තේ විකුණා දිවි රැක ගත් කුඩා මෝදී! Like much of life and history, one believes what one chooses!


අද මාතෘකාව මා කලින් ලියපු සටහනක, පොඩි මුලාශ්‍ර ලිපියකින් උපුටා ගත්තක්. ඉතිහාසය, වර්තමානය, ජීවිතය යන මේ කුමන දෙය ගත්තත් මෙයම තමා ඇත්ත. ලංකාවේ අපට තේරෙන භාෂාවෙන් කියුවොත්, යූඑන්පී කාරයෙක් බොහෝ විට එම පක්ෂය අතීතයේ හෝ වර්තමානයේ වැරදි කෙරුවා යයි පිළිගන්නේ නැහැ, ජේවීපී, ශ්‍රීලංකා කාරයනුත් අන්න එහෙමයි. ඉතිහාසය අප තේරුම් ගන්නෙත්, තුලනාත්මකව කරුණු සෙවීමෙන් නොවේ, අපට විශ්වාස කරන්නට අවශ්‍ය කරුණු ටික විතරක් ගැනීමෙන්.

හිට්ලර් හා ස්ටාලින් කරපු මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳව ඒ සමාජ වල විශාල ලෙස කතා බහ ඇතිවී තිබෙනවා. ඒ සමාජ දෙකේම ප්‍රධාන ධාරාව ඔවුන් අපරාධ කරපු වග පිලිගන්නවා. මේවා ගැන ඔවුන් පොත්, චිත්‍රපට, දේශපාලන කතා, ගීත, වාර්තාමය විචිත්‍රාංග හා වෙනත් මාධ්‍ය වලින් ද කතා කර තිබෙනවා. මා සෝවියට් දේශයේ ඉගෙන ගන්න විටත්, ස්ටාලින් කරපු අපරාධ ගැන කතා කෙරුනා. හිට්ලර්ගේ අපරාධ පිලිබඳ ජර්මන් සමාජය කතා කළේ එයිටත් බොහෝ කලකට කලින්. ස්ටාලින්ගේ “අඩිපාරේ” යනවා යයි සමහරුන් කියන පුටින් පවා, ජිවිතයේ නොයෙක් අවස්ථා වල ස්ටාලින්ගේ අපරාධ හෙලා දකිමින් කතා කර තිබෙනවා. පසුගිය දා තිබුන දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණ හැත්තෑ වන සංවත්සරය ගැන කතාවකදී පවා, ඔහු ඒ ගැන සඳහන් කර තිබුනා.

නමුත් සාමාන්‍ය සමාජයේ මේ දෙදෙනාම වීරයන් ලෙස සලකන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. අර හැත්තෑ වන සංවත්සරයේ මොස්කව් පෙරහැරේ පවා ස්ටාලින්ගේ පින්තුරය තියා ගෙන සිටිය ආච්චිලා-ආතලා සිටියා. හිට්ලර්ව එළිපිට සැමරීමට නොහැකි වුනත්, ඔහුව හදවතින් සමරන පිරිස් ජර්මන් සමාජයේ ඉන්න වග මතුපිටට පැමිණෙන සමහර සිදුවීම් වලින් අප අදත් දකිනවා.

සමාජයේ වෛරය පතුරවන ගොඩක් දෙනා ජිවිතයේ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දුන්න මිනිසුන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඇත්තටම එවැනි බිහිසුණු අත්දැකීම් සහිත මිනිසුන් එවැනි ගණයේ නොවන වග බොහෝ විට පෙනෙනවා. මා කලින් ලියා ඇති කාම්බෝජ-ඕස්ට්‍රේලියානුවෙකුගේ පවුලේ සියල්ල, පොල්පොට් ගේ හමුදා විසින් මරා දමා තියෙන්නේ ඔහු කුඩා කාලයේ. අම්ම, තාත්තා, සහෝදර-සහෝදරියන් සියල්ල එක මොහොතින් නැති වුනොත්, කුඩා දරුවෙකුගේ ජීවිතය කොහොම වනු ඇත්ද? අප සමහර විට සිතාවි, මු ජිවිතයම සමාජයට වෛර කරමින් ජිවත් වනු ඇතැයි කියා. පසුගිය දා ඉන්දුනීසියාවේ සිදු කරපු මරණීය දඬුවම් ගැන උදෙන්ම මා සමග කනගාටුවෙන් කතා කළ කෙනා ඔහුයි.

