හුදකලා සිතිවිලි!


මේ කතාවත් ප්‍රතිශක්තිකරණයට සම්බන්දයි. එය තවත් කතාවකට සම්බන්දයි. එනම් නූතන ශිෂ්ටාචාරයෙන් හුදකලාව වෙසෙන මිනිස් කොට්ටාශයන් පිළිබඳවයි. සම්බන්දයෙන් මා ලියූ මතුපිට සටහන් අවසානයේ ඇමුණුමේ ඇති.

ලංකාව වැනි කුඩා ජනාකීර්ණ රටක, කිසිම ජනවර්ගයකට, එකිනෙකාගෙන් හුදකලාව විසීම බැරි දෙයක්. ලංකාවට වඩා විශාල හා ගණවනාන්තර තියන රටවලත් මෙවැනි හුදකලාව වෙසෙන කණ්ඩායම් වල ජීවිතය අනතුරේ බව, පහතින් මා දමන, දැනට සති දෙක තුනකට පමණ පෙර කියවූ ප්‍රවුර්තියෙනුත් ඔබට වැටහෙනවා ඇති.

ඉංගිරිසින් ඕස්ට්‍රේලියාවට ගොඩ බසින විට මෙහි මුල් මුල් පදිංචි කරුවන්ගේ ජනගහණය ලක්ෂ තුන හතරක් බව මා කලින් කියවා තියනවා. මේ ගණන 1930 පමණ විට විසි තිස් දාහට බැස්සා. මේ පොත් මා කියවූයේ මෙල්බර්න් නුවර ආයතනයක අනර්ඝ පුස්තකාලයකින්. අද භෞතික පුස්තකාල කියන දේ, ඩිජිටල් පුස්තකාල වලින් විස්ථාපනය යනවා. නමුත් මා නම් තවමත් ඉඳ හිට හෝ ගමේ පුස්තකාලයට යනවා. දරුවන්ව නම් පොඩි කාලේ නිතරම එක්කන් ගියා. තාමත් එක්කන් යනවා.

පසුගිය දවස් වල වැඩකරන තැන ගොඩනැගිලි මාරු කරපු වෙලාවේ කුණු බක්කියට ගිය දේවල් අතර ප්‍රධාන තැනක් ගත්තේ පොතුයි. කට්ටිය විසි-තිස් අවුරුද්දක් එකතු කරපු පොත් තියාගන්න තැනකුත් නැති නිසාත්, තියාගෙන වැඩක් නැති නිසාත් විසි කරලා දැම්මා. පුස්තකාලයෙන් ගන්නට ඕනේ කමකුත් පෙන්වූයේ නැහැ.

මෙතනින් පෙන්වන දෙයක් තමා, ගොඩක් මූලධර්ම එහෙමම වුනත්, අද දැණුම කියන දේ සීග්‍රයෙන් වෙනස් වන වග. කුඩා දරුවනට ඉගැන්වීමේදී මේ තත්වය එතරම් බලාපාන්නේ නැති වුවත්, පාසලින් පසු කෙරෙන ඉගැන්වීම් වල අලුත් දැනුම නොමැති නම් ඒවායින් ප්‍රයෝජනයක් නැහැ.

මොන භාෂාවකින් ඉගෙන ගත්තත් දරුවනට පොත් කියවීම පුරුදු කිරීම අවශ්‍යම දෙයක් කියා මා නිතරම ලියන දෙයක්. හැබැයි, ඉංගිරිසි පොත් කියවීමත් පොඩි කාලේ හුරු කරන්නට පුළුවන්. එයට අවශ්‍ය මූලික පදනම දරුවාට ලබා දෙන එක කොයි අයුරින්ද කරන්නට ඕනේ කියන දේ දෙමාපියනට වුනත් තීරණය කරන්නට පුළුවන්.

ඊයේ පෙරේද පුස්තකාලේ කූරු ගාන කොට මට අපූරු පොතක් හම්බ වුනා. එය නම් වසර 1847 දී පළ කර තිබෙන Savage Life and Scenes in Australia and New Zealand කියන GF Angas ගේ චාරිකා සටහන් පොත. මේකේ පින්තූර වලට තියෙන්නේ ඔහුම ඇඳපු ස්වභාවික පරිසරය හා මිනිසුන්. ඒකේ තියන විස්තර වෙන දවසක ලියන්නට උත්සහ ගන්නම්.

