මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (1)


නුතන සමාජයේ ජිවත් වන දෙමාපියන් හා භාරකරුවන් ජිවිතයේ එක අවධියක මුහුණ දෙන ප්‍රධාන පුරස්නයක් තමා, දරුවන් කොයි පාසලටද යවන්නේ කියන දෙය. නිවසේ උගන්වන ඉතා කුඩා ප්‍රතිශතයක් සමාජයේ ඉන්නවා තමා. ඉතා ඉහල ධනවතුන් සමහරක් ගුරුවරුන් ගෙදරට ගෙන්වා තමන්ගේ දරුවන්ට “පාසල්” අධ්‍යාපනය ලබා දෙනවා. එතරම් ධනවතුන් නොවන සම හරක් ද දරුවන් පාසල් යවන එක මහා ව්‍යසනයක් යයි සිතන නිසාත්, නමුත් ගුරුවරුන් ගෙන්වා ගන්න වත්කමක් නැති නිසාත්, ගෙදරදී මොනවා හරි උගන්වන්න උත්සහ කරනවා. මේ දරුවනට අබ සරණයි.

පාසලේදී අප ඉගෙන ගන්නේ විෂය නිර්දේශයට අදාළ දේවල් විතරක් නොවේ. සමාජය සමග ගැටෙන්නේ කොහොමද, ඒ ගැටීමේදී එනම් කාණ්ඩයක් සමග වැඩ කරන්නේ කොහොමද, අනෙක් අය සිතන්නේ කොහොමද යනාදී දේවලුත්, එකිනෙකාගෙනුත් ඉගෙන ගන්නවා.

ඉගෙන ගැනීම කියන දෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඇත්තටම අප මොනවාද ඉගෙන ගන්න අවශ්‍ය? මෙන්න මේක තමා මහා පුරස්නය. හැබැයි පාසල් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ වඩාත් සරල කාරණාවන් කියත් නම් කරන්න පුළුවන්. එය අවසන් කරපු පසු අපට අවස්ථාව තියනවා, වැඩිදුර දේවල් ඉගෙන ගන්න, නැත්නම් නිකම් ඉන්න.

සිංගප්පුරුව පිලිබඳ මා ලියමින් සිටිය සටහන් අතරමග නැවතුනා. නමුත් ලියන්නට බලාපොරොත්තු වෙනවා. ඇහැලේපොළ ඇසුරෙන් ලියන්න ගිය කතාවත් තවම නිම කරන්න බැරි වුණා. මේවා ලිවීමට මා කියවූ දේවල් වලට නැවත යා යුතුයි. මතකය අලුත් නොමැති විට එය අසීරු කරුණක් වෙනවා. ඒ කියන්නේ එම මුලාශ්‍ර අලුතින්ම කියවිය යුතු වෙනවා. එයට කාලය අවශ්‍යයි.

අද නම් ඇඟට පුදුම අමාරු දවසක්. ඊයේ කඩෙන් පොරවක් ගෙනත්, ගෙවත්තේ තිබුණ කුඩා ගස් දෙකක් බිම හෙලා, අතු හා කඳ පොඩි කෑලි වලට කුට්ටි කෙරුවා. පණ යන වැඩක්. අම්මපා, අර විස්කි අනුස්මරණ වැඩේ තියෙන්න තිබුනේ අද. කොහෙද හෙට වැඩට යන්න තියනවා නොවැ.

මෙතැනදී නූතන උපකරණය වන චේන් සෝ එකකට නොගියේ වෙන කිසිවක් නිසා නොවේ. එය භාවිතාව ඉතා ප්‍රවේශමෙන් කළ යුතු නිසාත්, ඒ ගැන මගේ අත්දැකීම් සීමිත නිසාත්, මගේ හොඳට තියන අවයව බේරා ගත යුතු නිසාත්. ලඟකදී පොරවක් අතින් අල්ලා නැති වුවත්, පොරවෙන් වැඩ ගැනීම අතීතයේ කර තිබෙන නිසා පරිස්සම් වෙන්න ඕනේ හැටි දන්නා නිසාත් එය තෝරා ගත්තා.මෙවැනි තැනකදී, අලුත් දේවල් ඉගෙන ගන්නවා, කියා ජිවිත අවදානම් ගත යුතු නැහැ.

