නිර්මල සමාජයක්?


මේ සතියේ අහන්න ලැබුන එක ප්‍රවුර්තියක් තමා කැන්බරා (රජයේ) ප්‍රාථමික පාසලක ඕටිස්ම් කියන සාමාන්‍ය අන්දමින් දරුවෙකු වැඩීමේ ක්‍රියාවලියට යම් බාධා පමුණවන තත්වය ඇති වයස අවුරුදු දහයක පාසල් දරුවෙක්, එයාගේ පන්ති කාමරයේ කුඩුවක දමා තිබුන පුවත.

පෙඩරල් ආංඩුව පවා කළඹපු මේ සිද්දියට අදාළ විදුහලේ විදුහල්පතිවරයා/වරියගේ සේවය මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඒ ගැන ප්‍රාන්ත හා පෙඩරල් පරීක්ෂණ පැවැත් වේවි. එමගින් ඕටිස්ම් ස්පෙක්ට්‍රම් කියන තරමක පරාසයක පැතිරී තිබෙන සාමාන්‍ය වර්ධනයට බාදා පමුණවන ස්නායු ආබාද ස්වභාවය, ප්‍රවේනික හා පරිසර තත්ත්ව අනුව පැන නගින බව පැවසෙනවා. මේ ගැන ගොඩ වෙද උපදෙස් ගන්නවට වඩා අදාළ ක්ෂේත්‍ර වල දැනුම තියන කෙනෙකුන් උපදෙසක් ගැනීම හොඳයි. මෙන්න ඒ ගැන හොඳ වෙබ් අඩවියක් (http://www.autismspectrum.org.au/content/what-autism).

ඉස්සර මෙවැනි දරුවන් පමණක් නොවේ ඩවුන් සින්ද්රොම් වැනි තත්ත්ව වලින් පෙළෙන දරුවනුත් පාසලේදී “නරක” “මෝඩ” හා “වැඩකට නැති” පිරිස් ලෙස ගුරුවරුනුත්, එයාලගේ පන්ති වල අනික් අයත් එකසේ සලකනු ලැබුවා. එයිට අමතරව දෙමාපියනට, තමන්ගේ දරුවන්ට “මොකද වෙලා තියෙන්නේ” කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තිබෙන්නත් නැතුව ඇති. මෑත කාලයේ බොහෝ සමාජ වල මේ තත්වය වෙනස් වුණා. නමුත් කිසිම සමාජයක් පරිපූර්ණ තත්වයක් අත්කරගෙන නොමැති බැවින්, අදත් මේ දරුවනට කෙරෙන අකටයුතුකම් නතර වී නැහැ.

මේ සතියේ තව පුවතක් තමා, ටවුන්ස්විල් කියන නගරයේ හෙදියක් වන සෙවිල්ලගේ (අයගේ මුල් රට පිලිපීනයයි) වයස අවුරුදු දහයක් වන දරුවාගේ ඕටිස්ම් තත්වය නිසා, අගේ කුසලතා වීසා අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීම. මොකද කියනවා නම් ” the child did not meet the health requirement”. එම කතාවත් කියවන්න කැමති නම් මේ සටහන අවසානයේ ඇති. මෙවැනිම පුවතක් මෙයට වසර කිහිපයකට කලින් වික්ටෝරියාවේ ප්‍රාදේශීය නගරයකිනුත් වාර්තා වුනා. එහිදී දෙමාපියන් වෛද්‍යවරුන්. ඔවුන් යුරෝපීයයන්.

පසුගිය දා මියගිය සිංගප්පූරුවේ පියා ලී ගැන ලියවුන එක කරුණක් තමා, ඔහු ඉතා කුඩා දේවල් ගැනත් අවධානයක් යොමු කරපු වග. එවැනි එක “කුඩා දෙයක්” තමා ලී විසින් උගත් යයි සම්මත ප්‍රභූ පැලැන්තිය අතර අන්තර්-විවාහ උනන්දු කරපු එක. මෙයින් ඔහු බලාපොරොත්තු වී තියෙන්නේ රටේ ජාන කිටුව “සංවර්ධනය” කිරීම.

