තවත් ගමනක අවසානයක්? Socialismo o muerte!


මේ කියුබන් “ජනගීතය” ගැන කතා ගණනාවක් තියනවා. ඒවා ගොඩක් කියෙවුවොත් පිස්සු වැටෙනවා. නමුත් මා ප්‍රිය කරන ගීතයක්. මුලින් තේරුම නොදැන ඇසුවත්, පසුව තේරුම සොයා යන්නට හේතු වුනේ කියුබාවට සම්බන්ධ නිසා පමණක් නොවේ, ගීතයේ තියන ආකර්ෂනාත්මක බවත් නිසා.

Spanish Lyrics to Guantanamera
Yo soy un hombre sincero
De donde crece la palma
Y antes de morirme quiero
Echar mis versos del alma
Guantanamera, guajira Guantanamera

Mi verso es de un verde claro
Y de un carmín encendido
Mi verso es un ciervo herido
Que busca en el monte amparo
Guantanamera, guajira Guantanamera

Cultivo una rosa blanca
En julio como en enero
Para el amigo sincero
Que me da su mano franca
Guantanamera, guajira Guantanamera

Con los pobres de la tierra
Quiero yo mi suerte echar
El arroyo de la sierra
Me complace más que el mar
Guantanamera, guajira Guantanamera

මගේ කලින් සටහනේ දෙවෙනි කොටස ලියන්න පසුවට කල් තබනවා. රසිකගේ ප්‍රතිචාරය නිසා මැදට මේ සටහන ඔබන්න හිතුනා.

කියුබාව කියන්නේ, සිංගප්පූරුව වගේම මෑත ඉතිහාසයේ මිනිස් සමාජයක් සමග කරමින් පවතින පර්යේෂණයක් කියන්න පුළුවන්. මේ රටවල් දෙකම සාපේක්ෂව ඉතා කුඩා ජනගහණයන් සහිත ඒවා. එයින් සිංගප්පූරුවේ මුළු ජනගහනය මිලියන 5.47 (රටේ ජිවත් වන්නන් 3.87 + රැකියා වල නියුක්ත විදේශිකයන් 1.6) (ජූනි 2014) ක් වන විට, කියුබාවේ අද ජනගහනය මිලියන එකොළහකට වඩා ටිකක් වැඩියි.

රටවල් දෙකටම පොදු ප්‍රශ්නයක් තමා ජනගහණ වර්ධනයේ නිරපේක්ෂ අඩු වීම (http://www.straitstimes.com/news/singapore/more-singapore-stories/story/singapore-population-now-547-million-slowest-growth-10-y සහ http://countrymeters.info/en/Cuba සැයු: මේ මුලාශ්‍ර ඔබගේ පහසුවට දමනවා වුවත්, මා ලියන්නේ නිකම් මතකය. නැත්නම් මේවා ලියන්න අමාරුයි).

මේ සමාජ දෙකම “සක්සෙස් ස්ටෝරි” දෙකක් කියා නම් කරන්න පුළුවන් (මා මූලධර්මවාද වලින් ඔබ්බට යනවා). සිංගප්පූරුව ගැන ලී ගේ මරණයත් සමග බොහෝ දේ ලියවුණා. කියුබාව ගැනත් අද බොහෝ දේ අලුතින් ලියවෙනවා. ඒ මොකද?

අඩ සියවසකට වැඩි කාලයක් පනවා තිබුන ඇමෙරිකානු ආර්ථික සම්බාධක ඉවත් කිරීමට හා නැවත තානාපති සම්බන්ධතා ඇතිකර ගැනීමට දෙරටම සාකච්ඡා කරමින් පවතිනවා. එහි මුල් අදියර දැන් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ මෙතෙක් සම්බාධක මගින් ඇමෙරිකාවට කර ගන්නට නොහැකි වූ දේ, සඳහා නව ක්‍රියා මාර්ග ගන්නා බවද, නැත්නම් ආර්ථික අතින් අමාරු අඩියක ඉන්නා කියුබාව වැනි කුඩා රටකට වෙනත් විකල්ප නොමැති වගද කියන්නට අප ටිකක් ඉවසමු.