මේ තියෙන්නේ ජර්මන් වින්ග්ස් අහස යානාවක් එහි සිටි මගින් සමග කඳු වල වද්දවා දිවි නසා ගැනීම පිලිබඳ පළවූ පුවතක්. Crash victim’s forgiving parents ‘don’t hate’ co-pilot who killed their son. ලෝකය ඉතා නරක තැනක් තමා. නමුත් මෙවැනි මිනිසුන් ලෝකයේ සිටින වග දැනගැනීමෙන්, නරක අපත් යන්තමින් හෝ හොඳ වෙන්නට උත්සහ ගන්නවා.

මේ සියල්ල මා ලියුවේ, පසුගිය දා මා එක දෙයක දී අත් දැකපු මේ සමාජයේත් ඉන්න, සමහර විට අපට කිසි සම්බන්ධයක් නොමැති වුවත්, ඉතා කාරුණික මිනිසුන් ද සිටින වග යලිත් මතක් වීමෙන්. ඒ ගැන මා විස්තර ලියන්නේ නැහැ.

මේ සතියේ ටයිම් සඟරා මුල්පිටේ කතාවට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ව තෝරා ගෙන තිබුණා. ඔහු සමග කරපු කතා බහක් ඇසුරින් දිග ලිපියක් එහි පළවී තිබුණා. නරේන්ද්‍ර මෝදී කියන්නෙත් විවාදාත්මක අතීතයක් සහිත දේශපාලඥයෙක්. ඔහුගේ පදවි ප්‍රාප්තිය බොහෝ පිරිස් (ඉන්දියාවෙන් පිටත) සැක මුසුව බැලුවේ. ඔහුගේ පාලනය යටතේ ඉන්දියාවේ ගමන කුමන දිසාවකට යනු ඇත්දැයි කියන්න තවම වේලාසන වැඩියි.

ඔහුගේ ජිවිතයට බලපෑම් කරන්නේ මොනවාදැයි අසු විට, ඔහුගේ ඇස් තෙත් වූ වග ටයිම් කියනවා. //This touches my deepest core. I was born in a very poor family. I used to sell tea in a railway coach as a child. My mother used to wash utensils and do lowly household work in the houses of others to earn a livelihood. I have seen poverty very closely. I have lived in poverty. As a child, my entire childhood was steeped in poverty. For, me poverty, in a way, was first inspiration of my life…..// (පිටුව 21, ටයිම්, මැයි 18, 2015).

මට මෙතැනදී මතක් වෙන්නේ නමක් නොමැති කෙනෙක් මගේ කලින් සටහනකදී කියපු කරුණක්. එනම් මේ සටහන් වලින් මා අතීතයේ මහා දුක්කිත ජිවිතයක් ගත කර ඇති වගත්, ඒ වෛරයෙන් මා පෙලෙන වගත් ඔහුට තේරුම් යනවා කියා. ඔහු හෝ ඇය එහෙම තේරුම් ගත්තේ කොහොමදැයි මා දන්නේ නැහැ. ගුරුවරුන් වූ මගේ දෙමාපියන් ලංකාවේ දුප්පත් යයි කියන කැටගොරියට ඇතුලත් කරන්න හැකිදැයි මා දන්නේත් නැහැ. නමුත් අපේ කුඩා කාලය පොහොසත් නූනත්, එය දුක්කිත යයි නම් කරන්නට නොහැකියි. මගේ වැඩිහිටි දිවිය කොහොමත් දුක්කිත යයි කියන්න බැහැ. මොකද එසේ නම් ලෝකයේ ඇත්තම දුක්කිත පිරිස් වලට යන එන මං නැති වෙනවා.

එය නොවේ වැදගත් කරුණ. මෝදී මෙන් අතීතයේ දුක් කියන දේශපාලකයෙකුට ලංකාවේ නම් යන එන මං නැති වන එක සිකුරුයි. මොකද සාමාන්‍ය ජනතාවත් මල් තියා වඳින්නේ, ඇත්තටම අගු පිලේ ඉපදිච්ච වුණත්, වලව්වක ඉපදුණා කියා කියනවා නම් විතරයි. මිනිසුන් තමන්ගේ අතීතය සමතලා කර, ‘නව අතීත’ නිර්මාණය කර ගන්නේ අන්න ඒ නිසා. නැතිනම් පැවැත්මක් නැති වනවා. අපට හමුවන සාමාන්‍ය මිනිසුන් පවා, නැති පුරාජේරු කියමින් දන්නා අපට කොලේ වහන්න ට්‍රයි කරන්නෙත් ඒ නිසාම වෙන්න පුළුවන්.

Advertisements

19 Comments

Filed under Lifestyle, Opinion

19 responses to “තේ විකුණා දිවි රැක ගත් කුඩා මෝදී! Like much of life and history, one believes what one chooses!

