Parochialism in a global village! අමතක වූ ලොවක ඉඳන්… මතක පොතේ පිටු පෙරලන්නම්!


මා යලිත් යනවා අර කලින් සටහනක ප්‍රතිචාරයක අජිත් කියපු කතාවට. එනම්, වැඩ නොකරන මිනිසුන් කොහොමද වැඩ කරන මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියන එක. මේක සිනමා පටයක් හදපු නැති මිනිහෙක් කොහොමද සිනමා විචාරය කරන්නේ කියන එක වගේ නොවේ. එතැනදී දෙදෙනා කරන්නේ වෙනස් දෙයක්. කිසිදා පීනපු නැති මිනිහෙක්, තවකෙකුට පීනන්න කියල දෙනවා වගේ වැඩක් තමා අජිත් කියන්නේ. මේ වගේ මිනිසුන් වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී ඉඳපු හින්ද විතරක් නොවේ, කිසිදා වැඩ නොකර වැඩකරන්නේ කොහොමද කියල උපදෙස් දීම නිසාත්, සමාජයට කරන්නේ අනර්ථයක් මයි.

මේ සටහන ඇට්ටකුණා වෙච්ච මිනිසුන්ට නොවේ. එයිට වඩා වයසින් අඩු මල්ලිලාටයි, නංගිලාටයි. මේ තියෙන්නේ පසුගියදා පැවති ලංකාන්ණ්ඩුවේ රැකියා ලාභී උපාධිධාරීන්ගේ උද්ගෝෂණයක දී කියවුන කරුණු දෙකක්. එකක් තමා ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය නැවත පිහිටුවන්න කියන එක. මොකද ඔවුන්ට සමහර වෙලාවට වෘත්තීය ගරුත්වයක් නොමැති “ලිපිකරුවන්ට, කම්කරුවන්ට, මුදල් අයකැමිවරුන්ට අයත් රාජකාරිවල” නියැලෙන්නට සිදු වන නිසා.

දෙවෙනි කරුණ තමා ඔවුන්ට “උපාධිධාරීන් බඳවා ගැනීමේදී වසර තුනක් ඇතුළත කාර්යක්ෂමතා කඩඉම සමත් නොවන්නේ නම් රැකියාවෙන් ඉවත් කිරීමේ කොන්දේසියක් පනවා ඇති අතර එම කෝදේසිය ඉවත් කළයුතු බව“.

ලංකාවේදී මා කළ අවසාන රැකියාවේදී දිනක් මා පොඩි වැඩමුළුවක් සංවිධානය කෙරුවා. හත් අට දෙනෙකුට. මේකෙදි ටිකක් කම්කරු ශ්‍රමය එනම් කායික මැදිහත් වීම අවශ්‍ය වෙනවා. අපේ ආයතනය හරිම කුඩා එකක්. ඔය තේ හදන්න, කඩේ යන්න වගේ වැඩ වලට හිටියේ කෙසඟ වයසින් වැඩි මනුස්සයෙක්. එයාට ලොකු ශාරීරික ශ්‍රමයක් අවශ්‍ය වන වැඩක් කරන්න බැහැ.

වැඩමුළුව දවසේ අපේ කුඩා ආයතනයේ ලොක්කා තව ආයතන එකතුවක පොඩි සාකච්ඡාවක් යොදාගෙන තිබුණා. මගේ වැඩමුළුවේ සංවිධායක, දේශක හා කම්කරුවා වුණේ මමමයි. මා දාඩිය පෙරාගෙන මොකක් හෝ කරන විට එය ලොක්කට හා ඔහු සමග සිටි අනික් අයටත් පෙනුණා.

පසුවෙනිදා ලොක්කා මට “ආදරයෙන්” මෙහෙම කියුවා. රයිගම්, ඔය වගේ වැඩමුළු වලදී කම්කරු වැඩ වලට ප්‍රතිපාදන තියනවනේ, ඉදිරියේදී ඒ වගේ දේවල් වලට කෙනෙක් හොයා ගන්න කියා.

මා අද ජිවත් වන පරිසරයේ වැඩ කෙරෙන්නේ කොහොමද කියා මා ලියන්නේ නැහැ. නමුත් මුලින් රජයේ රැකියා දියව් කියා උද්ගෝෂණය කර, එසේ කෘතීමව උත්පාදනය කරපු රැකියා ලබා දුන් පසු, කරන්නට තියන රාජකාරි කරන්නේ නැතුව, “වෘත්තියේ ගරුත්වයක්” ඉල්ලීම මට නම් දනවන්නේ විමතියක්. දැන් මේ කියන්නේ අපට නිකම් පුටු රත් කරන්න දෙන්න කියලද?

