The secret recordings සහ යුධ අපරාධ යට ගැහීම!


නාසි ජර්මනිය පරදවා වසර 70 වක් ගත වීමේ සංවත්සරය රුසියාව සැමරූ හැටි ඊයේ රූපවාහිනියේ පෙන්නුවා. චීන ජනාධිපති සහභාගී වී සිටියත්, බටහිර එය වර්ජනය කර තිබුණා. සහභාගී වී හිටපු ප්‍රංශ විදේශ ඇමති ගැන කියුවේ, ප්‍රංශය පුටින්ට ජෙට් ටිකක් විකුණා ගැනීමේ අදහස අත්හැර නැතය කියා. දෙවෙනි ලෝක යුද්ධය සෝවියට් රුසියාවේ මිලියන 27 ක ජනයා බිලි ගත්තා. ඕස්ට්‍රේලියාව වගේ රටවල් අනුන්ට ගොට්ට අල්ලපු යුධ සහභාගිත්ව ඉහලින් සමරත්දී, රුසියාවේ මේ සැමරුම යම් අවමානයකට ලක් කරමින් තමා මේ වාර්තාව ගෙන ආවේ. මෙවැනි දෙපිටකාට්ටුකම් එක රටකට ආවේනික නැහැ.

ඊය හවස SBS චැනලයේ ටිකක් පරණ, චැනල් 4 හදපු Spying on Hitler’s Army නමැති වාර්තාමය වැඩසටහන ගියා. මෙය දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යය විසින් ජර්මනියේ තොරතුරු ලබා ගත් එක උපක්‍රමයක් ගැන කියවෙන වැඩසටහනක්. අල්ලා ගත්තු දහදාහක් පමණ වූ යුධ සිරකරුවන්ට නොදැනෙන ලෙස, ඔවුන්ගේ සංවාද පටිගත කරමින්, යුද්ධයේ තොරතුරු හා මේ සොල්දාදුවල් කරපු යුධ අපරාධ දැනගත් හැටි මේ වැඩසටහන කියනවා.

එහිදී හිට්ලර්ගේ SS හමුදා කාණ්ඩ විතරක් නොවේ, සාමාන්‍ය ජර්මන් යුධහමුදා වත් හරිහරියට යුධාපරාධ වලට හවුල් වුන හැටි මේ යුධ සිරකරුවන්ගේ කතා වලින් හෙළි වෙනවා. මේ කතා වල තැටි පසුව විනාශ කර තිබුණත්, ඒවායේ මුද්‍රිත පිටපත් සුරැකිව තබල. පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මේවා නිදහස් කර තිබෙනවා. චැනල් 4 මේ වාර්තාමය වැඩසටහන හදන්නේ ඒ දෙබස් ඇසුරෙන්.

ඒවා ජර්මන් බසින්, ඉංගිරිසියට පරිවර්තනය කර තිබෙන්නේ, යුද්ධයෙන් බේරී බ්‍රිතාන්‍යයට ආපු යුදෙව්වන්ගේ බඳවා ගත් පිරිස්. යුද්ධයේදී අල්ලා ගත ජර්මන් හමුදාවේ ඉහල ඇවරියේ පිරිස් වලින් ලබාගෙන තියන තොරතුරු විතරක් නොවේ, සොල්දාදුවන්ගේ කතාත් මගින්, මිනිසුන්ගේ ම්ලේච්ච කම පිලිබඳ පැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ මවනවා.

කොහොම වුනත් මේ ලබා ගත් කිසිම තොරතුරක්, මේ මිනිසුන් වැරදි කරුවන් කිරීමට යොදාගෙන නැහැ. චර්චිල්ගේ නියමය අනුව, මේ ක්‍රමවේදය සීතල යුද්ධයේ ප්‍රයෝජනයට ගනු පිණිස, ඒ තැටි විනාශ කර, තොරතුරු සියල්ල පෙට්ටගම් වල අගුලු දාල.

බින් ලාඩන් මරා දමන විට, ඇමෙරිකාව කලින් කියූ පරිදි, වෙඩි තියන්න පැන්න මිනිසෙකු නොව, රෝගී අඩපණව සිටි මිනිසෙකු වගත්, ඔහුගේ ගෙදරට කඩා පැනීම, පකිස්ථානය දැනුවත්ව සිදුවූ දෙයක් වගත් අලුත්ම ගවේෂණ නිබන්ධයක් කියනවා. මේවායේ ඇත්ත නැත්ත හෙළි වීමට හෝ නොවීමට ඉඩ තියනවා.

මහා බලවතුන්ගේ (පමණක් නොවේ, පොඩි බලවත් නොවන අයගෙත් යුධ අපරාධත්), ඔවුන්ගේම වචන හා එළිපිට කියන හා පෙනී සිටින ප්‍රතිපත්ති වලට සම්පුර්ණයෙන් පටහැනි දෙපිටකාට්ටු බවත් ඉහත ගෙනහැර දැක්වූ සියලු අවස්ථා අපට පෙන්වා දෙනවා.

