මිනිග්ගජ්ජු මංගච්චන්නේ කොදුයි? To intervene or Not to intervene?


501371-e4d16806-ccf5-11e4-9626-5d9793fb55e0
(http://resources3.news.com.au/images/2015/03/18/1227267/501371-e4d16806-ccf5-11e4-9626-5d9793fb55e0.jpg)

ඊයේ සේවාස්ථාන ගොඩනැගිල්ලක අර සුගර් ග්ලයිඩර් කියන ලේනෙක් වගේ කුඩා සතුන්ගෙන් එකෙක් හිටියා. මේ ගොඩනැගිල්ල එතරම් ජනාකීර්ණ නැහැ. පසුගිය දින දෙක තුල කඩා හැලුණු ධාරානිපාත වර්ෂාව සහ බලාපොරොත්තු නොවූ අධික ශීතල නිසා මූ සමහරවිට ගොඩ නැගිල්ලට එන්න ඇති. මා මුව අල්ලලා පෙට්ටියකට දාල රූස්ස ගහක කඳේ තිබ්බේ උඩට නගීවි යයි සිතල. නමුත් මූ ඒ වෙනුවට ගහෙන් බැහැල, පොලවේ යමක් සොයන්න ගත්තා. එවිට තමා ඌ ඉන්න දුර්වල තත්වය මට තේරුම් ගියේ.

එතැනින් ගිය සුද්දන් දෙන්නෙක් හරි සීදේවි සතා යයි ටික වෙලාවක් බලා ඉඳල යන්න ගියා. මූව නිකම්ම අතහරිනවද, නැත්නම් කන්න හා බොන්න ටිකක් දීල අතහරිනවද කියන දෙගිඩියාවෙන් මං ඉන්න විට, සුද්දියන් දෙදෙනෙකු එතනින් යන්න ආව. ආනේ හරි කියුට් සතා කියමින් නතර වුන නිසා මා විස්තරේ කියුවා. හොඳම දේ වනජීවී කාර්යාලයට කතා කරලා මූව දෙන එක යයි එයාල මට උපදෙස් දුන්නා. කරලා වරෙන්කො. සේරම පැත්තක තියල ලේනෙක් බලාගන්න.

what-are-paris-hilton-s-most-famous-pets-587510171-sep-21-2012-1-600x600

(http://web-images.chacha.com/images/Gallery/4741/what-are-paris-hilton-s-most-famous-pets-587510171-sep-21-2012-1-600×600.jpg)

මෙන්න “කියුට් ලිට්ල් සුගර් ග්ලයිඩර්” (අතේ ඉන්න සතා) කෙනෙක්

මගේ දෙගිඩියාව දුටු එයාල දෙන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනා වැඩේ කරන්න. මාත් සංතෝෂයෙන් සතාව බාර දුන්න. මේ කාන්තාවන් අමුත්තන් නොවේ. අපේ ආයතනයේම අය.

ඔන්න හවස මට විස්තරේ කීව. වන ජීවියෙන් ඇවිත් ලේනාව අරන් ගිහින්. එයාල කියල තියෙන්නේ මූ විජලනයෙන් හා බඩගින්නෙන් පෙලෙනවා කියා. සාත්තු කර ආපසු අපේ ආයතනයේ ගහකට ගෙනත් දානවා කියුවලු.

දැන් මෙතන කරුණු දෙක තුනක් තියනවා. ඔබ්වියස් දේ නම් ඔබ හිතාවි ලේනෙකුට මෙතරම් කරදර වෙන්න ඕනෙද කියා. සමහර රටවල් වල මිනිසුන් ගැන වත් මෙතරම් කරදර නොවෙන විට, මොන ලේන්නුද කියා ඔබට සිතේවි. ඔව් ඒ කතාව ඇත්ත. සමහර රටවල් වල මිනිසුන් සත්තුන්ට වඩා දුක් විඳිනවා. දැන් මේ ලේනා අරන් ගිහින්, උගේ දත් බලල, කන්න බොන්න දීල තමා ආපසු ගෙනත් දානවා ඇත්තේ. නිකම් පැට්‍රොල් වලටම සෑහෙන ගාණක් යනවා.

