I had to make a choice between right and wrong; ….and I chose Rong!


අර කවුද කියන්නා වගේ විනෝදයට කියා අප කරන සමහර දේවලින් කොතරම් විනෝදයක් ලැබෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මගේ කලින් සටහනකට ඉතාලියේ ජිවත් වන කෙනෙක් ලියා තිබුනේ, විනෝදය පිණිස වෙරළට යන අපේ අය, ආපසු යන්නේ වෙරළත් කාල, ගමත් කාල කියා. විනෝදයත් අපේ අන් ක්‍රියාකාරකම් වගේම සස්ටේනබල් නැත්නම් තිරසාර විය යුතුයි. පරිසරය කාල ලබන විනෝදය පරිසරයට පමණක් නොවේ, විනෝදයේ තිරසාර බවටත් හොඳ නැහැ.

අද ලෝක ප්‍රීතිමත් දිනය කියා මා දැන ගත්තේ හවස ගෙදර එන ගමන් රේඩියෝවට කන් දීමෙන්. බැන් කී මූන් කියුවේ රජයවල් ද ප්‍රතිපත්ති සම්පාදනයේදී සැලකිය යුතු කරුණක් නම් ජනතාවට ප්‍රීතිමත් දිවියක් ලබා ගැනීමට අවස්ථා උදා කිරීම බවයි. සමහරුන් මේ වගේ දින මහා වැඩකට නොමැති දේවල් ලෙස විලාප නගනවා. වැඩකට නැත්නම් ලේ පුච්චා ගන්නේ නැතුව ගානකට ගන්නේ නැතිව සිටියහම ඉවරයි. අර නන්දා මාලිනී වැලන්ටයින් දිනය ගැන කතාවක් ගායනා කරන්නේ. එය ගීතයක් නොවේ. මට නං මේවා ගොන් පාර්ට්.

තුන්සිය හැටපස් දවසම ආදරය කරන අපට මොකටද එක දිනයක් විතරක් කියල මේ කතාවේදී ඇය අහනවා. එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. පැත්තකට වෙලා ඉන්නකෝ. දැන් මේ වගේ දිනයක දී පෙම්වතෙක් හෝ පෙම්වතියක්, තමන්ගේ අනෙක් පලුවට ආදරය පෙන්වන්න මලක් ගිහින් දුන්නොත්, නැත්නම් කාඩ් එකක් ලියා දුන්නොත් අහක ඉන්න අපට ඇති රුදාව මොකක්ද? ඔවුන් තුන්සිය හැටපස් දවසම ආදරය කරනවා වෙන්න පුළුවන්. නමුත් එයින් එක දිනක් සුවිශේෂී ව සැමරීම නරක දෙයක් කියා මා නම් සිතන්නේ නැහැ.

මොකද කියනවා නම් අප තුන්සිය හැටපස් දවසම ආදරය කරනවා, ප්‍රීතියෙන් ගත කරනවා, කරුණා කරනවා, අනුන්ට උදවු කරනවා යනාදී වශයෙන් කියුවට මේ දේවල් කොතරම් දුරට අප කරනවද? සමහර විට තුන්සිය හැටපස් දවසෙන් දිනක් හෝ ප්‍රීතියෙන් ගත කර නැහැ. අඩු ගානේ දිනයක් හෝ වෙන් කරලා තිබුනහම මෙවැනි දේවල් ගැන සිතන්නට හෝ හැකියාව ලැබෙනවා. එයින් කියවෙන්නේ එක දිනක් ප්‍රීතියෙන් ඉන්න කියන එක නොවේ. එය එයිට එහාට ගෙන යන්න අවශ්‍යයි. එනම් කොහොමද ප්‍රීතිමත් බව පවා සස්ටේනබල් කර ගන්නේ කියන එක සිතන්න තමා අප පෙළඹෙන්න ඕනේ.