සමහර කුඩා (සාපේක්ෂව) සමාජ වලින් එකතරා ජාන කොටසක් දිගින් දිගටම ඉවත් වීම හෝ කිරීම මගින් අනර්ථයක් කෙරෙන වග විශ්වාස කරන්නට පුළුවන් වුවත්, කෘතිමව නිර්මල සමාජයක් නිර්මාණය කිරීමේ කටයුත්ත එක පුද්ගලයෙකු හෝ කුඩා කණ්ඩායමකට (ඔවුන් විසින්ම) පවරා ගැනීමත් එකතරා විකුර්තියක්.

http://www.canberratimes.com.au/act-news/shock-and-sadness-at-cage-for-canberra-school-boy-with-autism-ricky-stuart-20150403-1mdzxl.html

http://www.news.com.au/lifestyle/health/tyrone-sevillas-autism-disorder-means-he-and-his-mum-will-be-deported/story-fneuzlbd-1227290348451

http://www.ntnews.com.au/news/northern-territory/darwin-mother-was-outraged-after-her-son-was-turned-away-from-a-qantas-flight-due-to-his-autism/story-fnk0b1zt-1227290368974

Advertisements

7 Comments

Filed under News, Opinion, Social

7 responses to “නිර්මල සමාජයක්?

  1. Pingback: නිර්මල සමාජයක්? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේ වගේ විශේෂ දරුවන් ගැන කියවන්න ලියන්න මාත් හරිම කැමතියි .

    ස්තුති ලිපියට

    • ඔබ දිගටම කියවනවාට ස්තුතියි! වෙලාව තියන වෙලාවේ උත්තරයක් ලියන්නම්.

      මා ඉගෙන ගත්ත ප්‍රාථමික පන්ති වල සිටියා උපතේ සිදුවුන යම් දෙයක් නිසා ඇස් නොපෙනෙන ළමයෙක්. මෙයා අපේ පංති වලමයි ඉගෙන ගත්තේ. එයාට බ්‍රේල් ක්‍රමයට උගන්වන්න විශේෂ පුහුණුවක් ලබපු ගුරුවරයෙක් සතියකට දින දෙක තුනක් එනවා වගේ මතකයි. ඔහු මුළු දිස්ත්‍රික්කයේම මෙවැනි අවශ්‍යතා සහිත ළමුනට සේවය සැපයුවා කියා මා සිතනවා. මේ ළමයා ඉගෙනිමට හරි දක්ෂයි. ඒ කාලේ මගේ ඉගෙනුම ගැන මා කලින් ලියා ඇති ඔමා.

      මා කියන්න හැදුවේ, අධ්‍යාපන සේවා සැපයීම යන ක්ෂේත්‍රයේ ලංකාව කොතරම් ඉදිරියෙන් සිටපු රටක්ද කියන එක. දුප්පත් රටක් යයි කියන අපට විශේෂ අවශ්‍යතා තියන දරුවනට වෙනම පාසල් තිබුනා. ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ 12ස් හෝ 14ර වන විශාලම ආර්ථිකය ලෝකයෙන්ම. මේ ඕටිස්ම් දරුවාගේ කතාවෙන් පැන නැගුන එක දෙයක් තමා මෙහෙ රජයේ පාසල් වලට තියන සම්පත් (විශේෂ අවශ්‍යතා සහිත දරුවනට උපකාර කළ හැකි ගුරුවරුන්ගේ) වල හිඟ කම. මෙහෙ විශේෂ පාසල් තියනවා තමා.

      අපේ අධ්‍යාපනයේ තිබුන වැදගත්කම සිසුනට පමණක් නොවේ, පොදුවේ මුළු සමාජයම හරියට තක්සේරු කෙරුවා යයි මා සිතන්නේ නැහැ. විශේෂයෙන් මේ වාමාංශික යයි කියා ගන්නා සමහර ජාතිවාදී පක්ෂ සමාජය තුල පැතිරවපු සමහර මතවාද හරිම අනර්තකාරියි. මේවා මා වැනි විදේශිකයන් කීම එතරම් ඵලදායි නැහැ.

      • මේ රටේ නම් විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් ඉපදෙන එක පවුලේ අයට කිසිම බරක් හෝ අමතර වැඩි වගකීමක් විදියට දැනෙන්න රජය ඉඩ තියන්නේ නැහැ,,, ඒ අය වෙනුවෙන් විශේෂ ආයතන තියෙනවා. පුංචි කාලේ ඉදලා වයසට යනකල්ම ඒ ඒ අවශ්‍යතාව අනුව… ගෙදර ඉදන් උදේ හවස යවන්න ඕනේ නම් ගෙදරට වාහනේ එනවා,, කිසිම අය කිරීමක් නැහැ රජයෙන් කරන්නේ,, රටේ ඕනෙම අස්සක ඉන්න දරුවෙක් ගෙනියන්න ගෙදරට වාහනේ එනවා,,