වසර 1962 දී ජනාධිපති කෙනඩි විසින් සම්බාධක පනතට අත්සන් කරන්නට පෙර, ඔහුගේ සහායකයෙකුට මෙහෙම කියා තිබෙනවා. උඹට අත් දෙකට ගන්න පුළුවන් තරම් ප්‍රමාණයක් කියුබන් සුරුට්ටු මිලදී ගනිං” කියා. ලෝකයේ “ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත” කිරීමේදී ඇමෙරිකාව තරම් දෙපිට කාට්ටු ලෙස ක්‍රියා කරන හා කරපු රටක් ලෝකයේ තවත් නැහැ. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරපු සමාජ දෙකකට (කියුබානු හා සිංගප්පූරු), එකිනෙකට වෙනස් වූ ආකාරයෙන් සැලකීමත් මේ දෙපිටකාට්ටු බවේ සංකේතයක්.

උඹේ අරක්කු උඹම තියා ගනින් කියා පැත්තකට වී ඉන්නට හැකි නම් තමා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඇමෙරිකාව නැතුව පැවත්මකුත් නැති වීමයි. ඉරානය න්‍යෂ්ටික තාක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීමට මේ දිනවල කරන සාකච්ඡා වලිනුත්, රාවුල් කැස්ත්‍රෝ ඇමෙරිකාව සමග ගිවිසුම් අත්සන් කිරීමෙනුත් අපට පෙනෙන්නේ එයයි. එම බලපෑම සමනය කිරීමට සමත් රටක් ලෝකයේ බිහි වී නැහැ.

(කියුබාවේ අද පරිසරය මේ වීඩියෝවේ තියනවා. හවානා වල ගරාවැටෙමින් පවතින ගොඩ නැගිලි. පනස් ගණන් වල හදපු ඇමෙරිකානු වාහන ආදිය අපට දැක ගන්නට පුළුවන්. මා හට අද රටවල් දැක ගන්න කියා මහා ආසාවක් නැහැ. මේ මහා සෙනග ගොඩවල් අතර තෙරපීම ආසාවක් දනවන දෙයක් නොවේ. නමුත් මුදල් එකතු කළොත්, කියුබාව මා දැක ගන්නට කැමති රටක්).

Guantanamera in English
I am a truthful man
From where the palm tree grows
And before dying I want
To let out the verses of my soul

My verse is light green
And it is flaming red
My verse is a wounded stag
Who seeks refuge on the mountain

I grow a white rose
In July just as in January
For the honest friend
Who gives me his open hand

With the poor people of the earth
I want to cast my lot
The brook of the mountains
Gives me more pleasure than the sea

දැන් අර සාර්ථක පර්යේෂණ කතාවට ගියොත්, කියුබාව ලබා ඇති සමහර මානව සංවර්ධන දර්ශක වල අගයන් ඇත්තටම ආකර්ශනාත්මකයි. ජනගහණයේ අකුරු හැකියාව 99.8% යි. ඔවුනගේ සෞඛ්‍ය සේවය ලෝකයේ ඉහලම එකක්. අප්‍රිකාවේ ඇබෝලා වසංගතය පටන් ගත් වෙලාවේ එහි ගිය මුල්ම වෛද්‍ය කණ්ඩායම් ආවේ කියුබාවෙන්. කියුබානු ළදරු මරණ අනුපාතය, ඇමෙරිකාවට වඩා පහළයි.

ඒ විතරක් නොවේ මත්ද්‍රව්‍ය හා අපරාධ කියන ඒවා අවට අන් ලතින් ඇමෙරිකානු රටවල් හා සසඳන විට බින්දුවයි කියන්න පුළුවන්. කියුබානු පොලිසිය ආයුධ දරාගෙන ඉන්නා ආඩම්බරකාමී කොටසක් නොවේ කියවෙනවා. බටහිර අර්ධ ගෝලයේ කියුබාවට අඩුවෙන් මිනීමැරුම් (ජනගහනයට සාපේක්ෂව) වාර්තා වෙන්නේ කැනඩාවෙන් හා චිලි රටෙන් පමණයි.

