යහපාලනයට කෙල වුනොත් as a second option ….. (2)


ගොවියා නිදහස් නම් සේරම හරි කියන ඇමෙරිකාවේ නිපදවන එතනෝල් වෙනුවෙන් ගොවියන්ට දෙන ජනතා මුදල් ගැන ඔය ලිබරල්-කොන්සර්වටිව් සේරම අන්තිමට නවතින්නේ එකම තැන. ඇමෙරිකානු කොංග්‍රසය වසර 2007 දී සම්මත කරපු බලශක්ති ස්වාධිනත්වය හා සුරක්ෂිතතාවය පනත මගින් වසර 2022 වන විට ජෛව ඉන්ධන නිෂ්පාදනය ගැලුම් බිලියන 36 ක් දක්වා ඉහල නංවන්නට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මෙතෙක් අරන් තියන ක්‍රියාමාර්ග ලියන්නට ගොස් මේ සටහන බෝරිං ම වර්ගයේ ගොඩට දමන්නට අවශ්‍ය නැහැනේ. මා ඉහත කරුණ ලියුවේ ලබන ජනාධිපතිවරණයට පෙර පක්ෂයේ තියන ප්‍රාථමික වරණයට ඉල්ලාවී යයි සිතන්නට හැකි එක රිපබ්ලිකන් අපේක්ෂකයෙකු කරපු කතාවක් දැකීමෙන්.

මෙහෙ සිල්ලර වෙළඳ පොලෙන් 70% ක් පමණම අයත් කරගෙන ඉන්නේ සමාගම් දෙකක්. එයින් එකක් විසින් පවත්වාගෙන යන කඩයක් තමා කෝල්ස් යන වෙළඳ නාමය යටතේ තියෙන්නේ. මෙයාලට ඩොලර් මිලියන දෙකහමාරක දඩයක් ගැහුවේ “The Australian Competition and Consumer Commission” විසින් පෙරේදා. මොකද යුරෝපෙන් පවා බාගෙට පුච්චා ආනයනය කරපු පාන්, කඩේදී පුච්චා “අද පුච්චපු අලුත් පාන්” යනුවෙන් විකුනන්න දැමුවාට.

ඉහත උදාහරණ දෙකෙන්ම මා කියන්න අදහස් කෙරුවේ මේ නිදහස් ලෝකය කියන එක එහෙම නිදහස් ම නැහැ. ඇත්තටම එහෙම නිදහස් කෙරුවොත් අප වැනි සාමාන්‍ය මිනිසුනට ඉන්නට බැරි තැනක් වෙනවා. හැබැයි මේ බැඳීම් වලට සමාජයේ බහුතරය බොහෝ විට එකඟයි.

මා කලින් ලියා ඇති පරිදි තමන්ට පමණක් නොවේ, ලෝකයේ බොහොමයක් රටවලට ඉදිරි “සැලසුම්” හදා දී ඉන් නවතින්නේ නැතිව, එම සැලසුම් ක්‍රියාත්මක කරන රටක් හැටියට ඇමෙරිකාව නම් කරන්න පුළුවන්. ඔවුන් ඉදිරි වසර සියයකට පමණ ලෝකය ගමන් කරන්නේ කොයි විදිහට ද යන්න ගණන් හදා අවසන් යයි සිතන්නට කරුණු තියනවා. මේවායින් සමහර දේවල් අපට දැන ගන්නට පුළුවන්. එනම් රහස් නොවේ. නමුත් අපට දැන ගන්නට නොහැකි ටික කොයි වගේද කියා යන්තමින් වැටහීමක් ඇති කර ගන්නත් ඒ දැන ගන්නට ඇති කරුණු ඇසුරින් අපට පුළුවන්.

ලෝකය කුඩාම රටවල් විතරක් නොවේ, මහා සාගරයේ වැලි ගොඩක් පවා ඔවුනගේ බලපෑමෙන් ගැලවී ඉන්නවා යයි මා සිතන්නේ නැහැ. දැන් අනෙක් බලවතා වන චීනයත්, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලුත් හැසිරෙන්නේ මේ අන්දමින්ම තමා. නමුත් ඒ බලපෑම් වලට සීමා තියනවා. ඇමෙරිකාවට කරන්න පුළුවන් නම්, අපට බැරි මොකද කියා කටපත්ත අදින පොඩි රටවල් වල ඉන්න හා ඉඳපු සමහර මිනිසුන් ඔවුනට මොකද වුනේ, කියා දැන ගන්නේ කෝච්චිය ගොස් කලකට පසුව වෙන්න පුළුවන්.