අපේ උපන් දිනය පවා ජීවිතය දෙස නැවත හරි බලන්න පුළුවන් දිනයක් කියා සලකන්න පුළුවන්.

සමාජයේ වෙනස් කම් කිරීම තනි මිනිහෙකුට දුෂ්කර කාරියක්. සමාජයේ ඉන්න දෙදෙනෙකු කොම්පැටිබල් වන්නේ කලාතුරකින්. එහෙම දෙදෙනෙකු මුළු දිවියම එක වහලක් යට ගත කරනවා කියන්නේ, අපාය මිහිපිට තනා ගැනීම වගේ වැඩක් කියා කියන්න පුළුවන්. නමුත් මෙවැනි බැඳීම් වලින් මිදෙන එක නම් කියන තරම් ලෙහෙසි නැහැ.

මා උදේ කියවපු ප්‍රවුර්තියක් මේක. ඔන්න චීන තරුණයෙක් තමන්ගේ දීර්ග කාලීන පෙම්වතියගෙන් සමු ගන්නේ තව දුරටත් ඇය සමග ජිවිතයක් ඉදිරියට ගෙන යන්න බැරි නිසා වෙන්න ඇති. දැන් ඔහුට අලුත් පෙම්වතියක් ඉන්නවා.

අර පරණ ගෑල්ළමයා අනේ අපි ආයෙත් යාලු වෙමුයි කියා, තරුණයට දිගින් දිගටම කරදර කරනවා.

දැන් මිනිහට මේක හරි කරච්චලයක්. දවසක් මිනිහා යෝජනා කරනවා, අපි තුන් දෙනා එක තැනක හමු වී මේක සදහටම ඉවරයක් කර ගමු කියා.

ඔවුන් හමු වීමට යොදා ගන්නේ නගරයේ උද්‍යානයක්. උද්‍යානය අහලින් ගඟක් ගලා යනවා. ඔන්න තුන් දෙනා හමු වුණා කියමුකෝ. මිනිහා දැන් පැත්තක. ගෑල්ළමුන් දෙන්න එකිනෙකාව අස්වසන්න පටන් ගන්නවා. යකෝ, මේ මොකක්ද වෙන්නේ කියා අරූට හිතෙන්න ඇති.

කොහොමහරි තුන් දෙනා ගඟ ගාවින් ඇවිදගෙන යන විට පරණ පෙම්වතිය “ඔන්න උඹට අපි දෙන්නගෙන් මාව ඕනේ නම්, බේරා ගනින් කියා ගඟට පනිනවා”. අලුත් කෙනාට මේක බලා ඉඳල දෙවෙනි වෙන්න බැහැනේ. හරි “ඔයාට ඇත්තටම කවුද ඕනේ” කියා ඇයත් ගඟට පනිනවා.

තරුණයාට ඇත්තටම අභියෝගයක්. කවුද දැන් බේරා ගන්නේ?

මේකේ හොඳම කොටස පත්තර කාරය මේක ඉවර කර තිබුන විදිහ. එකතරා අතෙකින් ඛේදවාචකයක් කියන්න පුළුවන් මේ කතාව අපේ මුවගට සිනහවක් නං වන්න එම අවසානය හේතු වෙනවා.

මාතෘකාවට මා දමා තිබෙන්නේ එම අවසානයයි. අර තරුණයාගේ අලුත් පෙම්වතියගේ නම තමා රෝන්ග් (Rong). සමහර විට පොලිටිකලි ඉන්කරෙක්ට් කියා සලකන මෙවැනි විහිළුවක් වත් නැත්නම් ජීවිතය නීරස වෙනවා. එය විහිළුවක්ම නොවේ. අපට සිතන්න පුළුවන් දෙයකුත් එතන තියනවා. මුළු ජීවිතය පුරාම හරි හෝ වැරැද්ද තෝරා ගැනීමට අපට බොහෝ වෙලාවට අවස්ථාව ලැබෙනවා.