දැන් ලියන්න ආපු දෙයට යලිත් අවතීරණ වුණොත් (කොහොමද වැඩේ, අන්න එහෙම ටිකක් ගාම්බිරව ලියන්නකෝ අයියා) මගේ පාසල් දිවිය ගැන යන්තමින් කලින් ලියා ඇති. මා පාසල් තුනක ඉගෙන ගෙන තියනවා. හෝඩිය එක පාසලක. එකේ පන්තියේ සිට පහ දක්වා තවත් පාසලක, හයේ ඉඳලා දොළොස් වැනි පන්තිය දක්වා තවත් පාසලක. මේ සියල්ල රජයේ පාසල් (ඇත්තටම පුතේ, රජයේ නොවන කිසිම අධ්‍යාපනයක් මා මුළු ජිවිතයටම ලබා නැහැ; කුඩා සහතික අමතක කෙරුවොත්). මෙයින් මා මුලින්ම ගිය පාසැල බාලිකා විද්‍යාලයක්. අනේ මොකට බාලිකා කියුවද මා දන්නේ නැහැ. මෙය මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයක් (කාන්තාවන්ට සමාජයෙන් කරන වෙනස්කම් මා මුලින්ම උගත්තේ එහිදී. ඒ අත්දැකීම මෙහි ලියන්නේ නැහැ).

අපේ දරුවන් යන්නෙත් රජයේ පාසල් වලට. ඒ ගැනත් මා කලින් ලියා ඇති. හැබැයි, ඔවුන් යන පාසල් අපේ තේරීම්. එසේ තෝරා ගැනීම් වලදී, ඔවුන්ගේ හැකියාවන් ද උදව් වී තිබෙනවා. එනම් ඒ පාසල් තෝරා ගන්න අපට ඕනේ කම තිබුනට විතරක් බැහැ.

මා ලියන සටහන් මගේ සිතුවිලි විතරක් නොවේ. සමහරවිට මා කියවන, නරඹන දේවල් ද බෙදා ගන්න හිතුණොත් මෙහි ලියනවා. මේවා කියවන්න කියා බල කරන්න මට ඕනේ නැහැ. ඒ වෙනුවට ආසාවෙන් කියවන එක අයෙකු හෝ ඉන්නවා නම් එයත් මට සතුටක්. කලින් සටහනකදී මා එදින කියවපු අධ්‍යාපනය ගැන ලිපියක් ගැන දැන ගන්නට ආසාවෙන් සිටින වග එක පාඨකයෙක් ලියා තිබුණා. ඇත්තටම මෙච්චර වැල් වටාරම් වලින් පසුව එන්න හදන්නේ අන්න ඒ ලිපියට. මොකද ආසාවෙන් කියවන එක අයෙක්, වෛරයෙන් කියවන දහසකට වඩා වටිනවා.

මේ පර්යේෂණ ලිපිය තමා Does school type affect cognitive and non-cognitive development in children? Evidence from Australian primary schools. මාතෘකාවෙන් කියන පරිදි මේ කතා කරන්නේ ප්‍රාථමික පාසල් ගැන. ඒ විතරක් නොවේ ඕස්ට්‍රේලියානු ප්‍රථමික පාසල් ගැන. හැබැයි, ඔබ ලෝකයේ කොහේ ජිවත් වුණත්, මෙහි සොයා ගැනීම් වලින් යම් ප්‍රයෝජනයක් ලබන්නට හැකි වගත් මට සිතෙන නිසා කෙටියෙන් ඒ ගැන ලියන්නම්. නමුත් අද නොවේ. දැන් මේක පමණට වඩා දිග නිසා, හෙට, හෝ ඉඩ ලැබෙන ඊළඟ දවසේ.

Advertisements

7 Comments

Filed under Education

7 responses to “මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (1)

  1. Pingback: මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (1) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. හිරු

    ඉන්ටනැෂනල් ඉස්කෝල තව හොඳයි අනේ… රජයේ ඉස්කෝලෙක දෙක වසරෙ දුවෙක් ඉන්න අපේ මහත්තයගෙ යාලුවෙක් අද කෝල් කරල වරා මල්, ඉද්ද ඇට, ඉපිල් ඉපිල්, ඉළුක්, මොණර කුඩුම්බිය ඇට සහ තව මොනාද ජාති ටිකක් හොයනව, ළමයට ඉස්කෝලෙට ගේන්න කියල… මං ඇහුව එක ජාතියක්ද ඔක්කොම ජාතිද කියල… ඔක්කොම ජාතිලු… ඉරිදට නිවාඩු තියෙන තාත්තෙක් ඉන්න හින්දම හොඳයි ඉතිං..

