Monthly Archives: June 2015

ඇට තැලිල්ලෙන් ඔබ්බට! A great leap foraward!


මා මෙයට කලින් ලියපු මෙන්න මේ කතාවේ නඩු තීන්දුව දුන්න විනිසුරු සඳහන් කරපු එක කරුණක් තමා අර කාබනික කෘෂි නිෂ්පාදන ප්‍රමිති ආයතනයේ අන්රිසනබල් මුරණ්ඩු කම. එහි දෙවන කොටස තාමත් ලියවී නැත්තේ අභියාචනාධිකරණ තීන්දුව තවම දීල නැති නිසා. මෙවැනි කරුණක් ගැන ලෝකයේ දුන්න ප්‍රථමවරට උසාවි තීන්දුවක් ඉල්ලපු වතාව මේකයි. මෙවැනි කරුණු වලට ලෝක යුද්ද ඇති වන්නට කියක් නැහැ. වර්තමාන සමාජය මේවා ගැන එයිට පුළුල්ව සිතනවා.

දැන් ඇට (nuts) ජාති උපයෝගී කරගෙන කෑම හදන කර්මාන්ත ශාලාවක, ඒ ඇට වර්ග නොයොද හදන අනෙක් නිෂ්පාදන වලත් යන්තමින් ඇට කලවම් වී තිබෙන්න හැකියි. එවැනි ආහාරයක ලේබලේ සඳහන් වෙනවා, මේව හදන්නේ ඇට වර්ග නිෂ්පාදන වලට යොදා ගන්න කර්මාන්ත ශාලාවක නිසා, සුවල්ප වශයෙන් ඇට ශේෂ තිබිය හැකිය කියා.

Evidence at trial was that Roundup Ready (RR) canola swathes were harmless to animals, people and land even if consumed.

“GM canola only posed a risk of transferring genetic material if a canola seed germinated in the Eagles Rest soil … and then later cross-fertilised through its pollen being exchanged with another compatible species,” Justice Martin said.

“There was no evidence at the trial of any genetic transference risks posed by the RR canola swathes blown into Eagle Rest at the end of 2010.

“The Marshes had never grown canola upon Eagle Rest.”

Justice Martin noted that in 2011, eight GM canola plants were found and removed on the property and there were no others in subsequent years.

(http://www.watoday.com.au/wa-news/wa-organic-farmer-loses-genetically-modified-canola-fight-in-court-20140528-zrr1d.html)

අර ඕස්ට්‍රේලියානු කාබනික ප්‍රමිති ආයතනයට අනුව එයාලගේ සහතිකය ලබන්න නම්, දැනට අනුමත වී සාමාන්‍ය නීතිමය තත්ත්ව යටතේ වවන ජාන තාක්ෂණ ශාක කොටස් වලින් 100% ක් විනිර්මුක්ත වන්නට ඕනේ. ඕස්ට්‍රේලියාවේ පවතින තත්ත්ව යටතේ එහි ප්‍රයෝගිකත්වයක් තියනවා කියා මා සිතන්නේ නැහැ.

සමහරුන් සිතනවනේ කාබනික කෘෂිකර්මය කියන්නේ අපේ ආහාර ප්‍රශ්නයට විසඳුමයි කියල. මේ කාබනික කියන ආහාරත් හදන නියම විදිහ ගොඩක් වෙලාවට ප්‍රයෝගකාරියි. මේකත් අර නිර්මාංශකයන් බිත්තර නොකා, කරවල කනවා වගේ වැඩක්. මේ තොරතුරු සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම හරිම දුෂ්කර කටයුත්තක්. අර කියන්නේ වෙරි හාර්ඩ් නට් ටු ක්‍රැක්.

අනාගත කෑම මේසය (Tomorrow’s Table) නමැති පොතට විචාරයක් ලියන ඊශ්‍රායල් උසස් අධ්‍යාපන ආයතනයක සේවය කරන ජොනතන් ග්රෙසෙල් මෙහෙම කියනවා (Nature Genetics Vol 41, No 2, Feb 2009) (පහසුවට සිංහලට පෙරලන්නේ නැහැ).