හැකි නම් මේ වාර්තා වැඩසටහන නරඹන්න (ටිකක් දිගයි තමා). එහි කියැවෙන එක්තරා ම්ලේච්ච වැඩක් ගැන තව විස්තර මා වෙනමත් පසුව අමුණා ඇති.

http://www.channel4.com/info/press/programme-information/spying-on-hitlers-army-the-secret-recordings

http://www.scrapbookpages.com/Buchenwald/Atrocities.html
http://www.scrapbookpages.com/DachauScrapbook/DachauTrials/IlseKoch.html

Advertisements

10 Comments

Filed under News

10 responses to “The secret recordings සහ යුධ අපරාධ යට ගැහීම!

  1. කුරුටු ගෑ ගී පවුර

    ලෝක දේශපාලනය…… දෙවැනි ලෝක යුද්ධය කියන්නේ ලෝකයේ දැවැන්තම හැරපුම් ලක්ෂය කියලයි කියන්නේ.. කොහොමත් ලෝකය අාපු ගමනේ හැම හැරවුම් ලක්ෂයක් ම හැදුවේ යුද්ධයන් බව නම් සත්‍යයක්…. වාර්තා වැඩසටහනත් බලන්නම්කෝ…

    • සෝවියට් ජනතාවගේ කැපකිරීම් සමරන්නේ නොමැතිව, යුධ ජයග්‍රහණය ගැන කතා කරන එකත් නිෂ්ඵලයි කුරුටු. මර්කල් පසුවදා හෝ මොස්කව් යන්නේ අන්න ඒ නිසා.

  2. Pingback: The secret recordings සහ යුධ අපරාධ යට ගැහීම! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. හිට්ලර් සහ ස්ටාලින්ගේ විශේෂත්වය දෙන්නම තමන්ගෙම හමුදාවට විශාල අපරාධ කලා (Army purges)

    • //Yet Ms. Merkel said she felt obliged to mark the end of the war against Nazi Germany during which the Soviet Union lost more than 26 million people, far more than any other country. “It is important for me to pay tribute to the fallen soldiers,” Ms. Merkel said at a news conference. “We will always tell the Russian nation that we will remember the losses and the atrocities.”//
      http://www.nytimes.com/2015/05/11/world/europe/putin-urges-reconciliation-with-europe-in-talks-with-merkel.html?_r=0
      //Immediately following the war, Stalin played down the enormous sacrifice of the Soviet people. The death toll was reported as seven million, so that it would be the same as Nazi Germany’s losses; severely disabled soldiers were removed to the remote Valaam Island, so that their presence would not remind people of the monstrosity of the war. Georgy Zhukov, the most prominent war general, was appointed military commander of a provincial region, so that his glory would not interfere with Stalin’s absolute power. Three years after the victory, the May 9th holiday was made an ordinary work day—Stalin was concerned that too much celebration would imbue veterans with excessive pride and feelings of independence.//
      http://www.newyorker.com/news/news-desk/victory-day-in-moscow

      • නායකයන් තමන්ගේ ජනතාවට කරපු atrocities ගැන හොයන්න ඔච්චර දුර යන්න අවශ්‍ය නැහැ ප්‍රා!

  4. සාමාන්‍ය සොල්දාදුවන් අපරාධ කලත් ඔවුන් එය කරන්නේ උඩින් ලැබෙන එන අනුව. ඒ නිසා දඬුවම් කල යුත්තේ ඉහල නායකත්වයට මිසක් සොල්දාදුවාට නොවේ. සොල්දාදුවා පුනරුත්ථාපනය කල යුතුයි.

    • එය පැත්තක දැමුවත් මචං (මෙතන ඉහල ඇවරියේ කට්ටියද ඉන්න වග අමතක කරන්න එපා), මේ මිනිසුන් තමන් කරපු අපරාධ ගැන කතා කරලා තියන කැෂුවල් ගතිය අපට කියන්නේ මිනිසාගේ සහජ ම්ලේච්චත්වයයි.

  5. කොහොමත් ඔය හැම යුද්ධයකම සදහටම පෙට්ටගම් වල දාලා අගුලුදාලා තියෙන්න ඕනේ කියලා තීරණය කරපු දේවල් තියෙනවා මම හිතන්නේ… මට මතක් වුනේ අර චිත්‍රපටියක කර්නල් කෙනෙක් කියන “You can’t handle the truth…” කියන සීන් එක…

    • හරියටම හරි බිට්ල්. ජර්මනියේ සහ සෝවියට් ක්ලැසිෆයිඩ් ලියවිලි වලින් සමහරක් එලියට දැමුවා. නමුත් අනෙක් රටවල් වල කොතරම් තියනවද, කොතරම් විනාශ කරලද කියල කවුද දන්නේ?
      විශේෂයෙන් හිට්ලර් මගින්, ස්ටාලින්ව බාව ගන්න බලා හිටිය බටහිර “රහස් කතා” වල ලියවිලි තියෙන්නෙත් හැකියි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s