Monthly Archives: May 2015

අද එතැන් සිට……..


මා බලාපොරොත්තු වූ පරිදිම කලින් සටහන කියවූ පිරිස හරිම අඩුයි. එයිනුත් යම් දායකත්වයක් දෙන්න කිසිවෙකුට හෝ සිතෙන්න නැතුවත් ඇති. මෙය අමුතු දෙයක් හෝ පුදුම වෙන්න අවශ්‍ය දෙයක් නොවේ. මා වුවත් එහෙමයි. මේ ලෝකයේ තිබෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න හා උදව් ඉල්ලන පිරිස් වලට උදව් කිරීමට, ඔබට හෝ මට තනිව නොහැකියි. අඩුම ගානේ එවැනි කතාවකට අවධානය හෝ යොමු වන්නට නම් අපට යම් කිසි කොනක් බැඳී තිබිය යුතුයි. ඒ කියන්නේ කිසියම් ඥාතිත්වයක් තියෙන්න ඕනේ. එසේත් නැත්නම් එහි ප්‍රතිලාභයක් අපට කෙලින්ම ලැබෙන්න ඕනේ.

මිනිසුන් පුණ්‍යකර්ම වලට කියා දන් දෙන්නේ, ඇත්තටම වෙන කෙනෙකුට පිහිටකට නොවේ, තමන්ට කවද හරි පිං ලැබේවි යයි සිතන නිසා. ඒ සිතුවිල්ල නැතිව ගිය දාක, ඔය පුණ්‍යකර්ම කියා කෙරෙන දේවල් වලින් කොතරම් ප්‍රමාණයක් මේ ලෝකයේ ඉතිරිවෙයිද කියා කිසිවෙකු දන්නේ නැහැ. පින් හා පව් කියන්නේ මිනිසාගේ මෙන්න මේ චෛතිසිකය තේරුම් ගත්ත, බුද්ධිමත් මනුෂ්‍යයෙකුගේ, එක්තරා ප්‍රයෝගයක් වෙන්නත් පුළුවන්.

සෞඛ්‍ය ඇමැතිනී සුසන් ලී කියපු කතාවක් ඊයේ පත්තරේ මා දුටුවා. එනම් රෝහල් වල හදිසි ප්‍රතිකාර අංශයට එන පිරිසෙන් කොටසක් තමන්ට පාලනය කර ගන්න පුළුවන් දේවල් ගැන තියන නොසැලකිලිමත් කම නිසා එන පිරිසක් කියා. උදාහරණයට ඇස්මා කියන රෝගී තත්වය තියන හා රුධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට ඉහල පිරිස්. මේ අයට දී තිබෙන වෛද්‍ය උපදෙස් පිලි පදින්නේ නැතුව, තත්වය උග්‍ර වූ විට කරන්නේ හදිසි ප්‍රතිකාර අංශයට යාම. රෝහල් වල වර්ක් ලෝඩ් එකෙන් මේ පිරිස 7% ක් නියෝජනය කරනවා. ඒ විතරක් නොවේ, බදු ගෙවන්නන්ගේ ඩොලර් බිලියන 3 ක් වසරක් පතා මේ පිරිස් වලට උපස්ථාන කිරීමට (හදිසි අනතුරු අංශයේ) වැය වනවා.

මේ සියලුම පිරිස් අපතයන් කියා මා හඳුන්වන්නේ නැහැ. අර බදු මුදල් වලට දායක වන පිරිසත් මොවුන් අතර ඕනේ තරම් ඇති. හැබැයි එක දෙයක් තියනවා. මොවුන්ගේ අතින් එක එල්ලේ ප්‍රතිකාර සඳහා මුදල් අය කෙරුවොත්, මෙයින් කී දෙනෙක් මෙවැනි සරල හා පාලනය කර ගත හැකි රෝගී තත්ත්ව උග්‍ර වන තෙක් කිසිවක් නොකර ගෙදර ඉඳීවිද? සමාජයේ අපතම පිරිස හැර, බහුතරක් තමන්ගේ රෝගී තත්වය, අඩු වියදමකින් පාලනය කර ගන්නවා ඇති.