“There have been many married teams in science since the Curies, but none (to my recollection) have been so superficially at opposite ends of the spectrum; one advocate of organic farming and the other a gene jockey. In this erudite book, Pamela Ronald and Raoul Adamchak reach for a middle ground. Marriage may get in the way of accuracy, as they never contradict each other. Thus, we are repeatedly told that organic produce healthier despite the disproportionate number of recalls of organic foods due to high micotoxins or bacterial contamination; leafy vegetables should not be cultivated with organic manures; and pesticides control  disease vectors. It is not true organic farmers do not use pesticides or inorganic fertilizers as intimated in the early chapters; they legally use copper sulfate fungicides such that some soils are now toxic, and botanical insecticides that are potent fish toxins. They use rock phosphate fertilizer, which is exceedingly wasteful compared to processed superphosphate. Meta-analyse should have been presented instead of cherry-picked data on comparative yields and energy requirements, but all that would have dimmed the romantic light initially given to organic agriculture. We might have had a more accurate dialog if friendly adversaries who do not have to live together had written this book.”

මේක සිංහලට නොපෙරලා ඒක තේරුම් ගන්න මේ ටික මා ලියනවා. ඉහත පොතේ කතෘන් දෙන්න කියන්නේ ඇමෙරිකාවේ විවාහක යුවලක්. එක අයෙක් (බිරිඳ) සරසවියක ශාක ජාන විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරියක්. ඇගේ සැමියාත් සරසවියක කථිකාචාර්ය කෙනෙක්. ඔහු ආර්ථික විද්‍යාව හා කෘෂිකර්ම සංවර්ධනය පිලිබඳ උපාධි හා පස්චාත් උපාධි ධාරියෙක්. එයට වඩා ඔහු කාබනික කෘෂිකර්මයේ යෙදෙන කෙනෙක්. තේරෙනවනේ මේ වගේ දේවල් ලෝක යුද්ද වලට ඉඩ සලසනවා වෙනුවට, සහයෝගිතාවයන් පැතිරවීමටත් උපයෝගී කර ගන්න හැකියි කියල. එයට මිනිසුන්ගේ දැනුවත් භාවය ඉහල නං වන්නට අවශ්‍යයි.

ජොනතන් කියන පරිදි මේ වෙළඳපොලේ කාබනික ආහාර නිපදවීමේදී ඔවුන් පොස්ෆේට් පාෂාණ, හිරිගල් කුඩු (ලයිම්) හා නොයෙක් වර්ග වල ශාක වලින් ජනනය කර ගත්තු රසායන යොදනවා. පොස්ෆේට් පාෂණ යොදා ගන්නවා කියන්නේ ඉතාම අකාර්යක්ෂම දෙයක්. එනම් සම්පත් නාස්තියක්. දැන් (කාබනික) යුරියා, අකාබනික රසායන කියල නොගහන මේ අයියල, විශාල පාරාසයක මුලද්‍රව්‍ය තියන හිරිගල් කුඩු හා පොස්ෆේට් පාෂාණ යොදනවා.

හරියට සකස් නොකරපු සත්ව මල, නාගරික අප ද්‍රව්‍ය යොදා වවන එළවලු පලතුරු මගින් රෝගකාරක විතරක් නොවේ පිළිකාකාරක පවා ශරීර ගත වෙන්න තියන හැකියාව බැහැර කරන්නට බැහැ.

ඒ සියල්ලම අත හැරියත් ගොවිපොළෙන් ඉවත්වන පෝෂක යලි පිරවීමේ ක්‍රමවේදය කුමක්ද කියන සරල පැනයට පවා මොවුන් ළඟ පිළිතුරු නැහැ. ජොනතන් කියන පරිදි මේ කියන කාබනික අයියලා, හරියට ආගම් වල හනමිටිකාර මුලධර්මවාදීන් ගේ ප්‍රතිබිම්බය.

ඇත්තටම සම්ප්‍රදායික කෘෂිකර්මයේ මේ කියන බොහෝ කාබනික යෙදුම් දැනටම භාවිතා වෙනවා; අවම හෑම්, බෝග මාරුව, සමෝධානික පලිබෝධ මර්ධනය, කෘෂි රසායන හා පොහොර භාවිතය ප්‍රසස්තකරණය මගින් කාර්යක්ෂමතාවය වැඩි කිරීම යනාදී දේවල්.