අනික තමා අපේ මැදිහත් වීම. මට ඌව ගොඩනැගිල්ලේම මැරෙන්න අරින්න තිබුනා. නැත්නම් එලියට දාල (එයිනුත් වෙන්නේ මූ මැරෙන එක තමා, මොකද ඌට බාහිර උපකාරයකින් තොරව ජීවත්වීමට විභවයක් නැහැ) නිකම් ඉන්න තිබුණා. වනජිවියට දෙන්නේ නැතුව ගෙදර ගෙනත් කවා පොවා හදන්නත් තිබුනා. එවිට මූ බොහොම “පහසුවෙන්” ලෙඩ රෝග, සීතල, වැස්ස, රස්නය වගේ පීඩාවන් නොමැතිව ගොඩ කලක් අල්ලලා හිටින්නත් ඉඩ තියනවා.

මේ වගේ මැදිහත්වීම් වල කෙළවර මොකක්ද, කොතරම් දුරට මැදිහත් විය යුතුද? කලින් සටහනක ප්‍රා ප්‍රතිචාරයක් වශයෙන් ලියුවේ සතුන් වතු නිසා සතුන්ට දිගු කලක් නිරෝගිව ජිවත් වීමට ඉඩ ලැබිලා තියනවා කියා. ඔව් එය ඇත්ත. බටහිර සතුන් වතු අද ස්වභාවික තත්ව වලට යම්තාක් දුරට ගලපලා තියනවා විතරක් නොවේ, ඒ සතුන්ට ලැබෙන ප්‍රතිකාර හා ආහාරපාන හා අනෙකුත් සාත්තු ඔවුනට ස්වභාවික පරිසරයේ කොහොමටත් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ කෑම සොයා යාම, ස්වභාවික ආපදා, විලෝපික පහර කෑම්, ලෙඩ රෝග වලින් වන හානි නැත්තටම වාගේ නැති කර තියනවා.

ඒ විතරක් නොවේ, මේ සතුන් වතු නිසා අපේ පරිසරය හා සතුන් ගැන තියන අවබෝධය වැඩි වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන්ට මෙය හොඳ අධ්‍යාපනික මෙවලමක්. සමහර සතුන් වඳවී යාම වැලකි තියෙන්නේ මේ ප්‍රජනන ව්‍යාපෘති නිසා. හොඳම උදාහරණය තස්මෙනියන් ඩෙවිල් ව බේරා ගැනීම. ඉතින් කැලේ ඉන්න සියලුම සතුන් මේ වගේ කූඩු කර අප බලා ගන්න අවශ්‍යද කියන මුලික ප්‍රශ්නය එනවා.

tasmanian-devil_736_600x450
(http://images.nationalgeographic.com/wpf/media-live/photos/000/007/cache/tasmanian-devil_736_600x450.jpg)

(මෙයාත් යක්ෂයා කියුවට සීදේවී සතෙක් තමා. වඳ නොවීමට මිනිසාගේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි)

සතුන් හා බෝග පාලිත තත්ව යටතේ වර්ධනය ගැන මා නිතර ලියනවා. ඒ අපේ ප්‍රයෝජනය වෙනුවෙන්. එහෙම නොකලොත් ඇත්තටම අපගේ පැවැත්ම අනතුරේ. අනික දැන් අපගේ ජනගහණය පැමිණ ඇති තැන අනුව, එහෙම නොකලොත් ඉතිරිවී තියන ස්වභාවික පරිසරයද අනතුරේ.

හැබැයි එක දෙයක් පැහැදිලියි, අපගේ සත්ත්ව පාලනය, කෘෂිකර්මය විතරක් නොවේ සතුන් වතු වලද අරමුණ මිනිසාගේ සන්තර්පනයයි. ඒවායින් ලැබෙන අනෙක් අතුරුඵල ද්විතියිකයි. අන්න එවිට තමා මා මුලින් කියපු, මැදිහත්වීම කියන්නේ අනුන්ගේ යහපත මූලික වන අවස්ථාවක, කොයි තත්ත්ව යටතේ, කොතරම් දුරට මැදිහත් වෙන්න ඕනෙද කියන ප්‍රශ්නය එන්නේ. මිනිස් ගහණ වලට කෙරෙන මැදිහත්විම්ද මෙයටම ඇතුලත්.

රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක්තරා විදිහක මැදිහත් වීමක් තමා. මෙතැනදී මැදිහත් වීමට බහුතරය එකඟයි. සියලු දෙනාම එක දෙයකට එකඟ වෙන අවස්ථා අපට සොයා ගන්න බැහැ.

ඉහත තියෙන්නේ අතුරු කතාව. මේ ලියන්නේ අපේ ඇනෝ මිත්‍රයා දැන ගන්න ආසා කරන කතාව. මෙතැනදී ඉල්ලුම හා මගේ ආසාවත් සමපාත වන නිසා ලියන්න පහසුයි.

//නීති විරෝධී කැලෑ කපන්නන්ගේ ආක්‍රමණ නිසා ඇමේසන් වනාන්තරයේ ජිවත් වන මෙතෙක් බාහිර ලෝකයේ ඇස නොගැටුණ මාශෝ-පිරෝ නම් දඩයක්කාර මිනිස් කොට්ටාශ කැලෙන් ඉවතට පැමිණීමට හේතු වන වගයි පේරු රටේ බලධාරීන් පවසන්නේ.

මේ මිනිස් කොට්ටාශ සමග බාහිර ලෝකයේ හමුවීම් බොහෝ විට සාමකාමී හා සහෝදරාත්මක ඒවා. මේ වනාන්තරය අවට ජිවත් වන්නන් ඔවුනට ආහාරත්, පිටින් පැමිණෙන සංචාරකයන් ඇදුම් පැළදුම් ද දෙනවා.

පසුගිය දෙසැම්බරයේ කුඩා ගම්මාන දෙකක වැසියන් බලධාරීන් විසින් ඉවත් කෙරුවේ, දෙසියයක පමණ මාශෝ-පිරෝ කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු. මේ ප්‍රහාරයේදී ගම් වැසියන්ගේ හරකබාන හා සුරතල් සතුන් මරා, කෑම හා වළං පිඟන් හා කැති පොරෝ යනාදිය පැහැර ගන්නා ලදී.

මෙයට ප්‍රථම 2010 වසරේ දී මොවුහු ඉලන්දාරියෙකු තුවාල කල අතර, වසර 2013 දී සංචාරක මගපෙන්වන්නෙකු මරා දැමුහ.

හැබැයි පේරු රටේ සංස්කෘතික අමාත්යංශය පවසන්නේ මෙවැනි හමුවීම් මාශෝ-පිරෝ ගෝත්‍රයේ පැවැත්මටත් මාරාන්තික විය හැකිය කියා.

මේ මිනිසුනට සංචාරක පිරිස් විසින් මහත් සත්භාවයෙන් දෙන ඇඳුම් පැළදුම් පවා මාරාන්තික විය හැක්කේ, ඔවුන් ගේ ශරීර වනාන්තරයෙන් පිටත ලෝකයේ ලෙඩ රෝග වලට ප්‍රතිරෝධී නොවන නිසා.

මිනිසුන් 800 කින් පමණ සැදුම් ලත් මේ ගෝත්‍රය ජිවත් වන්නේ ‘මඩ්රේ ඩි ඩිඔස්’ නම් පේරු රටේ දකුණට වන්නට, බ්‍රසීල දේශ සීමාවෙහි තියන අභය භුමියේ ය.

පේරු කියන්නේ ලතින් ඇමෙරිකානු රටවල් අතර ප්‍රධානම රත්රන් නිෂ්පාදකයායි. ලෝකයෙන්ම පස්වනියට ලොකුම නිෂ්පාදකයායි. අනවසර එලි කිරීම් හා රත්රන් ගැරීම නිසා අක්කර එක්ලක්ෂ තිස් හය දහසක වනාන්තර ප්‍රදේශයක් විනාශවී වී තියනවා. මේ ප්‍රදේශය තමා හොරෙන් ගරන රත්තරන් වලට නම් දරා තියෙන්නේ.