මේ සටහන ලිවීමට කරුණු ගත්තු එක ප්‍රභවයක් වුනේ මේ සතියේ ටයිම් සඟරාවේ කාර්ල් වික් විසින් ලියු ලිපියක්. ඒ ඔහුගේ මෑත කියුබානු සංචාරයකින් පසුවයි. එයට කලින් ඔහු ඇමෙරිකානු සම්බාධක වල තියන හිලකින් වසර 1997 දී කියුබාවට ගිහින් තියනවා. අද අලුත් ලිහිල් කිරීම් මගින්, ඇමෙරිකානු සංචාරකයන්ට කියුබාවට යාමට තවමත් තහනම් වුවත්, දැන් “සංස්කෘතික සංචාර” සඳහා ඔවුනට වොෂිංටනයේ අවසර ඕනේ නැහැ.

දැන් කාර්ල් කතාවට ගියොත් ඔහු 1997 දී ගියහම තිබුන ඇමෙරිකානු ඩොලර් බාර ගන්නා හෝටල් අතලොස්ස අතුරින් එකක ඔවුනට කෑම සපයපු එක වේටර් කෙනෙක් හර්ද ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහුගේ නියම රැකියාව නිම කිරීමෙන් පසුව “ඇත්ත සල්ලි” සෙවීමට තමා ඔහු වේටර් රැකියාව කරමින් ඉඳ ඇත්තේ.

ඇමෙරිකානුවන්ගේ අතිශයෝක්ති කියා මේවා බැහැර කරන්නට ඔබට ඕනේ නම් පුළුවන්. නමුත් මේ දිනවල හවානා වලට බටහිරින් තියන මරියෙල් නම් වරාය නගරයේ, බ්‍රසීල සල්ලි වලින් ඉදි වෙමින් පවත්නා “නිදහස් වරාය කලාපයේ” පාලනය පැවරෙනු ඇත්තේ සිංගප්පුරුවටයි. මෙහි විදේශ ආයෝජන සඳහා කියුබාව පුරා තියන නීති බල නොපානු ඇති.

මෙතැනදී මට මතක් වන්නේ ලංකාව මෑතකදී සීනි ඇමති කෙනෙක් පත් කරපු අවුරුද්දට දෙවසරකට වගේ කලින්, කියුබාව ඔවුනගේ සීනි අමාත්‍යංශය අහෝසි කර, ප්‍රධාන සීනි කම්හල් ටිකේ පරිපාලනය, බ්‍රසීල සමාගමකට පැවරූ හැටි.

අර ඉදිවීම මගින් හා සීනි ඇමතිව ගෙදර යැවීම හා තවත් මෑත කාලින ප්‍රවණතා මගින් පෙන්නුම් කරන්නේ “සමාජවාදය නැත්නම් මරණය” කියන කියුබානු පර්යේෂණයේ මළගම ද?

එසේ කීමට තවම කල් මදි වුවත් එකක් පැහැදිලියි, එනම් අන්ත දෙකක පර්යේෂණ දෙකක් වන කියුබාව හා සිංගප්පුරුව අද අපට කියන්නේ, ඒ ක්‍රමයන් දෙකටම මේ ආකාරයට ඉදිරියට යන්න නොහැකි වගයි. මේ දෙකම ‘යුනීක්’ නැත්නම් අසමසම පර්යේෂණ දෙකක්. මා එසේ කියන්නේ මේවා, වෙන තැනක අත්හදා බැලීමට නොහැක්කේ, එම පර්යේෂණ තත්ත්ව අපට නැවත ප්‍රති නිර්මාණය කරන්න නොහැකි නිසා. ප්‍රධාන වශයෙන්ම ලී කුආන් යු කෙනෙකු හෝ පිදෙල් කැස්ත්‍රෝ කෙනෙකු බිහි කිරීමට නොහැකියි. ඒ වගේම ඒ සමාජ පමණක් නොවේ ලෝක වටපිටාව ද නැවත ප්‍රති නිර්මාණය කිරීමට නොහැකියි.

