උඹට කියන්න මම වත් දන්නේ නැහැ ගුරුන්නාන්සේ!


සිංගප්පූරු සිසුන්ගේ ගණිත හා විද්‍යා දැනුමට ලඟා වෙන්නේ කොහොමද කියා ඕස්ට්‍රේලියානු අධ්‍යාපනඥයන් ද සොයනවා කියල මා කියුවනේ. මෙන්න පොඩි ගණිත ප්‍රේහේලිකාවක්. මේක අද නිවුස් වෙබ් අඩවියේ තිබුනේ. මෙය ඇවිත් තිබුනේ සිංගප්පූරු හා ආසියානු ගණිත ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්තරේක. මට උත්තර එපා. කියවා විසඳන්න බලන්න!

572122-2551a80e-e269-11e4-b60a-424ceb2f883c

සමාවන්න මේක සිංහල බ්ලොගයක්නේ. මෙන්න කතාව:
ඇල්බර්ට් සහ බර්නාඩ්, ෂෙරිල් කියන ගෑල්ලමයා සමග මිත්‍ර වුනේ ලඟදි. දැන් දෙන්නටම ඕනේ වුණා ෂෙරිල් ගේ උපන්දිනය දැන ගන්න. ඔබ දන්නවනේ ගෑල්ලමයින්ගෙන් උපන්දින අහනවට වඩා හොඳයි, ඉබ්බෙකු ගෙන් පිහාටු ඉල්ලන එක.

ෂෙරිල් උපන්දිනේ කියන්නේ නැතුව, වෙන්න පුළුවන් දින දහයක ලිස්ට් එකක් මේ දෙන්නට දුන්න.
මැයි 15 මැයි 16 මැයි 19
ජූනි 17 ජූනි 18
ජූලි 14 ජූලි 16
අගෝස්තු 14 අගෝස්තු 15 අගෝස්තු 17

දැන් ෂෙරිල්, ඇල්බර්ට්ට එයාගේ උපන්දිනයේ මාසය විතරකුයි, බර්නාර්ඩ්ට දිනේ විතරකුයි වෙන වෙනම කියනවා.

මෙන්න ඉන්පසු ඒ දෙන්නා අතර දෙබස.
ඇල්බර්ට්: මා දන්නේ නැහැ ෂෙරිල්ගේ උපන් දිනය මොකක්ද කියා. හැබැයි මා දන්නවා බර්නාඩුත් දන්නේ නැහැ කියල.
බර්නාර්ඩ්: කලින් නම් මා ෂෙරිල් ගේ උපන්දිනය මොකක්ද කියා දැනන් හිටියේ නැහැ. නමුත් මා දැන් දන්නවා.
ඇල්බර්ට්: එහෙමද, එහෙනම් මාත් දැන් දන්නවා ෂෙරිල්ගේ උපන් දිනය මොකක්ද කියා.

ඔබ දන්නවද ෂෙරිල්ගේ උපන් දිනය? දීපල්ලකෝ පුලුවන්නම් උත්තර (මට එපා ඔබම සිතා බලන්න)!

Advertisements

18 Comments

Filed under Education

18 responses to “උඹට කියන්න මම වත් දන්නේ නැහැ ගුරුන්නාන්සේ!

  1. මං හොයාගත්තා…කියන්නේ නෑ

  2. Pingback: උඹට කියන්න මම වත් දන්නේ නැහැ ගුරුන්නාන්සේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. මට නං මේක විසදන්න එච්චර ආසාවක් ආවෙ නැහැ..

  4. මං හිතන්නේ ඇල්බර්ට් කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් විය යුතුයි. ඒ එක්කම බර්නාඩ් කියන්නේ බර්නාඩ් ෂෝ විය යුතුයි. මට හිතා ගන්න බැරි කවුද මේ ෂෙරිල් කියන්නේ කියලායි!

    බයි ද වේ, ඇගේ උපන් දිනය ජූනි 18 විය යුතුයි.