මට විමතියක් දනවන අනෙක් කරුණ තමා කාර්යක්ෂමතා කඩයිම් විභාගය ඉවත් කරන්න කියා ඉල්ලීම. මේ කියන්නේ කෙනෙක් කොතරම් අකාර්යක්ෂම වුවත්, අඩෝ මාව තියා ගනින් කියන එක නේද?

මට නම් වැඩට ගිය පසු කරන්න වැඩක් තියනවා නම්, එය මට සතුටට කාරණයක්. එකක් තමා වැඩක් නැතිය කියන්නේ මගේ රස්සාව අවදානම් කියන එක. මොකද වැඩක් නැති නම් මොකටද කෙනෙක් මට පඩි ගෙවන්නේ. අනික නිකම් කම්මැලි කමට පුටුවක් රත්කර ගෙදර එන්න මට ආසාවක් නැහැ. වැඩ කිරීම නිසා නිවාඩු ගැනීමේ, සති අන්තය ගත කිරීමේ “විනෝද ජනක අවස්ථාව” මට ලැබෙනවා. හිතා බලන්න සියලු දවස් එක වගේ වුනොත් කොතරම් කම්මැලි ද කියා.

දැන් එමු මා කියන්න හදන දෙයට. තරුණ වයස කියන්නේ කුසලතා ලබා ගන්න විතරක් නොවේ, ඒ සඳහා තමන්ගේ අතින් වියදම් කරන්නත් වෙන කාලයක් නොවේ. හැම විටම එහෙම නැහැ තමා. සමහරවිට බදාම අනන්න, තේ හදන්න හා තවත් දේවල් කරන්න වෙනවා. හැබැයි මේ කාලය පසු කරපුවහම එන අනික් කාල (අනික් කාල ගන්නත් අතේ සල්ලි තියෙන්න ඕනේ) ඔයිට අමාරුයි.

ඕක නොවේ මගේ කතාව. නොමිලයේ ඔබට ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා නම්, එහි උපරිම ප්‍රයෝජනය ගන්න. පාසලේදී ඉංගිරිසි හරියට ඉගැන්වුයේ නැත්නම් තනිවම ඉගෙන ගන්න බලන්න. ඉගෙනීමට තියන වෙනත් අවස්ථා ගැන සැලකිලිමත් වන්න. ඒ වගේම ලංකාව වැනි රටක ඉන්නවා නම්, අපේ ජනගහණය අනුවත්, මේ යන විදිහටත්, උපදින සියලු දෙනාට රැකියා ජනනය බොහෝ අසීරුයි. ඒ නිසා විශ්ව ගම්මානය ගැනත් අවධානය යොමු කරන එක හොඳ දෙයක්. මේ සියල්ලට වඩා කුසලතා විතරක් නොවේ, තමන්ගේ ආකල්ප කියන ඒවාත් වැඩ කිරීමේදී ගොඩක් උදව් වෙන වග නම් අමතක කරන්න එපා.

කලින් මා ලියා ඇති මේ සටහනත්, එහි යටින් ඇති ප්‍රතිචාරත් කියවන්න

මොනාද මල්ලි මේ අහන දේශපාලන සාකච්ඡා? කරකවන්නකෝ ඕක කොමර්ෂල් සර්විස් එකකට!

Advertisements

10 Comments

Filed under Careers/Employments, Lifestyle

10 responses to “Parochialism in a global village! අමතක වූ ලොවක ඉඳන්… මතක පොතේ පිටු පෙරලන්නම්!

  1. Pingback: Parochialism in a global village! අමතක වූ ලොවක ඉඳන්… මතක පොතේ පිටු පෙරලන්නම්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. හිරු