මෙතැනදී අඩුම වියදම තමා, තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වී ප්‍රතිකාර ගැනීම හා නිතර අදාළ වෛද්‍ය උපදෙස් පිළිපැදීම. එය තමා ප්‍රයිමරි කෙයා නැත්නම් ප්‍රථමික උපස්ථාන අවධිය. රෝහලකදී කෙරෙන ප්‍රතිකාර වලට යන කොහොමත් වියදම ඉහලයි.

දැන් මේ ප්‍රථමික උපස්ථාන අවධියේදී යන වියදම් අඩු කිරීමටත් විධිවිධාන අරන් තියනවනේ. දොස්තර හම්බු වීමට යන වියදම සම්පුර්ණයෙන් හෝ කොටසක් හෝ මෙඩිකෙයා මගින් දරනවා. ඊළඟට බෙහෙත් වලින් අත්‍යවශ්‍ය ඒවායින් බහුතරයක මිල රජය මුදල් යෙදවීමෙන් අඩුකර තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිනි පසුගිය දා අත්සන් කරපු ගිවිසුමකින්, ජෙනරික් නැත්නම් සාමාන්‍ය නාමය සහිත බෙහෙත් මිල තවත් පහලට යනු ඇතැයි කියවුණා. එහෙම කර තිබෙන්නේ, මේ ප්‍රථමික අවධියේ දීම මිනිසුන්ට ප්‍රතිකාර අරන්, බරපතල තත්වයන්ට ගිහින් මහා වියදමක්‌ කර ගන්නේ නැතුව ගොඩින් බේරා ගන්න. මේ මගින් මුළු රටේම සමස්ත සෞඛ්‍ය වියදම අඩු කර ගන්න එක තමා ඇත්තම බලාපොරොත්තුව.

මෙතැනදී තව දෙයක් කියන්න ඕනේ, පිරිසක් මේ ප්‍රථමික අවධියේදී දී දොස්තර හමු වී ප්‍රතිකාර අරන් ගොඩින් බේරා ගන්නවා වෙනුවට, කෙල වුන පසුව කෙලින්ම රෝහලට යනවා. තවත් කාණ්ඩයක් ඉන්නවා, ලෙඩක් නැති වුනත් අර “නොමිලේ” නිසා හා ගෙදර නිකම් ඉන්න නිසා දොස්තර හමුවන්නට යන. මේ දෙකම හොඳ වැඩ කියා නම් කරන්න බැහැ. මේ දේවල්, මෙවැනි සර්වර්ත්‍ර ක්‍රමයක අනිවාර්ය දේවල් ද යන්න ටිකක් ප්‍රශ්නයක්.

මෙතැනදී සැලකිල්ලට ගන්න ඕනේ, දැනට මේ ක්‍රමයන් සඳහා එකතු මුදල් හා අනාගත ගණන් බැලීම් වලට අනුව ආදායම අභිබවා වියදම වැඩි වෙනවා. උපයන ගාණට වඩා වියදම් කිරීම හැමදා කරන්න නොහැකියි.

අන්න එයට විසඳුමක් කියල තමා රජය පසුගිය අයවැයෙන් දොස්තර කෙනෙක් හමු වීමට යන විට අතින් පොඩි ගානක් ගෙවන්න අවශ්‍ය යයි යෝජනා කෙරුවේ. මෙයට සමාජයෙන් හා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ආපු විරෝධය නිසා සම්පුර්ණයෙන් ඉවත් කර ගන්නට රජයට සිදු වුණා. එතැනදී වෘත්තිකයන්ගේ තර්කය වුනේ, මේ නිසා වල්නරබල් පිරිස් දොස්තර ගාවට යන්න තවත් “කම්මැලි” වින නිසා “නොමිලේ” ප්‍රතිකාර ගන්න රෝහල වලට එන පිරිස් තවත් වැඩි වී රටේ සෞඛ්‍ය වියදම තවත් ඉහල යාවිය කියන එකයි.

මුල් වටයේ විවේචන වලට අනුව, මෙහිදී සමාජයේ වඩාත් වඩාත් උදව් අවශ්‍ය කොටස් මේ ගාස්තු ගෙවීමෙන් නිදහස් කෙරුවා. නමුත් එයත් ජනප්‍රිය නොවුන නිසා තව වටයක් හෝ දෙකක් කරකවා, අන්තිමට මුළු යෝජනාවම අතහැර දැමුවා. මෙවැනි යෝජනාවකට කියන්නේ ප්‍රයිස් සිග්නලින් කියා. එනම් ප්‍රතිලාභ ලබන්නා, යම්කිසි ගාණක් කෙලින්ම සාක්කුවෙන් ගෙවීම නිසා, ලබා දෙන දෙය අගය කරන්නට පෙළඹවීම.

