පිලිපීනය ,ඉන්දියාව අපි වගේම නිතර පිටරටවල රැකියා අපේක්ෂා කරන රටවල් නිසා හොඳ විදිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදෙනවලු,, අපේ රටේ බැයිද අප්පා ඒම 🙂

    //සමකයට ආසන්නව, අද තියන දර්ශක වලට අනුව දියුණු යයි කියන්න පුළුවන් එකම රටක් හෝ නැත්තේ ඇයිදැයි කෙනෙක් මගෙන් ලඟදි ඇහුවා/// හැකි නම් පසුව ලියන්න

    • අර අදහස කලින් මා ලියා තියනවා ඔමා. එයත් හයිපොතිසිසයක් නැත්නම් උපකල්පනයක් පමණයි. සිංහල පමණක් වුණ එක වැරදියි. එය ස්වභාෂාව වුණා නම් දෙමළ හා ඉංගිරිසිත් එයටම (එම පනතට) අයිති විය යුතුව තිබුණා.
      මා උදේ තේක බොන ගමන් ලියුවේ. හවසට බලමු.
      හවස …….
      ඔමා, මේ වාගේ මාතෘකා ඇත්තටම ඔය කුඩා දරුවන්ට වාද-විවාද කුසලතා දියුණු කරගන්න කතා කරන්න මිසක්, වැඩිහිටියනට කිසිම ප්‍රතිඵලයක් ගෙන දෙන මාතෘකා නොවේ. මා කියුවනේ එය මගේ උපකල්පනයක් විතරයි. ලෝකෙන් හා ලංකාවෙන් මා ලබපු අත්දැකීම් හා දැකපු දේවල් ඇසුරින් තමා එම උපකල්පනය ගොඩ නැගුවේ. මෙම අතීත මොහොතට නැවත අපට යන්න නොහැකි නිසා, එහි විකල්පය අපට ගොඩ නගන්න නොහැකියි. නමුත් ඔමා ඔබටත් ඔය ඉන්දියන්කාරයන් හා තවත් බොහෝ දෙනා මුණගැසෙනවා ඇතිනේ. ඒ වගේම ඊශ්‍රායල් කාරයන් වැඩකරන හැටිත්, ඉගෙන ගන්න හැටිත් දකිනවා ඇතිනේ. ඔබටත් මෙවැනි දේවල් ගැන දැන් හිතන්න පුළුවන්. එය අනුන්ට කෙසේ වෙතත් අපටම ප්‍රයෝජනවත්.

      එයාලගේ ස්වභාෂාව ඉංගිරිසි වන ජේ ආර්, බණ්ඩාරනායක වැනි අය සිංහල පමණයි ගෙනාවේ අපට හොඳ හිතකින් නොවේ කියා මාත් සිතනවා. නමුත් මා ලබපු පාසල් අධ්‍යාපනය (අඩුපාඩු මැද වුවත්) අන්තර්ජාතික මටටමේ එකක් කියා මට නොබයව කියන්න පුළුවන්. එයට කෙළවුණේ භාෂාව හින්දා නොවේ. එය මට විස්තර කරන්න ඕනේ කමක් නම් නැහැ. හැබැයි අද වෙන විට සිංහලයෙන් හරියට අදහසක් කියා ගන්න බැරි පිරිසකුත් ඉන්නවා. මා මේ ලඟදි කියවපු පරිවර්තන පොතේ සමහර ඡේද වල මෙලෝ තේරුමක් නැහැ. වචන ගොඩක් විතරයි. ඒ ඉංගිරිසි දන්නා මිනිසුන්. අපට හිටපු “පොස්” ඉංගිරිසි ගුරුවරුන් වගේ කට්ටියම අනෙක් විෂයනුත් අපට ඉගැන්නුවා නම් අපට අබම අබ සරණයි කියාත් මට නොබියව කියන්න පුළුවන්.

      අනික තමා භාෂාව නොදැනීම නිසා සංනිවේදනය ඇන හිටිනවා. අන්තර්ජාතිකව භාවිතා වන භාෂාවක් නොදැනීම මගින් අලුත් දැනුමට විවුර්ත වීම සිදුවන්නේ නැහැ. කට්ටඩි වැනි පිරිස් වෙත දැනුම සොයා යන්නේ අන්න ඒ නිසා. එය වෙනම කරුණක්.

      ඔබේ කලින් කොමෙන්ටුවේ තියන කොමෙන්ටු දැමීමේ අපහසුතාවය ගැන මගේ කනගාටුව. එය මගේ අතේ නොවේ තියෙන්නේ. මට බ්ලොගර් අට්ටාලයට ගොස් නැවත බ්ලොග් එකක් ආරම්භ කිරීමේ අදහසක් නැහැ. ඔබේ නමින්ම කොමෙන්ටු දැමීමට ඔබ ගන්නා උත්සාහය කොමෙන්ඩබල්. ටික දිනක් කියවා මග හැරී නොයන්න. දිගටම කියවන්න පුළුවන් නම් අගය කරමි. බලන්න මෙය කියවන්නේ දහ දොළොස් දෙනෙකු පමණයි. ඔය ප්‍රා නම් සමහර විට ඔලොක්කුව දානවා. නමුත් මේ වගේ දේවල් ජනප්‍රිය කැටගොරියට දමා ගන්න අමාරුයි.

      ඊශ්‍රායලයේ ඔබ දෑසින් දකින ඔය සමූහ ජිවන විලාසිතාවේ ආරම්භය ගැන මා වෙලාවක් ලැබුන විටෙක (ඒ කියන්නේ ඔමා මට එය සිතුන වෙලාවක) ලියන්නම්. එයත් මා කියන සංක්‍රමණයට අදාළ කරුණක් තමා.

      (ලංකාවේ රැකියාලාභී උපාධිධාරීන්ගේ උද්ගෝෂණය ගැන ඔබත් කියවන්න ඇති. තනි ඇහැට ඇඬන දේවල්. සංක්‍රමණිකයන් ගැන වෛරයෙන් කතා කරන පිරිස් හා රටගිය පිරිස් වලට නැවැත එන්න කියන අය කියවන්න ඕනේ මෙන්න මේවා. අපේ රටේ ජනගහනය දැනටම අවශ්‍ය පමණට වඩා වැඩියි ඔමා).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s