සොක්‍රටීස් නොකියූ රහස! How to become a happy philosopher?


socrates and cherylocrates

ලංකාවේ මා දන්නා දරුවෙකු අපොස සාපෙ විෂයයන් සියල්ල අසමත් කියා දැනගත් විට මට ඇතිවුණ හැඟීම සංකීර්ණ එකක්. ලෝකයේ තියන intergenerational poverty cycle කියන දේ අප දන්නවනේ. මේක පරම්පරාවෙන් පරම්පරාවට යන දෙයක්. දෙමාපියන් විසින් දුප්පත්කම, අධ්‍යාපනයේ අගහිඟය හා මේ දෙකම නිසා තෝරා ගත් මාරක ජිවන විලාසිතා නිසා ඔවුනගේ දරුවන්ටද ගැලවීමක් ලැබෙන්නේ නැහැ. දරුවන් යලිත් ඇතිදැඩි වන්නේ අපත පරිසරයක නිසා, ඔවුන්ගේ වැඩිහිටි දිවියද දෙමාපියන්ට වඩා වෙනස් වන්නේ නැහැ. මේ මාරක චක්‍රයෙන් එකෙක් දෙකෙක් පිටට පනිනවා වුවත්, බහුතරය චක්‍රයේම කැරකෙනවා. එම චක්‍රය කැඩීමට, මහා සමාජයේ උදවු අවශ්‍යයි.

දැන් අර දරුවට ආවොත්, එයාගේ දෙමාපියන් මේ ගොඩට දමන්න බැහැ. අධ්‍යාපනයක් තියන, රැකියා කරණ දෙදෙනෙකුගේ දරුවෙකු එකේ පන්තියේ සිට දහය තෙක් පාසල් ගිහිං එකම විෂයයකට හෝ යන්තම් සාමාර්ථයක් ලබා නොගැනීම කියන්නේ “ක්‍රමයේ” අසාර්ථකත්වය ද? දරුවාගේ අසාර්ථකත්වයද? ගුරු-දෙගුරුන්ගේ අසාර්ථකත්වයද, නැත්නම් මේ සියල්ලේම සංකලනයක් ද? මොනවා වුවත් මහා වැරදීමක් සිදුවී තියනවා.

ඊයේ අපේ පොඩි පුතාගේ පන්තිවල learning journey තිබුණා. මාත් උදේ ඒක බලන්න ගියා. මෙවර ඔවුන්ට දී තිබූ පැවරුම වී තිබුණේ ඔවුන් මේ ලෝකයේ දකින ප්‍රශ්නයකට විසඳුමක් ලෙස නිර්මාණයක් ඉදිරිපත් කිරීම. දැන් මේ නිර්මාණය කරන්න දෙමාපියන්ට කඩවල් ගානේ බඩු හොයන්න යන්න අවශ්‍ය නැහැ. ගෙදරදොර තියන දේවල්, විසි කරන දේවල් උපයෝගී කර ගෙන අර නිර්මාණයේ “අනුරුවක්” හැදීම විතරයි ඔවුන්ට කරන්න තිබුණේ.

මෙතැනදී බලාපොරොත්තු වන්නේ මුදල් වියදම් කර පොෂ් නිර්මාණයක් ඉදිරිපත් කිරීම නොවේ. ප්‍රශ්නයක් හඳුනා ගැනීම, එයට දැනට පිළිතුරක් තියනවද නැත්ද යන්න සෙවීම, පිළිතුරක් නැත්නම් එයට විසඳුම් ලෙස යමක් නිර්මාණය, විසඳුම් තියනවා නම් එයට වඩා හොඳ විසඳුම් ඉදිරිපත් කිරීම. දරුවෙක් මෙන්න මේ වගේ දේවල් වලට මනස යොමු කිරීම සහ ඔවුන් විසින් තෝරා ගන්න ලද තවත් සගයෙකු සමග එකම අරමුණක් කරා ගමන් කරන්නේ කොහොමද කියන දේවල් තමා මෙම පැවරුමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ.

දැන් මේ දෙමාපියන්ට එම නිර්මාණ ඉදිරිපත් කර ඔවුන්ගේ පීඩ්-බැක් එක ලබා දෙන්නත්, දරුවන්ගේ දක්ෂතා හෝ දුර්වලතා දැක බලාගැනීමටත් අවස්ථාව සලසනවා. එවිට අප නරඹන්නේ අපේ දරුවාගේ නිර්මාණය විතරක් නොවේ, ඉඩ ලැබෙන පරිදි අනෙක් අයගේ නිර්මාණත් බලා, එම දරුවන් දිරිගැන්වීමට යමක් කීම සාමාන්‍ය සිරිතක්.