එය නරක දෙයක් කියා මා සිතුවේ නැහැ. ඇත්තටම එම යෝජනාව, අර වඩාත් උදව් අවශ්‍ය කොටස් ඉවත්කර, ක්‍රියාවෙහි යොදවන්නට තිබුණා. මට පෞද්ගලිකව තිබුන ප්‍රශ්නය තමා, රජය යෝජනා කෙරුවේ, මේ එකතු කරන මුදල් රෝහල් සඳහා නැවත ආයෝජන කරන්න නැත්නම් අර කියපු වියදම් වලින් කොටසක් පියවාගන්න නොවේ. ඔවුන් යෝජනා කෙරුවේ, අනාගතයේ කෙරෙන වෛද්‍ය පර්යේෂණ සඳහා අරමුදලකට දායක කිරීම. පොදුවේ පර්යේෂණ වලය මුදල් කපන අතරේ, සෞඛ්‍ය වියදමත් අඩුකර ගන්න කියා තවත් බද්දක් ගහන ගමන්, නොපෙනෙන කළු බළලෙක් සඳහා මුදල් වෙන් කිරීම මෙහි තිබුන දෙපිට කාට්ටු ගතියයි. කොහොමටත් අන්තිමට ඒ යෝජනාව අහමස් පෙට්ටිය ගියා. ඒ කියන්නේ ටික කලකට යටපත් වුණා.

දැන් මුල් කතාවට අවොත්, කෙලින්ම සාක්කුවෙන් නොයන විට, ලබාදෙන සේවාවන් වල අගයක් නොහැඟීම ඕස්ට්‍රේලියාවට විතරක් තියන ප්‍රශ්නයක් නොවේ. මා දන්නවා සමහරුන්, නොමිලේ ලැබෙන බෙහෙත් නිකමට අරන් බොන්නේ නැතුව කුණු බක්කියට දානවා. ගෙදර නිකම් ඉන්නවට “නොමිලේ” නිසා දොස්තර හම්බු වෙන්න යන පිරිස් ඔබත් දන්නවා ඇති. මෙය සෞඛ්‍ය සේවයට පමණක් නොවේ, ඕනෙම සේවාවකට පොදු කතාවක්.

සේවාවන් විතරක් නොවේ, සමහර විට අපට “නොමිලේ” ලැබෙන ආදරයද අප අගය කරන්නේ නැහැ. නමුත් ඒවා නොලැබී ගිය දාක එහි ඇත්ත අගය අපට වැටහෙනවා. සින්දුවක් වත් අහමු. ඔන්න පදමාලාව යටින් ඇති.

“I Won’t Let You Go”

When it’s black
Take a little time to hold yourself
Take a little time to feel around before it’s gone
You won’t let go but you still keep on falling down
Remember how you save me now from all of my wrongs
Yeah

If there’s love just feel it
And if there’s life we’ll see it
This is no time to be alone, alone yeah
I won’t let you go

Say those words
Say those words like there’s nothing else
Close your eyes and you might believe
That there is some way out
Yeah

Open up
Open up your heart to me now
Let it all come pouring out
There’s nothing I can’t take

And if there’s love just feel it
And if there’s life we’ll see it
This is no time to be alone, alone yeah
I won’t let you go
(Won’t let you go)
(Won’t let you go)

If your sky is falling
Just take my hand and hold it
You don’t have to be alone, alone yeah
I won’t let you go
(Won’t let you go)
(Won’t let you go)

And if you feel the fading of the light
And you’re too weak to carry on the fight
And all your friends that you count on have disappeared
I’ll be here not gone, forever holding on

If there’s love just feel it
And if there’s life we’ll see it
This is no time to be alone, alone yeah
I won’t let you go
(Won’t let you go)
(Won’t let you go)

If your sky is falling
Just take my hand and hold it
You don’t have to be alone, alone yeah
I won’t let you go
(Won’t let you go)
(Won’t let you go)

I won’t let you go
I won’t let
I won’t let you go
No, I won’t let
I won’t let you go
I won’t let you go

9 Comments

Filed under Health, Lifestyle, Opinion