අද හිනැහෙන්නේ කොයි ලෙස දෝ මන්දා?* A ruler-for-life?


Arab-Summit-New-Midea_Horo-635x357

{ඒකාධිපතියන් හතර දෙනෙක්; ඉදිරිපෙළ වමේ සිට, බෙන් අලි-ටියුනීසියාව, අබ්දුල්ල සලෙයි-යේමනය, මුඅම්මර් ගඩාපි-ලිබියාව සහ හොස්නි මුබරක්-ඊජිප්තුව (photo credit: AP/Amr Nabil)}

ඊජිප්තුවේ ජනතාව පාරට ආවේ දේශපාලන ව්‍යාපාරයක නායකත්වයෙන් නොවේ. එය නායකත්වයක් නොමැති ජනතා නැගිටීමක්. අන්තිමට ඔවුන් කිසිදා එලවන්න බැරි යයි සිතුව ඒකාධිපති මුබරක්ව පලවා හැරියා.

එයින් පසු පැවැත්වුන ප්‍රජාතන්ත්‍රවාදී ජනපතිවරණයෙන් බලයට පත්වුණේ, රටේ තිබුන එකම සංවිධානාත්මක දේශපාලන හා සමාජ ව්‍යාපාරයේ අපේක්ෂක මොහමඩ් මෝසි. නිකම්ම මිනිහෙක් නොවේ, ඇමෙරිකාවේ ඉංජිනේරු ආචාර්ය උපාධිධාරියෙක්.

එයාල බලයට ඇවිත් සෙට් කර ගන්න හැදුවේ පොදු ජනතාව බලාපොරොත්තු වුණ, ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් සුරක්ෂිත සමාජ ක්‍රමයක් නොවේ. ඔවුනගේ දිගුකාලින බලාපොරොත්තුව වන ස්ලාම් මුලධර්මවාදී පාලනයක්. බලයේ සිටපු ටික කාලයේදීම මේ මුලධර්මවාදී වැඩපිළිවෙල නිසා සංචාරක කර්මාන්තය විතරක් නොවේ, ජනජීවිතය ද කඩා වැටුනා කියා වාර්තා වුණා. ඉන්පසු කතාව පාස්ට් ෆොර්වර්ඩ්.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පත්වූ මෝසිව අත්අඩංගුවට ගැනීම ගැන තියා, විසි වසරකට හිරේ දැමීම ගැන වත් මිනිසුන් පාරට ආවේ නැහැ. මෝසි නායකත්වය දුන් දේශපාලන-ආගමික ව්‍යාපාරයේ ක්‍රියාකරුවන් තොග ගණනින් මරණිය දණ්ඩනයටත්, තවත් විශාල පිරිසක් සිර මැදිරි වලටත් ගාල් කර තියනවා. ඔවුන් බලයට පත් වී කරගෙන යන්න බලාපොරොත්තු වුන වැඩපිළිවෙල ගැන දන්නා ජනතාව (මුබරක් එලවන්න පෙළ ගැසුන පිරිස්), ජිවිත පරදුවට තබා ඔවුන් වෙනුවෙන් පාරට නම් එන එකක් නැහැ.

ඇත්තටම සමාජයේ අපට තෝරා ගන්නට නායකයෙක් (අඩුම ගානේ නරක එවුන් අතරින් ටිකක් හොඳ) හෝ කණ්ඩායමක් හෝ නැත්නම් මොකද කරන්නේ? සංසන්දනය කියන දේ සමහරවිට වැඩකට නැති වුවත්, පහත තොරතුරු නම් සිතා බලන්න වටිනවා. මේ රටවල් අතුරින් එකක ඔබ ජිවත් වුණා නම් “සාමාන්‍ය පුරවැසියෙකු” ලෙස ගන්න පුළුවන් “හොඳම” පියවර කුමක්ද? ඒ ගැන සිතන ගමන් කියවන්න.