හැබැයි ලීට කරන්නට හැකි වූ දෙයක්, කැස්ත්‍රෝට පමණක් නොවේ ලෝකයේ අනෙක් ඒකාධිපතියන්ටත් කිරීමට නොහැකි වුනා. සිංගප්පුරු පර්යේෂණය (මෙතෙක් කල් හෝ) ‘සාර්ථක’ අන්න ඒ නිසා. එනම්, ඒකාධිපතිත්වය හා කෞශල්‍යතන්ත්‍රවාදය (මේක වචනය මා පැරකුම් ගෙන් ගත්තු එකක්) අතර සහජීවනයක් පවත්වාගෙන යාම. එය ඒකාධිපති පාලන තන්ත්‍ර වල හරිම දුර්ලබ දෙයක්. විශේෂයෙන්ම පවුල් සමාගම් වල ඒකාධිපති පාලනයන්ට නොමැතිම දෙයත් එයමයි. මෙයත් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට අපහසු “පර්යේෂණ” විචල්‍යයක්.

දැනට වයස 83 ක් වන රාවුල් කැස්ත්‍රෝ වසර 2018 දී බලය අත්හරින වග කියවෙනවා. ඔහු ජනාධිපතිකමේ වැඩ බලන්න ගත්තේ වසර 2006 ඉඳලා. ඉන්පසු නිල වශයෙන් ජනාධිපති පදවියට 2011 දී පත් වූවා. ඔහුගෙන් පසුව පෝලිමේ ඉන්නේ මිගෙල් ඩිආස් කැනෙල් ගේ අද වයස අවුරුදු 54 යි. අන්තර්ජාලය පිලිබඳ උනන්දුවක් දක්වනවා යයි කියන මිගෙල් ය‍ටතේ ඇනොනිමස් කොමෙන්ටු වලට කියුබානුවන්ට ඉඩ ලැබේද කියන එක අපට අනාගතයේ දැක ගන්නට ලැබෙනු ඇත.

http://en.wikipedia.org/wiki/Miguel_D%C3%ADaz-Canel

http://www.quora.com/What-is-the-meaning-of-the-song-Guantanamera

http://en.wikipedia.org/wiki/Guantanamera

http://folkmusic.about.com/od/folksongs/qt/Guantanamera.htm

http://kyleleinweber23.blogspot.com.au/2012/06/guantanamera-song-analysis.html

http://lyricstranslate.com/en/gauntanamera-guantanamera.html-0

http://www.songfacts.com/detail.php?id=4154

http://time.com/3759629/cuba-us-policy/

Advertisements

5 Comments

Filed under Opinion, Politics, Research & Development

5 responses to “තවත් ගමනක අවසානයක්? Socialismo o muerte!

  1. Pingback: Socialismo o muerte! තවත් ගමනක අවසානයක්? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේක අදාලද දන්නෙ නෑ. රයිගම් හිතන්නෙ නැද්ද කැස්ත්‍රෝට ඔයතරම්කල් බලයේ සිටීමට ඇමරිකාවේ දැඩි කියුබන් විරෝධී ප්‍රතිපත්තිත් උදව්වුනා කියල? මුගාබේ තාම බ්‍රිතාන්ය අදිරාජ්‍යවාදය පතුරු ගහමින් බලයේ එල්ලිලා ඉන්නවවගේ.
    හැම ආඥාදායකයාටම තම ජනතාවට පෙන්න්නන්න විදේශීය සතුරෙක් ඕනැනෙ.

    • එය අතෙකින් ඇත්ත. හැබැයි කරුණු දෙකක් අමතක කරන්න එපා. එකක් සිංගප්පූරුවේ නැගීමට ඇමෙරිකානු සමාගම් තමා වැඩියෙන් දායකත්වය දුන්නේ. මෙතන දේශපාලනයක් තියනවානේ. අනික ඇමෙරිකාව ලෝකයේ අනික් රටවල රෙජීම් චේන්ජ් වලට මැදිහත් වූ හැටියට, ඔවුනගේ කැමැත්තට එදිරිව, එහි එළිපත්තේ ඒකාධිපති වසර පනහකටත් වැඩිය බලයේ ඉන්න එකත් අපට යම් දෙයක් කියනවා.