    මෙතනදි මටත් වෙන්නෙ ඔය වැඩ නොකර වැඩ කරන හැටි කියල දෙනව වගේ වැඩක්… මොන හේතුවක් හින්ද පොඩි කාලෙදිම උපාධිදාරි ‌රැකියාවක් නං ජීවිතේට එපා කියන හැඟීම ඇති උනාද කියල මං දන්නෙ නෑ.. හැබැයි තේරෙන කාලෙ ඉඳලම කැම්පස් ගිහින් රජයේ රැකියාවක් කරනවා කියන එක මට එපාම කරපු දෙයක් උනා… කැම්පස් තේරිලත් අතෑරලා දැම්මෙ ඒක නිසා…. සමහර විට ඒ කාලෙ ඉඳලම උපාධිදාරීන්ට රජයේ රැකියා දියවු කියන පාඨය දැක්ක හින්දද දන්නෙ නෑ.. මට ඒක අප්පිරිය උනා… මගේ පුංචි මොලේටත් තේරුනා රැකියාවක් රජයෙන් දෙනකං බලං ඉන්නෙ නැතුව කරන්න නං ඕනෙ තරං දෙවල් මේ රටේ තියෙනව කියන එක… මගේ රැකියා පුහුණුව මම පටං ගත්තෙ ඕලෙවල් ඉවර වෙච්ච දවසෙ ඉඳන්… 2000දි දැං තියෙන දියුණුව වත් තිබ්බෙ නෑ… ඔය දැං තියෙනව වගේ රැකියා පාඨමාලා තිබ්බෙත් නෑ… ඒත් එක දවසක් වත් නිකං ගෙදර ඉන්න හම්බුනේ නැති වෙන්න මට රැකියා තිබ්බ.. ඒලෙවල් කරන ගමනුත් පාට් ටයිම් මම රැකියාවක් කළා… සල්ලි හොයන්න නෙවෙයි.. පුහුණුවට…

    ගොඩක් අය රජයේ රකියාවල් හොයන්නෙ පෙන්ෂන් එක නිසාලු.. මට නං අවුරුදු 60දි ලැබෙන දේ ගැන හිතනවට වඩා ඉලක්කයක් තිබ්බ… මට ඉතිං තාමත් තේරුම් ගන්න බෑ හරියටම මොකද්ද මේ උපාධිදාරීන් ඉල්ලන්නෙ කියල… නිකං ඉඳන් කරන රස්සාවක්ද… ලේසි රස්සාවක්ද.. නිකං පඩි ලැබෙන රස්සාවක්ද.. පෙන්ෂන් එකක්ද… 6ට ගෙදරින් ගිහින් 6ට ගෙදර එන රස්සාවක් ද… නැත්තං රිස්ක් එකක් ගන්න කොන්ද පණ නැතිකමද…. ( ඔය උපාධිදාරීන් ගොඩකට රයිගම් කියන මානසිකත්වය තියෙනව… මට හරියට දැකලා තියෙනව…. අ‌පේම නෑයො ඉන්නව.. වැඩක් කරගන්න ගියාම දන්න දේකුත් නෑ… ඒ උනාට උපාධිදාරියො… අනේ මේ ඒලෙවල් පාස් වෙච්ච එවුන් ටිකත් ගෙවල් දොරවල් හදාගෙන ළමයිනුත් හදාගෙන වාහනේකුත් අරං තමන්ගෙම ව්‍යාපාරත් කරගෙන ඉන්නව… මේ කට්ටිය තාම බස් එකේ… හැබැයි අර කට්ටිය රෑ දවල් නැතුව ව්‍යාපාර දියුණු කරගන්න මහන්සි වෙනව.. මේ කට්ටිය 5 වෙනකොට ගෙදර ඇවිත් නයි ටී එන් බලලා කාලා බීලා නිදා ගන්නව… අරගොල්ලන්ගෙ ළමයිනුත් රස්සාවල් කරනව.. මෙයාල තාම ළමයි කැම්පස් තේරෙනකං බලං ඉන්නව… )

    රජයේ කාර්යාලවල පියන් හෙවත් කාකාස නැතුව ෆයිල් එකක වැඩක් කරගන්න සති ගනං රස්තියාදු වෙන්න වෙලා තියෙන්නෙ ඔය කට්ටියගෙ ඔය මානසිකත්වය නිසා තමයි…. වැඩේ කරගන්න එන මනුස්සයට හෙණ ගැහුවත් තමන්ගෙ ඇඟ බේරගෙන ඉන්න තමයි බලන්නෙ… එක අතකට ඔය රජයෙ කාර්යාල වල තියෙන රාජකාරි ශ්‍රේණි බේදීමේ වරදක් තියෙනව කියලත් මට හිතෙනව… කාකාසල අයින් කරලම දාන්න ඕනෙ… සාරි ඔසරි ඇඳිල්ල නවත්තලම දාන්න ඕනෙ… ( ඒක නං මලම වදයක්.. ඇන්ටිලා වැඩකට යන්න ගියාම කේක් ගෙඩි වගේ පුටුවෙන් නැගිටලා, ඇඳුම හදාගෙන මේකප් හදාගෙන ඉවර වෙනකොටම විනාඩි 15 ක් විතර ගිහින්..) අලුතෙන් ගන්න අයට අනිවාර්යයෙන්ම කම්පියුටර් දැනුම තියෙන්නෙ ඕනෙ… ඇන්ටිලා ටික පෙන්ෂන් ගියාම වත් මේවා පිළිවෙලක් වෙයි එතකොට…