උදේ වැඩට යන්න කලින් තමා මාත් ගියේ. දරුවෙකුගේ නිර්මාණයක් අගය කරන විට ඔවුනගේ මුහුණ ආලෝකයෙන් බැබලෙන හැටි දකින්න පුළුවන්. සමහර නිර්මාණ ඇත්තටම නියමම නිර්මාණශීලි ඒවා. තවත් දේවල් දරුවන්ගේ ලෝකයේ තියන සොඳුරු කල්පනා.

මා දැකපු දේවල් අතරින් එක නිර්මාණයක් වුනේ අතේ බඳින ස්මාර්ට් ඔරලෝසුවක්. මේකේ තියන විශේෂත්වය තමා සමාජයේ භාවිතා වන swearing වචන කියන ඒවා කියන හැම වාරයකම මේ ඔරලෝසුව මගින් පොඩි ෂොක් එකක් අතට දෙනවා. එයට අයිතිකාරයාගේ කටහඩ හඳුනා ගැනීමේ හැකියාව සහිත පොඩි මෘදුකාංගයක් සහිතයි. මේ දරුවා කියුවේ සමාජයේ මේ වචන කියන පිරිස් හරි වැඩියි. මේක මගින් එයාලට තමන්ව පාලනය කර ගැනීමේ අවස්ථාව තියනවා කියල. ඔන්න හොඳ නිර්මාණයක් ලංකාවේ මන්ත්‍රී වරුන්ටත්.

(මේ ගිරවා තමන් ඇතිදැඩි වූ නිවසේ වැඩියෙන්ම භාවිතා වන වචන සෙට් එක පුනරුච්චාරණය කිරීම හරිම දක්ෂ ලෙස කරනවා. නමුත් ඒවා කියන්නේ මොන තේරුමෙන්ද කියා එයාට හැඟීමක් නැහැ. මේ වගේම තමා සිනහා වෙන ගිරවන්. ඔවුනට සිනහවේ ශබ්දය දක්ෂ ලෙස උපදවන්න පුළුවන්. නමුත් මිනිසා සිනහා වෙන විට ඇතිවන සංකීර්ණ හැඟීම් ඔවුන්ට ඇතැයි සිතන්නට අපට සාධක නැහැ).

මගේ සිත්ගත් තවත් නිර්මාණයක් තමා, ගෙදරින් එලියට යන්නේ නැතිව මුළුතැන්ගෙයි කුණු විසි කිරීමේ ක්‍රමය. කුස්සියේ ජනේලයට සවිකර තියන නලයක් මගින් කුණු, කුණු බක්කිය හෝ කොම්පෝස්ට් බඳුන කරා යැවෙනවා. කාබනික කොටස් කුඩා කැබලි වලට කපන දැති අවශ්‍ය නම් නලයට සවිකර ගන්නත් පුළුවන්. මේ ශීතල දවස් වලට අගේ ඇති නිර්මාණයක්.

පටන් ගත්තු කතාවට යලිත් ගියොත්, ලෝක දේශපාලනය, රටේ දේශපාලනය ගැන ඕනෙවට වඩා කතා කරන දෙමාපියන් ඇත්තටම තමන්ගේ දරුවන් පාසල් යනවා කියා මොකක්ද කරන්නේ කියා සොයා බලනවාද? මොවුන් සියලුම විශයයන් හෝ සමහර විශයයන් ගෙන් දිගින් දිගටම අසමත් වන්නේ ඇයි කියා නිකමට එක මොහොතක් සිතනවද? මා කලින් ලියු, එහෙම සිතන්නට බැරි දෙමාපිය-භාරකරුවන් කොටස අයින් කළොත්, ඉතිරි පිරිස අතරත් සිටින මොවුන්ගේ ගණන සුළු නැහැ. එය ඇත්තටම කනගාටුදායක, මහා සමාජය පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කරන විට.

අර කලින් සටහනේ දෙවන කොටස පසුව.

පසු වදන
මගේ මේ සටහනට කලින් සටහනක් ලෙස දමපු උපුටා ගැනීම්, උපුටා ගැනීමක් ගැන මගේ අදහස ලියන එකත් හොඳයි සිතුනා. මෙය දැමුවේ නිකම් සිඟිති ආතල් එකකට. ඔබ හොඳින් මේ කියමන් දෙස බැලුවොත්, ඒවා පිරිමින්ගේ කතා වග ඔබට වැටහෙනු ඇති. විවාහය ගැන කාන්තාවන් කියන කතා වලින් මේවායේ අනෙක් පැත්ත අපට දැක ගන්නට හැකි වෙනු ඇති.