  1. Pingback: තේ විකුණා දිවි රැක ගත් කුඩා මෝදී! Like much of life and history, one believes what one chooses! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇත්තෙන්ම වටිනා ලිපියක්. මේ ලිපිය කියවද්දී මා සමග සිටි මුදල්වත්කම් සෑහෙන පමණකින් යුතු හිතවතා නොසිතා මෙන් එකවරටම අපූරු අදහසක් ප්‍රකාශ කළා. “ධනවත්තු සැපසේ දුක් විඳිති. ධනය හීන අය දුකසේ සැප විඳිති ” .

    • ධනවතුන් සියල්ලන්ම දුක් විඳිනවා යයි කියන්නේ ගොඩාක් වෙලාවට අප වැනි දුප්පතුන්. සිත රවටා ගන්න නේද ගුණසිංහ? 😀

      ඉපදීමම මහා දුකක් කියන ආගමික සටන් පාඨයට මා කැමති නැහැ ගුණසිංහ!

      • මට ඔබ සමග එකඟ විය හැක්කේ අර්ධවශයෙන් පමණයි. මා සටහන් කළ අදහස ප්‍රකාශකළේ අගහිඟයකින් තොරව දිවිගෙවන ඉහළම පෙළේ ලොකු ධනවතෙක්, සෑහෙනතරමේ උගතෙක්. “ඉපදීම මහා දුකක් කියන ආගමික පාඨය” මගේත් කැමැත්ත දිනාගත්ත එකක් නෙවෙයි. මා එවැනි නිගමනයක සිටිතැයි ඔබට සිතුනේ ඇයිදැයි සිතා ගන්නට නොහැකියි. ඒ වගේම “සතුට” තියෙන්නේ ධනය තුළ කියන ඇදහීමත් මම ප්‍රතික්ෂේප කරනවා. එයින් අදහස් කළේ ද ධනය ප්‍රතික්ෂේප කිරීමක් හෙමත් නොවන බව සලකන්න

        • ඉපදීමේ කතාව ඔබේ ප්‍රතිචාරයට ලියපු එකක් නොවේ. පොදුවේ සැමට ලියුවක්.
          ධනවත් කතාව කතාව විහිළුවක්! 🙂

          • උදේ කලබලෙන් තේ බොන ගමන් කලබලෙන් ලියුවේ. මා ලියන සමහර විහිළු සිරාවට ගන්න එපා!
            මා පුතාලට කියන දෙයක් තමා, පුතේ සතුට කියන දේ සල්ලි වලට ගන්න බැහැ. හැබැයි සල්ලි නැතුව මොකුත් ගන්න බැහැ කියල! 😀

            • පුතේ සතුට සල්ලිවලට ගන්න බැහැ.
              ඒත් ගොඩක් සල්ලිවලට,සතුටු ටිකක් හරි ගන්න පුලුවන්.

  3. /* මෝදී මෙන් අතීතයේ දුක් කියන දේශපාලකයෙකුට ලංකාවේ නම් යන එන මං නැති වන එක සිකුරුයි. */

    ර. ප්‍රේමදාසට වදරුද්ධ නැගි බලවේග, ලැවරියා කතා හෙම මතකද?

    • හරියට හරි. ජනපති ප්‍රේමදාස වඩාත් නරක වුණේ එම බලවේගත් නිසා කියා මා විස්වාස කරනවා.
      නමුත් තමන්ගේ අතීතය යන්තමින් හෝ මතක තිබුන හා දුප්පතුන් වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරපු ලංකාවේ වර්තමාන නායකයා ඔහුයි කියාත් නම් කරන්න පුළුවන්. ඒත් අතීතය දෙස නැවත හරි බලන විට තරාදියේ අනෙක් පැත්ත බර වැඩියි කියලත් මා සිතනවා.

  4. කුරුටු ගෑ ගී පවුර

    අතීතය මිනිසෙකුට ලැජ්ජාවට කරුණක් නෙමෙයි……. විශේෂයෙන් ම දේශපානඥයන් නම් දුප්පත්කම ගමේකම වගේ දේවල් නියමෙට විකුණාගන්නවා… මොනවා වුණත් මෝදි කියන්නේ ලංකාවේ වත්මන් ජනාධිපති වගේ ම සැබෑවට ම නැගිටපු මිනිහෙක්

    • ලංකාවෙන් පිටත ඉන්න මටත් පෙනෙනවා ජනපති මෛත්‍රීට කියන කතා. මෝදීගේ සම්මුඛ සාකච්ඡාවේදි ටයිම් සඟරාවේ අය සමග ඔහු වැඩිපුර කතා කර තියෙන්නේ හින්දියෙන්.
      ලංකාවේ නායකයා මෙයම සිංහලෙන් කෙරුවා නම්, කොහොම ප්‍රතිචාරයක් (ලංකාව ඇතුලේ) එන්න තිබුණාදැයි ඔබම සිතන්න. එවිට කතා කරනු ඇත්තේ, කතා කරපු දේවල් නොව, “ජාත්‍යන්තර” සඟරාවක් සමග සිංහලෙන් කතා කරපු එක ගැන විතරක් වෙන්නත් පුළුවන්!