      මේ කියන ඊනියා නිදහස් වෙළඳ පොළ ක්‍රියාත්මක වූවා නම්, කියුබාවේ වෛද්‍ය පර්යේෂණ වලින් ඔවුනට සැබෑ ඵල නෙලා ගන්නත් ඉඩ තිබුනා කියලත් අපට තර්ක කරන්නට පුළුවන් ප්‍රා! මේක හරිම පැටලිලි කතාවක්.

      මෙතෙක් කල් ගෙන ආ සම්බාධක වලින් “වැඩක් නොමැති” නිසා තමා මේ අලුත් ප්‍රවේශයක් අනුගමනය කරන්නේ. අඩසිය වසක සම්බාධක වලට බැරි වූ දේ සමහරවිට මැක්ඩොනල්ඩ්-කේඑෆ්සිලට කරන්නට හැකි වේවි!

      මුගාබේ හා අනික් බෙබේ අයියලාගේ නොමැති සිංගප්පූරුව හා කියුබාව කියන රටවල් දෙකටම පොදු ලක්ෂණයක් තමා, මොවුන් අර කියන “යහපත් ඒකාධිපති” පාලන වීම. මොවුන් පොදු දේපොළ යටි මඩි ගැහීම, ‘ත්‍රස්තවාදය’ ව්‍යාප්ත කරපු පාලන ක්‍රමයන් නොවේ. දැන් ත්‍රස්තවාදය නොයෙක් අයුරින් අපට විස්තර කරන්න පුළුවන්. ඇමෙරිකාව ත්‍රස්තවාදය තමන්ට අභිමත අයුරින් පාවිච්චි කරපු හා කරන රටක්.

      එකාධිපති ක්‍රම වලින් යහපත් සමාජයක් ගොඩ නැගීම මා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ප්‍රා, මේ පර්යේෂණ දෙකම මගින් අනෙක් රටවලට ඉගෙන ගන්න දෙයක් ඇත්තෙම නැත්තේ නැහැ!
      Lee once said that “The ultimate test of the value of a political system is whether it helps…improve the standard of living for the majority of its people”. This is a big conundrum Pra. Do we have to curtail freedom to achieve economic prosperity? Do we have to ignore social justice to create great wealth? ලංකාව වැනි රටක ආර්ථික සෞභාග්‍යය හා නීති ගරුක බව ඇති කරන්නට අනුගමනය කළ යුත්තේ මොන වගේ පාලන ක්‍රමයක්ද? පුද්ගල සංවර්ධන දර්ශක වලින් අපත් ඉහලම තත්ත්ව අත්කර ගත්තු දියුණු වෙමින් පවතින රටක්. කියුබාව වැනි ආර්ථික සම්බාධක නොමැති තත්ත්ව යටතේ පවා, එය සමුර්ධිමත් සමාජයක් බවට පරිවර්තනය නොවීමේ හේතුව කුමක්ද? මේවා ඒකීය පුද්ගලයාගෙන් එහාට යන සංවාද නේද?

      • ලංකාවේ පංචායුධයටත් එහේ තැනක් එයි කියුබාවට ගියොත්,

        • හිතන්න අමාරුයි රසික. මා වන්දනා මාන නොකරනවා වුවත්, පිදෙල් කියන්නේ පංචායුද වගේ නොගැඹුරු මිනිසෙක් නොවේ. පංචායුද විතරක් නොවේ, අගල් කපන විට “ගැඩවිලුන්” මරපු හා ළිඳෙන් ගොඩ එන්න “මාළු පැටවූ” මරපු වින්-ටින් ලාත් ඒ වගේම තුනී කට්ටිය. මොවුනට ලෝකේ කොතැනකවත් තැනක් ලබා ගන්න අමාරු වෙයි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s