    • 18 වුනා නම් ඉතින් දිනේ හරියටම දන්නා බර්නාඩ් ට මුලු උපන්දිනේ ම අහු වෙනවා නේ.

      18 එලිමිනෙට් කරලා ඒ න්‍යායම ඇල්බර්ට් ට අදාළ කළාම, උඩින් රාජ් දීල තියන උත්තරේ වැරදි බවත් ඔප්පු වෙන ගමන් ම හරි උත්තරෙත් අහු වෙනවා.

      • මෙහෙමනේ,
        19 හරි 18 හරි උනොත් දිනේ දන්න බර්නාඩ්ට ඒක අහුවෙනව. ඒ නිසා ඒ දෙක අයින් කරන්න පුළුවන්. එතකොට අරූ අර කතාව කිව්වම දැනගන්නව කියන්නෙ 6/17.(ඉතිරි එක)

        • රාජ්
          ඔහොම තර්ක කරන්නේ අපිට තියන සාමාන්‍ය තර්ක බුද්ධිය අල්බර්ට්ටත් බර්නාඩ් ටත් නැහැ කියලා උපකල්පනය කලහම. එහෙම හිතන එක සාධාරණ නෑ. මොකද ඔය තර්කය ඇල්බර්ට් කරා නම් පොරට කියන්න වෙන්නේ නෑ “මම උපන්දිනේ දන්නේ නෑ” කියල.

          මෙතැන තියන කැච් එක තමයි, ඇල්බර්ට් තමන් හරි දිනය නොදන්නා බව බර්නාඩ් ට කියන කම් උත්තරේ ට අවශ්‍ය අනික් ක්ලූ එක බර්නාඩ් ට නොලැබීම්. රාජ් ළඟටම ආවා!

          • උත්තරේ ජුනි 17 නම් ඇල්බර්ට් හරි උත්තරේ කොහොමත් දන්නවා. ඇල්බර්ට් කීවා නම් ඔන්න “මම නම් උත්තරේ දන්නවා උඹ දන්නේ නැති උනාට” කියලා, එහෙනම් ඔන්න ජුනි 17 හරි.

            • මං ජූනි 18 කීවේ ඉස්සර අපේ ඔෆීසියේ හිටපු ෂෙරිල් කියන ගෑල්ළමයෙකු ගේ උපන් දිනයයි. හැබැයි එයා ඔය ඇලබර්ට්ව සහ බර්නාඩ්ව දන්නවා යැයි මං හිතන්නේ නෑ.

              මෙතැනට පිළිතුර ජූලි 16 බව හොයා ගත්තා!

              • “Cheryl gives them a list of 10 possible dates”
                වෙන වෙනම ඩේට් කරන්නද? ත්‍රීසම් ඩේට්ස් ද?

    • [A]lbert
      [B]ernard
      [C]heryl

  5. උත්තරය ජුලි 16. ඇල්බට් දන්නවා දිනය විතරක් දැන ගත්තට වැඩක් නෑ කියලා. ඒ කියන්නේ තනි දිනයක් විතරක් තියෙන්නේ 19,18 නේ,, එකියන්නේ ඇල්බට් ට කිව්ව මාසේ එක්කෝ ජුල්ය්, නැත්නම් අගෝස්තු,,, එකය් ඇල්බට් කියන්නේ බර්නාඩ් තාම දන්නේ නේ කියලා,
    බර්නාඩ් දිනය දන්නවා, මැයි ජූනි අයිති නැහැ කියලා ඇල්බට් ගෙ කතාවෙන් දන ගන්නවා. එතකොට බර්නාඩ් උපන් දිනය දැන ගන්නවා කියන්නේ, මිනිහ ට කිව්ව දවස 14 නෙවි. 14 නම් ජුලි ද අගෝස්තු ද කියලා පටලැවිල්ලක් එනවනේ. එතකොට දවස 15,16 හෝ 17. බර්නාඩ් උපන් දිනය දන්නවා. බර්නාඩ් උපන් දිනය දැන ගත්තා කියලා ඇල්බට් දැනගන්නවා කියන්නේ… ඇල්බර්ට් ට අවස්ථා දෙකක් තියෙන්න බැහැ. එකියන්නේ, අගෝස්තු 15,17 වෙන්න බැහැ. එතකොට උත්තරේ ජුලි 16.