  5. ස්ටලින්ව ආපහු රුසියාවේ පුනරුත්ථාපනය කරගෙන යනවා. ලෝකය නරක තැනක් නෙවේ. ලෝකය නරක තැනක් කරන්නේ මිනිසුන් විසින්.

    • ඔව් ඒ වගේ පෙනෙනවා. එයට බහුතර කැමැත්ත ද තියන වගත් යන්තමින් පෙනෙනවා.නමුත් එලියට එන්නේ එක පැත්තකට බර දේවල් පමණක් නිසා ඒ ගැන හරියටම කියන්න කල් මදි නේද මචං?
      අර කකා කලින් සටහනකට දාපු මේ සිංදු කෑල්ල ලෝකය ගැන කියන එකක්!
      /මිනිසාමයි ලොව දෙවියන් වන්නේ! මිනිසාමයි ලොව තිරිසන් වන්නේ!!/

  6. නරේන්ද්‍ර මෝඩි කියන්නෙ ඉන්දියාවේ මහා විසාල වෙනසක් කරන කරපු කෙනෙක් නම් වෙන එකක් නෑ…නමුත් බොහෝ ඉන්දී්‍ය අගමැති වරුන් ඉන්දියාව යන වර්ධනීය මාවත සාර්ථක කරගන්න පොඩි පොඩි වැඩ විශාල ගානකින් දායක වෙනවා..
    අපේ රටේ අය බලාපොරොත්තු වෙන්නෙ එක රැයින් අවුරුද්දෙන් වෙන සංවර්ධනයක්…ඊට වඩා යථාර්ථවාදීව ඉන්දියාවේ දුප්පත් ජනතාව මධ්‍යම පාන්තික වෙන විදියට කරන ඉතා පුලුල් වැඩපිලිවෙල වැදගත්…

    • මැක්කා පාරක් යන මේ සටහනේ මෝදී කියන්නේ එළදෙන විතරයි ඉන්දික! 😀

      ඉන්දියාව හා චීනයට තියන විශාල ප්‍රශ්නය නම් අධික ජනගහනය හා වර්ධනය වන ජනගහණයයි. මේ රටවල් දෙකේම ලෝක ජනගහනයෙන් 18% විතර ගානේ ඉන්නවා. පොඩ්ඩක් සැසඳුවොත් ඇමෙරිකාවේ ඉන්නේ ලෝක ජනගහණයෙන් 4.5% ක් වගේ ගණනක්. ලංකාව හා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ 0.3% ක වගේ ගණනක්. ඉතිං අපට හිතා ගන්න පුළුවන්නේ. මොවුන්ගේ ආහාර, ඇඳුම් පැළදුම්, නිවාස, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන හා තව නොයෙකුත් අවශ්‍යතා පිරිමහන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය සම්පත් (මානව හැර) රටේ තියනවාද? මෙන්න මේවා මුලිකම ප්‍රශ්නයි.

      ඔබ හරි, රටක් සංවර්ධනයට (සමාගමක් නග්ගල ගන්න වාගේ) නායකත්වය ඉතා වැදගත්. රටේ ජනතාවගේ ආකල්ප හා ඔවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියන දෙයත් ඒ හා සමානව වැදගත්.

      ටයිම් ලිපියෙන් මා අලුත් දෙයකුත් දැන ගත්තා. යෝගා කරන මොදිගේ ඇමති මණ්ඩලයේ “යෝග ඇමති” කෙනෙකුත් ඉන්නවා!

  7. අනේ මන්දා බං. ලාංකිකයෝ බහුතරය වලව්වක නොඉපදීම, ජාත්‍යන්තර සඟරාවකට සිංහලෙන් කතා කිරීම දකින්නේ අමුතුම ඇහැකින්. නමුත් ජපන් අගමැති ටයිම් සඟරාවට ජපන් වලින් කතාකිරීම ජපන්නු මාරයි කියන අදහස තහවුරු කිරීමක්.

    • මා වලව්වක ඉපදුනා නම්, වලව්වේ රයිගම් කියා බ්ලොග් එකක් ලියන්නත් තිබුණා. 😀

      රජතුමා-යටත් වැසි මානසිකත්වය හා පීඩකයා වන්දනාමාන මානසිකත්වය, අතීත නටබුන් ලෙසත් සලකන්න පුළුවන් නේද බං

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s