        මං ඉන්න මිනුවන්ගොඩ අවට ප්‍රදේශයේ සමහර ඉස්කෝල වල විශේෂ පන්තියක් තියෙනවා(අන්ධ ගොළු බිහිරි නොවන .. මං හිතන්නේ මේ ඛාන්ඩයට අයත් ළමයින්ට හොඳම මහවැව තියෙන සිවිරාජ පාසල) හැම වයසකම විශේෂ දරුවෝ එකට කිසිම විදිමත් කමක් නෑ,, මං පවුද්ගලිකවම දන්නවා ඉස්කෝල තුනක්.,,
        ඔයා කියවල නැතුව ඇති මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙනවා මං ආසාවෙන්ම ලියපු ලිපිය කියලා ඒක ඒ වගේ දරුවෙක් ගැන දැන් එයාට වයස 10ක්..

        • මා සමහරවිට ප්‍රතිචාර වලට දිග උත්තර දෙන්න යන්නේ නැත්තේ, එයට සමහරුන් අකමැති නිසා.

          ඔබේ කතන්දර දෙකම කියෙව්වා. මාත් තවම ස්ටෙරියෝ ටයිපින් කරනවා ඔමා. එය කනාගාටුවට කාරණයක්. මා මේ කියන්නේ මේ දරුවන් ගැන නොවේ.

          ඕස්ට්‍රේලියාවත් විශේෂ අවශ්‍යතා සහිත දරුවනට, විශේෂ පහසුකම් සලසන රටක්. මහජන මුදල් වැඩිපුර වැය වන නිසාම තමා, ස්ථිර පදිංචි විසා ඉල්ලුම් කරන විට, මෙවැනි දරුවන් සහිත පවුල් ප්‍රතික්ෂේප කරන්නේ. මෙතන පොඩි විකුර්තියක් තියනවා ඔමා.
          මෙහෙ අධ්‍යාපනයේ පොදු බලාපොරොත්තුව, ස්වාධීනව වැඩකර ගන්න පුළුවන් පුරවැසියෙකු බිහි කිරීම. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කියා එම අරමුණෙ වෙනසක් නැහැ. ඔවුනට විශේෂ පාසල් තියනවා. නමුත් සමහර පැති වල ඒවා නොමැති නිසාත්, දෙමාපියන්ගේ තේරීම නිසාත්, මේ දරුවනුත් සාමාන්‍ය පාසල් වලටත් යනවා.

          අප දරුවනට සමහර විට මතක් කර දෙනවා, ජීවිතය “ෆොර් ග්රාන්ටඩ්” ගන්න එපා කියල. මොකද අප බොහෝ දෙනා නොදැනුවත්වම එහෙම කරනවා. ඒ කියන්නේ ජීවිතය සමග අනවශ්‍ය අයුරින් සෙල්ලම් කර තමන්ගේ සමීප අයටත්, පොදු සමාජයටත් බරක් වෙනවා. ජිවන විලාසිතා තෝරන විට සෞඛ්‍යමත් දිවියකට අවශ්‍ය දේවල් එහි ඇතුලත්ම විය යුතුයි. අර දරුවනට එසේ තේරීම් කරන්නට බැහැ. ඔවුනට උපතේ දීම තෝරා දී ඇති දේවල් නිසා.

          මා කලින් ප්‍රතිචාරයක ලියුවා වගේ, මනුෂ්‍යයා කොයි රටේ ජිවත් වුවත්, ඔවුනට පොදු යහපත් කම් හා අයහපත් කම් තියනවා. මේ තියෙන්නේ ම කලින් ලියපු මේ පළල් ස්පෙක්ට්‍රම් එකට අයත් මනුෂ්‍යන්ගේ කතන්දර දෙකක්!

          නැහැ එයා එපා, මෙයාව විතරක් ගන්නම්!
          ඔබට නිදහසේ තටු සලන්න ලැබෙන්නේ කවදාද?

          • ස්තුති මට කියවන්න ඕනේ තරම් කාලේ තීනෝ,, කමෙන්ට් එක දිග වැඩි වීම ගෞවරවයක් කොට සිතමි,,, හි හි 🙂 තැන්ක්ස් ලින්ක් වලට

  3. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් එකතු කරන්න අපට බ්ලොග් එකේ ලින්ක් එක එවන්න. පහතින් අපේ සින්ඩියට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s