    • බර්නාඩ් උපන් දිනය දැන ගත්තා කියලා ඇල්බට් දැනගන්නවා කියන්නේ සහ ඇල්බර්ට් උපන්දිනේ දැන ගන්නවා කියන්නේ… ඇල්බර්ට් ට අවස්ථා දෙකක් තියෙන්න බැහැ. එකියන්නේ, අගෝස්තු 15,17 වෙන්න බැහැ. එතකොට උත්තරේ ජුලි 16.

  6. උත්තරය සොයා යාමට උත්සහ ගැනීමෙන් නොනැවතී, එය සටහන් කරපු සියලුම දෙනාට ස්තුතියි. මෙයට පිළිතුරක් ලියන්න මා බලාපොරොත්තු වූයේ නැහැ.
    මෙන්න මා කියවපු මුල් ප්‍රවුර්තිය. එතනත් පිළිතුර තියනවා.

    ඒ සියල්ලටම වඩා මට පෙන්වන්න අවශ්‍ය මේ ප්‍රවුර්තියේ කොමෙන්ටු. මේ කොමෙන්ටු අතර ප්‍රශ්නය ගැන ඉදිරිපත් වූ අදහස් අතර මේවාත් තිබුණා (මතකයෙන් ලියන්නේ)
    1. වැරදි ඉංගිරිසි (ඒ නිසා මේ ප්‍රශ්නය තේරෙන්නේ නැහැ)
    2. කතාකරන ලකුණු (speech marks) නොමැති වීම (ඒ කියන්නේ මේ දෙබසක් නොවේ, දෙන්නෙක් සිතන ඒවා විතරයි. ඒ නිසා මේක විසඳන්න පුළුවන් දෙයක් නොවේ)
    3. ඇල්බර්ට්ල,බර්නාඩ්ලා සිංගප්පුරුවේ නැති වීම
    4. ගණිත ප්‍රශ්නයක් නොවීම (ඒ නිසා ප්‍රශ්නය ගණිත ඔලිම්පියාඩ් එකට සුදුසු නැහැ)
    5. උපන්දිනයේ, දිනය සහ මාසය දෙන්නෙකුට වෙන වෙනම කියුවහැකි බව තේරුම් ගන්නට නොහැකි කම
    6. මේ වගේ ප්‍රශ්න මගින් සාමාන්‍ය සිසුන් මෝඩයන් යයි මුලුගන්වෙනවා
    7. ෂේරිල්ගේ ෆේස් බුක් එකෙන් උපන්දිනය දැන ගන්න (මේ විහිළු වක්)
    8. අපට පාන්ද? (කියවීමෙන් නොනැවතී කොමෙන්ටුවක් දාන්නේ පාන් නිසා නොවේද)
    ඔය කිහිපයක් පමණයි.

    දැන් මේ කොමෙන්ටු වල අදහස් සමග මුල් ඉංගිරිසි ප්‍රශ්නය නැවත කියවා බලන්න. මොකද ඔබට දැන් සිතෙන්නේ?

    මෙහි තියන හොඳම දේ තමා අපට වෙනත් භාෂාවකින් ඉගැන්වූවා නම් ගොඩ යයි සිතන ලෝකයේ ඕනෙම රටක ජිවත් වන කෙනෙකුට ගොඩක් සිතන්න දේවල් මේ ප්‍රශ්නයේ නොව, එයට ලැබුන පිළිතුරු (අර නිවුස් වෙබ් අඩවියේ) වල තියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s