ජනපති ඔබාමා ඊයේ පැනමාවේ පැවති ලතින් ඇමෙරිකානු රටවල නායකයින්ගේ සමුළුවකදී කියුවේ, ලතින් ඇමෙරිකානු රටවලට අපේ ඇඟිලි ගැසීම් දැන් ඉතිං ඉවරයි කියා. රටවල ගමන් මග තීරණය කළ යුත්තේ ඒ රටවල් ජනතාව විසින් මිසක් බාහිර බලවේග මගින් නොවේ කියලත් ඔහු කියුවා. රේඩියෝවේ මේ කතාව යන විට මට සිනහා ගියා. මේවා මේ විදිහටම කෙරෙනවා නම් කොතරම් හොඳද? නමුත් මේ අදහස් වෙනත් රටවලට පවා නරක නැහැ.

//Mr. Obama urged leaders in the region to embrace democratic principles, including public debate and dissent.

“It’s not to say that my country’s perfect, we are not. And that’s the point,” Mr. Obama said. “We have to wrestle with our own challenges from issues of race to policing to inequality. We embrace our ability to become better through our democracy.”

Referring to slavery and Jim Crow-era segregation in the U.S., Mr. Obama also said that outside forces helped to improve life in America.

“There was a time in our own country when there were groups that were voiceless and powerless,” Mr. Obama said. “Because of world opinion, that helped to change those circumstances. We have a debt to pay because the voices of ordinary people made us better. That’s a debt I want to make sure we repay in this hemisphere and around the world.”//

Read more: http://www.washingtontimes.com/news/2015/apr/10/obama-ahead-meeting-castro-takes-swipe-cuba/#ixzz3WyhHmRla
Follow us: @washtimes on Twitter

මේ කතාවට අදාළ පුවතක් අද මා දුටු විට මට යලිත් සිනහා ගියා. එය නම් ලංකාවේ වාමාංශික යයි කියා ගන්නා, ජාතිවාදී අතීතයක් සහිත පක්ෂයක පුවත් වෙබ් අඩවියක ඇමෙරිකාව කියුබාවට පරදියි කියා ලියා තිබීම. මේ වගේ කාලකන්ණි සතුටුවල් නරක නැහැ. හැබැයි ඇත්ත ලෝකයේ කතාව එය නොවේ. දැන් මේ අධිරාජ්‍යවාදී, තමන්ගේ පරම සතුරා සමග ඩිප්ලෝමැටික් සම්බන්දතා යලි ආරම්භ කරන්නෙත්, වෙළඳ සම්බන්දතා යලි යතා තත්වයට පත් කරගන්න කියුබාව උත්සහ කරන්නේ කුමක් නිසාද කියල මේ මහත්වරුන් කල්පනා කරනවද?

අනික් අතට, දැන් මෙහෙම ලෝකයම පාලනය කරන රටවල් වල ඉඳන් අයියෝ ඒකීය පුද්ගලයා බේරා ගනිල්ලා කියන ඔය සමහර සංක්‍රමණිකයන් කියවන පොත් වලට අනුව නොවේ වැඩ සිද්ද වෙන්නේ කියා පෙන්වන්න පුළුවන් උදාහරණයක් තමා ඔබාමාගේ ඉහත ප්‍රකාශය. ඕවයින් ඔබට හෝ මට ඇති සෙතක් නැහැ. නිකම් දැන ගන්න එක හොඳයි. නමුත් අපේ පෞද්ගලික ජිවිතයට මහා ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට පෞද්ගලික ජිවිතයට යම් ප්‍රයෝජනයක් වෙන්න හැකි කරුණක් ගැන කතා කරමු.

ඕස්ට්‍රේලියානු රජය අඩුම ගානේ සෑම පස් වසරකටම වරක් “අන්තර්-පරම්පරා වාර්තාවක්” පිළියෙළ කරනවා. මෙහි බලාපොරොත්තුව තමා ඉදිරි වසර 40 සඳහා රජයේ වර්තමාන ප්‍රතිපත්ති වල (දිර්ගකාලින) තිරසාර බව පිලිබඳ තක්සේරුවක් කිරීම, ජනගහණයේ සිදුවන වෙනස් වීම් හා ජනගහණයේ වයස් කාණ්ඩ වල වෙනස් වීම්, රටේ ආර්ථික වර්ධනයට, ශ්‍රම බලකායට හා මහජන මුදල් පාලනයට කුමන ආකාරයේ බලපෑමක් කරනවද කියා අදහසක් ගැනීම (to assess the long-term sustainability of current Government policies and how changes to Australia’s population size and age profile may impact on economic growth, workforce and public finances over the next 40 years).

හතරවන අන්තර්-පරම්පරා වාර්තාව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාර අමාත්‍යාංශය පසුගිය දා එළි දැක්වුවා. ඇත්තටම වාර්ථා එළිදක්වන එකේ කෙළවරක් නැහැ. මේවා කියවන්න ඔය කලබල කාරී ජීවිතයේදී ඉඩක් ලැබෙන්න නැතුව ඇති. එහි තියන සියලු කරුණු වලට යන්නේ නැතිව, ඕස්ට්‍රේලියානු ජනගණයේ හා වයස් අනුපාතයන් වෙනස් වීම් ගැන කියන කොටසට මා යන්නේ, එය සමහරවිට ලංකාවේ ඉන්නා මගේ සටහන් කියවන කෙනෙකුටත්, මේ රටේ ජිවත් වන මේ වාර්තාව නොකියවූ කෙනෙකුටත් ප්‍රයෝජනවත් විය හැකි නිසා.