    • හි! හි!! ඔය තියෙන්නේ නොකළ යුතු දේවල් වලට, ටෙක්ස්ට් බුක් කේස් එකක්. දැන් හිරු ඕවා විෂය නිර්දේශයේ තියන දේවල් ද, නැත්නම් ගුරුවරයාගේ තනි සිතුවිලිද? කාගේ වුනත්, අත්තන ඇට කැවිලා වගේ.

      මොකටද ඔය ඇට හොයන්න කියන්නේ? ඇට ගැන ඉගෙන ගන්න වෙන්න ඕනේ. බලන්න දෙක වසරේ දරුවෙක් දැන් මේ මෝල් පැවරුම ලැබුණ දා සිට කොතරම් පිඩනයකින් ද ඉන්නේ. කුඩා දරුවන්ට මානසික ආතතිය හදල උගන්වන්න බැහැ. දැන් මේ දරුවා නොවේ පැවරුම කරන්නේ. තාත්තා. ඇති වැඩක් තියනවාද? වැඩට යන දෙමාපියන් නිවාඩු දවසේ “ඇට” හොයන එකට වඩා දරුවන් සමග, පවුල සමග ගත කිරීම දරුවාගේ ඉගෙනීමට බලපානවා. මේ තියෙන්නේ මා ලියන පර්යේෂණය ගැන කියවෙන දෙයක් //”And I guess that latter result really just shows some of the importance of the parental time input in relation to kids’ success at school as well.”//

      දරුවන්ට ඇට ගැන උගන්වන්න නම්, ගෙදර හෝ වත්තේ හෝ, නිවස අවටින් සොයා ගත හැකි ඇට වර්ග කිහිපයක් සොයාගෙන එන්න කියුවා නම් දරුවා පැවරුම සමග සම්බන්ද වෙනවා. දරුවා කැමැත්තෙන් හා පහසුවෙන් මේ දේ කරනවා. එමගින් දේවල් ඉගෙන ගන්නවා. ආතතිය හැදෙන්නේ නැහැ. තාත්තා නිවාඩු දවසේ ගෙදර ඉන්නවා. මෙන්න මේවා මොනර කුඩුම්බිය වගේ මේ ලෝකේ දැන් නොමැති ඇට හොයනවට වඩා ගොඩක් දරුවාගේ ඉගෙනීමට වැදගත්. හපොයි හිරු, මේ සටහනේ ඊළඟ කෑල්ල ඔය කියන ඉගැන්වීම් සමග ගැලපෙන්නේ නැහැ.

  3. මම හිතන්නේ හැම රටටම අදාල පාසැල් සංස්කෘතියක් තියෙනවා. ඔය වගේම කල්ලි වාදයක් නැතිනම් elite group එකක් වශයෙන් අන්‍යයන්ගෙන් වෙන්වී ක්‍රියාකිරීම අඩුවැඩි වශයෙන් කොහෙත් තියෙනවා මම දන්න විදියට. එංගලන්තේ නම් Eton College, එතකොට එකසත් ජනපදයේ නම් හාවර්ඩ්. යුද පුහුණුවට නම් සෑන්ඩ්හර්ස්ට්. ඔය පාකිස්තානේ ගිහින් හරියන්නේ නෑ. අඩුකුලේ…

    • මචෝ, පොඩ්ඩක් හිටපං. මේක වෙන කතාවක්.

      elitism ගැන හොයන්න ඔය රටවල් ගානේ කරක් ගහන්න ඕනේ නැහැ මචං, ඉස්සර eligaterian පාසල් වලට හොඳම උදාහරණ වෙච්ච රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා කියන ලංකාවේ රජයේ පාසලුත්, මේවායේ ඉගෙන ගත්තු “බයියන්” විසින් ම අද තමන්ගේ බූදල් බවට එනම් උඹ කියන elite නොවන elite group හදාගෙන තියෙන්නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s