පසු වදන
රෂ් අවර් කියන ඇමෙරිකානු සිනමා ත්‍රිත්වය මා ආසාවෙන් නරඹපු එකක්. බිරිඳ නම් බනිනවා ළමයින් එක්ක කුණු ජරාව බලනවා කියා. එයින් පළමු එක විශේෂයෙන් රසවිඳින්න පුළුවන්. කුණු රසය තමා. දෙපිට කැපෙන විහිළු තමා. පුතාලත් එක්ක කියා මා සිනා වෙන කොටසක් තමා පහතින් තියෙන්නේ. අර කතාව කියවූ පසු මට මතක් වුනේ මේ කොටස.

අදාළ පුවත

http://www.news.com.au/world/asia/mans-girlfriend-and-ex-partner-jump-into-river-to-see-who-hell-rescue/story-fnh81fz8-1227269168173?sv=666912b54f1064a6219caf0aaf769b33

Advertisements

6 Comments

Filed under News, Opinion

6 responses to “I had to make a choice between right and wrong; ….and I chose Rong!

  1. ඇයි ඔය වගේම මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ ගැනත් සමහරු නිකං මැසිවිලි නගන්නේ අපි තුන්සිය හැටපස් දවසේම දෙමව්පියන්ට ආදරෙයි කියලා.

    • ඒකතමයි අපරාදෙ නිදහස් දින සමරන්නෙත් හැමදාම නිදහස් අය. බර්ත් ඩේ වුනත් මොනවටද ඉපදිලානෙ ඉන්නෙ.

      • මෙහෙම තුන්සිය හැටපස් දවසම ආදරේ කරන කට්ටිය, ඔය වගේ දෙයක් ගැන මහා ක්‍රෝධයෙන් අදහස් දක්වන්නේ ඇයි කියා සිතුවොත් මේක ටිකක් තේරුම් ගන්න පුලුවන්. මහා නැකතක් තියනවා කියුවොත් රසික, රෙදිත් කඩාගෙන ගිහිං වෙලාව හොයන එනවා!

        • එහෙම අයට මේ කැලැන්ඩරේ හදපු එක තමා නරකම දේ. මේවා හදාගෙන තියෙන්නේ ජීවිතය පහසු කරන්න කියන එක අමතක කර, නැකත් බල බල ජීවිතය කාලකන්නි කර ගනිමින්, සංකේතාත්මකව දිනයක් වෙන් කෙරුවහම උඩ පනිනවා. ඔවුනට ගැලපෙන්නේ, අර දවස් ගැන මෙලෝ හසරක් නැතිව කල් ගෙවූ ප්‍රාග්-ඓතිහාසික යුගය තමා ප්‍රා!

  2. රශ් අවර් නම් 1 විතරයි බලන්න උනේ.. හෙඩිම තමයි මගේ හිත ගත්තේ.. වෙලාවට Rong කියන්නේ wrong ගෙ නම නොවුනේ.. මොකද දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අපි ගොඩක් දෙනෙක් ඔය වෙලාවට තෝර ගන්නේ wrong ව නේ.. 🙂

    • එක බැලුවා නම් ඇති. අනික්වා දෙක එතරම් වැඩක් නැහැ කල්‍යාණ!
      ඔන්න ඕක තමයි මටත් ටිකක් දුරට ගෙන යන්න ඕනේ වුන කතාව. අපේ තියන මානුෂික බැඳීම් නිසාත්, සමහර රටවල නීතියේ තියන දරදඬු යල්පැන ගිය ගති නිසාත්, මෙවැනි බැඳීම් වලින් ලෙහෙන එක පහසු කරුණක් නොවේ.

      සුචරිත ලියා තිබුනා දිකසාදය කියන දෙයත්, කසාදය තරම්ම පහසු දෙයක් වෙන්න ඕනේ කියා. මාත් එකඟයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s