ඉදිරි වසර 40හ තුලත් ඕස්ට්‍රේලියානුවන් ලෝකයේම ඉහලම ආයු කාලය වළඳන මිනිසුන් ඉන්න රටවල් අතුරින් එකක් වෙනවා. වසර 2054/55 උපදින අයකුගේ, උපදින විට ජිවිතාපෙක්ෂාව පිරිමියෙකුට වසර 95.1 ක්ද ගැහැනියකට 96.6 ක් ද වෙනවා (අද අගයයන් 91.5/93.6).

මිනිසුන් වැඩි කාලයක් ජිවත් වනවාට අමතරව, සෞඛ්‍යය පහසුකම් වල දියුණුව නිසා, දීර්ග කාලයක් ක්‍රියාශීලිව ගත කිරීමෙන් වයස් ගත කාණ්ඩ ශ්‍රම බලකායට වැඩි දායකත්වයක් සපයනු ඇතැයි කියාත් බලාපොරොත්තු වෙනවා. හිරිමල් වයසේ හා මහලු වයසේ ඉන්න පිරිස් වලට සංසන්දනාත්මකව, සම්ප්‍රදායික වැඩ කරන වයසේ සිටින පිරිස අඩු අගයක් ගන්නවා ඇති.

දරුඵල ලැබීමේ හැකියාව වසර 2013 දී එක කාන්තාවකට උපත් 1.9 ක් වන අතර මේ තත්වය ඉදිරියටත් එයට ආසන්න අගයක පවතිනු ඇතිය කියා සිතනවා. ඇත්තටම හැත්තෑව දශකයේ අග සිට ජනගහනයේ වර්ධන වේගය බොහෝ දුරට ස්ථිර අගයක පවතිනවා. දැන්, සංක්‍රමණික රටා, දරුඵලත්වය හා ජිවිතාපෙක්ෂාව ආදිය සැලකිල්ලට ගන්නා විට ඕස්ට්‍රේලියාවේ ජනගහණ වර්ධන වේගය වසරකට 1.3 ක් වනු ඇති. මේ වේගය පසුගිය වසර 40 හේ වර්ධන වේගය හා සසඳන විට ටිකක් පහල අගයක්.

අද ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23.9 ක් වෙනවා. වසර 2054/55 වන විට එය මිලියන 39.7 ක් වනු ඇතැයි මේ වාර්තාව කියනවා. මේ වැඩිවීම වනු ඇත්තේ කොහොමද? එයට අර ජනගහන වර්ධන වේගය ප්‍රමාණවත් ද? ලංකාවේ ඉන්න කෙනෙකුට එයින් වැඩක් තියනවද? ලෝකයේ කොතැනක හෝ අනාගතයේ රැකියා සොයනවා නම් අපත්, අපේ දරුවනුත් ඉගෙන ගන්න ඕනේ ක්ෂේත්‍ර මොන වගේ වේවිද වගේ පොඩි කරුණු ටිකක් ඊළඟ සටහනෙන්.

මේවා මගේ පහසුවට ලබා ගත් මූලාශ්‍ර මිසක් මේ සටහනට කෙලින්ම අදාළ දේවල් නොවේ:
(http://en.wikipedia.org/wiki/Energy_Independence_and_Security_Act_of_2007
http://www.treasury.gov.au/~/media/Treasury/Publications%20and%20Media/Publications/2015/2015%20Intergenerational%20Report/Downloads/PDF/02_Exec_summary.ashx
(http://www.treasury.gov.au/PublicationsAndMedia/Publications/2015/2015-Intergenerational-Report)
https://www.facebook.com/notes/soh-yi-da/examining-meritocracy-elitism-in-singapore/10151258616188876
http://www.todayonline.com/singapore/understanding-meritocracy
http://www.seeklearning.com.au/industries-hiring-in-2015
http://www.foundationeducation.edu.au/5-australian-growth-industries-for-2015/
http://www.businessspectator.com.au/article/2015/1/16/australian-news/australias-record-jobs-growth-game-changer
http://www.telegraph.co.uk/news/worldnews/centralamericaandthecaribbean/cuba/11529580/Obama-days-of-US-meddling-in-Latin-American-affairs-are-over.html
http://www.smh.com.au/business/retail/coles-hit-with-25-million-fine-over-fresh-bread-20150410-1mi0x1.html

Advertisements

3 Comments

Filed under Energy, News, Opinion

3 responses to “යහපාලනයට කෙල වුනොත් as a second option ….. (2)

  1. Pingback: යහපාලනයට කෙල වුනොත් as a second option ….. (2) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කුරුටු ගෑ ගී පවුර

    ඊළග අාත්මේ අනිවා ඔ්ස්ට්‍රේලියාවේ ඉපදෙනවා………………

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s