අද ලියන්නේ මා කියවපු පුවත ගැන. දැන් ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල්වරුන්ගේ ජනගහනය, සුදු කොලනි ඇති කිරීමෙන් පසුව සීග්‍ර ලෙස පහත බැස්සේ මොකද? සුද්දන් හා ගැටුම් හා සුද්දන් විසින් කර ඇති සමූල ඝාතන මගින් ද පිරිසක් නැති වුනා තමා. නමුත් සුද්දන් විසින් ගෙන ආ ඔවුනට නොපුරුදු ලෙඩ රෝග මගින් තමා විශාල පිරිසක් මිය ගියේ. ඇත්තටම අර කලින් ලියපු “සොරාගත් පරපුර” සොරාගන්න එක හේතුවක් තමා ඒ කාලය වන විට ඇබෝරිජිනල්වරුන් සම්පුර්ණයෙන්ම අතුගෑවී යනු ඇතැයි, සුදු පාලනය සිතීම.

ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල් වරුන් බෝට්ටු වලින් මෙහෙට ආවේ මෙයට අවුරුදු 40 000 – 60 000 කට කලින් කාලය තුල යයි ගණන් බලා තියනවා. ඉන්පසු ඔවුන් ලෝකයේ අන් මහාද්වීප වලින් හුදකලාව පරිණාමය වුනා. ඒ නිසා ඔවුන් අනන්‍ය ජන කොට්ටාශයක්. ඔවුනගේ ජාන ගැන කෙරී තිබෙන අලුත් හා පරණ සොයා ගැනීම් හා මිනිස් පරිණාමය ගැන පොදුවේ තොරතුරු ටිකක් ලියන්න අවශ්‍ය වුවත් එයට මෙය වෙලාව නොවේ.

ලංකාවේ වැදී ජනයා ගැන මහත් බැඳීමකින් අධ්‍යයනය කරපු දොස්තර රිචර්ඩ් ලයනල් ස්පිට්ල් මිය ගියේ 1969 වසරේ. ඔහු ලියූ කෘති කියවූ කෙනෙකු තේරුම් ගන්න කරුණක් තමා ඒ වන විට වැද්දන් ලෙස හැඳින්වූ ජනකොට්ටාශය ඔවුනගේ සම්ප්‍රදායික දිවියෙන් සමුගනිමින් තිබුන වග. එය යුගයේ අවශ්‍යතා නිසා මෙන්ම (එනම් සම්ප්‍රදායික දිවිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පමණ වනාන්තර නොමැති වීම හා පසුකාලීනව මේ වනාන්තර රජයේ දේපොළ බවට පත්වීම නිසා ඔවුන්ට ඒවායේ තමන්ට රිසි පරිදි හැසිරීමට නොහැකි වීම හා අනෙක් ජනවර්ග විසින් ජනපද පිහිටුවා ගැනීම), ශිෂ්ටාචාරගත මිනිසා කරපු සංස්ථාගත අතපෙවීම් නිසාද සිදු වුනා.

“වැද්දන් ශිෂ්ටාචාර කිරීමේ ප්‍රයත්න කීපයක් ම මිට පෙර ද දරන ලද්දේය. වසර 1844 දී වැද්දෝ 163 දෙනෙක් ද වැදී කාන්තාවෝ 48 දෙනෙක් හා වැදී ළමයි 85 දෙනෙක් ද බෞතිස්ම කැරුනණහ. එහෙත් ටික දිනකට පසු ඒ සියලු දෙනා සුපුරුදු වන දිවිය සොයා ආපසු ගියෝය. එයින් වසර කීපයකට පසු රජය ම වැද්දන් පිරිසක් එක් රැස් කොට ඔවුනට නිවාස තනා දී ගස් කොලන් වවා දී කෑම ද සපයා දී වන ජීවිතය අතහැර ගොවිතැනෙහි යෙදෙන ලෙස ඔවුන් දිරි ගැන්වූ නමුත් ඒ උත්සාහය ද වතුරේ ගියේය.

වැද්දන් ශිෂ්ටත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ඉහත විස්තර කැරුණු ප්‍රයත්න මා මෙය ලියන මොහොතේ ද ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ කටයුතු සියැසින් ම දැක ගැනීමට කෙනෙකුට වුවමනා නම් මඩකලපුවේ උතුරු කොටසේ මාන්කේනියට යන ලෙස මම ඔහුට ආරාධනා කරමි. දුටු විට බියෙන් ඇළලී දිව ගොස් තම අම්මලාගේ ඇඟේ එල්ලී ගන්න වැදී පැංචනට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඉදි කැරුණු පාසලක්ද මේ ජනපද මැද දක්නට ලැබේ.