දැන් මේ දාර්ශනිකයන් ලෙස කියන සියලුම දේවල් වලට අප මහා තැනක් දෙන්න හිතුවත්, ඔය සමහර දාර්ශනිකයන් ඉදිරිපත්කරපු සමහර දේවල් වල ඇති දෙයක් නැහැ. ඊයේ පෙරේද මා නිකමට නලින්ගේ ලිපියක් කියෙව්වා. හපෝ මෙහෙමත් ක්‍රෝධයක් හා අනුන්ව ගර්හාවට ලක් කරන්නට තියන කැමැත්තක් කියන එක විතරයි මගේ සිතට නැගුනේ. මිනිසුන් මුළු ජිවිත කාලයම ක්‍රෝධයෙන් ගත කරන විට මනස නිකම්ම අංජබජල් වී යනවා වෙන්න පුළුවන්.

“By all means, marry. If you get a good wife, you’ll become happy; if you get a bad one, you’ll become a philosopher.” – Socrates

ඉහත කියමනේ කාන්තා පාර්ශවයේ ප්‍රතිබිම්බය කොයි වගේ එකක් ද කියා පැහැදිලි කරන්නට හැකි කාන්තාවනට පමණයි. මා කාන්තාවක් නම්, මේ ලෝකයේ තියන කිසිම ආගමක් කොහොමත් අදහන එකක් නැහැ. මොකද මේවා සේරම අඩු වැඩි වශයෙන් කාන්තාවන් දෙවන පන්තියේ මනුෂ්‍යන් කණ්ඩායමක් ලෙස සලකනවා. බොහෝ විට ඔවුන්ට, එනම් කාන්තාවන්ට මේ ආගම් වලින් කියන උත්තරීතර තත්වයට ලඟා වීමට හැකියාවක් නැතය කියලත් උගන්වනවා. බුදු දහමත් එම කරුණ අතින් විශාල ලෙස වෙනස් වන්නේ නැහැ.

Advertisements

8 Comments

Filed under Education, Opinion

8 responses to “සොක්‍රටීස් නොකියූ රහස! How to become a happy philosopher?

  1. Pingback: සොක්‍රටීස් නොකියූ රහස! How to become a happy philosopher? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. අර ඔරලෝසුව ටෙස්ට් කරන එක වෙන්නැති එතැන තිබුණු ජනප්‍ර්‍රියම වැඩේ!

    • ඇත්තම නිර්මාණය හදා තිබුණා නම් එහෙම වෙන්න ඉඩ තිබුණා. මේක රසික නිර්මාණයේ අදහස හා ප්ලාස්ටික් වලින් සෑදූ අනුරුවක් විතරයි!

  3. මේ ලිපිය අවධානයෙන් යුතුව කියවන්නේ නම් අධ්‍යාපනය කියන්නෙ කුමක්දැයි සාමාන්‍ය දෙමාපියන්ට වටහාගන්න පහසු කරන වටිනා අත්දැකීමක් බවට පත්වේවි. ඇත්තෙන්ම රයිගම් මේ තේමාව ඔස්සේ තව දිගට ලියන්නනේ නම් ඉතාම වටිනවා.

    • මේවා එදිනෙදා අත්දැකීම් නිසා ගුණසිංහ, අපේ දරුවන් ඉගෙන ගන්නා තාක් කල්, මෙවැනි තේමා ඔස්සේ ලියවේවි යයි මා සිතනවා.

      • ස්තුතියි ! ලංකාවේ දෙමාපියන්ට වගෙම් ගුරුවරුන්ටත් අධ්‍යාපන සැලසුම් කරුවන්ටත් ප්‍රෙයා්ජනවත් වේවි රයිගම්

  4. අර අත් ඔරලෝසුව ගැන කියවනකොට මට දේවල් දෙකක් මතක් වුනා.

    එකක් Liar Liar Liar චිත්‍රපටය. මම නම් කැමතිම නලුවෙක් සහ කතාවක්.

    අනික Farm Sounds කියන විහිළු කතාව.

    • Liar Liar Liar නම් නරඹල තියනවා මචෝ, ඒත් ලියන්නට දෙයක් නම් හිතට එන්නේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s