මේ සටහන් කියවනවා නම් මෙන්න මේක මතකයට නංවා ගන්න. එහි මුලින් තියන ප්‍රස්ථාරයට යලි ගියොත්, මා එම සටහනේ උපයෝගී කර ගත්තේ නැති, අප්‍රිකානු මහාද්වීපයේ රටවල් දෙකේ රසායන පොහොර භාවිතාව හා ධාන්‍ය අස්වැන්න පසුගිය දශක පහ තුල වෙනස් වී තියන අන්දම බලන්න. ඇත්තම කියනවා නම්, වෙනස් වී නැහැ. දැන් මේ රටවල් දෙක කාබනික කෘෂිකාර්මිකයන්ට පාරාදිසයන් කියලත් කියන්න හැකිනේ.

සබ් සහරාවේ ජනගහනයෙන් මිලියන 800 කට කිට්ටු ජනතාවක් ඉන්නේ බඩ ගින්නේ. මේ රටවල් ම තමා ලෝක ජනගහනයේ මේ දර්ශීය වර්ධනයටත් දායකත්වයක් දෙන ඒවා. ඔබ සිතාවි මේ මහාද්වීපයේ ආහාර නිෂ්පාදනයට ප්‍රධාන බාදාව ජල හිඟකම කියා. නමුත් ඕස්ට්‍රේලියාව හා සසඳන විට, මේ මහාද්වීපයේ බොහෝ කෘෂිකාර්මික ප්‍රදේශ වල ජල ප්‍රශ්නයක් නැහැ. ජලය අඩු තමා. හැබැයි සීමාකාරී සාධකය එය නොවේ.

අප්‍රිකාවේ බොහෝ තැන් වල පස නැවත පුනරුත්ථාපනය කළ නොහැකි පරිදි විනාශ වී තිබෙනවා. එවැනි පස් වලට දැන් කොතරම් පොහොර යෙදුවත්, ශාක ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

ආසියාවේ තත්වය මෙයිට වෙනස්. එහි ධාන්‍ය නිෂ්පාදනය දිගින් දිගටම වැඩි වී තියනවා. අධ්‍යාපනයේ පැතිරීමත් (අප්‍රිකාවට සාපේක්ෂව) එයට එක හේතුවක්. නමුත් මේ ප්‍රගතිය තිරසාරව පවත්වාගෙන යාමේ ප්‍රශ්නයට මේ රටවල් මුහුණ දෙනවා.

සමහරුන් කියන්නේ අධික අස්වැන්නක් දෙන දෙමුහුන් බෝග මගින් පස නන්නත්තාරව ගියා කියල. ඔව් එහි ඇත්තක් නැත්තේම නැහැ. පසෙන් ඉවත් වන පෝෂක යලිත් නැවත ලබා දීමේත්, පසට යොදන පොහොර වල කාර්යක්ෂමතාවය අතිනුත්, තිරසාර කෘෂිකාර්මික භාවිතාවන් වලිනුත් ඇත්තටම මේ සමාජයන් ඉන්නේ තවමත් පසු පසින් (පිස්සුවෙන් වගේ පොහොර ගැහීම කියන්නේ මේ එකක්වත් නොවේ).

මේවට විසඳුම් ඉදිරිපත් කිරීමට අද මූලධර්මවාදීන් පෙරට පැමිණ සිටිනවා. ඔවුනගේ උපදෙස් අනුව කටයුතු කලොත් අප්‍රිකාවේ තියන තත්වය ලඟා කර ගන්න අසීරුමත් වෙන එකක් නැහැ.

මුලධර්මවාදයන් කෘෂිකර්මයේ විතරක් නොවේ, මොනම ක්ෂේත්‍රයකවත් (ආගම් ද ඇතුළුව) ඉදිරි ගමනට බාදාවක් මිසක් සහයෝගයක් නොවේ.

වඳුරන්ගේ කතාව පසුවට…..

13 Comments

Filed under Agriculture, Opinion