වැද්දන් වන දිවියෙන් මුදා ගැනීම පිණිස රජයත් මිෂනාරි සංවිධානත් මෙතෙක් දැරූ කිසිදු උත්සාහයක් සාර්ථක වී නැත. දැනට දැරෙන ප්‍රයත්නයටද ඒ ඉරණම ම අත් වනු ඇත. අභාවයට යන ගෝත්‍රයක ගේ අහෝසිය එයින් ඉක්මන් වනු ඇත. එහෙයින්, ඉතිරිව සිටින වැදී සනුහරේ ඇට කටු ද ඔවුන් ගේ මුතුන් මිත්තන්ගේ ඇට කටු සමග මුසු වන්නට ඉඩ ලැබෙන පරිදි වන රජ දහනෙහි ම විසීමට ඔවුන් තුළ ඇති බලවත් ආසාවට ඉඩ දී ඔවුනට තව දුරටත් හිරිහැර නොකොට අප අපේ පාඩුවේ සිටීම වඩා යෝග්‍ය නොවන්නේද? වැදී ජිවිත ඒ ආකාරයෙන් ගෙවී යද්දී ඔවුන්ට නොදැනෙන සේ වන රජ දහන තුලට අනුක්‍රමයෙන් කාන්දු වී එය වනසා දැමීමේ මෙහෙවර ඉටු කරන්නට ශිෂ්ටාචාරයට ඉඩ දීම වඩා යෝග්‍ය නො වන්නේද? වැද්දන් ආදරය කරන වනයේ හුදෙකලාවෙන් ඔවුන් බැහැර කළේය යන චෝදනාවටත් පිළිගැනීමට ඔවුන්ගේ මනස සුදානම් නැති මත වාද ඒ තුලට බලහත්කාරයෙන් රිංගවීමට වැර දැරීය යන දෝෂාරෝපණයටත් අපි ලක් නොවී සිටිමු” (ලක් බිමේ තවත් යුගයක්, ආර් එල් ස්පිට්ල්).

මා ඉහත උපුටා දැක්වීම කෙරුවේ දොස්තර ස්පිට්ල් කොතරම් ඉදිරියෙන් සිටිය මානව විද්‍යාඥයකුද යන වග පෙන්වන්න. ඉහත පොත පල කර තියෙන්නේ 1933 දී මා හිතන්නේ. අර මුලින් කියපු වැද්දන් බෞතිස්ම කර තියෙන්නේ 1844 දී. හරියටම මා මේ දිනවල කියවන ඇන්ගස් ගේ ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත චාරිකා කර ඇති වකවානු වලමයි.

මා ලියන්න ආපු ප්‍රවුර්තිය හෙට ලියන්නම්. එය පේරු රටේ මෙතෙක් මහා සමාජය සමග නොගැටුණ ජන කණ්ඩායමකගේ ඉරණම හා වර්තමාන සමාජය (අධිකාරින්) එවැනි සමාජ කෙරෙහි දක්වන ආකල්පය හා එක්සත් ජාතිගේ සංවිධානය මේ කණ්ඩායම් ගැන දරන මතයත් ඇතුලත් කුඩා ප්‍රවුර්තියක්. ස්පිට්ල් ගේ මතවාද කොතරම් නුතන ද කියන එකත්, ඇත්තටම හුදෙකලා මානව කොට්ටාශ මේ ලෝකේ ඉන්නවා නම්, ඔවුන් හා හිතු මතේ සම්බන්ධතා නො පැවැත්විය යුත්තේ ඇයිද කියන එකත් මේ ප්‍රවුර්තියෙන් ඔබට වැටහෙනවා ඇති.

මැකී ගිය දඩ මං හා නැගී ආ ගොං කං! Our savage sanctuary!

පුර්විකාවක් පමණයි! A Preface!

Advertisements

12 Comments

Filed under Books, News, Opinion

12 responses to “හුදකලා සිතිවිලි!

  1. Pingback: හුදකලා සිතිවිලි! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේක හොඳ ලිපියක් රයිගම්. මේ මිනිසුන්ව විනාශ කරපු සුදු ජතිකයන්ම ඊට පස්සසේ එන එවුන්ට පාර වාහන එක තමා වැඩේ.

    • මෙතන මචං මහා දෙපිට කාට්ටු ගතියක් තියනවා තමා. ඒ ගැන සමාජයේ කතිකාවකුත් තියනවා. නමුත් ජනප්‍රිය මතය (එනම් සරණාගත විරෝධී) අනුව දේශපාලකයන් ප්‍රතිපත්ති හදනවා.

      • Don’t you think that the politically correctness and liberalism of the westerners have changed for the better much faster than the easterners? That is why we find it strange that descendants of the violators of human rights in the near past have become protectors now. Also, they carry politically correctness to extremes at times. But, that doesn’t make the protection of human rights any less valid. In Africa and Asia the change takes place less rapidly. The aggressive protection of human rights by the west and their methods may not be always be perfect or even seem fair at times – and sometimes smacks of hypocrisy too. But, imagine, if they turn a complete blind eye, what would happen in Asia, Africa, L America?