ඉරාකය
ඉරාක වැසියන් ලක්ෂ 4ක් රටින් පැන ගිහින්. රට ඇතුලෙම මිලියන තුනක ජනයා අවතැන්. රටෙන් විශාල කොටසක් ISIS ත්‍රස්තයන් අල්ලාගෙන. සෑම මසකම දහසක් පමණ දෙනා මිය යනවා, එයිටත් වැඩි පිරිසක් තුවාල ලබනවා.

සිරියාව
සිරියාව කියන්නේ ඒකාධිපතියාව පන්නපු රටක් නොවේ. නමුත් නරකින් නරකට ගිය රටක්. රැකියා විරහිත ප්‍රතිශතය 57.7% (2014) වෙනවා. ජිවිතාපෙක්ෂාව අවුරුදු 75.9 සිට අවුරුදු 55.7 දක්වා පහල බැහැල. ජනගහනයෙන් භාගයක් අවතැන්. පාසල් යන වයසේ ළමුන්ගෙන් භාගයයි පාසල් යන්නේ.

ලිබියාව
ඒකාධිපති ගඩාපි පැන්නුවා තමා. අද තවත් දෙයකට කටපත්ත අදින්න ලිබියානු ජනතාවට පුලුවන්. අද ආණ්ඩු දෙකක් රටේ තියනවා. රටේ තෙල් ලිං වලින් හරියට දුවන්නේ තුනෙන් එකකට අඩු ගණනක්. සංක්‍රමණිකයන් ගෙන් 10 000 ක් සෑම මසකම රටින් යුරෝපයට පනිනවා. රට ඉතා ඉක්මනින් සොමාලියාවක් වනු ඇතැයි අනාවැකි පල වෙනවා.

යේමනය
යේමනයෙන් පැන්න අලි අබ්දුල්ල සලෙයි තාමත් යටින් නූල් සුත්තර ගෙන යන වග ෂියා මුස්ලිම් කැරලි කරුවන් වන හෝතී ලගේ නැගීමත් සමග වාර්තා වුණා. යේමනය දුප්පත්ම අරාබි රටයි. රටේ ජලයෙන් 40% ක් යෙදවෙන්නේ කාට් නමැති “බෝගය” වගාවට. මේ කොළ කන එක ජනතාවගේ විනෝදාංශයයි. මත් ගුණයෙන් යුත් මේවා කෑවහම ඉතා ප්‍රීතියට පත් වෙන්න හැකියි කියා කියනවා. ඒක පුද්ගල ආදායම දිනකට ඩොලර් 7 වන මේ රටේ, කාට් වලට එම ආදායමෙන් 1/4 කේ සිට 1/3 ක් දක්වා වැය කරනවා. මොනවා නැතත් ජනතාව තුවක්කු වලිනුත් සෑහෙන දුරට ස්වයංපෝෂිතයි. මිනිසුන් 100 කගෙන් 54.8 දෙනා අත තුවක්කු තියනවා (2007).

සලෙයි කියන්නේ අල්කයිඩා සංවිධානයට එරෙහිව ඇමෙරිකාව සමග සහයෝගයෙන් ක්‍රියා කරපු, ඇමෙරිකාවේ ආශිර්වාදය ලබපු තවත් ඒකාධිපතියෙක්. අරාබි වසන්ත රැල්ල එන විට (2011) මොහු රටේ දකුණු කොටසේ අල්කයිඩා සමග හොර ගිවිසුමක් ගසා තිබෙනවා. බිල්ලා පෙන්නා බලයේ ඉන්න තමා අපේක්ෂාව වී තියෙන්නේ. නමුත් වැඩේ හරිගියේ නැහැ. දැන් උතුරෙන් එන හෝතී ලා පිටුපසත් මොහුත්, ඉරානයත් ඉන්නා වග කියවෙනවා.

බලයෙන් පහකෙරුන යේමන ඒකාධිපති සලෙයිගේ ආධාරකාර කාන්තාවක් පසුගිය අප්‍රේල් මස 3 දා සනා නුවර පැවති රැලියකදී; ඔබ නැති ලොවක් කුමටද?