මේ මඩ්රේ ඩි ඩිඔස් පළාත කියන්නේ ආදිවාසික මිනිසුන් 4000 පමණ ගේ වාසස්ථාන යයි.

මාශෝ-පිරෝ වාසින් තමන් නොදන්නා භාෂා කතා කරන අන් ආදිවාසික ජන කොටස් වලටත්, නොදන්නා බල්ලන් වැනි සතුන් දුටු විටත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා.

පේරු සංස්කෘතික අමාත්‍යංශය විසින් හුදකලා ආදිවාසික ජනතාව වෙනුවෙන් පිහිටුවා ඇති ඒකකයේ ප්‍රධානියා වන ලොරෙනා ප්‍රිඑටෝ පවසන්නේ සංචාරක පිරිස් ගෙනෙන ලෙඩ රෝග බිජ වලට මේ ගෝත්‍ර මහත් සේ සංවේදී කියා.

ශතවර්ෂ ගණනාවක් බාහිර ලෝකයෙන් ඉවත් වී ජිවත් වන්නට යන්ත දැරූ මේ මිනිස් කොට්ටාශ, දැන් එක වරම කැලෙන් පිටතට පැමිණීමට බල කෙරෙන හේතු දැන ගැනීමට පේරු රජය උත්සුක වන බව ඇය කියනවා.

“සමහර විට අනවසර එලි කරන්නන්ගේ ක්‍රියාකාරකම් හා පහරදීම් හින්දත්, අනෙක් ජනකොට්ටාශ වල පදිංචි වීම නිසාත් ඔවුන් කැලෙන් එලියට එනවා ඇති”

ඇය කියන්නේ රජයට ඔවුන් එන සැබෑ හේතුව සොයා යන්නේ, එක්කෝ ඔවුන් ලෙඩ වෙලා හෝ තුවාල ලබා නම් ඔවුනට උදවු කිරීමටත් අවශ්‍ය නිසා.

මේ ජනකොට්ටාශය හා අදහස් හුවමාරුවට තියන භාධකය නම්, ඔවුනගේ භාෂාව දන්නා කිසිවෙකු නොමැති වීමයි. අනෙක් ගෝත්‍ර වල හෝ එයිට සමාන භාෂා කතා කරන බ්‍රසීල ආදිවාසික ජනකොටස් අතුරින් හෝ යන්තමින් හෝ ඔවුනගේ භාෂාව තේරුම් ගත හැකි “භාෂා පරිවර්තකයෙකු” සොයමින් පවතිනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්යප්ති වලට අනුව මෙවැනි හුදකලා ජනවර්ග වල අයිතීන් ආරක්ෂා කර තියනවා. ඒ අයිතීන් අතර ඔවුන්ට උවමනා නම් හුදකලාව ජිවත් වීමේ අයිතියත් ඇතුලත්.//

පහත ප්‍රවුර්තියේ චායානුවාදයකි;
http://www.news.com.au/travel/world-travel/perus-mashco-piru-tribe-are-one-of-the-last-isolated-peoples-on-earth/story-e6frfqcr-1227267501451

මෙන්න තවත් පුවතක්
http://www.news.com.au/lifestyle/health/parents-fight-back-against-anti-vaxxers/story-fneuzlbd-1227298918683

Advertisements

5 Comments

Filed under News, Opinion

5 responses to “මිනිග්ගජ්ජු මංගච්චන්නේ කොදුයි? To intervene or Not to intervene?

  1. Pingback: To intervene or Not to intervene? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ස්තුතී ගොඩක් ආසාවෙන් ලිපිය කියෙවුවා, එක් කරලා තියෙන සබැඳි වලටත් ස්තුති

    • මේ නංගි, සටහන් කියවල, මගේ බ්ලොග් එක එපා කරගන්න එපා හොඳේ! 😀

      • බයවෙන්න එපා මං මේ ලෝකේ ආස චොක්ලට් වලටයි විස්කිරස උම්මා වලටයි විතරයි 🙂

        • අද අවුරුදු හින්ද ලියන්නේ, චොක්ලට් රස උම්මා කෙසේ වෙතත් අනික් එක නම්……! (විහිළු)