    • හිරුට හොඳටම තරහ ගිහින් වගේ, හි හි
      මා සිතන දෙයක් ලියන්නම් හිරු. විධිමත් හා අවිධිමත් අධ්‍යාපනය/ඉගෙනීම් මගින් අපේ ජීවිතය වෙනස් කරනවා. ආදායම් ලැබුනා හෝ නැතා හෝ. හැබැයි අධ්‍යාපනයේ එක අරමුණක් තමා අනාගතයට ආයෝජනය. එනම්, එමගින් බලාපොරොත්තු වන්නේ ජිවත් වීමට ගතමනාවක් සොයා ගැනීම. ජිවත් වෙන්නේ නැතුව මොකවත් කරන්න බැහැනේ. එහෙම නොවන අධ්‍යාපනයන් ගෙන් ඇති වැඩක් නැහැ. ඒකයි ලබපු කුමන හෝ අධ්‍යාපනයක් මිනිහාගෙන් දිස් වන්නේ නැත්නම්, එක්කෝ හරියට ඉගෙන ගෙන නැහැ, නැත්නම් කොහොමටවත් ඉගෙන ගෙන නැහැ.

      • හිරු ගේ කතාවට ඉතා කෙටියෙන් පිළිතුරක් දෙනවා නම් හැම රැකියාවක් ම කරන්න මිනිසුන් අවශ්‍යයයි. සියළු දෙනාම දොස්තරලා වී වැඩක් නෑ ලෙඩ්ඩුත් ඉන්න ඕනෑ!

  3. විශ්ව විද්‍යාලයෙන් පසු මගේ මුල්ම රැකියාවේ මුලින්ම කළේ කතුරක් අරන් කඩදාසියක මුද්‍රණය කළ පැටර්න් කපා ඒවා රෙදිවල ඇලවීමයි. සමහරු ඒවාට කැමති වුණේ නෑ.

    • කොතනින් හෝ පටාන් ගැනීම තමා වැදගත්. විරැකියාව යනු වැඩිහිටි ජිවිතයේ නපුරු සිහිනයක් රසික.

  4. //මේ සටහන ඇට්ටකුණා වෙච්ච මිනිසුන්ට නොවේ. එයිට වඩා වයසින් අඩු මල්ලිලාටයි, නංගිලාටයි. //
    එහෙමනම් මට මේක ඇඩ්වාන්ස්ඩ් වැඩිවෙයිනේ. මොකද මට මුලින්ම එන අදහස මොකක් හරි juvenile joke එකක්නෙ 😀
    ඊලඟට මතක්වුනේ ‘කාල’.

    Now, now, Raigam, don’t get disappointed with the readership. There are quite a few mature comments here. 😀 😀

    • ඕකනේ කියන්නේ, විනාස කාලේ, විපරිත් බුද්දි කියා. ඒ කියන්නේ ජරා කාලක් ගැහුවහම, වෙන දේ. 😀

      ඇට්ටකුණා and Maturity are two different things? Aren’t they?

  5. මට වෙලාවක් තිබුනේ නැහැ කොමෙන්ට් කරන්න. සමා වෙන්න. මිනිස්සු තමන්ට හැකි විදහට වැඩ කිරීමත් ඔවුන්ගේ හැකියාවේ ආකාරයට හා වැඩ කල ප්‍රමාණයට වැටුප ගෙවීමත් කොමියුනිස්ට් වාදයේ මුලික ලක්ෂණ. නමුත් හුඟක් අය හිතන් ඉන්නේ නිකන් ඉඳන් ආණ්ඩුවෙන් කන එක සමාජවාදය කියල.

    • ගණන් ගන්න එපා බං. කියවනවා නම් බෝනස්. කියවල කොමෙන්ට් දාන්න පුළුවන් නම් එය ඩබල් බෝනස්. 🙂
      මේ දරුවන් හැදී වැඩි තියන ආකාරය අනුව, මේ වගේ කතා හා උද්ගෝෂණ පුදුමයට කරුණක් නොවේ මචං. මෙයාලට අලුතින් හිතන්න පුරුදු කිරීම ඉතා අමාරු වැඩක්. අලුත් පරපුර ගැන යන්තමින් හෝ බලාපොරොත්තු තබා ගන්න තමා තියෙන්නේ.

      සමාජයේ පිරිසක් නිකම් ඉඳන්, ආණ්ඩුවෙන් කන්න බලාගෙන ඉන්න එක නම් ග්ලෝබල් ප්‍රශ්නයක් නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s