ටියුනීසියාව
බෙන් අලි 2011 වසරේ සෞදි අරාබියට පලා ගියා. ඔහුගේ සහභාගිත්වය නොමැතිව පාලන කාලයේ කරපු අපරාධ හා දුෂණ වලට ටියුනිසියානු උසාවිය වැරදි කරු කර තිබෙනවා. වසන්තයෙන් පසු, රටේ ජනාධිපති මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් පත් වූවා. අගමැති ලෙස පත් වුණේ මධ්‍යස්ත මතධාරී මුස්ලිම් නායකයෙක්.

නමුත් ආර්ථිකය යහපත් නැහැ. රැකියා විරහිත ප්‍රතිශතය 16% ක් වෙනවා. තරුණයන් අතර මේ ප්‍රතිශතය 35 ක් විතර වෙනවා. ගිය වසරේ රටේ විපක්ෂ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරින් තිදෙනෙකු ඝාතනය කෙරුවා. අනෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා ත්‍රස්තවාදය ද අඩුවක් නැහැ.

මොනවා වුණත් වසන්තයේ අනෙක් රටවල් හා සසඳන විට සිවිල් පාලනයේ හා යහපාලනයේ වැඩිම දුරක් ඉදිරියට ගිය රට ලෙසත් ටියුනීසියාව ගන්න පුළුවන්. වසන්තයෙන් පසු පත් වූ පාර්ලිමේන්තුව පොරොන්දු වූ පරිදි රටේ අලුත් ව්‍යවස්ථාව පසුගිය ජනවාරියේ සම්මත කළා. නොයෙකුත් ගැටුම් මධ්‍යයේ එතනට එන්න සිවිල් සමාජය විසින් හොඳ තෙරුපුමක් කළ බව සඳහන්.

පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 216 න් 200 ක්ම අලුත් ව්‍යවස්ථාවට පක්ෂව තම චන්දය දුන්නා. එම ව්‍යවස්ථාව අරාබි ලෝකයේ දැනට තියන ප්‍රගතිශීලි එක යයි කියවෙනාවා. බැංකි මූන් කියුවේ, ටියුනීසියාව, ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වන අනෙක් රටවලටද ආදර්ශයක් කියා.

(විස්තර ටෙලිග්‍රාප්, ටයිම්ස් ඔෆ් ඉශ්රායෙල් හා ටයිම් පුවත්පත් හා සඟරා වලින්).

*බලයෙන් පහවුන ඒකාධිපතියන්ගේ සිතුවිල්ල.

Advertisements

7 Comments

Filed under News, Opinion

7 responses to “අද හිනැහෙන්නේ කොයි ලෙස දෝ මන්දා?* A ruler-for-life?

  1. Pingback: අද හිනැහෙන්නේ කොයි ලෙස දෝ මන්දා? A ruler-for-life? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Dilan

    ඉරාකෙට,ලිබියාවට බටහිර ලෝකෙ අත දාන්න ගිහින් අද හොදට රිටර්න් එක එනවා යුරෝපෙටම,,නොනවතින සරනාගත බෝට්ටු,,ඒවගෙන් එන සරනාගතයන් එක්ක එන ත්‍රස්තයෝ,,කර ගන්න දෙයක් නෑ කස්ටියටම,,ලිබියාවෙ කන්ඩායම් 5 ක් විතර එක එක ප්‍රදේශ පාලනය කරනවා,,ගඩාපි ඒකාදිපතියා උනාට බලන් යද්දී ලිබියාව පාලනයට ගඩාපි කෙනෙක්ම තමා හරි යන්නෙත්

    • ඩිලන්, ඒකාධිපති පාලන ක්‍රම “කොතරම් යහපත්” වුවත් අන්තිම ප්‍රතිඵලය නරකයි කියන එක තමා මේ සියලු රටවල් පෙන්නුම් කරන්නේ. මේ උදාහරණ වලින් ගන්න පුළුවන් පාඩම තමා, ඒකාධිපතියන් බිහිනොකර ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම ජනතාව ඒ සඳහා පෙළ ගැසීම (මානසිකව පවා).