        • hapoyi! You make my life even harder. There are stuff for 10 posts in your comment. To me, there is a subtle difference between American and Western approaches for human rights in general. I may write (hi hi) a separate post.
          BTW, studying the story of Lee Kuan Yew and Singapore gives us some glimpse of the differences you are talking about (between west & east).

          I am for “Western Intervention” without hypocrisy ( or little less hypocrisy)! 🙂

          • ඔබ කියන කරුණු වලට මා පසුව එනවා. හැබැයි වෙනත් කෝණයකින්.
            අප බලන්න ඕනේ ප්‍රා, එහෙම වෙන්නේ ඇයි කියන එක නේද? මා ඔබට ලියන්න පටන් ගන්න කියන්නේ ඒකයි. එකම දැනුම් පද්ධතියකට නිරාවරණය කළත් ඇයි මිනිස් සමාජ වෙනස් වන්නේ/වෙනස් නොවන්නේ?

  3. ඔබ අවසාන ඡේදයේ සටහන් කර ඇති ජන කොට්ඨාශය (විය හැකි යැයි මා සිතන වන ගත ගෝත්‍රයක්) ගැන කුඩා සටහනක් කලකට පෙර කියවූවා. ඔවුන් සොයා ගිය ගුවන් යානය ට හී වලින් විදින පින්තූරයකුත් තිබුණු වග මතකයි. ඉතාම කැමතියි ඒ ගැන වැඩි විස්තර දැන ගන්නට.

    • ඔව්, ඔබ ඔය කියන පින්තූරය හා කතාව මාත් දුටුවා. එය ප්‍රකාශයට පත් වුනේ ගිය වසරේ. මන් හිතන්නේ එය බ්‍රසීලයේ. මෙයත් ඒ වගේම කතාවක්. ඇමුණුම් දැමුවාට කිසිවෙකු කියවන්නේ නැති නිසා, මා එහි චායානුවාදයක් දමන්නම්.

  4. ඇත්තටම ලිපිය ඇතුලේ පස්සේ ලියන්න ලිපි ගොඩයි නේද. ,, මට කියවන්න බැරි භාෂාවක පොතක් වුණත් විසිකරනවා දකින එක මට හරිම වේදනාකාරීයි. ඔයා දනන්වද මීට අවුරුදු දෙකකට කලින් මන් ඊශ්‍රායලයට ආපු මුල් දවස් වල මට හම්බුණා ලස්සන සුරංගනා කතා ඒවා හිබ්රු වලින් ලියපුවා, ඒත් පින්තූර බල බල තියාගත්තා විසී කලේ නැහැ පස්සේ කාලෙක අමාරුවෙන් අකුරෙන් අකුර හිබ්රු ලියන්න කියවන්න ඉගෙන ගද්දි අර පොත් මට මාර විදියට උදව් වුණා.. ඒ කතාව පෝස්ට් එකට අදාළ නැහැ,, ඔස්ට්‍රේලියාව ගැන රසික සුරියආරච්චි ලියන පෝස්ට් වලින් සහ ඔබේ පෝස්ට් වලින් බොහෝ දේ ඉගෙන ගන්න ලැබෙනවා දවස ගානේ., දවසක … දන්නේ නැහැ දවස මං ඇවිත් යන්න එන්නම් ඔය විශාල රටට

    • ඔව් ඔමා ගොඩක් දේවල් තියනවා ලියන්න නම්. කොහොම උනත්, ඔබ වැනි කියවන පිරිස් දැකීම ලිවීමට මට ලැබෙන උත්තේජනයක් නිසා, කියවීම ගැන නිතරම ස්තුති කරනවා. කියෙව්වා හෝ කිසිවෙකු නොකියෙව්වා හෝ මා ලියන්නේ මට කැමති දේවල් නම් තමා. “ඉල්ලුමට සැපයුම”, “නිදහස් වෙළඳ පොළ” යනාදී දේවල් මා බ්ලොග් ලිවීමේදී එතරම් තකන්නේ නැහැ.

      ඔබ නියම ප්‍රවේශයක් අරන් තියෙන්නේ. ඕනෙම භාෂාවක් දන්නේ නැත්නම්, ඉගෙන ගන්න පටන් ගන්න හොඳම ක්‍රමය තමා ළමා කතා. ඒවායිනුත් සුරංගනා කතා වඩා හොඳයි. ඒ කතාව මේ සටහනට හරිම අදාලයි.

      මේවායේ යමක් ඉගෙන ගන්න තියනවා කියා ඇසීම සතුටක්. කොමෙන්ටු දැමුවා හෝ නැතා හෝ දිගටම කියවනු ඇතැයි ද සිතමි! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s