      මේ සියවස අවසාන වන විට පොසිල ඉන්ධන වෙනුවට, විකල්ප බලශක්තිය දියුණු රටවල් සොයා ගන්නවා නිසැකයි. එවිට හම්බු කරගන්න තිබෙන මේ අවස්ථාවේ උපයන සල්ලි වලින් රට දියුණු කරගන්නේ නැතිව, ආයුධ ගෙන්නා ගෙන කුලල් කා ගන්නා සමාජ සියල්ලටම අබ සරණ වනු ඇති. බටහිර අපේක්ෂාවත් එයම වන්න පුළුවන්.

  3. සමාජයක්ලෙස දියුණු වීමෙන් ලබන දි‍යුණු දේශපාලන ක්‍රම තමයි සාර්ථකව රඳා පවතින්නෙ නේද?

    ඉන්ගලන්තෙ ක්‍රමක්‍රමයෙන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් හැදෙන්න අවු 900- 1000ක් විතර ගියා සමාජයීය දියුණුවත් එක්ක.

    ඉන්ගලන්තෙට අවු 500 කට ඉස්සෙල්ල සර්වජන චන්ද බලය හරියන්නෙ නෑ. දැන් ඒකාධිපතියෙක් හරියන්නෙ නෑ.

    • ඔව් ප්‍රා. හැබැයි සමාජයේ දියුණුව හා දේශපාලන ක්‍රමය අන්‍යෝන්‍ය ලෙසත් බැඳී තියනවා නේද? එකක් නැතුව අනෙක ගන්න බැරි තත්වයට අද ලෝකය පත්වී තිබෙන්නේ, රටවල් කිහිපයක් ඉතා දියුණු මට්ටටම පත්වී තිබෙන නිසාත්, ඔවුන්ට කරන්නට පුළුවන් බලපෑම්ද වැඩි නිසාත්. ඒවා ගොඩක් වෙලාවට හිපොක්‍රිටික්. එය කුඩා රටවල් වලට විශාල ප්‍රශ්නයක්.

      හැබැයි මේවායින් ගැලවී දියුණු සමාජයක් කරා යාම සිහිනයක් නම් නොවේ. ලංකාව පවා උදාහරණයට ගන්න පුළුවන්. පසුගිය දා අවසන් වූ ජනපතිවරණයෙන් පෙන්නුම් කරන්නේ, පූර්ණ ඒකාධිපතිත්වයකට ජනතාවගේ තියන අකමැත්තයි. එහිදී බාහිර බලපෑම්ද තිබුනා යයි පෙනෙනවා. නමුත් අවසාන කැමැත්ත ජනතාව අතෙනේ.

      දැන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, කෞශල්‍යතන්ත්‍රවාදී ශිෂ්ට සමාජයකට බහුතරයක් කැමති නැති වෙන්න පුළුවන්. එය වැදගත් නැහැ. වෙනසකට අවශ්‍ය කොටස විතරයි වැදගත්. ඒ පිරිස යම්හෙයකින් අකර්මන්‍ය නම්, අර “බහුතරය” නැතිවී යනවා.

      මට තියන අනෙක් ප්‍රශ්නය නම්, සමහර සමාජ වල “නායකත්වය” කියන දෙය නැති ද යන්නයි. එයිතිහාසික හෝ සමාජයීය කරුණු නිසා එවැනි පිරිසක් කොහොමත් නැත්නම්, සාමාන්‍ය මිනිසුනට තියන විකල්පය මොකක්ද කියලද ඔබට සිතෙන්නේ?

  4. ///ඔබ නැති ලොවක් කුමටද?/// හි හි මට මේවා කියවද්දී අපේ මැදමුලන හිටපු ජනාධිපති තුමා මතක් වුණා..

    //ඇත්තටම සමාජයේ අපට තෝරා ගන්නට නායකයෙක් (අඩුම ගානේ නරක එවුන් අතරින් ටිකක් හොඳ) හෝ කණ්ඩායමක් හෝ නැත්නම් මොකද කරන්නේ?///
    හි හි.. ඒක හොද සහ භයානක ප්‍රශ්නයක් ..

    • හි! හි!! මාත් දැකල තියන අයි ලව් ලූ කියල රෙදිවැල් වනලා තියනවා!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s